Sunday, January 21, 2024

පනාවිටිය අම්බලම - ලංකාවේ කලාත්මකම අම්බලම

දඹදෙණිය රාජධාණියේ පනාවිටිය අම්බලම
 
 “ඇවිද්ද පය දහස් වටී – ගෙයි සිටි පය බලු නොවටී ” යයි සිංහල කියමනක් බිහිවී ඇත්තේ හෙළයා ආදී කාලයේ පටන්ම සංචරණයට කැමැත්තක් දැක්වූ බැවිනි. එමෙන්ම අතීතයේ විසුවන් පයින් ගමන් බිමන් යාමට දක්ෂයන්වූ බව දුටුගැමුණු රජ දවස සුරනිමලයන් අනුරාධපුරයේ සිට නවයොදුනක් දුරින් පිහිටි දොරමඬලාව ගමට උදයේ ගොස් එහි කටයුතු නිමවා එදාම පස්වරුවේ නැවත අනුරාධපුරයට පැමිණි බව මහාවංශයේ සඳහන්ව තිබිමෙන් පෙනීයයි. එකල පයින් ගමන් බිමන් යන්නවුන්ට අතර මගදී විවේකයක් ගත්තේ අම්බලමේදිය. එමෙන්ම ගමේ රැස්වීම් පැවැත්වීම හා වෙනත් නොයෙක් පොදු කටයුතු සිදුකෙරුණේ අම්බලමේදී බව පෙනේ. අද දක්නට ලැබෙන පැරණි ස්මාරක අතර ප්රධාන වශයෙන් දක්නට ලැබෙන ආගමික ස්මාරක, රාජකීයයන් පරිහරණය කළ ගොඩනැගිලි ආදිය හැරුන විට දක්නට ලැබෙන අනෙක් ප්රධාන වාස්තුවිද්යාත්මක නිර්මාණයන් වන්නේ අම්බලම් වීමෙන් අතීතයේදී අම්බලම් වලට වැදගත් තැනක් හිමිව තිබූ බව පෙනීයයි. සිංහල සාහිත්යයේ වැදගත් කෘතියක් වන ගිරා සංදේශ කාව්යයේ රටේ දේශපාලණික, සමාජීය, ඓතිහාසික ආදී තොරතුරු වර්ණනා කිරීම සිදුකොට ඇත්තේ අම්බලමට එක්රැස්වන ජනයා කතාබහ කරන තොරතුරු විලාශයෙනි. එයිනුදු අපට වැටහෙන්නේ අම්බලම එකල ජන ජිවිතයට බොහෝ සමීප ස්ථානයක් වූ බවයි. එහෙයින් හෙළ වාස්තුවිද්යානිර්මාණ කරුවන්ගේ නිර්මාණශීලි භාවය හා කලා කෞශල්යය විදහා දැක්වන නිර්මාණයන් ලෙස අම්බලම් ඉදිකිරීමට කටයුතු කොට ඇත. ඒ බව අපට පසක් කරවන අම්බලමකි පනාවිටිය අම්බලම.
 

 
පනාවිටිය අම්බලම වයඹ පළාතේ කුරුණෑගල දිස්තරිකයේ දේවමැදි හත්පත්තුවේ මයුරාවතී කෝරළයේ පිහිටි පනාවිටිය ගමේ දීකිරිකෑව-පනාවිටිය ශ්රී ජයතිලකාරාම විහාරයට මඳක් ඔබ්බෙන් වෙල්යාය ආසන්නයේ පිහිටා ඇත. එයට කුරුණෑගල – ගිරිඋල්ල B 308 මාර්ගයේ මැටියගනේ දංගොල්ල පාරෙන් හෝ උඩවෙල පාරෙන් හැරී කිලෝමීටර් හතරක් පමණ ගියවිට ළඟාවිය හැකිය.
 
