ගරා මඩු ශාන්තිකර්මය කවදා කොහේ කොතැනකදී ආරම්භ වූවාදැයි කිව නොහැකිය.
පොතපතේ සහ ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි මහා දැලිමාන නම් වන රජකුගේ කාලයේදී
මෙරට ගරා මඩු සෙත් ශාන්තිකර්මයක් පවත්වා ඇති බව පැවැසේ. කෙසේ නමුත් සෑම
වසරකම රට පුරා ඇති දේවාලවල සහ ගම්බද ප්‍රදේශවල ගොවිතැන් කටයුතු නිම කර
අස්වැන්න ගෙට ගත් පසු දේව දානය දීම සඳහා කතරගම දෙවියන්, දෙවොල් දෙවියන් හා
පත්තිනි මෑණියන් මුල් කරගෙන පවත්වනු ලබන දෙවොල් මඩු, පුනා මඩු, පහාන් මඩු
වැනි සෙත් ශාන්තිකර්ම අවසානයේදී ගරා වෙස් පෑම සිදු කරනු ලබයි.
පහතරට ගරා යක් ශාන්තිකර්මය
ඇතැම් ගම්බද ප්‍රදේශවල දෙවොල් මඩු ශාන්තිකර්ම පැවැත්වූයේ නැතත් කිරි
දානය, දේව දානය දී මෙම ගරා වෙස් පෑම හෙවත් ගරා මඩු ශාන්තිකර්මය පවත්වනු
ලබයි. සූනියම් යකා, කළු යකා, රීරි යකා, නාග රාක්ෂ, මහා සෝනා, අභිමාන
යක්‍ෂයා, පූර්ණක යක්ෂයා, මරු යක්ෂයා, ගුරුළු රාක්ෂ ආදී යක්ෂ ගණයට සහ රාක්ෂ
ගණයට අයත් යකුන් යක්ෂණියන්ගේ නම් ඇසූ විට බයක් මෙන්ම තැති ගැන්මක් ඇතිවේය.
නමුත් යක්ෂ ගණයට අයත් ගරා යකා හෙවත් ගරා රාක්ෂයාගේ නම ඇසූ පමණින්ම අප සිත්
තුළ ඇති වන්නේ ගෞරවනීය හැඟීමකි.
VIDEO
Garayak Shanthikarmaya | ගරායක් ශාන්ති කර්මය
Mahanama College Dewol Maduwa - 2022
ලංකාවේ
පහතරට ප්‍රදේශ ලෙස සැලකෙන ගාල්ල, මාතර,හම්බන්තොට, කොළඹ, කළුතර, වැනි දකුණ
හා නිරිතදිග මුහුදුබඩ ප්‍රදේශ පුරා ව්‍යාප්තව පවත්නා ඉතාමත් අලංකාර හා
විවිධත්වයකින් යුතු නර්තන සම්ප්‍රදාය පහතරට නර්තන සම්ප්‍රදායයි. වෙස්
මුහුණු භාවිත කරමින් ඉදිරිපත් කරන ශාන්තිකර්ම හා කෝළම් ජන නාටක විශේෂය
මෙහිලා විශේෂයෙන් සදහන් කල යුතුය. පහතරට නර්තන සම්ප්‍රදායේ පවත්නා
ශාන්තිකර්ම ප්‍රධාන කොටස් තුනක් යටතේ විග්‍රහ කල හැකිය.
1. දෙවියන් උදෙසා පවත්වන ශාන්තිකර්ම 2. යකුන් උදෙසා පවත්වන ශාන්තිකර්ම 3. ග්‍රහයන් උදෙසා පවත්වන ශාන්තිකර්ම
දෙවොල් මඩු ශාන්තිකර්මය පහතරට සම්ප්‍රදායේ මෙන්ම දෙවියන් වෙනුවෙන් පවත්වන
ශාන්තිකර්ම අතර ද ප්‍රධාන ශාන්තිකර්මය වේ. ඊට අමතරව ගම්මඩු, පූනා මඩු,
මල්මඩු, ආදී දෙවියන් උදෙසා පවත්වන අවශේෂ ශාන්තිකර්මයන් වේ. එහිදී දෙවොල්,
පත්තිනි, කතරගම, වාහල, දැඩිමුණ්ඩ ආදී දෙවි දේවතාවන් ප්‍රධාන කොට ඔවුන්
විශයෙහි පුදපෙත් දෙනු ලැබේ. සන්නියකුම, රටයකුම/රිද්දි යාගය, සූනියම් යාගය,
මහසෝන් සමයම, කළු කුමාර සමයම, ගරා යකුම ආදිය යකුන් වෙනුවෙන් පවත්වන
ශාන්තිකර්ම වේ. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන
නවග්‍රහයන් උදෙසා පවත්වන බලි ශාන්තිකර්මය ග්‍රහයන් උදෙසා පවත්වන ශාන්තිකර්ම
වේ. මෙම බලි ශාන්තිකර්ම සම්ප්‍රදායන් ත්‍රිත්වයේම දක්නට තිබේ.
