මෙම දෙවියන් සම්බන්ධයෙන් මතවාද රැසක්ම පවතින අතර, ඒවා මොනවා ද යන්න විමසා බැලීමක් මෙහිදී සිදුවේ. එසේ පවතින මතවාදයන් අතර ‘මාලදිවයින් රජු ’ යැයි පවසන මතයක් ද වේ. එයට අනුව විකුණ්ට භද්‍රව නම් යක්ෂ ගෝත‍්‍රයට අයත් බව සඳහන් ය. මාලෝස් දිවයින නමින් හඳුන්වන මාලදිවයිනේ රජු වශයෙන් මෙම දෙවියන් ප‍්‍රසිද්ධ ය. දෙමව්පියන් සම්බ්න්ධයෙන් විමසීමේදී පියා යක්ෂ ගෝත‍්‍රකයෙකු වන පූර්ණක නම් වන බවත්, මව කැලණියේ එරන්දිකා නම් නාග ගෝත‍්‍රයට අයත් වූ කාන්තාවක වශයෙනුත් ඉතිහාසය දක්වයි. මෙම දෙදෙනාට දාව උපන් කුමාරයා ‘දුනුමන්ත හෙවත් දැඩිමුණ්ඩ’ නම් වන බව සඳහන් ය. මුල් කාලයේ දුනුමන්ත නමින් හඳුන්වන ලද මෙම කුමාරයා පසුකාලයේ දී දැඩිමුණ්ඩ යන නමින් හඳුන්වා තිබේ. ගෞතම බුදුන් වහන්සේට ආරක්ෂාව සපයන ලෙස වෙසමුණි රජු දැඩමුණ්ඩ දෙවියන්ට පවසා තිබේ. දසබිම්බරක් මාර සේනාව බුදුන් වහන්සේට විරුද්ධව පැමිණෙන විට සියලූ දෙවිවරුන් බුදුන් වහන්සේ අතහැර පලා ගිය බව සඳහන්ය. නමුත් දැඩිමුණ්ඩ දෙවියන් පමණක් දුන්නක් අතේ තබාගෙන සිටි බව ජනප‍්‍රවාදයේ සඳහන්ය. මෙයින් පැහැදිලි වනුයේ දුනුමන්ත කුමාරයා මහත් බල පරාක‍්‍රමයකින් යුක්ත වූ බවයි. එපමණක් ද නොව ‘ආයුධ කුමට වේවැලෙන් තලමි’ යනුවෙන් පවසමින් වේවැලක් පමණක් අතේ තබාගෙන සිටි බවත් ජනප‍්‍රවාදයන්හි විස්තර වේ. මාර සේනාව පරාජය කරන අවස්ථාව වනවිට මේ කුමාරයා සොළොස් වියේ සිටි බවත්, එතැන් සිට දැඩිමුණ්ඩ යන නාමය යෙදුණ බවත් සඳහන් ය.
ලංකාවේ දැකපු හොඳම වාහල නැටීම
දැඩිමුණ්ඩ දෙවියන් මහත් බල පරාක‍්‍රමයකින් යුක්ත වූ බව කුඩා කාලයේ සිටම කරන ලද සටන් පිළිබඳව විමසීමේදී පැහැදිලි වේ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී මේ කුමාරයා අංගං සටන් සඳහා දක්ෂතාවක් පෙන්නුම් කර තිබෙනුයේ කුඩා කාලයේ සිටමය. පියා යක්ෂ ගෝත‍්‍රයට අයත් නිසාත්, මව නාග ගෝත‍්‍රයට අයත් නිසාත් දැඩිමුණ්ඩ දෙවියන්ගේ මුහුණ යක්ෂ ස්වරූපයක් ගන්නා බවත්, නයි පෙණ ගන්නා බවත් සඳහන් ය. මෙම දෙවියන් ලංකාවට පැමිණීමෙන් පසුව අංගං සටන් ඉගෙන ගත් බව පුරාවෘතත්යන්හි දක්වා තිබේ.
අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ දැඩිමුණ්ඩ නමින් ප‍්‍රසිද්ධියට පත් වුයේ ප‍්‍රාදේශීය නායකයෙක් බවට මතවාදයක් පවතී. දඹදෙණි රාජ්‍ය සමයේදී හෙම්මාතගමට නුදුරින් පිහිටි කෙහෙල්පන්නල ගමේ ශක්තිමත් දුනුවායෙක් වාසය කර තිබේ. මොහු දිනක් රාත‍්‍රියේ පිදුරංගල කඳු මුදුනේ සිට බලන විට ඈත වනාන්තරයේ ගසක් මුදුනේ පහනක් දැල්වෙනු දැක එයට විඳ තිබේ. පසුදින පැමිණ එම ඊතලය වැටුණ ස්ථානය සොයා ගිය බවත්, විශාල සපු ගසක් මුදුනේ එය තිබෙන බව දැක එහි පැලක් ඉදිකර පදිංචි වූ බවත් සඳහන් ය. මෙහි බෝග කිරීමෙන් පසුව එය සාර්ථක වූ බව දුටු තවත් තරුණයින් කිහිපදෙනෙකු පැමිණ දැඩිමුණ්ඩ සමඟ පදිංචි වූ බවත්, ඔහුගෙන් දුනු ශිල්පය හදාළ බවත් සඳහන්ය. දුන්නක වරපටය ගැට ගසන ස්ථානය මුණ්ඩ නමින් හඳුන්වන අතර, නායක දුනුවායා පසුකාලයේ දී දැඩිමුණ්ඩ නම් වූ බවත් මෙම පුරාවෘත්තය තවදුරටත් පෙන්වා දෙයි.
දඹදෙණි පාලකයාට විරුද්ධව පිරිසක් කැරුල්ලක් දියත් කළ බවත් දැඩිමුණ්ඩ විසින් වේවැලකින් තලා මොවුන් මර්දනය කළ බවත් සඳහන්ය. රජතුමා මෙම කැරලිකරුවන් මරා දැමීමට අණ කළ නමුත්, දැඩිමුණ්ඩගේ මැදිහත්වීම නිසා අභය ලැබුණ බවත් විස්තර වේ. මෙම කැරලිකාර පිරිස ගෙනගිය දැඩිමුණ්ඩ මොවුන් ලවා දෙවනගල සිට රගලහල දක්වාත්, රාස්සකන්දේ සිට බතලේගල දක්වාත් වනය කපා අස්වද්දවා ජල මාර්ග ඉදිකරමින් කුඹුරු කරවූ බව සඳහන්ය. මේ හේතුව නිසා දැඩිමුණ්ඩ ගෞරවාදරයට ලක් වූ බවත්, දඹදෙණි පාලකයා රාජ්‍ය සම්මාන පවා ලබාදුන් බවත් විස්තර කරයි. සෑම අවස්ථාවක ම දැඩිමුණ්ඩ වේවැලක් අතේ තබාගෙන සිටි බවත්, මරණින් පසුව දේවත්වයට පත්ව තමන්ගේ පිහිට පතන අයට උපකාර කරන ලද බවත් සඳහන්වේ.
