Tuesday, December 12, 2023

උඩරට නර්තන කලාවේ ප්‍රවර්ධනයට හේතු වූ නැටුම් ශිල්පිනියෝ ෴

අද වනවිට අපේ ප්‍රධාන සෑම උත්සව අවස්ථාවකදීම කාන්තාවන් සහභාගි වන නැටුම් නිර්මාණ අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. නමුත් ලංකාවට නිදහස ලබන අවධිය වන විට තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්.. ඒ වගේම නර්තන භූමිය තුළ ආධිපත්‍යය දැරුවේ පිරිමින් පමණයි. නමුත් ජාතික ප්‍රබෝධයත් සමඟ බොහෝ පිරිස් අපේ සංස්කෘතික අංග පිළිබඳව හැදෑරීමට උත්සුක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස නැටුම තවදුරටත් එක්තරා සමාජ පන්තියකට සීමා වීම වැළකුණු අතර කරළිය තුළ එතෙක් පිරිමියා ලබා සිටි තැන කාන්තාවන් අතින් අභියෝගයට ලක් වුණා.
 
නූර්ති, නාඩගම් ඇතුළු ජන රංගයේ සිට නූතන ‍වේදිකා නාට්‍ය දක්වා අපට හමුවන පුරාවෘත්ත බඳු ස්ත්‍රී චරිත රැසකි. ගැමි රඟ මඬලේ හමුවන සොකරි, ලෙන්චිනා වැනි ස්ත්‍රී චරිතවල සිට මන්ද්‍රි දේවී, සුප්පා දේවී, මනමෙ කුමරිය, ස්වර්ණතිලකා, සඳ කිඳුරී, කුණ්ඩලකේශී, කුවේණී, ගෲෂා, සරා, ගජමන් නෝනා, යසෝධරා වැනි භූමිකා ඒ අතර වේ.

එසේම සාම්ප්‍රදායික දේශීය නර්තනය, මුද්‍රා නාට්‍ය, භරත, කථක්, කතකලි ආදී නර්තන සම්ප්‍රදායන්හි නර්තනාංගිකාවන්ගේ නාමාවලිය තුළ මිරැන්ඩා හේමලතා, රැජිනි සෙල්වනායගම්, ශ්‍රීමතී රසාදරී, පද්මිණි දහනායක ආදී කලාකාරියන්ගේ නම් මතකයට නැඟේ.

බටහිර මුද්‍රා, නාට්‍ය සම්ප්‍රදාය ප්‍රගුණ කොට එකී ශෛලීන් දේශීය වේදිකා නාට්‍ය හා මුසුකළ සුවිනීතා පෙරේරා (සුබසිංහ) නර්තනාංගිකාවගේ දායකත්වය ද මෙහිදී සිහිකළ යුතුය.

චන්ද්‍ර ලේඛා පෙරේරා

බීරන් හිල්ඩා ඔගස්ටා කරුණාතිලක නම් සුරූපී තරුණිය කලාගුරු ජේ. ඩී. ඒ පෙරේරා සමග සමඟ විවාහයෙන් පස්සේ චන්ද්‍රලේඛා පෙරේරා බවට පත් වෙනවා. ලංකාවෙ නැටුම් කලාව හැදෑරීමට තම සැමියාගෙන් ලද දිරිමත් කිරීම අනුව ඇය රංගම ගුණමාලා හා අල්ගම කිරිගණිතයා යන නර්තන ආචාර්යවරුන්ගෙන් දේශීය නැටුම් සම්ප්‍රදායන් පිළිබඳව ඉගෙන ගන්නවා. ඉන්පසුව ඇය ට්‍රැවන්කෝරයට ගොස් භාරතීය නැටුම් පිළිබඳව හදාරනවා. නැවතත් ලංකාවට එන ඇය පත්තිනි, නාරිලතා වන්නම, විජය රාජපුවත වගේ නිර්මාණ සිදු කරනවා. නමුත් ලංකාවෙ නර්තන ක්ෂේත්‍රයේ අවාසනාවකට වගේ ඇය වයස අවුරුදු 31දී මෙලොවින් සමුගන්නවා.
 