VIDEO
Gara Yaka Dance at Maharagama Gammaduwa පමුණුව දේවාල පාර ගම්මඩුව ගරා යකා ශාන්තිකර්මය 2022
පහතරට
නර්තන සම්ප්‍රදායේ භාවිත බෙරය පහතරට බෙරයයි. එහි ඇති දිග් හැඩය නිසා දිග්
බෙරය ලෙසද, ඝෝෂාකාරී හඩ නිසා ඝෝශක බෙරය ලෙසද, යක් තොවිල් සදහා භාවිත කරන
නිසා යක් බෙරය ලෙසද, රුහුණු රටට අනන්‍ය වූ සාම්ප්‍රදායික බෙරය වන නිසා
රුහුණු බෙරය ලෙසද, දෙවොල් මඩු ශාන්තිකර්මය ප්‍රධාන වන නිසා දෙවොල් බෙරය
ලෙසද, ආදී කොට නම් කිහිපයකින්ම මෙම බෙරය ව්‍යවහාරයේ පවතී. පහතරට බෙරය බොකු
සම් භාවිතයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
පහතරට නර්තන සම්ප් රදායේ ප් රධාන
ඇදුම් කට්ටලය පබලු ඇදුම් කට්ටලයයි. එය ඉතාමත් අලංකාර ලෙස වැඩ දමා වර්ණවත්
ලෙස සකස් කරන්නකි. ඊට අමතරව තවත් ඇදුම් කට්ටල රාශියක් පහතරට නර්තන ශිල්පීන්
අතර භාවිතයේ පවතී.
VIDEO
Kaduwela Rankadu Pattini Dewalaya Garayaka Dance සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ ගරා සෙත් ශාන්තිය
පහතරට නර්තන සම්ප් රදාය ප් රධාන වශයෙන් ව් යාප්තව පවත්නා ප් රදේශ අනුව තවත් රංග ශෛලීන් තුනකට විග් රහ කල හැකිය.
හම්බන්තොට
හා මාතර දිස්ත්‍රික්කවලද, ගාල්ල දිස්ත්‍රික්කයේ අඩක් පුරාද මාතර ශෛලිය
ප්‍රචලිතව ඇත.ආධුනිකයෙකුට පහසුවෙන් ග්‍රහණය කල හැකි හස්ත චලන රටාවක් මෙහිදී
දක්නට නොලැබේ. මාතර සම්ප්‍රදායේ දී උඩුකය නිරාවරණය නොකරයි. එහි
ශාන්තිකර්මයන් හැන්දෑ යාමය, මධ්‍යම යාමය, අලුයම් යාමය යනුවෙන් කොටස් තුනකට
වෙන් කර ඇත. මෙකී සම්ප්‍රදායේ යහන් සැකසීමේදී සූනියම් දෙවියන්ට වෙනම යහනක්
සකසා ආරාධනා කරනු ලැබේ.
ගාල්ල දිස්ත් රික්කයෙන් කොටසකත් කළුතර දිස්ත් රික්කයත් ව් යාප්තව පවත්නා රංග ශෛලියයි.බෙන්නර කේන්ද් ර
කර ගනිමින් මෙම ශෛලිය පැතිරී ඇති නිසා බෙන්තර රංග ශෛලිය ලෙස හදුන්වයි.
