Thursday, August 10, 2023

කතරගම මංගල්‍යයට පහළවන තින්නෝරු

තින්නෝරු හෙවත් විභූති නම් සුදු පැහැති පිටි කියන්නේ පාෂාණයක්. ලංකාවේ, ඉන්දියාවේ හෝ ලෝකයේ ඕනෑම දේවාලයකට, කෝවිලකට ගියොත් බැතිමතුන්ට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කර නළලේ ආලේප කරන පවුඩර් වගේ, පිටි කුඩු එකක් තියෙනවා නේද? මේකට කියන්නේ තින්නෝරු කියලා. ඊට අමතරව විභූති, පරහද යන නම් වලිනුත් හඳුන්වනවා. කතරගම ඇසළ මංගල්ලය ළංවීමත් සමඟ ස්වාභාවික ව පොළවෙන් හට ගන්නා තින්නෝරු ලබා ගැනිමට පසුගිය කාලයේ තින්නෝරු පතල් කැපීමත් දකින්න ලැබුණා. සුදු පාට පව්ඩර් වර්ගයක් වැනි මේ පූජනීය තින්නෝරු මොනවද කියලා සොයා බලමු.
 
 

ලොව එක ම ස්වභාවික තින්නෝරු

අප රටේ පමණක් නොවෙයි, ලොව ඇති ඕනෑම දේවාලයකට කෝවිලකට පැමිණෙන බැතිමතුන්ට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කර නළලේ ආලේප කරන්නේ තින්නෝරු යි. තින්නෝරු, විභූති, පරහද යන නම්වලින් ද මෙය හදුන්වනවා. කතරගම දි නම් කපු මහතා ආශිර්වාද කර ඔහු ම බැතිමතුන්ගේ නළලේ තින්නෝරු ගානවා. තින්නෝරු හෙවත් විභූති නම් සුදු පැහැති පිටි වැනි පාෂාණ කුඩු ලොව ස්වාභාවිකව ම ලැබෙන එකම ස්ථානය ඇත්තේ කතරගම පමණ යි. ඉන්දියාවේ ද කෝවිල් සඳහා විශාල වශයෙන් විභූති තනා ගන්නවා. ඔවුන් තින්නෝරු නිපදවන්නේ වියළා ගත් ගොම මතට පිදුරු දමා හොඳින් ගිනි අවුළුවා ගැනීමෙන් පසු එකතු වන අළුවලින්. එය තැනීමත් පුජනීය කාර්යයක් ලෙස සිදු කරන්නේ වේද මන්ත්‍ර ගායනා කරමින්. එසේ තනන තින්නෝරු පැකට් කර විකිණීමත් ඉන්දියාවේ සිදුවෙනවා.
 
තින්නෝරු කතරගම දී ස්වභාවික ව හට ගැනීම දේව හාස්කමක් බව කතරගම වැසියන්ගේ විශ්වාසය යි. කතරගම දේවාලයේ සෑම පුජාවක් අවසානයේ දී බැතිමතුන්ට තින්නෝරු ලබා දීම සිරිතක්. දේවාලය වෙත පැමිණෙන සෑම බැතිමතකු ම සිය නළලේ තින්නෝරු ආලේප කරගැනීමට කැමැත්තක් දක්වනවා. දේවාලයේ පූජාවෙන් පසු පෝලිමේ ගොස් තින්නෝරු නළලේ අලේප කරවා ගන්නා අන්දම දැක ගත හැකි යි. ශ්‍රී ලංකාවේ පවතින අනෙක් දේවාල සහ කෝවිල්වලත් බැතිමතුන්ට තින්නෝරු ලබා දෙනවා. අලූත් වාහනයක් රැගෙන කතරගම පැමිණෙන බැතිමතුන් සිය වාහනයට තින්නෝරු කුඩු ඉසිම හෝ එහි තින්නෝරුවලින් දේව සංකේත ඇඳීමත් දැකගත හැකි යි.

 

 kandha Sashti Festival 2023 at New Kathiresan Kovil Bambbalapity

තින්නෝරු කන්ද

සැම වසරක දී ම කතරගම ඇසළ උළෙල ආසන්න වන ජුනි – ජූලි මාසය ආසන්නයේ සුදු පැහැති පිටි වැනි මෙම ද්‍රව්‍යය පොළොවේ හට ගන්නෙවා. තින්නේරු පිහිටි බිම කතරගම වැඩ සිටි කන්දට ඊසාන දිගින් සහ ප්‍රකාශ කන්දට උතුරින් මහා දේවාලයට ගිනිකොන දිසාවෙන් පිහිටි වන වදුලක්. වර්තමානයේ මෙම ප්‍රදේශය හුණුකැටවල ලෙසයි හඳුන්වන්නේ. එය පිහිටා ඇත්තේ දෙටගමුව ග්‍රාම සේවා වසමෙ යි. අතීතයේ දී එය තිරිනෝරුමල වීභූති කන්ද ලෙසත් හඳුන්වා තිබෙනවා. අතීතයේ සිට කතරගම දේවාලයට සහ විවිධ දේවාල, කෝවිල් වෙත තින්නෝරු ලබා ගන්නා මෙම පාෂාණය ඇති හුනුකැටවල ඉඩම දෙවියන් වෙනුවෙන් වෙන් වූ ස්ථානයක් ව පැවැතුණා. ඒ අවට මිනිස් වාසයෙන් තොර වනගත වටපිටාවක් තමයි පැවතුණේ.