චන්ද්රලේකා පෙරේරා මහත්මිය

කලා ලොව ‘චන්ද්‍රලේඛා’ නමින් හැඳින්වුණු කාන්තාවක් 1911 වසරේ අගෝස්තු මස 07 දින බි්‍රන් හිල්ඩා ඔගස්ටා කරුණාතිලක නමින් වැල්ලවත්තේදී උපත ලැබුවාය. ඇගේ දෙමාපියන් වූයේ වෛද්‍ය ඩී.ඊ. කරුණාතිලක හා එම මහත්මියයි. මේ යුවළගේ එකම දරුවා වූයේ බි්‍රන් හිල්ඩා ඔගස්ටාය. කොළඹ මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ ඉගෙනීම ලැබූ ඇය පාසල් සමයේ දස්කම් පෑවේ බටහිර පියානෝ වාදනයටය.
1927 වසරේදී ටෙක්නිකල් කොලීජියට (කාර්මික විද්‍යාලය) ඇතුළත් වූ ඇය චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළාය. ඇගේ චිත්‍ර ගුරුවරයා වූයේ ප්‍රවීණ චිත්‍රශිල්පී ජේ.ඩී.ඒ. පෙරේරා මහතාය. ගුරුවරයා හා ශිෂ්‍යාව අතර ඇති වූ ප්‍රේමය කෙළවර වූයේ 1931 වසරේ දෙසැම්බර් 20 වැනිදා වූ විවාහයෙනි. එවකට ඇය 20 හැවිරිදි වූවාය. මේ විවාහය නිසා ඇය ‘චන්ද්‍රලේඛා පෙරේරා’ නමින් කලා දිවියට පිවිසීමට පෙර මග ලකුණු තැබුවාය. පසුව පෙරේරා නම ගිලිහී ‘චන්ද්‍රලේඛා’ නමින් ප්‍රකට වූවාය. 
විවාහයෙන් පසු ඇය නැටුම් කලාවට නිරතුරු කැප වූවාය. සංගීතය, චිත්‍ර කලාව ප්‍රගුණ කිරීමෙන් ලත් ප්‍රාමාණික දැනුම ඇයට නර්තන කලාව ඉගෙනීමේදී ඉවහල් වන්නට ඇති. ආරම්භයේ ඇය නැටුම් ඉගෙන ගනු ලැබුවේ රංගම ගුණමාලා, ගුරුන්නාන්සේ හා අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේලාගේ පාද මූලයේය. පසුව භාරත නැටුම් ඉගෙනීමට භාරයේ ට්‍රැවන්කෝර් කලා නිකේතනයේ ‘ශ්‍රී ගෝපිනාත්’ යටතේ කථකලි නර්තනය ප්‍රගුණ කළ බව ‘චන්ද්‍රලේඛා’ ගැන සටහනක් නමින් ‘සිංහල විශ්ව කෝෂයේ’ දස වැනි කාණ්ඩයට සටහනක් ලියූ සරත්චන්ද්‍ර ජයකොඩි සූරීන් සඳහන් කර තිබුණි. එහි සඳහන් වන අන්දමට එවකට භාරතයේ උසස්ම කලා සඟරාව ඇගේ ඡායාරූපයක් හා නැටුම් විලාසය ඇතුළත් විශේෂ කලාපයක් නිකුත් කරමින් උපහාර දැක්වූයේ ලංකාවට නොනැසෙන කීර්තියක් අත්කර දෙමිනි. ‘චන්ද්‍රලේඛා යනු ලංකාවේ නොනැසෙන අලංකාරය’ යයි භාරතීය නර්තන විශාරද ශ්‍රී ගෝපිනාත් එම ලිපියෙන් අවධාරණය කර තිබුණේය.
මහාචාර්ය කාරියවසම් සඳහන් කරන පරිදි චන්ද්‍රලේඛා භාරතයේ සිට පැමිණීමෙන් කළ ප්‍රථම ප්‍රසංගය වූයේ ‘තම්බපණ්ණි’ මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කිරීමය. 1937 වසරේ සිය ප්‍රථම පෙරදිග නර්තනය ඉදිරිපත් කළේ භාරතයේ සිට ලංකාවට පැමිණ උඩරට නර්තනය හදාරමින් සිටි නටරාජ් වශිී සමග කොළඹ රීගල් නෘත්‍ය ශාලාවේදීය. මේ දෙදෙනා 1938 වසරේ කොළඹ එම්පයර් නෘත්‍ය ශාලාවේදී ද රඟ දැක්වූහ. ලංකාවේ නර්තනය දියුණු කළේ චන්ද්‍රලේඛා, චිත්‍රසේන, ශාන්ති කුමාර්, සූරිය ශාන්ත (සූරිය ශංකර් මොල්ලිගොඩ) හා වසන්ත කුමාර බව පැවසේ. ‘ඔරියන්ටල් නැටුම් නම් ඉන්දීය නැටුම් ශෛලීවල ආභාසය ලබා නව නර්තන අනුව සකස් කර ගත් නැටුම්ය. දේශීය නැටුමක් වුවත් දේශීය හුරුවෙන් ඉවත්කොට ‘ඔරියටල්’ කළ හැකි බව ‘ ශ්‍රී ලාංකික නර්තනයේ විකාශනය’ (1908-1978) කෘතියේ සඳහන් වෙයි. සමස්ත භාරතීය නර්තන උළෙලේදී ‘චන්ද්‍රලේඛා නෘත්‍ය නාටකය’ නටන්නට තාගෝර්ගේ මිනිබිරිය වන නන්දිකා ත්‍රිපලවති සමග චිත්‍රසේනට රඟපෑමට හැකි වූයේ ඒ නිසා යයි ඒ කෘතියෙන් කියවේ.
