ඇසළ පොහොය දින බෙන්තර ගඟෙන් එහා ගම් වැසියන්ට තරමක් සුවිශේෂි දිනයක් වූයේ එදින එම ගම් වැසියන් පුරාණයේ සිට සිදු කරගෙන එන "කිරි පෝය" නම් චාරිත්රය යෙදී තිබු නිසාවෙනි. ඇසළ පෝය ශුද්ධ පෝය හා කිරිපෝය ලෙසද. එසේත් නැතහොත් බළපිටිය පැත්තේ
දෙල් පෝය ලෙසද හදුන්වන්නේ මේ පෝයයි. මෙම පෝය "දෙල් පෝය" ලෙස හඳුන්වන්නේ
ඇසළ පෝය චාරිත්ර
ඉටු කිරීමෙන් පසුව මස් මාළු ආහාරයට ගැනීම තහංචියක් බැවින් දෙල් හොදි බත්
සමග සකස් කරන නිසා යැයි පැවසේ. මෙරට මුහුදු තීරයේ බොහෝ ජනතාවගේ නිවෙස්වල අද
රාත්රියේ ආගමික පින්කමක් ස්වරූපයෙන් පැවැත්වෙන කිරි ආහාර භෝජනයක් සකස් කෙරෙන අතර එය පවුලේ සියළු දෙනාම එක්ව අාහාරයට ගැනේ. මේ සඳහා ඔවුන් ගෙමිදුල් පිරිසිදු කර කිළි කුණු වලින් වැළකී කහා දියර වත්ත පිටියට ඉහා උදෑසන පටන් සුදානම්වේ.
කදිරදිව්ය රාජයන්ගේ මංගල්යය සැමරීම උදේසා සිදු කරන කඳිර පුර ඇසළ පුජා මහෝත්සවය අහවර වත්ම මෙවැනි චාරිත්රයක් සිදු වීම නම් විශේෂ කරුණකි.සමහරෙකුට මෙය කතරගම දෙවියන් විෂයෙහි පවත්වන චාරිත්රයක් වුවද තවත් සමහරෙකුට මෙය පත්තිනි දෙවින් විෂයෙහි කරන චාරිත්රයක්
බව ඉහත පෙන්වාදුනි. කතරගම දෙවියන්ගේ විවාහයට පත්තිනි දෙවියන්ගේ
සහාභාගීවීමත් ඒහා සබැඳි ගරායකුත් පිළිබඳ කතාපුවතක් කුඩා කළ පටන් පහතරට
ශාන්තිකර්ම ආශ්රයේ වැඩුණු අපට සිහිවිය.එයද පෙර කී ආකාරයට දෙවියන්ගේ ආගමනයට ප්රදේශය
සුද්ධ කර පිළිහඩු ආදියෙන් හටගත් කිළි නැති කිරීමක් හා බැඳී පවති. කතරගම
දෙවියන්ගේ විවාහය සහා පත්තිනි දෙවියන් අතර සම්බන්ඳයක් ඇතැයි ශාන්තිකර්ම බෝ
විත හී දී දැක ඇති අතර එයද සැකවින් දක්වම්.
කතරගම
දෙවියන් සහා වල්ලි මාතාවගේ විවාහයට පත්තිනි දෙවියන්ද ආ බව ශාන්තිකර්ම
බෝවිත හී කියැවේ. ( ගරා යකුම බෝවිත) අප කවුරුත් දන්නා ආකාරයට වල්ලි මාතාව
වැදි පරපුරක උපන්නියකි. මෙම මහා මංගල්යයට වැදි ජනයා විශාල වශයෙන් මස් මාංශ ආදිය ගෙනා බව කියැවේ.අප අසා ඇත්තේ ඔවුන් එම ප්රදේශය හා ගමන් මඟ දඩ මසින් සැරසු බවයි. එහිදි විවාහ මංගල්යයට
යෑමට එන පත්තිනි දෙවියන්ට කිළි වන බැවින් එම පිළිහඩු ඉවත් කිරීමට ඇය
ගරායක් දේවතාවා කැඳවයි. ඔහු කතරගම පුරා පැවති අමු මස් කා එයින් බඩ නොපිරුණු
තැනේදි මහා සාගරයට බැස සාගරයෙන් අඩක් දිය බිවු බවත් එහි සඳහන් වේ. එතැනින්
නැවත පත්තිනි දෙවියන් කරා යන ඔහු " අක්කණ්ඩියේ උබේ අහවල් කාරියකට ඇවිත් මං
තාම බඩගින්නේ" යැයි පැවසු විට පත්තිනි දෙවියන් තැඹිලි ගෙඩි දසදහසක් මවා
දුන් බවත් එරන් තැඹිලිද බී ලොඳ කා මනදොළ නොපිරුණා යැයි කියු විට පත්තිනි
දෙවියන් වරම් දෙන්නේ ඇය විෂයෙහි කරන මඩු පුජාවේ කෙළි පුද වරම් ගන්නට බව
කියැවේ. (මෙහි දී පැරැණි කියමනක් මතකයට නැඟේ. "උබේ බඩට ගරා යකා බැහැලද"
කියන්නේ හත් අවුරුද්දකින් නොකෑ පමනට එක් දිනයක ආහාර ගැනීමෙදිය.)