Soorasamharam 🔴 LIVE at New Kathiresan Kovil Bambalapitiya

තින්නෝරු ලබා ගැනීම

ඇසළ මංගල්‍යය ළංවීමත් සමඟ කුඩා කැට වශයෙන් පස්වල හට ගන්නා තින්නෝරු මාස 3 වැනි කෙටි කාලයකින් නැවත ගල් වී අතුරුදහන් ව යනවා. තින්නෝරු හට ගන්නා කාලයේ දී කතරගම ප්‍රදේශවාසින් මස් මාංශයෙන් තොර ව පේවි දෙවියන්ට බාර හාර වී තින්නෝරු නෙළා ගැනීමට පැමිණෙනවා. ඔවුන් පොළාවේ මතුපිට සිට අඩි 3 ක් පමණ ගැඹුරට වළක් කැපීමෙන් පසු කුඩා දෝනා ලෙස හාරමින් මෙම ද්‍රව්‍ය ලබා ගැනීම සිදුවෙනවා. ඉන්පසු ඒවා එකතු කර හලා ගල් වැලි ඉවත් කරනවා.

සුදුවු මෙම කැට අව්වේ වියළා ගෙන පිටි බවට පත්කර හලා ගෙන දේවාලයට ලබා දීම සිදුවෙනවා. පුරාණයේ පටන් ම තින්නෝරු නෙළීම සිදුකරන පාරම්පරික පිරිසක් කතරගම සිටිනවා. ලබා ගන්නා තින්නෝරු ශ්‍රී ලංකාවේ පිහිටි වෙනත් දේවාල කෝවිල් වෙත විකීණීමත් සිදුවෙනවා. කතරගමට පැමිණෙන ඉන්දිය හින්දු බැතිමතුන් ඉන්දියාවේ ඇති කෝවිල් සඳහාත් කතරගම තින්නෝරු රැගෙන යාම සිදුවෙනවා. ඊබේ වෙබ් අඩවියේ ද කතරග තින්නෝරු අලෙවියට ඉදිරිපත් කර ඇත්තේ ශුද්ධ වූ අළු වශයෙනුයි. එහි ග්‍රෑම් 100ක මිල ඩොලර් 15ක් පමණ වෙනවා.

Soorasamharam (part II) ~ Skandha Sashti Festival 2023 at New Kathiresan Kovil
 

තින්නෝරු උපන් හැටි

තින්නෝරු ලැබුණු ආකාරය සම්බන්ධව දේවකතාවක් කතරගම පැතිර තිබෙනවා: ස්කන්ධ කුමරු හා යුද වැදුණු සුරපත්මා අසුරයාගේ සියලු සේනා මරණයට පත් ව ඔවුන් පරාජයට පත්වුණා. සුරපත්මා අසුරයා පමණක් පණ බේරා ගෙන පලා ගියා. සුරපත්මා සිටියේ මහත් කනගාටුවෙන්. එම අවස්ථාවේ දී ඔහුගේ සිත සැනසීමට අසුරයාගේ මව වන මායා පැමිණියා. ඇය තම පුතණුවන්ට පැවසුවේ ලොව එක ප්‍රහාරයකින් යටත් කර ගැනීමේ වික්‍රමයක් ඇති තොපට ඊශ්වර මුර්ති ස්වරූප ස්කන්ධයන්ගෙන් නම් කවදාවත් ජයගත නොහැකි බව යි. කඳ කුමරු සමඟ කරන මෙම සටන නවතා දමන ලෙස මව සුරපත්මා අසුරයාගෙන් ඉල්ලා සිටියා. නමුත් අසුරයා එයට කන්දුන්නේ නැහැ. යළිත් සුරපද්මා අසුරයා තම සහෝදරයන් වන තාරකා සහ සිංහමුඛ යන අසුරයන් සමඟ ගොස් කඳ කුමරු හා සටන් කළා. සිදුවුණේ එම සහෝදරයන් දෙදෙනාත් කඳ කුමරුන් අතින් මිය යාම යි. සිය මව යළිත් හමු වූ සුරපද්මා අසුරයා සටන් රණ ශූරයකු වු තමන්ට මින් අත්වන ලජ්ජාව නිසා තමන් කඳ කුමරු සමඟ තනිව ම සටන් කරන බව කිව්වා. හිතුවක්කාරකමින් සටන් කරන්නේ නම් හිමාල කඳු මුදුනේ ඇති මෘත සංජිව නම් ඖෂධයෙන් පිරුණු කන්ද මෙහි ගෙනවිත් තබන ලෙස මායා මෑණියන් අසුරයාට කිව්වා. 

මෙම කන්ද ලංකාවට රැගෙන ආවොත් තුවාල ලබා මිය යන සේනාවලට යළිත් නින්දෙන් පිබිදුණා මෙන් ජිවය ලැබිය හැකි බව ඇය පැවසුවා. ඒ අවවාදය පිළිගත් අසුරයා ඖෂධ කන්ද අද තින්නෝරු පිහිටි බිමට රැගෙන ආ බව පැවසෙනවා. එය දුටු කඳ කුමරු කන්ද අළු බවට පත් කළා. ඖෂධ පැළෑටි පිරි කන්ද ගිනි ගෙන අළු ගොඩක් බවට පත් වු අතර එම අළු අද තින්නෝරු ලෙස ගොඩ ගන්නා බවයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ.