පත්තිනි, නාරිලතා වන්නම, ශාරි නැටුම හා විජය රාජපුවත චන්ද්‍රලේඛාගේ නිර්මාණාත්මක නැටුම් අතර මුල් තැනක් ගන්නා බව පැවසේ. ඇගේ සෑම නිර්මාණයකම සෙවණැල්ල මෙන් සිටියේ ඇගේ සැමියා වූ කලා ගුරු ජේ.ඩී.ඒ. පෙරේරාය. මේ හැම ප්‍රසංගයකම පසුතල නිර්මාණ හා රංග ප්‍රයෝග ඔහුගේය. චන්ද්‍රලේඛාගේ නර්තන කණ්ඩායම එකතු වූ පිරිස කලා ලෝකයට අලුත් නම්වලින් පෙනී සිටියහ. රංජනා (තංගරාජා) මංගලිකා හේමා, කදම්බරි, සෝමා සාගරිකා, ප්‍රියංවදා, වසන්ත කුමාර, කුමාර ගුප්ත, නිමල් මේ අතර කැපී පෙනුණාහ.
චන්ද්‍රලේඛා කලක් දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයේ බටහිර සංගීත උපදේශිකාව, නැටුම් ගුරුවරිය ලෙස කටයුතු කළාය. පසු කලක ලංකාවේ අසහාය නිළිය හා ගායිකාව වූ ඬේසි ඩැනියල්ස් (රුක්මණී දේවිය) චන්ද්‍රලේඛාවන්ගේ සිසුවියකි.
කලා ලොවේ මෙතරම් දස්කම් පෑ චන්ද්‍රලේඛා අවසාන නර්තන සංදර්ශනය පවත්වා ඇත්තේ 1941 වසරේ මාර්තු 27 වැනිදා ආණ්ඩුකාර සර් ඇන්ඩෲ කෝල්ඩිකොට් හා ආර්යාවගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් නෘත්‍ය ශාලාවේදීය. යුද්ධාධාර සැපයීමට පවත්වන ලද ප්‍රසංගය ගැන එදා ඉංග්‍රීසි පුවත්පතක පළවූ අගනා විස්තරයක් මහාචාර්ය කාරියවසම් සඳහන් කර ඇත්තේ මෙසේය.
‘යුද්ධාධාර සැපයීම සඳහා කළ සන්දර්ශනයේ ආයිත්කම් 13කි. පූජා කියා ආරම්භ විය එය උඩරට නැටුමේ බුලත් පදයෙන් ගත්තකි. අඳුරේ පසුබිමක තිබෙන දාගැබකට කරන නමස්කාරයක් ලෙස එය ගත් අතර ප්‍රේමා හා චන්ද්‍රලේඛා ලාස්‍ය නර්තනයක්ද කළහ. චිත්‍රසේන නටරාජා නර්තනය කළේය. වසන්ත කුමාර දඩයක්කරුගේ නැටුමයි. ගැමි නැටුම් අංගද විය. චන්ද්‍රලේඛා තනිව කළ වසන්ත ක්‍රීඩාව ද සිත් ගත්තකි. මෙය චන්ද්‍රඛාගේ අවසාන මහජන නර්තනයයි.
ඉන්දියානු නාට්‍ය කලා මණ්ඩලයේ ශිල්ප ඉගෙන ට්‍රැවන්කෝර්හි මහාරාජා ඉදිරියේ රැඟුම් දැක්වූ චන්ද්‍රලේඛා කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය කලා අංශය භාරව සිටි අතර එහිදී ඇය උඩරට නැටුම් ඉගැන්නුවාය. 1941 ජූලි 20 වැනිදා චන්ද්‍රලේඛා පදිංචිව සිටි කෝට්ටේ පාරේ ආබත්නම් මාවතේ නෙදර්ටන් නිවසේදී මිය ගියාය. 31 වැනි වියේ පසුවූ ඇයගේ වියෝවීම ශ්‍රී ලංකාවේ නර්තන කලාවට ඉමහත් පාඩුවක් වූ බව කලා රසික රසිකාවියෝ හා කලා විචාරකයන් කියා සිටියහ. චන්ද්‍රලේඛාගේ සහෝදරයන් වන ජී.එච්. (හැරී), එච්.ආර්.බී. (හෙක්ටර්) කරුණාතිලක, සැමියා ජේ.ඩී.ඒ. පෙරේරා ජූලි 23 වැනිදා අවසන් කටයුතු කරන බව වාර්තාවේ. ඇය පදිංචිව සිටි ආබත්නම් පාර අද ‘චන්ද්‍රලේඛා පාර’ ලෙස නම් කර ඇත.