මෙකී ශෛලිය තුල වුව ද යම් යම් ගුරුකුලවල වෙනස්කම් දැකිය හැකි මුත් බෙන්තරට
ආවේණික වූ රංග සැලැස්මක් ඇති බැවින් එකී අනන් යතාව පැහැදිලිව දක්නට ලැබේ.ආධුනිකයෙකුට පහසුවෙන් ග් රහණය කර ගත හැකි හස්ත හා පාද චලනවලින් පරිපූර්ණ බෙන්තර සම්ප් රදාය ඒ හේතුව කරණ කොට ගෙන පාසැල් පද්ධතියට නිරායාසයෙන්ම සම්බන්ධ වී ඇත. බෙන්තර සම්ප් රදායේ දී උඩුකය නිරාවරණය කරයි.එමෙන්ම පිදේනි තටු එකක් පමණක් තබනු ලබයි.
රයිගම් කෝරළය, සල්පිටි කෝරළය, හේවාගම් කෝරළය, සියනෑ කෝරළය යන ප් රදේශ පුරා මෙම රංග ශෛලිය ව් යාප්තව ඇත. මෙකී ප් රදේශ පුරා වැඩි වශයෙන් ව් යාප්තව ඇත්තේ දෙවොල් මඩු ශාන්තිකර්මයයි. එහෙයින් දෙවොල් මඩු රංග ශෛලිය යැයි ඇතැමුන් හදුන්වයි. සන්නියකුම වැනි තොවිල් ද මෙම ප් රදේශ තුළ දකනට ලැබුණද දෙවොල්මඩුවලට තරම් සැලකිල්ලක් නොලැබේ.
ස්වභාවික දෙවිවරු - ඉරු, මිහිකත්
දේශීය සම්භවයක් ඇති දෙවිවරු - සමන් දෙවියන්
විදේශීය සම්භවයක් ඇති දෙවිවරු - පත්තිනි දෙවියන්, කතරගම දෙවියන්
ප් රධාන විශ්ණු, දැඩිමුණ්ඩ, දෙවොල්, වාහල වැනි දේව මණ්ඩලයක් දෙවියන් වෙනුවෙන් සිදුකරන ශාන්තිකර්මවලදී පුද ලබයි.
VIDEO
Traditional Ritual Devil Gara Dance
ශ්‍රී රන්කඩු දේවාලයේ දිය රැණ කෙළිය සහ ගරා ශාන්තිකර් මය 2022
කළු
යකා, රීරි යකා, මහසොහොන් යකා, සූනියම් යකා පුර පක්ෂයේ දී දෙවියන් ලෙසත් අව
පක්ෂයේ දී යක්ෂයින් ලෙසත් පුද ලබයි. එමෙන්ම වද බිසව්(රිද්දි යාගයේදී), කළු
කුමාර යකා, අභිමාන යකා, තොට යකා , ගොපලු යකා, සන්නි යකුන් වැනි තවත් බොහෝ
යක්ෂ මණ්ඩලයක්, යකුන් වෙනුවෙන් පවත්වන ශාන්තිකර්මවලදී පුද ලබයි. එම
ශාන්තිකර්ම හඳුන්වද්දී එකී යක්ඛ නාමයට ඉදිරියෙන් යකුම/සමයම/යාගය යන වචන
යොදයි.
(උදා:- ගොපලු සමයම, රිද්දි යාගය, සන්නි යකුම)
පහතරට නර්තන සම්ප්‍රදායට අයත් වන්නම් හඳුන්වන්නේ "සින්දු වන්නම්" නම් වූ විශේෂ නාමයකිනි. සින්දු වන්නම් 32කි.ආරම්භයේදී ගායනය උදෙසා භාවිත වූ බව පෙනෙන අතර පසු කාලයේදී බෙර පද, මාත්‍රා, නර්තන විධි සම්මිශ්‍රකර නර්තන අංගයක් ලෙස සකස් කර ගත් බව පෙනේ. මෙම සින්දු වන්නම්වල විශේෂත්වය වන්නේ එක් එන් සින්දු වන්නම් සදහා වෘත්තයක් හා තාලයක් තිබීමයි. හැම සින්දු වන්නමක් ම අනුපිළිවෙළට ගත් කල එකිනෙකට සම්බන්ධ බව පෙනේ. සෑම සින්දු වන්නමකම කවියේ අග පාදයේ අග වචනය හෝ පද කීපයක් ඊළග සින්දු වන්නම් මුල්පදයේ ආරම්භයට සම්බන්ධය. සින්දු වන්නම් බ්‍රහ්ම, විශ්ණු, මහේෂ්වර යන ත්‍රී මූර්තියට සම්බන්ධ බව පෙනේ. එයිනුත් විශේෂයෙන්ම විෂ්ණු දෙවියන් හා බොහෝ සබඳතා පෙන්වන සින්දු වන්නම් රාශියක් ඇත.
ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස දෙවොල් මඩුව
නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රධාන
නර්තන සම්ප්‍රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්රදායේ ප්‍රධාන
ශාන්තිකර්මය බවට පත්ව ඇත.
VIDEO
Rare Devil Gara Yaka Mask Dance - Arawwala
(Three-day Gee Madu Festival) Gammaduwa 2023
ගරා යකුම ඇදුරන් විසින් ගරා යක්ෂයාට රඟමඬලට ආරාධනා කරනු ලබන්නේ ගරා දේවතාවුන් වහන්සේ
යන ගෞරවනීය නාමයෙන්ය. ගරා මඩු ශාන්තිකර්මයක් පැවැත්වීමේ අරමුණ මිනිසුන්ට
මෙන්ම ගෙවල් ෙදාරවල්, ගස් කොළන්, බව බෝග, ව්‍යාපාර හා සතා සිවුපාවන් හට
ඇතිවන ඇස්වහ කටවහ දෝෂ දුරු කරලීමයි. ඒ අනුව ඇසින් බැලුවා වූ ඇස්වහ දෝෂ,
කටින් කීවා වූ කටවහ දෝෂ, සිතින් සිතුවා වූ සිත්වහා දෝෂ සහ අන වින දෝෂ, දෙවි
දෝෂ මෙන්ම වස් ෙදාස් දුරුවී යනු ඇත. ඇතැම් අය ගොවිතැන්, බවබෝග සරුසාර කර
ගැනීමට, මත්ස්‍ය සම්පත වැඩිදියුණු කර ගැනීමට, තම නිවෙසට ආරක්‍ෂාව සැලසීම
මෙන්ම ව්‍යාපාර දියුණුවටද ගරා මඩු සෙත් ශාන්තිකර්ම පවත්වනු ලබයි.
කතරගම
දෙවියන්ගේ සහ වල්ලි මාතාවගේ විවාහ මංගල්‍යයේදී වල්ලි මාතාව හදා වඩාගත්
ඥාතීන් වන වැදි පිරිස මඟුල් මඩුව මෙන්ම තොරණද සරසා තිබුණේ විවිධ සතුන්ගේ
මස්මාංසවලින්ය. මේ අනුව මෙම විවාහ මංගල්‍යයට ආරාධනා ලැබූ දෙවිවරුන්ට ඒමට
නොහැකි විය. එම භූමිය කිලි කුණුවලින් අපවිත්‍ර විය. වහාම පත්තිනි දෙවඟන ගරා
යකු ගෙන්වා එම ස්ථානය පිරිසුදු කරදෙන ලෙස ඉල්ලා සිටියේය. ගරා යකු පැමිණ
මඟුල් මඩුවේ මෙන්ම මඟුල් තොරණේද තිබූ සියලුම මස් මාංස අනුභව කර එම විවාහ
උත්සව භූමිය පිරිසුදු කර කිලි හරණය කරදුන් බව ඉතිහාසයේ සඳහන් වේ. ගරා මඩු
ශාන්තිකර්මයේදී ගායනා කරනු ලබන කවි මඟින්ද ඒ බව පැහැදිලි වේ.
ඇතැම් ධීවර
ජනයාගේ විශ්වාසය අනුව නම් ගරා යකා මහ මුහුදට අධිපති යක්ෂයකු බව පැවැසේ.
කරදිය මත්ස්‍යයන් විශාල වශයෙන් අනුභව කරන යක්ෂයකු ලෙස ධීවර ජනයාගේ
පිළිගැනීමයි. ඒ අනුව මහ මුහුදේ සිටින මත්ස්‍යයන් නැතිවේ යැයි සිතා ධීවරයන්
විසින් ගරා යකුට ෙදාළපිදේනි දීම සිදු කරන බව පැවැසේ. ගරා යක්ෂයාගේ
වාසභූමිය ගොරකා ගස බව සඳහන් වේ. ඒ අනුව ගරා මඩු සෙත් ශාන්තිකර්මයේදී ගොරකා
ගසේ ශක්තිමත් අතු දෙකක් ගෙන එම අතුදෙක පොළොවේ සිටුවා ගරා යකුට වාඩිවී
සිටින්නට ඉහළින් මැස්සක් සකස් කරනු ලබයි. මෙය පුවක් අතු, ගොක් අතු, කොස්
අතු, මෙන්ම බුරුල්ල අතු ගෙන සරසනු ලබයි. ඒ සඳහා පොල් මල්, පුවක් මල්ද භාවිත
කරයි. ඇතැම් අවස්ථාවලදී ගරා නැටුමේදී මෙම වෙස් අස්නය “අයිලය” නමින්ද
හඳුන්වනු ලැබේ.