 Kandha Sashti Vratham Festival ~ Soora Samhaaram ~ கந்த சஷ்டி கவசம்

Soora Samhaaram ~ கந்த சஷ்டி கவசம்
 
කන්ද කුමරුන් හා යුද වැදුණු යුදවන් සුරපත්මාසුරයාගේ සියඵ සේනාවන් මරු මුවට පත්විය යන්තමින් පණ බේරා ගැනීිමට හැකි වුයේ සුරපත්මා අසුරයාට පමණි. තම පණ බේරාගෙන සැගවී පළා ආ සුරපත් අසුරයා මහත් සේ සිත් කම්පාවෙන් සිටියහ. එම අවස්ථාවේ දී තම පිහිටට මෑණියන් පැමිණි අතර ඇය සුරපත්මා අසුරයා අමතා පැවසුවේ පුත තුන් ලොව එක පැහැරයකින් නතු කරගැනීමේ වික්රමයක් ඇති තොපට ඊශ්වර මුර්ති ස්වරූප ස්කන්දයන්ගෙන් කිසි කලක ජයක් නම් නොලැබෙන්නේය. එහෙයින් මෙම සටන නවතා දමන ලෙස මව සුරපත්මා අසුරයාට පැවසිය. මෙම බස් නොඇසිම නිසා සුරපද්මාසුරයාගේ සහෝදරයින් වන තාරකා සහ සිංහමුඛ යන අසුරයින්ද කනදකුමරුන් අතින් මිය ගියහ.

සිය මව වන මායා හමු වු සුරපත්මා අසුරයා සටන් රණ ශූරයකු වු සුරපත අසුරයා අන්තිම මොහොතේ සටන නවතා ජිවිතය රැක ගැනීම නිවට කමක් බව සිතා සිය මෑණියන් වු මායා හමු වී තමන් කද කුමරු සමඟ සටන් කරන බව පැවසිය. සිය පුතාගේ මෙම නොහිබිනා ක්රියා වලිය නිසා සටන කරගෙන යන්නේ නම් හිමාල කදු මුදුනේ ඇති මෘත සංජිව නම් ඖෂධයෙන් පිරුණු කන්ද මෙහි ගෙනවිත් තබන ලෙස මායා මෑණියන් අසුරයාට පවසනු ලැබිය.

මෙම කන්ද ලංකාවට ගෙන පැමිණිම තුලින් මිය යන සේනාවන් යළිත් නින්දෙන් පිබිදුනා මෙන් ජිවය ලබන බවත් ගලන ලේ සහිත තුවාලයන් සුව වන බවත් මායා සුරපත් අසුරයාට පවසනු ලැබිය.

මේ අනුව සුරපමා සුරයා මෙම ඖෂධ කන්ද අද තින්නෝරු පිහිටි බිමට රැගෙන ආ බව සදහන්වේ.

බැතිමතුන්ගේ තුවාල සුව කරයි

දෙවියන් වෙනුවෙන් කරන පුද සිරිත්වල දී සමහර බැතිමතුන් ශාරීරික වද හිංසා හා වේදනා ඇති කරවන කාර්යයන් හි යෙදෙනවා. ශරීරය පුරා කටු ගසා ගෙන එම කටුවලින් හම ඇදී යන සේ එල්ලෙමින් ඔවුන් සිටිනු දැකගත හැකි යි. එහිදී ඇති වන තුවාලවලට ඖෂධ ප්‍රතිකාරයක් කරන්නේ නැහැ. කතරගම මහ දේවාලයේ දී ඔවුනට කරන්නේ තුවාල ඇති ස්ථානවල “තින්නෝරු” ආලේපය පමණ යි.
 
 Annual Ther festival (Chariot Festival) of Mayurapathi Sri Badra Kaali Amman Kovil
 
 
Mayurapathy Sri Bathrakali Amman Kovil Rathotsava Festival 2022වැල්ලවත්ත කෝවිලේ 35වෙනි වේල් පෙරහැර
 
 Ancient Depanama Ganegoda Dewalaya Gini Maduwa (The Fire Walkers) 2023
 
 
ඉන්දියාවේ නම් තින්නෝරු වෙනම නිපදවා ගන්නවා. ඒ, වියළා ගත් ගොම මතට පිදුරු දමා හොඳින් ගිනි අවුළුවා ගැනීමෙන් පසු එකතු වන අළුවලින්. එය තැනීමත් පුජනීය කාර්යයක් ලෙස සිදු කරන්නේ වේද මන්ත්‍ර ගායනා කරමින්. පසුව එම තින්නෝරු පැකට් කර විකිණීමත් සිදු කරනවා.  
 