මීරියම් පීරිස් 

මීරියම් පිරීස්

ලෝ ප්‍රකට ඉතිහාසඥ පෝල් ඊ පීරිස් මහතාගේ දියණිය වන මීරියම් පීරිස් මහත්මිය සැලකෙන්නේ ලංකාවේ වෙස් බැඳීම සිදු කළ පළමු කාන්තාව විදිහට. ඇය නර්තනය හදාරන්නේ නිත්තවෙල උක්කුවා ගුරුන්නාන්සේගෙන්. වෙස් බැඳීම පිළිබඳ ව පැවති සම්ප්‍රදායානුකූලව මත වෙනස් කිරීම හැරුණු විට ඇය ලංකාව තුළ නර්තනයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් නම් සිදු කරන්නේ නැහැ. නමුත් ඇය ලන්ඩනයේ ගතකළ කාලය තුළදී The Drum නම් චිත්‍රපටය සඳහා නළඟනකගේ චරිතය නිරූපණය කිරීමෙන් දායක වෙනවා. ශ්‍රී ලාංකිකයෙකු බටහිර චිත්‍රපටයක් සඳහා දායක වුණු පළමු අවස්ථාව විදිහට ඇයගේ මෙම චරිත නිරූපණය සලකන්න පුළුවන්.
 

රංජනා තංගරාජා

චන්ද්‍රලේඛාගෙන් නර්තන කලාව පිළිබඳව අත්පොත තැබූ රංජනා තංගරාජා උඩරට නැටුම් කලාව පිළිබඳව තව දුරටත් හදාරනු ලැබුවේ අල්ගම කිරිගණිතයා සහ අර්නෝලිස් ඉඹුල්ගොඩ යන ගුරුවරුන් ඇසුරෙනුයි. ඉන්පසුව ඇය විසින් උඩරට නැටුම් ඇතුළත් පළමු මුද්‍රා නාටකය නිර්මාණය කරනු ලැබුවා. එය හඳුන්වනු ලැබුවේ “ලංකා උපත” යන නමිනුයි.ඇය තම ශිල්ප ඥානය නොමසුරුව බෙදා දෙමින් ගෝල පරම්පරාවක් ලංකාව තුළ බිහි කළා. ඉන්දියාවේ හින්දු කෝවිල් වන්දනාමාන කිරීමේ චාරිකාවක නිරතව සිටියදී රංජනා තංගරාජා මියගිය අතර සුප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂක ටී. අර්ජුන ඇගේ වැඩිමහල් පුත්‍රයායි.
 