සකස් කරන ලද මැස්ස මත වට්ටියක තබා කෙසෙල් ගෙඩි, කැවුම්,
පොල් වළලු ආදිය පූජාවක් ලෙස තබයි. ගරා යකුන් නටා අවසන් කර ගොරකා ගස් දෙක මත
සාදා ඇති මැස්ස මතට (අට්ටාලයට) නැඟ දුන්නු පුද පූජාවන් භාරගෙන ගරා යක්
උප්පත්තිය පවසමින් එම භූමියේද, ගරා යක් සෙත් ශාන්තිකර්මයට සහභාගි වූ සැමගේද
දාස් දුරු කර ගමට, නගරයට, රටට සහ ලෝකවාසී සැමටම සෙත් ශාන්ති කර වෙස් පෑම
සිදු කරයි. මෙම රංගනය ඉදිරිපත් කරන යකදුරා විසින් ගරා යකු ලෙස ඇඳ පැලඳගෙන
මෙම කටයුතුවල නිරත වෙන අතර අවසානයේදී ගොරකා අතු දෙක අල්ලාගෙන ඔන්චිලි
පදිමින් එහාට මෙහාට රවුමට පැද්දෙමින් ශක්තිමත් ගොරකා අතු දෙක කඩාගෙනම ඉවත්ව
යයි. මෙමඟින් අදහස් වන්නේ සියලුම වස් ෙදාස් දුරු කර ගෙනම ගරා යකු විමන්ගත
වූ බවකි.
කෙසේ නමුත් ගැමි ජනයාගේද, පෙර ඇදුරන්ගේද අපේ ගුරු ඇදුරන්ගේද මතය
හා විශ්වාසය ගරා යකු මස් මාංසවලට මෙන්ම ලේ ධාතුවට පුලුටු වර්ගවලට ප්‍රිය
කරන කෙනකු නොවන බවය. ගරා යකා යන මොහු දෙවියන් ඇසුරේ සිටිමින් දෙවියන් සමඟම
එකට පුද ලබන කෙනෙකි. ඒ බව දෙවොල් මඩු සහ ගම් මඩු ශාන්තිකර්මයේදී මනා ලෙස
පැහැදිලි වේ.
ආතුර ප්‍රේකෂකයන්ට පැමිණ ඇති ඇස්වහ, කටවහ, හෝවහ, අවොල්, දෙවොල් දෝෂ දුරු
කිරීම සඳහා ගරා වෙස් පෑම සිදුකෙරේ. මෙහිදී පූර්ණ ගරා යකුමක් සිදු නොකරන අතර
කීල ගරා පමණක් නර්තනයෙහි යෙදේ. රංගභූමියෙන් පිටත ගොරක අතු දෙකක් සිටුවා,
බුරුල්ල අතුවලින් ආවරණය කොට ගරා අයිලයක් සාදා දෙනු ලැබේ. කපු මහතා ගරා යකුට
කරන ආරාධනා කවිවලින් ගරා යක් උපත හා ඔහුගේ ස්වරූපය පිළිබිඹු වේ. ගරා වෙස්
මුහුණක්, නර්තකයන් පළඳිනු ලබන අතර ගරා වෙස් පෑම විනාඩි 15 ක් පමණ සිදුකරයි.
ගරා යකුගෙන් තමා පිළිබඳව විස්තර අසන ගුරුන්නාන්සේට දෙන පිළිතුර හාස්‍ය
රසයෙන් ද, පදවල අරුත් සඟවා කියන රාගික හැඟීම්වලින් ද යුක්තය.