Traditional Sri Lankan Wahala Dance
ගම්මඩුවෙහි පුද ලබන දැඩිමුණ්ඩ හෙවත් වාහල බණ්ඩාර දෙවියෝ
දඹදෙණි රාජ්‍ය සමයේ දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ විකල් රෝගය ‘කෙකටිය මලේ වත ඇරුණ ද සුව නොවේ’ යැයි රජුගේ දේව ප‍්‍රතිරාජ නම් ඇමතිට උපුල්වන් දෙවියන් සිහිනෙන් පැවසූ නිසා සත්‍ය වටහාදීමත්, චන්ද්‍රභානුගේ ආක‍්‍රමණය සිදු වූ අවස්ථාවේදී උපුල්වන් දෙවියන්ගේ පිහිට පතන ලද නිසාත් මේ හේතුවෙන් වීරබාහු කුමරු ජය ලැබීම නිසාත්, පරාක‍්‍රමබාහු රජුගේ උපදෙස් අනුව උපුල්වන් දෙවියන් වෙනුවෙන් සතර කෝරළේ අලූත්නුවර පද්දාවෙල් යායේ දේවාලයක් ඉදිකිරීමට ක‍්‍රියා කළ අතර, මෙහි ප‍්‍රධානත්වය ගෙන කටයුතු කරන ලද්දේ රජුගේ බිසව බවත් සඳහන්ය. එසේම දෙවුන්දර සිට උපුල්වන් දේව ප‍්‍රතිමාව උග්ගල් අලූත්නුවරටත්, ඉන්පසුව හිඟුලේ කිරුංගල්පාය හරහා අලූත්නුවරටත් ගෙන එන ලද බවත් සඳහන්ය. එසේ රැගෙන ඒමේදී දැඩිමුණ්ඩ දෙවියන්ට ද ආරෝපණය කර අලූත්නුවර අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් වැඩ සිටින බව ද පිළිගනු ලැබීය. මේ අනුව උපුල්වන් දේව බලය දැඩිමුණ්ඩ දේව බලය වශයෙන් සලකන ලද බව සඳහන්ය.
සපුමල් කුමාරයා සම්බන්ධයෙන් ද අලූත්නුවර දෙවියන් සම්බන්ධව කතා ප‍්‍රවෘත්තියක් ගොඩ නැඟිී තිබේ. කෝට්ටේ පාලකයා වූ හයවන පරාක‍්‍රමබාහු රජතුමා තමන් විසින් මෙහෙයවන ලද යාපනයේ යුද්ධය සඳහා සපුමල් කුමරු පිටත් කර හරින ලදී. එහිදී සපුමල් කුමරුට මුහුණදීමට සිදු වූයේ ආර්ය චක‍්‍රවර්තීන් නම් පාලකයා සමඟ සටන් කිරීමටය. මෙම ගමන ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් කුමරු යුද්ධයෙන් ජය ගැනීමේ අපේක්ෂාව සහිතව කෝට්ටේ රජමහා විහාරයට ගොස් එහි තිබෙන දැඩිමුණ්ඩ මහ දේවාලයේ ප‍්‍රධාන දොරටුවේ පඬුරක් ගැට ගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක් වූ බව සඳහන් වේ. මෙහිදී කුමරුගේ අපේක්ෂාව වී ඇත්තේ යුද්ධයෙන් ජයග‍්‍රහණය කිරීමයි. ඒ අනුව යාපනය පාලනය කළ ආර්යචක‍්‍රවර්තී රජු පරාජය කරමින් සපුමල් කුමාරයා ජයග‍්‍රහණය කළේය. මෙසේ ජයග‍්‍රහණය කිරීමෙන් පසුව සපුමල් කුමරු ප‍්‍රථමයෙන්ම සිදුකරන ලද්දේ දැඩිමුණ්ඩ දෙවියන්ට තමන් වූ භාරය ඉස්ට කිරීමයි. ඒ සඳහා කුමරු නැවත කෝට්ටේ රාජධානියට පැමිණ තමන් යුද්ධය සඳහා භාවිත කරන ලද රන් අසිපත දැඩිමුණ්ඩ දෙවියන්ට පූජා කළ බව ඉතිහාසයේ සඳහන්වේ.