ඇසල පෝය
දඔදෙනි යුගයේ වත්හිමි හෙවත් තුන්වන විජයබාහු රජ සමයේ රජුගේ මෛෟලි මංඟල්‍යයට
මුසල්මානුවකු ලවා රජතුමා විසින් මෙරටට ගෙන්වූ බ්‍රහ්මණයන් අටදෙනෙකුගෙන්
පැවත එන සලාගම කුලය ප්‍රධාන වශයෙන් කොටස් හතරකි. පණිවිඩකාර හේවාපන්න
කුරුඳුකාර සහ ඌලියක්කාර ඒ සතර වන අතර මහා බද්ද පේසකාර හලාගම. හාලි යනුවෙන්ද
සලාගම කුලය හැඳින්වේ. රජු ගේ ආරාධනයෙන් දකුණු ඉන්දියාවේ සාලි ග්‍රාමයෙන්
මෙරටට පැමිණි මෙම බ්‍රහ්මණයන් පසුකාලීනව රාජ උදහසට ලක්ව නිරිත දිග වෙරළට
පැමිණීමට සිදුවී ඇති අතර. පෘතුගීසි සමයේදී ඒ බ්‍රහ්මණ පරම්පරාවෙන් පැවත
එන්නන් කුරුදු කර්මාන්තයට සම්බන්ධ වූ බවද පැවසේ. 1733 වර්ෂයේ මෙම සලාගම
කුලයට සම්බන්ධ කුරුදු වෙළදාමේ නිරත වූවන් ඕලන්ද රජයට එරෙහිව කුරුදු වැඩ
වර්ජනය ලංකාවේ ප්‍රථම වැඩ වර්ජනය ලෙස සැලකේ. එම වැඩ වර්ජනය සිදු කරන්නේ
මල්වතු අස්ගිරි පාර්ශවයන්හි අන් කුල වල පැවිද්දන් උපසම්පදා නොකිරීම
හේතුකරගෙනය. එම වැඩ වර්ජනය හේතුවෙන් ගොවිගම කුලයට සීමාවී පැවැත බෞද්ධ
ශාසනික උපසම්පදා කටයුතු අනෙකුත් කුල සඳහාද ලබා ගැනීමේ අවස්ථාවක් බළපිටිය
කේන්ද්‍රීය කරගනිමින් ඇරඹුනි. සැබවින්ම මෙරට බුදු දහම ජනසතු වූයේ මේ වැඩ
වර්ජනයේ අවසන් ප්‍රතිඵලයක් ලෙද සදහන් කලද වරදක් නැත. ඇසල පෝය නිමිති කර
ගනිමින් පැවැත්වෙන මෙම කිරි ආහාර උත්සවය මෙරටට පැමිණි බ්‍රහ්මණ පරපුරට
අනන්‍ය වූ ආගමික චාරිත්‍රයක් විය හැකිය.
කිරි පෝය
කතරගම දෙවියන් උදෙසා කරන චාරිත්රයකි. නමුදු තව තැනක සඳහන් වෙන්නේ මෙම චාරිත්රයට මුඛ්ය පත්තිනි දෙවියන් බවයි. කිරි පොහොය ශාන්තිකර්මය රුහුණේ කාචරග්රාම මංගල්යය
අහවර වත්ම දෙවියන් උදෙසා කිරි සාදා පුජා කර දින තුනක් පිළිහඩු ආදියෙන්
වැළකී සිටීම මෙහි අරමුණයි. දින තුනම පහන් පැළ දැල්විය යුතු බව ඈ වැඩිදුරටත්
කීවේය.
දෙල් පෝය
ඇතැමෙක් දින හතක් පේ වී සිටී.පිළි මාළු වලින් වළකින බැවින් මෙම පෝය
"දෙල් පෝය" යැයිද කියන බව තවකෙකු පවසයි. මේ ආකාරයෙන් බලන කළ මේ කතා ප්රවෘතියත්
කිරි පෝයත් අතර යම් සමාන බවක් දකින්නට පුළුවනි. කිරි පෝය පැරැන්නන් "දෙල්
පෝය" ලෙස හදුන්වන්නේම පිළිහඩු වළින් වැළකී දෙල් හොදි සහා බත් සතියක්
මුළුල්ලේ ආහාරයට ගන්නා නිසා බව කියැවේ. තැමෙක් කතරගම දෙවියන්ගේ විවාහය
වෙනුවෙන් මෙම චාරිත්රය සිදු කරන අතර ඇතැමෙක් පවසන්නේ මෙය පත්තිනි දෙවියන් මූලික චාරිත්රයක් ලෙසිනි.