තින්නෝරු ඉඩම

දේවාල, කෝවිල් වෙත පැමිණෙන බැතිමතුන් සඳහා නළලේ තබන තිලක සඳහා ගන්නා තින්නෝරු පාෂාණය ඇති රුහුණු මහා කතරගම දේවාලයට අයත් අක්කර 55ක ඉඩමේ කෙටස් මේ වනවිට කොළඹ ධනපති ව්‍යාපාරිකයන් නිවාඩු නිකේතන සාදවා අත්පත් කර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. කතරගම නිවාඩු නිකේතනවලට ඇති අධික ඉල්ලුම නිසා තමයි එසේ ඉඩම් අල්ලාගෙන තිබෙන්නේ. මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීම නිසා ඉකුත් 2010 වසරේ මෙම ඉඩම් මැන කතරගම ප්‍රාදේශීය ලේකම්වරයකු ව සිටි බී.එම්. අතපත්තු, අක්කර 55ක ඉඩම එවකට සිටි බස්නායක නිලමේ වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත ලබා දීමත් සිදුවුණා. එසේ නීත්‍යනුකූලට ලබා දුන් ඉඩමත් ඉන්පසු ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන ඇති බව පවැසෙනවා.‍

මේ වනවිට බැතිමතුන්ගේ නළලේ තබන තිලකයට අවශ්‍ය තින්නෝරු නෙළා ගැනීමට ඇත්තේ සුළුබිම් කොටසක් පමණ යි. තින්නෝරු බහුල ව ඇති ස්ථාන වෙත ඇතුළුවීමට ඉඩම් අල්ලා ගත් පිරිස් ඉඩලබා නොදෙන බව ද කතරගම ජනතාව පවසති. රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක පවසන්නේ මෙම ඉඩම් අතීතයේ සිට ජනයා භක්තියෙන් රැක ගත් භූමියක්. දේවාලයට අයත් මෙම ඉඩම් සම්බන්ධ ව කටයුතු දේවාලයේ බස්නායක නිලමේවරයා නිරන්තයෙන් සොයා නොබැලීම නිසා ඒවාට විවිධ පුද්ගලයන් අයිතිය කියමින් පැමිණ අල්ලාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
 
මූලාශ්‍ර : දුටුනොදුටු කතරගම
කේ. ඩී. දේවප්‍රිය

Monday, August 7, 2023

කිරි පෝය සහා ජොරා මැරිල්ල

ඇසළ පොහොය දින බෙන්තර ගඟෙන් එහා ගම් වැසියන්ට තරමක් සුවිශේෂි දිනයක් වූයේ එදින එම ගම් වැසියන් පුරාණයේ සිට සිදු කරගෙන එන "කිරි පෝය" නම් චාරිත්රය යෙදී තිබු නිසාවෙනි. ඇසළ පෝය ශුද්ධ පෝය හා කිරිපෝය ලෙසද. එසේත් නැතහොත් බළපිටිය පැත්තේ දෙල් පෝය ලෙසද හදුන්වන්නේ මේ පෝයයි. මෙම පෝය "දෙල් පෝය" ලෙස හඳුන්වන්නේ ඇසළ පෝය චාරිත්ර ඉටු කිරීමෙන් පසුව මස් මාළු ආහාරයට ගැනීම තහංචියක් බැවින් දෙල් හොදි බත් සමග සකස් කරන නිසා යැයි පැවසේ. මෙරට මුහුදු තීරයේ බොහෝ ජනතාවගේ නිවෙස්වල අද රාත්රියේ ආගමික පින්කමක් ස්වරූපයෙන් පැවැත්වෙන කිරි ආහාර භෝජනයක් සකස් කෙරෙන අතර එය පවුලේ සියළු දෙනාම එක්ව අාහාරයට ගැනේ. මේ සඳහා ඔවුන් ගෙමිදුල් පිරිසිදු කර කිළි කුණු වලින් වැළකී කහා දියර වත්ත පිටියට ඉහා උදෑසන පටන් සුදානම්වේ.
 


කදිරදිව්ය රාජයන්ගේ මංගල්යය සැමරීම උදේසා සිදු කරන කඳිර පුර ඇසළ පුජා මහෝත්සවය අහවර වත්ම මෙවැනි චාරිත්රයක් සිදු වීම නම් විශේෂ කරුණකි.සමහරෙකුට මෙය කතරගම දෙවියන් විෂයෙහි පවත්වන චාරිත්රයක් වුවද තවත් සමහරෙකුට මෙය පත්තිනි දෙවින් විෂයෙහි කරන චාරිත්රයක් බව ඉහත පෙන්වාදුනි. කතරගම දෙවියන්ගේ විවාහයට පත්තිනි දෙවියන්ගේ සහාභාගීවීමත් ඒහා සබැඳි ගරායකුත් පිළිබඳ කතාපුවතක් කුඩා කළ පටන් පහතරට ශාන්තිකර්ම ආශ්රයේ වැඩුණු අපට සිහිවිය.එයද පෙර කී ආකාරයට දෙවියන්ගේ ආගමනයට ප්රදේශය සුද්ධ කර පිළිහඩු ආදියෙන් හටගත් කිළි නැති කිරීමක් හා බැඳී පවති. කතරගම දෙවියන්ගේ විවාහය සහා පත්තිනි දෙවියන් අතර සම්බන්ඳයක් ඇතැයි ශාන්තිකර්ම බෝ විත හී දී දැක ඇති අතර එයද සැකවින් දක්වම්.
 