'කැස්බෑවේ සිටන් පිටකොටුවට පැමිණි
බසයක නැගී ගම්බද පිටිසර තරුණි
ඇස් දෙක පල්ලා දුටුවම මට කෙළ ගිලූණි
බස් එක පිටින් උස්සා යන්නට සිතුණි'
මෙම කවි, වර්තමානයට උචිත අයුරින් නිර්මාණය කරගත් ඒවා විනා පාරම්පරික ඒවා
නොවේ. ගරායකුම පූජා කරන (කැප කරන) වට්ටියේ කැවුම්, කෙසෙල්, දැලි පිහිය,
පොල්වල්ලක් ආදිය වෙයි. කැවුම හා කෙසෙල් ගෙඩිය ගෙන කරන සංවාදයේ දී ලිංගික
සංසර්ග ලකෂණ ගෙනහැර පායි. එනම් ස්ත්‍රීන්ට ලිංගික ආශාව ඇති කිරීමෙහි සමත්
මෙය, ස්ත්‍රී රෝග හා දෝෂ දුරු කිරීමට වැඩි නැඹුරුවක් ඇති අතර, 'ඕලි' කුලයේ
පුද්ගලයන් පෙර දී මෙම නර්තන අංගය සිදු කළ බව කියවේ. මන්ද ඔවුන් අතර සහෝදර -
සහෝදරිය අතර ලිංගික සබඳතා පැවැත්වූ අතර ගරා යකු ද තම නැගණිය වන ගිරිදේවි
සමඟ විවාහ පාත්‍ර වී ඇති බැවිනි. අවසානයේ දී ගරා යකු හිස දෙපසට කරකැවීම
මගින් ප්‍රේකෂක ආතුරයන්ගේ දොස් දුරු කර, සෙත් කියමන් කියා, කහ දියර ඉස
ශාන්තිකර්මය නිමා කරයි.
ඉන්පසුව කිරි ඉතිරවීමෙන් ගම්වාසී, පළාත්වාසී
සියලූ දෙනාටත් ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලූ දෙනාටත් නිරෝගී සුව
හා සශ්‍රීකත්වය පතන අතර, දෙවියන්ට පින් දී පින් බෙර වාදනය කර ගම්මඩුව
ශාන්තිකර්මය හමාර කරයි.
ගරා මුහුණ හෝ ගරා යක්ෂයාගේ රූපයක් ඔබගේ නිවෙසේ ව්‍යාපාරයේ,
වාහනයේ, පතල් කර්මාන්තයේ, දේවාලයේ සහ වගා භූමියේ සවි කිරීමෙන් සියලුම
ඇස්වහ, කටවහ දෝෂ දුරුවී සෞභාග්‍යය උදාවනු ඇත. එදා අතීතයේ සිටම පැවතගෙන ආ
පාරම්පරික අපේ උරුමයන් වර්තමානයේ මේ වනවිට විනාශ වී ඇත.
මුලාශ්‍ර Obeysekere,Gananath.1984.The Cult of the Goddess Paththini.Chicago:University of the Chicago Press. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.1996.ගම්මඩුව:සිංහල විශ්වකෝෂ උද්ධෘති. කොළඹ:සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. සිම්ප්සන්,බොබ්(පරිවර්තනය
හරින්ද්‍ර දසනායක සහ පියුමි පීරිස්).2007.'යාතුකර්ම භාවිතයන්හි අවිචල්‍ය
පුනරුක්තිය සාක්ෂාත් නොවීම: යාතුකර්ම සම්ප්‍රදාය හා ශ්‍රී ලංකාවේ යාතුකර්ම
විශේෂඥයන්ගේ නිර්මාණාත්මක බව'. සසංක පෙරේරා සහ හරින්ද්‍ර දසනායක
(සංස්කරණය), ශ්‍රී ලංකේය සමාජය සහ සංස්කෘතිය පාඨනය කිරීම: තෝරාගත් නිබන්ධ,
තෙවන වෙළුම. සමාජ සංස්කෘතික තීව්‍ර අධ්‍යනය සඳහා වන කොළඹ ආයතනය. ගුණතිලක,
චතුරි ජිනාදරී. පළනොවූ නිබන්ධය. ගම්මඩුව ශාන්තිකර්මය, සශ්‍රීකත්වය සහ රෝග
නිවාරණය පිළිබඳ යාතුකර්මයක් සහ සංකේතාර්ථ ක්ෂේත්‍රයක් වශයෙන් තේරුම් ගැනීම:
රයිගම සම්ප්‍රදාය ඇසුරෙනි, ශාස්ත්‍රවේදී විශේෂ උපාධි නිබන්ධය.
No comments:
Post a Comment