ටැම්පිට ගෘහ ආකෘතිය අනූව යමින්, පොළොවේ ශක්තිමත් ලෙස ඉන්දවනු ලැබූ ගල් බැමි හතරක් මත පිහිටුවන ලද දැව තල 4ක් මත, පනාවිටිය අම්බලම ගොඩනංවා තිබේ. වැසි දියෙන් තෙමීම වැළැක්වීම, ගොඩනැගිල්ල කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම, රාතරී නවාතැන් ගන්නා පිරිස්, සර්පයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා සහ නඩත්තු කටයුතුවල පහසුව වෙනුවෙන්, අම්බලම මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට ඇතැයි පැවසේ. අම්බලමේ වහලයේ මූට්ටු සවිකොට ඇති ආකාරය දැකගත හැකි වන අතර, එහි ඇති ලී කැටයම්ද වර්ණ ගන්වා ඇත. 1961 වර්ෂයේදී පුරාවිද්යා කොමසාරිස්වරයා වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ අධීක්ෂණය යටතේ, 1962 - 1963 අතර කාලය තුලදී මෙම අම්බලම පරතිසංස්කරණයට ලක් කෙරුණි.  
2017 පුරාවිද්යා දෙපාර්තුමේන්තුව මඟින් ප්රතිසංස්කරණය කරන අතර ලංකාවේ තියෙන අම්බලම් අතරින් ඉතාමත් අලංකාර අම්බලම නම් පනාවිටිය අම්බලමයි. ඓතිහාසික දඹදෙණි රාජධානිය ආශ්රීතව පිහිටා තිබෙන මේ අම්බලම පුරාණ දඹදෙණි අනුරාධපුර මාර්ගය ආශ්රිතව පිහිටි අම්බලම් වලින් එකක් යැයි සැලකේ. දාරුමය නිර්මාණයක් වන මෙහි ඇති කැටයම් අතිශයින්ම අලංකාර ඒවායි. කතාවට කියන්නේ මහනුවර මගුල් මඩුව නිර්මාණය කල ශිල්පියාගේ පුත්රයා විසින් මෙය නිර්මාණය කරන ලද බවයි. පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරනු ලැබූ ප්රථම අම්බලම වන්නේද මෙයයි. 

පනාවිටිය අම්බලම ලංකාවේ කලාත්මක මෙන්ම ඉහළම තාක්‍ෂණයක් පෙන්නුම් කරන්නා වූ කැටයම් වැඩිම අම්බලම වේ. දහතුන්වන සියවසේ අග භාගයේදී දෙවන පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1250- 1285) දේවපතිරාජ ඇමතිවරයා ලවා මේ අම්බලම කරවූ බව විශ්වාස කෙරේ. මේ අම්බලම ඉදිකරවීම පිළබඳ ජනප්‍රවාදයක් ඇත. ඒ ජනප්‍රවාදයෙන් කියවෙන්නේ දෙවන පරාක්‍රමබාහු රජ සමයේ රට තුල ඇතිවූ කැරැල්ලක් මැඬලීම සඳහා ගිය එතුමාගේ පුත් විජයබා කුමරු කැරැල්ල මැඩ පවත්වා ආපසු යනවිට සතුරෙකු එල්ලකළ නාග විෂ කැවූ ඊතලයක් වැදීමෙන් සිහි මුර්ජා වූ බව හා මේ අම්බලම පිහිටි ප්‍රදේශයේදී ඔහු සුවපත්වූ බවයි. (එහෙයින් එකල මේ ස්ථානය පන ආ වැටිය ලෙස හැඳින්වී පසුව පනාවිටිය ලෙස හැඳින්වෙන බව කියති). මේ සිද්ධියෙන් පසුව රජතුමා මේ ප්‍රදේශයේ සැරිසරද්දී පනාවිටියට පැමිණීම සිරිතක් කොටගත් බැවින් රජතුමාට විවේක ගැනීමට මෙහි අම්බලමක් ඉදිකළ බවද කියවේ.
 
තවත් ජනප්‍රවාදයකින් කියවෙන්න් මේ අම්බලම නිර්මාණය කළේ මහනුවර මගුල් මඩුව නිර්මාණය කල ශිල්පියාගේ පුතා බවයි. එමෙන්ම මේ අම්බලම දඹදෙණි රජ සමයේ ඉදිකළ බව පැවසෙතත් මෙහි දැකිය හැක්කේ මහනුවර යුගයේ ගෘහනිර්මාණ ලක්‍ෂණ බව විචාරකයින්ගේ අදහසයි. දඹදෙණි යුගයේ පටන්ම මේ ස්ථානයේ අම්බලමක් තිබුනා විය හැකිය. එමෙන්ම එය මහනුවර යුගයේදී සම්පුර්ණයෙන්ම නැවත ගොඩනැගුවාද විය හැකිය.
 