කතරගම දෙවියන් සහා වල්ලි මාතාවගේ විවාහයට පත්තිනි දෙවියන්ද ආ බව ශාන්තිකර්ම බෝවිත හී කියැවේ. ( ගරා යකුම බෝවිත) අප කවුරුත් දන්නා ආකාරයට වල්ලි මාතාව වැදි පරපුරක උපන්නියකි. මෙම මහා මංගල්යයට වැදි ජනයා විශාල වශයෙන් මස් මාංශ ආදිය ගෙනා බව කියැවේ.අප අසා ඇත්තේ ඔවුන් එම ප්රදේශය හා ගමන් මඟ දඩ මසින් සැරසු බවයි. එහිදි විවාහ මංගල්යයට යෑමට එන පත්තිනි දෙවියන්ට කිළි වන බැවින් එම පිළිහඩු ඉවත් කිරීමට ඇය ගරායක් දේවතාවා කැඳවයි. ඔහු කතරගම පුරා පැවති අමු මස් කා එයින් බඩ නොපිරුණු තැනේදි මහා සාගරයට බැස සාගරයෙන් අඩක් දිය බිවු බවත් එහි සඳහන් වේ. එතැනින් නැවත පත්තිනි දෙවියන් කරා යන ඔහු " අක්කණ්ඩියේ උබේ අහවල් කාරියකට ඇවිත් මං තාම බඩගින්නේ" යැයි පැවසු විට පත්තිනි දෙවියන් තැඹිලි ගෙඩි දසදහසක් මවා දුන් බවත් එරන් තැඹිලිද බී ලොඳ කා මනදොළ නොපිරුණා යැයි කියු විට පත්තිනි දෙවියන් වරම් දෙන්නේ ඇය විෂයෙහි කරන මඩු පුජාවේ කෙළි පුද වරම් ගන්නට බව කියැවේ. (මෙහි දී පැරැණි කියමනක් මතකයට නැඟේ. "උබේ බඩට ගරා යකා බැහැලද" කියන්නේ හත් අවුරුද්දකින් නොකෑ පමනට එක් දිනයක ආහාර ගැනීමෙදිය.)

ඇසල පෝය

දඔදෙනි යුගයේ වත්හිමි හෙවත් තුන්වන විජයබාහු රජ සමයේ රජුගේ මෛෟලි මංඟල්‍යයට මුසල්මානුවකු ලවා රජතුමා විසින් මෙරටට ගෙන්වූ බ්‍රහ්මණයන් අටදෙනෙකුගෙන් පැවත එන සලාගම කුලය ප්‍රධාන වශයෙන් කොටස් හතරකි. පණිවිඩකාර හේවාපන්න කුරුඳුකාර සහ ඌලියක්කාර ඒ සතර වන අතර මහා බද්ද පේසකාර හලාගම. හාලි යනුවෙන්ද සලාගම කුලය හැඳින්වේ. රජු ⁣ගේ ආරාධනයෙන් දකුණු ඉන්දියාවේ සාලි ග්‍රාමයෙන් මෙරටට පැමිණි මෙම බ්‍රහ්මණයන් පසුකාලීනව රාජ උදහසට ලක්ව නිරිත දිග වෙරළට පැමිණීමට සිදුවී ඇති අතර. පෘතුගීසි සමයේදී ඒ බ්‍රහ්මණ පරම්පරාවෙන් පැවත එන්නන් කුරුදු කර්මාන්තයට සම්බන්ධ වූ බවද පැවසේ. 1733 වර්ෂයේ මෙම සලාගම කුලයට සම්බන්ධ කුරුදු වෙළදාමේ නිරත වූවන් ඕලන්ද රජයට එරෙහිව කුරුදු වැඩ වර්ජනය ලංකාවේ ප්‍රථම වැඩ වර්ජනය ලෙස සැලකේ. එම වැඩ වර්ජනය සිදු කරන්නේ මල්වතු අස්ගිරි පාර්ශවයන්හි අන් කුල වල පැවිද්දන් උපසම්පදා නොකිරීම හේතුකරගෙනය. එම වැඩ වර්ජනය හේතුවෙන් ගොවිගම කුලයට සීමාවී පැවැත බෞද්ධ ශාසනික උපසම්පදා කටයුතු අනෙකුත් කුල සඳහාද ලබා ගැනීමේ අවස්ථාවක් බළපිටිය කේන්ද්‍රීය කරගනිමින් ඇරඹුනි. සැබවින්ම මෙරට ⁣බුදු දහම ජනසතු වූයේ මේ වැඩ වර්ජනයේ අවසන් ප්‍රතිඵලයක් ලෙද සදහන් කලද වරදක් නැත.  ඇසල පෝය නිමිති කර ගනිමින් පැවැත්වෙන මෙම කිරි ආහාර උත්සවය මෙරටට පැමිණි බ්‍රහ්මණ පරපුරට අනන්‍ය වූ ආගමික චාරිත්‍රයක් විය හැකිය.

කිරි පෝය 

කතරගම දෙවියන් උදෙසා කරන චාරිත්රයකි. නමුදු තව තැනක සඳහන් වෙන්නේ මෙම චාරිත්රයට මුඛ්ය පත්තිනි දෙවියන් බවයි. කිරි පොහොය ශාන්තිකර්මය රුහුණේ කාචරග්රාම මංගල්යය අහවර වත්ම දෙවියන් උදෙසා කිරි සාදා පුජා කර දින තුනක් පිළිහඩු ආදියෙන් වැළකී සිටීම මෙහි අරමුණයි. දින තුනම පහන් පැළ දැල්විය යුතු බව ඈ වැඩිදුරටත් කීවේය.