මෙලෙස බලන කල බෙන්තර ගඟෙන් එහා බලපිටිය, සීනිගම ආදී ගම්වලට අදිපති පත්තිනි
දෙවියන් (දෙවොල් දෙවියන්ට සීනිගම ගොඩබහින්නට අවසර දෙන්නේ එවක පහතරටට
අදිගෘහිත පත්තිනි දේවිය බව අප කවුරුත් දනිමු) වෙනුවෙන් ඔවුන් කතරගම
දෙවියන්ගේ විවාහය සමරන ඇසළ පුර පෝදා පිළිහඩු වලින් වළකින කිරි පෝය චාරිත්රය සිදු කරනවා විය නොහැකිද? එදා ගරා යකු සිදු කළ කිළි හරණය එදා පැරැන්නන් පටන්ගෙන රැකගෙන ආවා විය නොහැකිද?
බලපිටියේ ජොරා මැරිල්ල
බලපිටියේ අද ජොරා මරණවායැයි කිව හොත් මේ උතුම් පසලොස්වක පෝය දවසක මරණ කතා මොකටදැයි ඒ ගැන නොදන්නා කාට කාටත් සිතන්ට සිදුවීම සාධාරණය. අද දින රැයේ බළපිටියේ ගොඩබිම දෙස ඉහල අහසේ සිට බලන්නකුට සෑම නිවසකම පහන් පැලක දැල්වෙන පොල් තෙල් පහනේ ආලෝකය අපූරු චමත්කාර දර්ශණයක් වන බවට නිසැකය. ගාල්ල කොළඹ මහ මාර්ගයේ යන්නෙකුට ඉදුරුව පසුකළ පසු අම්බලන්ගොඩ දක්වා මග දෙපස පිහිටි නිවෙස් ඉදිරිපිට සකස් කර ඇති පහන්පැල හා දල්වා ඇති පොල්තෙල් පහන් දැක ගතහැකිය.
පරම්පරා ගණනාවක සිට පැවැත්වෙන මෙම ආගමික චාරිත්රය "ජොරා මරනවා"යනුවෙන්ද හැඳින්වේ. ජොරා මරනවා යනුවෙන් අරුත් ගැන්වී ඇත්තේ බඩ පුරා සිත්සේ කිරි ආහාර ගැනීම බැව් මාගේ පෞද්ගලික අදහසයි. බඩ ජොර ජොර ගානවා යන වදන හා මෙය සම්බන්ධ වන්නට ඉඩකඩ පවතී. ඇසල පෝය නිමිති කරගනිමින් පැවැත්වෙන මෙම ආගමික හා සංස්කෘතික චාරිත්රානුකූල උත්සවය සලාගම කුල වාසීන් විසින් ඔවුන් පදිංචි ප්රදේශයන්හි පැවැත්වෙන්නකි. කවදා කෙසේ ඇරඹුන උත්සවයක්ද යන්න පැහැදිලි නැති අතර මෙම උත්සවය මෙතෙක් මෙරට කිසිදු සමාජවිද්යඥයකුගේ හෝ ජනමාධ්යයක අවධානයට ලක් වී නැත්තේය.
කෙසේ වෙතත් මෙම ආගමික චාරිත්‍රය ඉටු කරන ජනතාව මේ සඳහා පෙර සූදානම් වන්නේ සතියකට පෙර කතරගම දෙවියන් උදෙසා පඬුරු පූජෝපහාර පවත්වමිනි. මේ කාල සීමාව තුලදී ගම් වලට පැමිණෙන කපුවන් විසින් ගම්වාසීන් ගේ පඬුරු බාරගැනේ. සියළු රෝග නිවාරණය කොට අතුරු ආන්තාරාවකින් තොරව ඇසල පෝය දින සිය නිවසේ පැවැත්වෙන ආගමික චාරිත්‍රය ඉටු කිරීම සඳහා දේවාශීර්වාද ලබා දෙන ලෙසට අයදිමින් ගම්වාසීන් සිය පඬුරු පුද දෙයි. අනතුරුව නිවෙස් පිරිසිදු කිරීමේ කාර්යයයි.
බොලා අපේ ගෙදර වරෙල්ලා කිරි පෝයට ජොරා මරන්න.....