රංජනා තංගරාජා

උඩරට නැටුම් සහිතව ප්‍රථම මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කිරීමේ ගෞරව හිමි වෙන්නේ ඇයටය. ‘ලංකා උපත’ නම් මේ මුද්‍රා නාට්‍යයේ උන්මාද චිත්‍රාගේ භූමිකාව රඟපෑවේ රංජනාය. ඇයතම ගුරුවරුන් වූ අල්ගම කිරිගණිත හා අර්නෝලිස් ඉඹුල්ගොඩ ගුරුන්නාන්සේලාද සහභාගි කරගත්තාය. මහාචාර්ය කාරියවසම් කියා ඇති පරිදි රංජනාගේ උඩරට නැටුම එහි පසුබිමින් වයලීනය, ගැට බෙරය හා බටනලාව උපයෝගී කර ගෙන ඇත.
1952 නොවැම්බර් මාසයේ රංජනා උඩරට ‘කැන්ඩියන්’ නාටකයක් ලෙස ‘බර්ත් ඔෆ් ලංකා’ රංග ගත කළාය. ඇය ඇගේ සැමියා වන සරවනමුත්තු තංගරාජා සමග එක්ව ලංකා ඉතිහාසය ඇසුරෙන් නිර්මාණය කළ මේ නාටකය සඳහා දමිළ හා සිංහල නළුවන් සමග එකට එකතුව ජාතික සමගිය කලාව මගින් ඇති කිරීමට උත්සාහ ගත්හ.
1922 අප්‍රේල් 03 වැනිදා රංජනා තිලෝක් අම්මා වත්තල හුණුපිටියේ උපත ලැබුවාය. ඇයට තංගරාජා මහතා හමුවන්නේ අහම්බෙනි. යාපනේ උපත ලබා සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනීම ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඊග ් සහ ඊගීගක්‍ උපාධි ලැබූ ඔහු එවකට කොටහේනේ කොලේජර් විදියේ තිබුණු සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු විය. හිටපු අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක හා අමාත්‍ය සී.පී. ද සිල්වා යන මහතුන් තංගරාජා මහතාගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයෝ වූහ. බොහෝ ඇසූ පිරූ තැන් ඇති තංගරාජා මහතා ශිෂ්‍ය කාලයේ සිටම හඳුනාගත් වල්පොළ රාහුල හිමියන්, කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමියන්ගේ මාර්ගයෙන් බණ්ඩාරනායක මහතා හමුවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ ඒ යුගයේ තංගරාජා මහතාට එම පක්ෂයේ භාණ්ඩාගාරික පදවියක්ද ලැබෙයි. තනිකඩයකු වූ 45 හැවිරිදි තංගරාජා මහණවීමට බලාපොරොත්තුවෙන් සිටි අතර රාහුල හිමියන් සමග වත්තල හුණුපිටියේ නිවසක පදිංචියට ඔහු ගියේය. එම නිවසේ හිමිකාරියගේ 13 හැවිරිදි රංජනා නැටුමට තිබූ දක්ෂතා දැක ඇයට උපකාර කිරීමට තංගරාජාට සිතුණි රංජනා දකුණු ඉන්දියාවේ ‘කලා ක්ෂේත්‍ර’ වෙත යවා නර්තනය ඉගැන්වීමට කටයුතු කළ ඔහු ඉන්පසු රුක්මණී දේවි, අරුණ ඬේල් යටතේ වසර 03ක අධ්‍යනයක්ද ලබාදීමට කටයුතු කළේය. රංජනා නැටුම් හදාරා සමුගන්නා අවස්ථාවේ ෂ අසිය ියැ ජදමකා ිමබජැැා පැ ්එ න්ක්නයඑයැර් ඇගේ ගුරුතුමිය ආශිර්වාදය කරමින් කීවාය. ඉන්පසු තංජෝර්හි නැටුම් විශේෂඥවරියකු වූ මීනක්ෂි ිමබා්ර්ප චසකකස හා ඪ්කමමර ප්බසජන්බ චසකකස යටතේ රංජනා විශේෂ පුහුණුවක් ලබා ගත්තේ තංගරාජාගේ අනුග්‍රහයෙනි. 
 