Traditional Wahala Dance - දෙවියන් යැද සෙත් පතන වාහල නර්තනය
වරාකනත්ත වාර්ශික දෙවොල් මඩුව
ඇදුරෝ වාහල බණ්ඩාර දෙවියන්ගේ කවි ගායනා කරති. දස බිම්බර යුධට - මාරසෙන් රැස්වූ විට දෙවියන් දැක නොසිට - දුවයි සක්වල ගලෙන් පිටතට බුදුන් තනි කරලා - දෙවියෝ ගියහ හැරලා දැඩිව එහි සිටලා - යුධ කරවි සැලකලේ වැදලා දැකලා දෙවියන් යකු වෙව්ලන්නේ - වැදලා සුරිදුට බැහැ දකිමින්නේ රැකලා පියවර වේ වැල ගන්නේ - විදලා තල අද දමමු කියන්නේ "දේවතා බණ්ඩාර දෙවිඳුට කියමි කවි මම වැඳ - සමා පේව ඔබ ගැති කරන වේලේ යහපතක් වෙන්නටා බෝව කල්පය පවත්නා තෙක් කියමි දන්නා පමණටා දේවතා දෙවි පිහිට වෙනවයි වරද ඇත්නම් ගැති - හටා" වාහල දෙවියන් යනු බුදුන් හමුවට මාරයා එළඹි අවස්ථාවෙහිදී බුදුන් අසලම එතුමන්ගේ ආරක්ෂාව සදහා සිටි දෙවියා යයි ජන ව්‍යවහාරයේ කියනු ලැබේ.
දැඩිමුණ්ඩ දෙවියන් වෙසමුනි වරම් ලබාගෙන දඹදිවින් ලංකාවට පැමිණියේ යැයි සඳහන් පුවත ද පෙන්වාදිය හැකිය. වෙසමුණි දෙවියන්ගේ ආලකමන්දාපුරය ආරක්ෂා කිරීමට යක් සෙනෙවියන් විසි අටක් සිටි බවත්, එහි ප‍්‍රධානියා පූර්ණක නම් වූ බවත් සදහන් ය. එම කාලයේදී ඉදිපත් නුවර රජෙකු වෙත සිටි විධුර පඬිවරයාගෙන් බණ අසා නා ලොවට ගිය නා රජු එම පුවත් විමලා නම් බිසවට පැවසීය. ඇය ද විධුර පඬිවරයාගෙන් බණ ඇසීමේ ආශාව වෙනත් ආාකරයකින් ප‍්‍රකාශ කළ අතර, ඔහුගේ හදවත පලා මස් කෑමෙහි ආශාවක් ඇති වූ බව පැවසුවාය. මෙම අවස්ථාවේ දී යක්ෂ සේනාපති පූර්ණක ඉදිරිපත්ව විමලාවගේ රූමත් එරන්දති දියණිය ලබාගැනීමේ පොරොන්දුව මත ඉදිරිපත් නුවර රජු සූදුවෙන් පරාජය කොට විධුර පඬිවරයා විමලා වෙත රැගෙන ආවේය. මේ අනුව එරන්දති නිසා පූර්ණක නම් වූ යක්ෂ සේනාපතියා ලැබූ පුතා දැඩිමුණ්ඩ නම් වූ බව සඳහනි. ඉන්පසුව ලංකාවට පැමිණි දැඩිමුණ්ඩ බලවත් දෙවියෙකු බවට පත්විය. දැඩිමුණ්ඩ වෙසමුණි වරම් ලබාගෙන දඹදිව සිට පැමිණි බවත්, ගනේතැන්නේ කඳු ගැටයේ සහ හිඟුලේ තවත් ස්ථානයක වාසය කළ බවත් මහනුවර රාජ්‍ය සමය වනවිට මහත් පුද සත්කාර ලැබූ බවත් සඳහන් වේ.