දෙල් පෝය

ඇතැමෙක් දින හතක් පේ වී සිටී.පිළි මාළු වලින් වළකින බැවින් මෙම පෝය "දෙල් පෝය" යැයිද කියන බව තවකෙකු පවසයි. මේ ආකාරයෙන් බලන කළ මේ කතා ප්රවෘතියත් කිරි පෝයත් අතර යම් සමාන බවක් දකින්නට පුළුවනි. කිරි පෝය පැරැන්නන් "දෙල් පෝය" ලෙස හදුන්වන්නේම පිළිහඩු වළින් වැළකී දෙල් හොදි සහා බත් සතියක් මුළුල්ලේ ආහාරයට ගන්නා නිසා බව කියැවේ. තැමෙක් කතරගම දෙවියන්ගේ විවාහය වෙනුවෙන් මෙම චාරිත්රය සිදු කරන අතර ඇතැමෙක් පවසන්නේ මෙය පත්තිනි දෙවියන් මූලික චාරිත්රයක් ලෙසිනි. මෙලෙස බලන කල බෙන්තර ගඟෙන් එහා බලපිටිය, සීනිගම ආදී ගම්වලට අදිපති පත්තිනි දෙවියන් (දෙවොල් දෙවියන්ට සීනිගම ගොඩබහින්නට අවසර දෙන්නේ එවක පහතරටට අදිගෘහිත පත්තිනි දේවිය බව අප කවුරුත් දනිමු) වෙනුවෙන් ඔවුන් කතරගම දෙවියන්ගේ විවාහය සමරන ඇසළ පුර පෝදා පිළිහඩු වලින් වළකින කිරි පෝය චාරිත්රය සිදු කරනවා විය නොහැකිද? එදා ගරා යකු සිදු කළ කිළි හරණය එදා පැරැන්නන් පටන්ගෙන රැකගෙන ආවා විය නොහැකිද?

බලපිටියේ ජොරා මැරිල්ල

බලපිටියේ අද ජොරා මරණවායැයි කිව හොත් මේ උතුම් පසලොස්වක පෝය දවසක මරණ කතා මොකටදැයි ඒ ගැන නොදන්නා කාට කාටත් සිතන්ට සිදුවීම සාධාරණය. අද දින රැයේ බළපිටියේ ගොඩබිම දෙස ඉහල අහසේ සිට බලන්නකුට සෑම නිවසකම පහන් පැලක දැල්වෙන පොල් තෙල් පහනේ ආලෝකය අපූරු චමත්කාර දර්ශණයක් වන බවට නිසැකය. ගාල්ල කොළඹ මහ මාර්⁣ගයේ යන්නෙකුට ඉදුරුව පසුකළ පසු අම්බලන්ගොඩ දක්වා මග දෙපස පිහිටි නිවෙස් ඉදිරිපිට සකස් කර ඇති පහන්පැල හා දල්වා ඇති පොල්තෙල් පහන් දැක ගතහැකිය.
 
පරම්පරා ගණනාවක සිට පැවැත්වෙන මෙම ආගමික චාරිත්රය "ජොරා මරනවා"යනුවෙන්ද හැඳින්වේ. ජොරා මරනවා යනුවෙන් අරුත් ගැන්වී ඇත්තේ බඩ පුරා සිත්සේ කිරි ආහාර ගැනීම බැව් මාගේ පෞද්ගලික අදහසයි. බඩ ජොර ජොර ගානවා යන වදන හා මෙය සම්බන්ධ වන්නට ඉඩකඩ පවතී. ඇසල පෝය නිමිති කරගනිමින් පැවැත්වෙන මෙම ආගමික හා සංස්කෘතික චාරිත්රානුකූල උත්සවය සලාගම කුල වාසීන් විසින් ඔවුන් පදිංචි ප්රදේශයන්හි පැවැත්වෙන්නකි. කවදා කෙසේ ඇරඹුන උත්සවයක්ද යන්න පැහැදිලි නැති අතර මෙම උත්සවය මෙතෙක් මෙරට කිසිදු සමාජවිද්යඥයකුගේ හෝ ජනමාධ්යයක අවධානයට ලක් වී නැත්තේය.

කෙසේ වෙතත් මෙම ආගමික චාරිත්‍රය ඉටු කරන ජනතාව මේ සඳහා පෙර සූදානම් වන්නේ සතියකට පෙර කතරගම දෙවියන් උදෙසා පඬුරු පූජෝපහාර පවත්වමිනි. මේ කාල සීමාව තුලදී ගම් වලට පැමිණෙන කපුවන් විසින් ගම්වාසීන් ගේ පඬුරු බාරගැනේ. සියළු රෝග නිවාරණය කොට අතුරු ආන්තාරාවකින් තොරව ඇසල පෝය දින සිය නිවසේ පැවැත්වෙන ආගමික චාරිත්‍රය ඉටු කිරීම සඳහා දේවාශීර්වාද ලබා දෙන ලෙසට අයදිමින් ගම්වාසීන් සිය පඬුරු පුද දෙයි. අනතුරුව නිවෙස් පිරිසිදු කිරීමේ කාර්යයයි. 
 