රංජනා තංගරාජා

රංජනා, තංගරාජා මහතාට කළගුණ සැලකුවේ සිය කැමැත්තෙන් ඔහුගේ බිරිය වෙමිනි. ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 27කි. විවාහයෙන් පසු රංජනා උඩරට නැටුම් ඉගෙනීමට ආශා කළ නිසා තංගරාජා තම සමීපතම මිතුරකු වූ කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා මහතාගේ මාර්ගයෙන් ඔහුගේ බිරිඳ චන්ද්‍රලේඛාගේ ඇසුරට පත් කළේය. චන්ද්‍රලේඛා විසින් අල්ගම කිරිගණිත ගුරුන්වෙත රංජනා යොමුකළ කාලයේම එනම් 1950 වසරේ කැරොල් රීඞ් නම් ඉංග්‍රීසි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලංකාවට පැමිණයේ තමා ලංකාවේ රූගත කරන දමඑ ජ්ිඑ දf එයැ ෂික්බා චිත්‍රපටයේ රූගත කිරීමටය. මේ චිත්‍රපටයේ නාමාවලියට පසුබිමින් නිරූපණය වන උඩරට නැටුමක් සඳහා ශිල්පිනියකගේ අවශ්‍යතාව ඔහුට මතුවිය. කැරොල් රීඞ් මේ බව කොළඹ නගරාධිපති එස්. සෙල්ලමුත්තුට කීවේය.
ඕකට ගැළපෙන දක්ෂ නර්තන ශිල්පිනියක් ඉන්නවා. මගේ යාළුවකුගේ බිරිඳ. රංජනා තංගරාජා කියලා. මේ අනුව රංජනා ඉදිරිපත් කළ උඩරට නැටුමක් අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඞ්’ සඳහා රූ ගත වූ අතර ඇය ඒ සඳහා තම යෙහෙළියන්ද අල්ගම කිරිගණිත හා ඉඹුල්ගොඩ අර්නෝලිස් යන ගුරුන්නාන්සේලාද තෝරා ගත්තාය. ඇගේ විස්මිත රංගනය ලොව පුරා සුපතළ වූයේ මේ ඉංග්‍රීසි චිත්‍රපටයත් සමගය. මෙය දුටු ජර්මනියේ රූපවාහිනී කැමරා අධ්‍යක්ෂ ෑසඑැක ඛ්බට ලංකාවට පැමිණ රංජනාගේ උඩරට නැටුම් රූපගත කළේය. එංගලන්තයේ දී ඉංග්‍රීසි චිත්‍රපටයේ ඇගේ නර්තනය දැක මවිත වූ ඇයට ප්‍රශංසා කොට ඇගේ පත්තරයේ පළ වූ ඡායාරූපයක් එයාමේල් කවරයේ අලවා ක්‍ෑශඛධභ කියා ලංකාවට තැපැල් කර එවා ඇත. තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලංකාදීප කර්තෘ ධනපාල මහතා වෙත යොමු කළේ 1951 දෙසැම්බර් 30 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයේ මුල් පිටුවේ ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපෑ ලංකා නිළිය යන විස්තරය හා ඡායාරූප දැකීම නිසාය. මෙහි පළ වන්නේ එංගලන්තයේ සිට එවන ලද එයාමේල් ලිපියේ කවරයයි. 
 