පෝයට පෙර නිවසේ මකුළු දැල් කඩා කසල ඉවත් කර ගෙබිම සෝදා පිරිසිදු කොට එතැන් සිට මස් මාලු ආහාරයෙන් වැලකේ. ඉන් අනතුරුව කිරි ආහාරය සකස් කිරීම සඳහා නැවුම් හැළි වළං වෙළඳපොලෙන් නිවසට ගෙන ඒ. පස්වරු 4 ට පමණ කිරි හදන්නට පටන් ගනී. හාල්කිරි
සැකසීම මුළුතැන් ගෙයි කාන්තාවට බාර වැඩකි. පොහෝ දා උදෑනැක්කේම හාල්
පෙගෙන්නට දමා කොටා වේලා අහක්කර තබා අඩුම කුඩුම ඒකාසු කරගෙන කිරියා තාච්චිය
ලිප තැබ්බේ ලිපටද වන්දනා කරමිනි. පෝය දින සවස පැණි පිටි හා පොල් කිරි එක්කර උකුවට හදාගත් මිශ්රණය හැඳි ගා සාදා ගන්නා කිරියා ද. කිරිබත් ද පිස ගනී. මේ ආහාර සකස්කිරීමේදී රස බැලීමක් පවා සිදු නොකෙරේ. එය ඉතා භක්තියෙන් යුතුව පිරිසිදුව ඉටුකරන්නකි. ඉන්පසු මිදුලේ මල් පැලක් තනා එම ආහාර එහි තබා මල් පහන් දෙවියන්ට පුද කෙරේ. පසුව ගෙයි මැද සාලයේ පැදුරු එලා බිම වාඩිවන නිවැසියන් සියළුම දෙනාට කෙසෙල් කොල කොටසකට ගෘහයේ ප්රධාන කාන්තාව පිසූ කිරි ආහාර බෙදීම කරයි. එහිදී නිවසේ නොමැති සාමාජිකයන්ට පවා කෙසෙල් කොලයක් වෙන් කෙරේ. යමෙකුට එම කිරි ආහාර බෙදූ ප්රමාණය මදිනම් එය ප්රකාශ කළ හැක්කේ කරුණාවයි යනුවෙන් කීමෙනි. කරුණාවයි කීවිට ඔහුට තවත් කිරි ආහාර බෙදනු ලබයි. එසේ නොමැතිව කෙරෙන ඉල්ලීම් කට වරද්දා ගැනීමකි. කිරි ආහාර ගැනීමෙන් පසුවද වේල් තුනක් යන තුරු පිළිහඩු ආහාර නිවසේ පිසිනු නොලබයි. ප්රදේශයේ සෑම නිවසකම කිරිආහාර පිසූවද පසුදින ඥාතීන් අතර තම තමන්ගේ නිවසේ පිසූ කිරියා බෙදා හදාගැනීම සිදු වේ.
කිරි පැළ නැතිනම් පහන් පැළ සැකසීම ගෙදර පිරිමින්ට
භාරවේ. ගෙදර තුළට මූණලා ඉනි කපා සිටුවීමත් ගොක් අත්ත වියා ගොටුවක් සාදා පුංචි සැරසිල්ලක් කර පහන් පැළට මල්, පහන්, හඳුන්කුරු ආදිය පුජාකර කිරියා සහා කිරිබත් පුජා කර එයැයිලා ගමත් රටත් පවුලත් වෙනුවෙන් ප්රාර්ථනාවන් කරයි. සෞභාග්ය පැතීම සිදුකරයි. ඉන් අනතුරුව සිනීගම දෙවොල් දේවාලය කරා යන්නේ දේවාලයේ පුජාවට සහාභාගීවේ. මේ අතර වාරයේ පෝය දා රෑ කොලු ගැටයන් ගම් පුරා ඇවිදින්නේ ගෘහයන්හි පිට ඇති මල්පැල වල තබා ඇති කිරි ආහාර සොරා අරගන්නටය. මේ කාලය තුළ ප්රදේශයේ සිටින කොල්ලෝ කුරුට්ටන් වත්තට පැන මෙම පැළේ ඇති කිරි කෑම විශේෂ කරුණකි. ඔවුන් කිරි හොරුන් ලෙස හඳුන්වයි. ගෘහවාසී තරුණයන් උත්සාහ කරන්නේ එ් සොරකම කෙසේ හෝ වළක්වාගැනීමටය. එහෙත් එසේ කරන්නන් හසු වුවද ගහ මරා ගැනීමක් නැත. සියල්ලන් අතර ඇත්තේ විනෝද ජනක ගණුදෙනුවකි. රාත්‍රියේ පහන් පැලෙහි තබා දෙවියන් උදෙසා පිදූ කිරි ආහාර උදය වන විට අතුරුදන් වීම පිළිබඳව ඇතැම් වයසක උපාසකම්මලාගේ අහිංසක චිත්ත ප්‍රීතිය උතුරා යන්නේ දෙවියන් විසින් ඒ කිරි ආහාර අනුභවයට ගෙන ඇතැයි සිතා කෙරෙන සාදුකාර දීමෙනි.



No comments:
Post a Comment