බොලා අපේ ගෙදර වරෙල්ලා කිරි පෝයට ජොරා මරන්න.....

පෝයට පෙර නිවසේ මකුළු දැල් කඩා කසල ඉවත් කර ගෙබිම සෝදා පිරිසිදු කොට එතැන් සිට මස් මාලු ආහාරයෙන් වැලකේ. ඉන් අනතුරුව කිරි ආහාරය සකස් කිරීම සඳහා නැවුම් හැළි වළං වෙළඳපොලෙන් නිවසට ගෙන ඒ. පස්වරු 4 ට පමණ කිරි හදන්නට පටන් ගනී. හාල්කිරි සැකසීම මුළුතැන් ගෙයි කාන්තාවට බාර වැඩකි. පොහෝ දා උදෑනැක්කේම හාල් පෙගෙන්නට දමා කොටා වේලා අහක්කර තබා අඩුම කුඩුම ඒකාසු කරගෙන කිරියා තාච්චිය ලිප තැබ්බේ ලිපටද වන්දනා කරමිනි. පෝය දින සවස පැණි පිටි හා පොල් කිරි එක්කර උකුවට හදාගත් මිශ්රණය හැඳි ගා සාදා ගන්නා කිරියා ද. කිරිබත් ද පිස ගනී. මේ ආහාර සකස්කිරීමේදී රස බැලීමක් පවා සිදු නොකෙරේ. එය ඉතා භක්තියෙන් යුතුව පිරිසිදුව ඉටුකරන්නකි. ඉන්පසු මිදුලේ මල් පැලක් තනා එම ආහාර එහි තබා මල් පහන් දෙවියන්ට පුද කෙරේ. පසුව ගෙයි මැද සාලයේ පැදුරු එලා බිම වාඩිවන නිවැසියන් සියළුම දෙනාට කෙසෙල් කොල කොටසකට ගෘහයේ ප්රධාන කාන්තාව පිසූ කිරි ආහාර බෙදීම කරයි. එහිදී නිවසේ නොමැති සාමාජිකයන්ට පවා කෙසෙල් කොලයක් වෙන් කෙරේ. යමෙකුට එම කිරි ආහාර බෙදූ ප්රමාණය මදිනම් එය ප්රකාශ කළ හැක්කේ කරුණාවයි යනුවෙන් කීමෙනි. කරුණාවයි කීවිට ඔහුට තවත් කිරි ආහාර බෙදනු ලබයි. එසේ නොමැතිව කෙරෙන ඉල්ලීම් කට වරද්දා ගැනීමකි. කිරි ආහාර ගැනීමෙන් පසුවද වේල් තුනක් යන තුරු පිළිහඩු ආහාර නිවසේ පිසිනු නොලබයි. ප්රදේශයේ සෑම නිවසකම කිරිආහාර පිසූවද පසුදින ඥාතීන් අතර තම තමන්ගේ නිවසේ පිසූ කිරියා බෙදා හදාගැනීම සිදු වේ.

කිරි පැළ නැතිනම් පහන් පැළ සැකසීම ගෙදර පිරිමින්ට භාරවේ. ගෙදර තුළට මූණලා ඉනි කපා සිටුවීමත් ගොක් අත්ත වියා ගොටුවක් සාදා පුංචි සැරසිල්ලක් කර පහන් පැළට මල්, පහන්, හඳුන්කුරු ආදිය පුජාකර කිරියා සහා කිරිබත් පුජා කර එයැයිලා ගමත් රටත් පවුලත් වෙනුවෙන් ප්රාර්ථනාවන් කරයි. සෞභාග්ය පැතීම සිදුකරයි. ඉන් අනතුරුව සිනීගම දෙවොල් දේවාලය කරා යන්නේ දේවාලයේ පුජාවට සහාභාගීවේ. මේ අතර වාරයේ පෝය දා රෑ කොලු ගැටයන් ගම් පුරා ඇවිදින්නේ ගෘහයන්හි පිට ඇති මල්පැල වල තබා ඇති කිරි ආහාර සොරා අරගන්නටය. මේ කාලය තුළ ප්රදේශයේ සිටින කොල්ලෝ කුරුට්ටන් වත්තට පැන මෙම පැළේ ඇති කිරි කෑම විශේෂ කරුණකි. ඔවුන් කිරි හොරුන් ලෙස හඳුන්වයි. ගෘහවාසී තරුණයන් උත්සාහ කරන්නේ එ් සොරකම කෙසේ හෝ වළක්වාගැනීමටය. එහෙත් එසේ කරන්නන් හසු වුවද ගහ මරා ගැනීමක් නැත. සියල්ලන් අතර ඇත්තේ විනෝද ජනක ගණුදෙනුවකි. රාත්‍රියේ පහන් පැලෙහි තබා දෙවියන් උදෙසා පිදූ කිරි ආහාර උදය වන විට අතුරුදන් වීම පිළිබඳව ඇතැම් වයසක උපාසකම්මලාගේ අහිංසක චිත්ත ප්‍රීතිය උතුරා යන්නේ දෙවියන් විසින් ඒ කිරි ආහාර අනුභවයට ගෙන ඇතැයි සිතා කෙරෙන සාදුකාර දීමෙනි.