Wahala Dance of Low Country Dance Tradition (වාහල නැටීම )
සේදවත්ත ගම්දෙවොල් මඩු පූජෝත්සවය 2023
අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය
“අප භාග්‍යවත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උතුම් වූ බුද්ධාදී රත්නත්‍රය ප්‍රධාන කොට ඇත්තා වූ දෙවියන් වහන්සේලාගේ දේව නාමවල් මුදුන්පත් කරවාගෙන තවද තුන්සිය හැටක් සමයංවලට නායකව යක්ෂසේනාව පිරිවරා ලක්දිවට ගොඩබැස සතර කෝරළය බඩ මනෝරම්‍ය දිව්‍ය විමානයක් කරවා අලුත්නුවර යැයි සිරිලකට අණසක පතුරුවා චිරාත්කාලයක් වැඩ වසන වාහල බණ්ඩාර දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. මේවැනි මේ බලියාග ශාන්තියට දේවාශීර්වාද කොට එවැනි ඒ තේජානුභාව බලයෙන් ආතුරයන්හට පැමිනි ලෙඩ දෝෂ දුරු වී සුබ ශාන්තියක් වේවා”
දේව මන්දිරය ඇතුළාන්තයෙන් නැගෙන දෝංකාරය දෙමින් හඬ නැගෙන හඬින් තම තමන් සිත් උඩරටට උරුම මුල් ඇඳුමෙන් සැරසී දකුණත නිල්වන් වේවැලක් දරා සිටින දැඩිමුණ්ඩ දේවතා හාමුදුරුවන් වහන්සේ වෙත සියල්ලෝම ආකර්ෂණයව බලා සිටිති.
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි මාවනැල්ල නම් වූ ප‍්‍රදේශය වර්තමානයේ පමණක් නොව ඈත අතීතයේ සිට ම ලංකාවාසීන්ගේ අවධානයට පමණක් නොව ගෞරවාදරයට ද පාත‍්‍ර වූ ප‍්‍රදේශයක් වශයෙන් හැඳින්වීම නිවැරදි ය. එයට හේතුව වනුයේ අලූත්නුවර දේවාලයක් පිහිටා තිබීම වන අතර, එය ‘දැඩිමුණ්ඩ දේවාලය’ වීමයි. අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය වනාහි ලාංකීය ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දේවාල අතුරින් සුවිශේෂි ස්ථානයක් හිමි කරගන්නා දේවාලයකි. මෙම දේවාලයට දිගු ඉතිහාසයක් පවතින අතර, එය ගෞතම බුදුන් වහන්සේගේ සමය දක්වා දිව යන්නකි. එනම් වසර දෙදහස් පන්සියයකටත් වඩා දීර්ඝ වූ ඉතිහාසයක් අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙත පවතී.
බෞද්ධ ජනතාව ප‍්‍රමුඛව සියලූම ලාංකිකයන්ගේ වැඳුම් පිදුම් ලබන ස්ථානයක් වශයෙන් අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය පෙන්වාදිය හැකිය. ඵෙතිහාසික වශයෙන් සුවිශේෂි ස්ථානයක් හිමිව තිබෙන බව අතීතයේ සිට වර්තමානය දක්වා වන්දනාකරුවන්ගෙන් මෙය පිරී ඉතිරී තිබෙනුයේ මෙහි පවතින සත්‍යතාව නිසාවෙන් යැයි මට සිතෙන සිතිවිල්ල නිවැරදි ය. අලූත්නුවර දේවාලය ඉදිකිරීමේදී යක්ෂයින් විසින් කපා ඉවත් කරවන ලද ගල් කැබලිවල ඉතිරි කොටස් මෙම දේවාල භූමියේ දක්නට ලබෙන බව පැරුන්නන්ගේ අදහසයි. ඒ අනුව දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් පවතින මතවාද, දෙවියන්ගේ සංකේතය, දෙවියන් විසින් කරන ලද සටන් මෙන් ම අලූත්නුවර දේවාලය හා සම්බන්ධව පවතින අනෙකුත් දේවාල කෙරෙහි ද අවධානය යොමු කිරීමක් මෙහිදී සිදු වේ. එසේම අලූත්නුවර දේවාලය වර්තමානයේ කෙබඳු ස්වරූපයක් උසුලන්නේ ද යන්න සම්බන්ධයෙන් ද විමසා බැලීමක් මෙහිදී සිදුවේ.