පනාවිටිය අම්බලම ඉදිකොට ඇත්තේ ගල් කැබලි වලින් තැනූ අත්තිවාරමක් මත අඩියක් පමණ උස ගෝලාකාර ගල් හතරක් සිව් කොනෙහි තබා ඒ මත හරස් අතට එලූ අඩියක් පමණ ඝනකමැති දැව කඳන් මතයි. මේ දැව කඳන් මත කුළුණු විසි හයක් සිටුවා ඒ මත වහල නිමවා තිබේ. මේ කුළුණක් අඩි හතක් පමණ උසැතිය. කුළුන වහලයට සම්බන්ද වනුයේ නෙලුම් මල් කැටයමින් යුත් පේකඩකිණි. කුලුනේ බඳෙහි චතුරශ්‍රාකාර පනේල බේරා අට පට්ටම් හැඩයට නිමවා ඇත. ඇතුළු වටයේ වන කුළුණු නවයේ ඇති පනේල තිස් හයේ විවිධ රූප කැටයම් කොට ඇත. වහල නිර්මාණය කිරීමට පරාල තිස් දෙකක් යොදා ඇත. යට ලී සම්බන්දකොට යෙදූ විශාල බාල්ක දෙකෙහි රැඳවු කුරුපා මත වන අඩි තුනහමාරක් පමණවූ මුදුන් යටලීයට මඩොල් කුරුපාවක් උපයෝගීකරගෙන පරාල සම්බන්දකර තිබේ. වහල පිළියෙළ කිරීමට යෙදු සියලු දැව යටලී, පරාල, බාල්ක, පේකඩ ආදිය කැටයමින් අලංකාර කොට ඇත. අම්බලමේ වහලය සෙවිලි කොට තිබුනේ මැටියෙන් සකසන ලද උළු වලින් බව අනාවරණය වී තිබේ.
 

  

 
 
විසිවන සියවසේ මැදභාගය පමණ වනවිට මේ අම්බලම ගරාවැටි පොල් අතු සෙවිලි කොට තිබුන බව පැවසේ. එක් වර්ෂා සමයකදී අම්බලම මතට පොල් ගසක් කඩාවැටී වහලට තදබල ලෙස අලාභ හානි සිදුව තිබේ. 1960 ගණන් වලදී පනාවිටිය අම්බලම ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත. අම්බලමේ තිබූ දැව කඳන් විනාශ වෙමින් තිබුණේ වුවද ඒවායේ තිබු කැටයම් වල ශේෂයන්ගෙන් පැරණි හෙළ කළා කරුවන්ගේ නිර්මාණ කෞශල්‍යය හඳුනාගත හැකි වූ බව වාර්තාවී තිබේ. විනාශ නොවී ඉතිරිව තිබුණු දැව කොටස් හා විනාශවූ දැව දැව කඳන් වෙනුවට අනුකරණ දැව යොදා පැරණි කැටයම් වල ස්වභාවය නොවෙනස්වන පරිදි නැවත පිළියෙළ කොට වහල පැතලි උළුවලින් නිමවා දැන් අම්බලම මනාව සංරක්‍ෂණය කර තිබෙනු පෙනේ.
 
පනාවිටිය අම්බලම අනෙකුත් අම්බලම් අතරින් කැපී පෙනෙන්නේ එහි ඇති ලි කැටයම් නිසාය. මෙහි කුළුණු, වහලට යෙදු යටලී, බාල්ක, පරාල, පේකඩ ආදිය ඉතා විසිතුරු කැටයමින් යුක්තය. මෙහි ලී කැටයම් ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් වලටත් වඩා කලාත්මක යයි සමහරු ප්‍රකාශ කරති. අම්බලමේ ඇතුළු වටයේ කුළුණුවල මැද ඇති පනේල කැටයම් කාලින ජන ජිවිතයේ විවධ අවස්ථාවලින්, සත්ව රුප වලින් හා නොයෙකුත් මල් මෝස්‌තර ආදියෙන් සරසා ඇත. අචාර සමාචාර, මල්ලවපොර, නැටුම්, ආදිය දැක්වෙන කැටයම් කලාත්මක බවින් පරිපුර්ණය. ඒවායේ සමමිතික බව, නැටුම් ශිල්පීන්ගේ හා පොදු ජනයාගේ ඇඳුම් දක්වා ඇති ආකාරය ආදියෙන් කැටයම් කරුවාගේ කෞශල්‍යය හා නිපුණත්වය ප්‍රදර්ශනය කරයි. එමෙන්ම තත්කාලින සමාජයේ ඇවතුම් පැවතුම්, වස්ත්‍රාභරණ ආදිය ගැන අදහසක්ද අපට මේ කැටයම් තුලින් ලද හැකිය.
 