 

 

Saturday, August 5, 2023

The 21st Annual Ther festival (Chariot Festival) of Mayurapathi Sri Badra Kaali Amman Kovil

Mayurapathy Sri Bathrakali Amman Kovil Sri Lanka's - Aadippoora Mahotsavam and Chariot Festival மயூரபதி ஸ்ரீ பத்திரகாளி அம்மன் கோவில் මයුරපති කෝවිල வெள்ளவத்தை ஶ்ரீ மயூரபதி பத்ரகாளி அம்மன் ஆலயம் கந்தசஷ்டி விரத பூஜை - 2023

Annual Ther festival (Chariot Festival)
 
2022 #Chariot_Festival is blessed to be held tomorrow 06.08.2022. #Rathorsavam will start following the poojas of #Mayurapati Sri Patrakali Amman temple that morning. This time Ambigai's car movement started from Mayurapati Sri Patrakali Amman Temple and Paman shop through Evlok street, W. Mayurapati Sri Patrakali Amman Temple via A Silva Mavathai, Kali Street (Vellavathai), Digmans Street, Evlok Street. Evening green juice festival will take place. Ambal devotees keep banana tree mango decorations and get the blessings of Ambigai on the roads of chariot procession. 
 
The 21st year Aadippoora Mahotsavam of Mayurapathy Bhatharakali Amman Devasthanam, Wellawatte, Colombo 6 which commenced on July 10 (Saturday) will conclude with water-cutting ceremony on August 10 (Sunday) at the sea (Charlemont Road Beach) Wellawatte. Further, the Aadippoora Paal Kudam (milk pot) festival will take place in Monday August 4, 2008 starting from Bambalapitiya Samman Koddar Sri Manicca Pillaiyar temple at 7.30 a.m.
 
In this colourful “Paal Kudam” festival more than 3,000 women both young and old will go in procession to the accompaniment of Nathaswasa Music and devotional song through Lorenz Road, Amerasekera Mawatha, Havelock Road and finally will reach the temple at Mayura Place.
 
The wonderful moment of Annual Ther Entering the 
Mayurapathi Sri Badra Kaali Amman Kovil Premises
 
In one of his poems T.S. Eliot has described the predicament of man who with all the progress and success has made in science and technology finds that endless inventions and experiments bring us knowledge of words, but not of stillness.
 
Lord Shiva without Sakthi is all stillness since it is Sakthi which stirs Him to motions and speech. Shiva is the word, it is Sakthi which moves him to words. The union between them is represented by the image of Shiva as “Artha Nariswara”, half man and half woman. Further, Sakthi herself takes different forms. Sometimes, she is stern and formidable.
 
Furthermore, of the many Gods in the Hindu Pantheon, none is revered more than Mother Goddess. She is Parvathy, Durgai and Kali. Indeed, the compassion a mother shows not only to her children, but also to the community has no parallel. In the religions farlance the “Divine Mother” is termed as the extra-ordinary intermediary who pleads with God to show mercy to a real penitent when he may not be inclined to do so in view of the enormity of sins.
 
In fact, the Hindu temples are intended to instruct men in the art of removing the veil of attachment that covers their hearts. Thus the renowned poet “Thiyagarajah” cried in the temple at Thirupathi “Remove the veil, O! remove the veil of attachment, the veil of pride and hatred.” Further, the temples are the centres of discipline where the aspirant is guided step by step to attain a vision of the truth. They are the schools for the training of the spirit, academics for the promotion of Sastraic studies. They are meant for the testing of the values of life and to awaken the divinity and humanity inducing man to believe that the physical frame in which he lives is itself the house of God.
 
Annual Adippura Festival Ceremony of Wellawatte Mayurapathi Kovil
වැල්ලවත්ත ආඩිවේල් මංගල්‍යය 2022
 
Even, Pon Vallipuram has built “Chithira Ther” with the financial contributions of several philanthropists, numerous devotees and well-wishers. Today, this temple has a wedding hall, hall for conducting cultural programmes and an Araneri Hindu School for sake of the children who are in the vicinity.  
 
Pan Vallipuram has organised several cultural programmes for the sake of the devotees this year. Selvi Thesa Mangayarkarasi, a discipline of Thirumuruga Kirupanantha Variyam of Madusai, Tamil Nadu has been specially invited by P.M. Vallipuram to deliver religious discourses from July 19 to 28. She will deliver discourses as subjects pertaining to Vinaitheerkum Vinayagar,” Thirupukal Inbam,” “Rama Avathasam,” Paarvathy Thirukalyanam”, Sita Thirukalyanam,”, Vallalas Tharum Valvu”, Thiropathy Thirukalyanam,” Theivasena Thirukalyanam,” Penkalin Perumas” and “Adiyarku Adiyar”. When people became advanced and enlightened, sacrifice took other forms, and certain varieties of fruits, vegetables, coconuts and rice balls were substituted for animals. In the refined stage in which temple worship has been brought into prominence, sacrifices are made in the shape of rice balls, and an edifice called Balipitam is invariably constructed as part of every temple for this purpose. 
 
#Adipura #Vel_Perahara Ceremony of #Mayurapathy #Bathrakali_Amman_Kovil #Tamil #Vel #festival #Mayurapathi #kovil #Sri Lanka

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...