පන්දහස් කාලයකට ලංකාව භාරදීම උපුල්වන් දෙවියන්ට භාර කළ බවත්, එම නිසා උපුල්වන් දෙවියන්ගේ අවසරය මත දැඩිමුණ්ඩ දෙවියන් සිටි බවත් පැහැදිලිය. විධුර ජාතකයට අනුව දැඩිමුණ්ඩ දෙවියන් බුුදුන් වහන්සේගේ මාර පරාජයේ දී පලා නොගිය බවත්, මෙම පුවතම උපුල්වන් දෙවියන්ට සම්බන්ධ කර තිබෙන හෙයිනුත් මෙහි යම් සත්‍යතාවක් තිබෙන බව පිළිගත හැකි ය. විධුර ජාතකය සඳහන් කරන අන්දමට දැඩිමුණ්ඩ යනු වරුණ දෙවියාගේ මුණුපුරා බව සඳහන් වන අතර, මහාචාර්ය පරණවිතානයන් දක්වන අන්දමට උපුල්වන් යනු පැරණි භාරතයේ සිටි වරුණ දෙවියන්ම බව පවසයි.
මේ ආකාරයට අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් විවිධ මතවාද පවතින බව පැවසිය හැකිය. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න සෙවීම දුෂ්කර වන නමුදු අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අතීතයේ සිටම ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දේවාලයක් වශයෙන් හැඳින්වීම නිවැරදිය.
අලූත්නුවර දේවාලය හා සම්බන්ධ අනෙකුත් දේවාල
අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ප‍්‍රධාන දේවාලය වශයෙන් සලකන අතර, මේ හා සම්බන්ධ වූ තවත් අප‍්‍රධාන දේවාල රැසක් ම හමු වේ. දේවාල අතර, කෝට්ටේ රජමහා විහාරයේ ඵෙතිහාසික සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ මහ දේවාලය, පත්තිනි දෙවියන් සහ සමන් දෙවියන් අදහන දේවාලවල දැඩිමුණ්ඩ දෙවියන් ඩැඩ සිටින බවත්, යක්ෂ ගෝත‍්‍රිකයින් සහ අංගම්පොර සටන්කරුව්න දැඩිමුණ්ඩ දේවාලය අදහන බවත් පැවසේ. මේ ආකාරයට අලූත්නුවර දේවාලය ප‍්‍රධාන කොටගෙන තවත් දේවාල රැසක්ම ක‍්‍රියාත්මක වන බව පැහැදිලි ය. මේ ආකාරයට අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඈත අතීතයේ සිට ද ජනතාවගේ නොමඳ ගෞරවාදරයට ලක් වූ බවත්, රාජ්‍ය අනුග‍්‍රහය ද මේ සඳහා හිමි වූ බවත් පැහැදිලිය. එසේ ම ගිහි ජනතාව මුහුණ දෙන කරදර, උවදුරුවලින් මිදීම සඳහාත්, යක්ෂ සහ පේ‍්‍රත වැනි අදෘශ්‍යමාන බලවේගවලින් ඇතිවන කරදරවලින් මිඳමටත්, දරුවන් නොමැති කාන්තාවන් දරුවන් ලබාගැනීම සඳහාත් අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට පතා පැමිණෙනු දැකගත හැකිය. එමෙන්ම කෙම්මුර දවස් වූ බදාදා සහ සෙනසුරාදා යන දින දෙකෙහි පැමිණි ජනතාව වර්තමානය වනවිට සතියේ සෑම දිනකම පාහේ පැමිණෙනුයේ දෙවියන් කෙරෙහි වූ අසීමිත භක්තිය නිසාවෙනි. තව ද වාර්ෂිකව සිදුකරනු ලබන අලූත්නුවර පෙරහැර ද ජනතාවගේ සිත්හි පවතින්නා වූ දේව භක්තිය මනාව ප‍්‍රකට කරවයි. මේ අන්දමට අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් විවිධ මතවාදයන් මෙන් ම ජනප‍්‍රවාදයන් පවතින නමුදු ලාංකීය ජනතාව මහත් භක්තියෙන් යුතුව දැඩිමුණ්ඩ දෙවියන් වැද පුදා ගැනීමට පැමිණෙන බව පැවසිය හැකිය.

No comments:
Post a Comment