 
මෙම කැටයම් තුළින් සම කාලීන සමාජයෙහි ඇදුම්පැළඳුම්, චාරිත‍්‍රවාරිත‍්‍ර, භාණ්ඩල ගෘහ නිර්මාණකරණය හා සමාජ ස්තරණය පිළිබඳව ද අධ්‍යයනයට ලක්කළ හැකි ය. නයිගැට කැටයමට ඉහළින් පිහිටි ආරුක්කුවල පලාපෙති මෝස්තරය හා ලිය වූ කකුල් සහිත බංකුවල ඒ මත හිඳ සිටින ප‍්‍රභූවරයෙක් ලෙස සැලකිය හැකි පුද්ගලයා ආදී කැටයම් මගින් උක්ත අදහස තහවුරු කරලන්නේ ය.
 
විසිවන සියවසේ මැදභාගය පමණ වනවිට මේ අම්බලම ගරාවැටි පොල් අතු සෙවිලි කොට තිබුන බව පැවසේ. එක් වර්ෂා සමයකදී අම්බලම මතට පොල් ගසක් කඩාවැටී වහලට තදබල ලෙස අලාභ හානි සිදුව තිබේ. 1960 ගණන් වලදී පනාවිටිය අම්බලම ප්රතිසංස්කරණය කිරීමට පුරාවිද්යා දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත. අම්බලමේ තිබූ දැව කඳන් විනාශ වෙමින් තිබුණේ වුවද ඒවායේ තිබු කැටයම් වල ශේෂයන්ගෙන් පැරණි හෙළ කළා කරුවන්ගේ නිර්මාණ කෞශල්යය හඳුනාගත හැකි වූ බව වාර්තාවී තිබේ. විනාශ නොවී ඉතිරිව තිබුණු දැව කොටස් හා විනාශවූ දැව දැව කඳන් වෙනුවට අනුකරණ දැව යොදා පැරණි කැටයම් වල ස්වභාවය නොවෙනස්වන පරිදි නැවත පිළියෙළ කොට වහල පැතලි උළුවලින් නිමවා දැන් අම්බලම මනාව සංරක්ෂණය කර තිබෙනු පෙනේ.
 
පනාවිටිය අම්බලම අනෙකුත් අම්බලම් අතරින් කැපී පෙනෙන්නේ එහි ඇති ලි කැටයම් නිසාය. මෙහි කුළුණු, වහලට යෙදු යටලී, බාල්ක, පරාල, පේකඩ ආදිය ඉතා විසිතුරු කැටයමින් යුක්තය. මෙහි ලී කැටයම් ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් වලටත් වඩා කලාත්මක යයි සමහරු ප්රකාශ කරති.
 
අම්බලමේ ඇතුළු වටයේ කුළුණුවල මැද ඇති පනේල කැටයම් කාලින ජන ජිවිතයේ විවධ අවස්ථාවලින්, සත්ව රුප වලින් හා නොයෙකුත් මල් මෝස්‌තර ආදියෙන් සරසා ඇත. අචාර සමාචාර, මල්ලවපොර, නැටුම්, ආදිය දැක්වෙන කැටයම් කලාත්මක බවින් පරිපුර්ණය. ඒවායේ සමමිතික බව, නැටුම් ශිල්පීන්ගේ හා පොදු ජනයාගේ ඇඳුම් දක්වා ඇති ආකාරය ආදියෙන් කැටයම් කරුවාගේ කෞශල්යය හා නිපුණත්වය ප්රදර්ශනය කරයි. එමෙන්ම තත්කාලින සමාජයේ ඇවතුම් පැවතුම්, වස්ත්රාභරණ ආදිය ගැන අදහසක්ද අපට මේ කැටයම් තුලින් ලද හැකිය. සම්ප්රදායික සිංහල කැටයම් වන ලණුගැටය, ලියවැල, නෙළුම්මල ආදිය පනේල කැටයම් වල දක්නට ලැබේ. කැටයම් වල ඇති සත්ව රුප අතර දක්නට ලැබෙන්නේ සිංහ, ඇත්, නාග, මුව, මොනර ආදී සතුන්ය. සිංහල කැටයම් කලාවේ දනකට ලැබෙන මනඃකල්පිත සත්ව රූප විරලය. පනේල වල කැටයම් හැරුණු විට කුළුණුවල ඉතිරි කොටස්වලද ජ්යාමිතික මෝස්‌තර, මල්, ලියවැල් ආදිය කැටයම් කර තිබෙණු දක්නට ලැබේ. නයි පෙන හතරක් සහිතව කැටයම් කොට ඇති කුලුණේ කැටයම් අනෙක් කුළුණු අතරින් කැපී පෙනේ.
 
 
ලංකාවේ දැනට පවතින පුරාණ අම්බලම්
 
ඇම්බැක්ක අම්බලම
මංගලගම අම්බලම
අප්පල්ලගොඩ අම්බලම
කන්දේවෙල අම්බලම
උඩුවෙල උඩගම අම්බලම
කරගහගෙදර අම්බලම
උඩුනුවර - හේන්දෙණිය අම්බලම
මීපේ අම්බලම
අැටම්පිටිය අම්බලම
ගිරුවා අම්බලම
රුකුලා අම්බලම
ගොඩමුණේ අම්බලම
මැදගම අම්බලම
උඩුවෙල ගිණිහිරිය අම්බලම
හඟුරන්කෙත අම්බලම
කෙන්ගල්ල අම්බලම
දීවිල්ල අම්බලම
කැටවල අම්බලම
දවුලගල අම්බලම
ජුබිලි අම්බලම
පුටුපාගල අම්බලම
ගොඩමුන්න අම්බලම
හේවා විස්ස අම්බලම
දූල්වල වෙල මැද අම්බලම
මාකඩවර අම්බලම
ඇවරියවල අම්බලම
කිරිඔරුව අම්බලම
කඩුගන්නාව අම්බලම
පනාවිටිය අම්බලම
මාරස්සන අම්බලම
ඇල්ලවත් ඔය අම්බලම
දෙහල්කඩ අම්බලම
බෝතලේ වෙල මැද අම්බලම
කෝට්ටේ ගල් අම්බලම
ගල්කොත අම්බලම වේ.

හුදෙක් ලැගුම් හලක් වශයෙන් භාවිතයට පමණක්ම නොව, අම්බලමක් ඉදිකිරීමේදී එම ගොඩනැගිලිවලට අපූරු සුන්දරත්වයක් එක් කරමින් ඊට විවිධ කලා නිර්මාණයන් ඇතුලත් කිරීමටද, එකල ශිල්පීහු ක්රියා කලහ. මල්කම් ලියකම් ආදිය යොදමින් අම්බලම් අලංකාර කිරීමට ඔවුහු පියවර ගත්හ. එලෙස ඉදිකරන ලද අම්බලම් කිහිපයක් වර්තමානයේදී පවා මෙරට දැකගත හැකිවෙයි. ඇතැම් අම්බලම් ඉදිකිරීම සඳහා රාජ්ය අනුග්රහය පවා ලැබුණු බව සඳහන් වෙයි.
 
අම්බලමක් තුල ලැගුම් ගන්නා තාවකාලික ජනයාගේ පරිහරණය පිණිස, අම්බලම අසලින්ම පිංතාලියක් තැබීමද, අම්බලමක් ඉදිකිරීම සම්බන්ධව බිහිවූ විශේෂ අංගයක් ලෙස සැළකෙයි. ඈත දුරබැහැර පරදේශවල සිට පා ගමනින් හා කරත්ත වැනි රථ ආදියෙන් සංචාරයේ යෙදුණු මගීන්, සිය ගමන් විඩාව නිවා ගැනීමට ගිමන් හලක් වශයෙන් අම්බලම භාවිතා කරන ලදී. ඈත අතීතයේදී මෙරට ගම් ප්රදේශයන්, එක් එක් ග්රාම ප්රධානියෙකු යටතේ පාලනය වූ බව පැවසෙයි. ගම්මානයේ සිදු කරන පොදු කටයුතු සම්බන්ධ සංවාද, නඩු හබ ඇසීම් හා වෙනත් ප්රජා රැස්වීම් කටයුතු ආදිය මෙම ග්රාම ප්රධානියා විසින් සිදු කරන ලදී. මුල් සමයේදී මෙවැනි ප්රජා රැස්වීම් එළිමහනේ පැවැත්වූවත්, පසුව එම කටයුතු සඳහාද අම්බලම් ප්රයෝජනයට ගත් බව සඳහන් වෙයි. පෙරකල පයින් ගමන් බිමන් ගිය මගියා ගිමන් නිවීමට ගොඩවූ පනාවිටිය අම්බලමට අද සුවපහසු හෝටල් වල නවාතැන් ගනිමින් නවීන වාහන වලින් ගමනේ යෙදෙන සංචාරකයන් ගොඩවදින්නේ හෙළ කලා කරුවාගේ නිර්මාණ ප්රදර්ශනය කෙරෙන කලාගාරයක් දැකගැනීමේ අභිලාෂයෙනි.


No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...