රංජනා තංගරාජා

රංජනා ගැන තොරතුරු සෙවීමේදී කලකට ඉහත ලංකාවේ විශිෂ්ට කලාකරුවකු වූ සෝමබන්ධු විද්‍යාපති සූරීන්ගේ බිරිඳ මාලනී විද්‍යාපති මහත්මිය (ඇය රවිබන්ධු හා මනුබන්ධුගේ මව) මට කී කතාවක් සිහිපත් වෙයි. මගේ පියා අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේ. රංජනා තාත්තගෙන් නැටුම් ඉගෙන ගන්න එනකොට මට අවුරුදු 10ක් විතර ඇති. ඇය ඉතාම ලස්සන කාන්තාවක්. එතකොට එස්. තංගරාජා මහත්තයා මහරගම ගුරුඅභ්‍යාස විද්‍යාලයේ චිදුහල්පති. ගුරු නිවාසයේ තමයි රංජනා තාත්තා එක්ක නැටුම් පුහුණු වුණේ. තාත්තගෙන් උඩරට නැටුම් ඉගෙන ගෙන රංජනා ‘විජය කුවේණි’ කියලා මුද්‍රා නාට්‍යයක් කළා. එහි විජය ලෙස රඟපෑවේ තාත්තා. මමත් මේ නාට්‍යයේ රඟපෑවා.
මහාචාර්ය මුදියන්සේ දිසානායක රංජනා නර්තන විශාරද වරියගෙන් ඉගෙන ගත් අන්තිම ගෝලයාය. කොටහේනේ කොලේජ් විදියේ රංජනා මැතිනියගේ නර්තනෝදය ඇකඩමියේ නර්තනය ඉගෙන ගත් අන්තිම ගෝලයා මම. 1973 දෙසැම්බර් 08 වැනිදා මට අමතක නොවන දවසක්. රංජනා ගුරුමාතාව පැවැත්වූ නෘත්‍ය රජක ප්‍රසංගයේ රන් සළඹ’ මුද්‍රා නාට්‍යයේ රංජනා, අර්නෝලිස් යන ගුරුවරුන් සමග අංකුර නැටුම් ශිල්පියකු ලෙස මම රඟපෑවා. රංජනා ගුරුතුමිය මට මගේම මාතාව වගේ ආදරය කළා.
1984 වසරේ රංජනා ඉන්දියාවේ හින්දු කෝවිල් වන්දනා කිරීමට ගියාය. රාමේෂ්වරම් හි පූජාවක් පවත්වා මගේ හිතට අද අමුතු හීනයක් දැනෙනවා කියමින් අසල තිබූ ගල් පඩියක ඉඳගත් ඇය ගල් කණුවකට පිටදී මද නින්දකට වැටුණාය. 1984 මාර්තු 12 වැනිදා ඇය සුවසේ නින්දේම මිය ගොස් සිටි බව රංජනාගේ වැඩිමහල් පුත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුන (තංගරාජා අර්ජුන) අපට කීවේය. රංජනා තංගරාජා යුවළගේ සමීප හිතවතුන් වූයේ වල්පොල රාහුල, හැවන්පොල රතනසාර, කොටගම වාචීස්සර, කළල්ඇල්ලේ ආනන්ද සාගර (කේයස්), බඹරැන්දේ සිරි සීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති යන පඬිහිමිවරුන්ය. තංගරාජා මහතාගේ ඥාතිපරපුරෙන් ලැබුණු වල්ලිපුරම් රන්පත් ඉරුවේ අවසාන පෞද්ගලික භාරකරු ඔහුය. තංගරාජා යුවළට පුතුන් හතර දෙනෙක් හා දියණියක් ද වෙයි.
වැඩිමහල් පුතා ටී. අර්ජුන කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලන්ඩනයේ London school of film Techique ආයතනයෙන් සිනමා උපාධිය ලැබූවෙකි. වසන්තේ දවසක් (1981) වසරේ මේ චිත්‍රපටයට ජනාධිපති සම්මාන 08 හිමි වී ඇත. එම චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළේය. දෙවැනි පුතා හරිරාම්, බෲනායි රජයේ සුල්තාන් පවුලේ මූල්‍ය උපදේශකවරයාය. තුන්වැන්නා වූ විෂ්ණුප්‍රිය ස්පාඤ්ඤ රජයේ බාක් ප්‍රාන්තය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සිව්වැන්නා කමල කුමරන් ඇමරිකාවේ බැංකු සමූහයක නියෝජ්‍ය සභාපතිවරයෙකි. බාල ම දුව මාණික්ක වල්ලි පුවත්පත් කලාවේදිනියකි.

සිරිමතී රසාදරී

සිරිමතී රසාදරී ව බොහෝ දෙනෙක් හඳුනන්නේ පරසතු මල් චිත්‍රපටිය මැගී විදිහට. ඒ ඇගේ සිනමා ජීවිතයේ කූටප්‍රාප්තිය .නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට සිරිමතී රසාදරී තමයි ලංකාවේ කථකලී නැටුම් සම්ප්‍රදාය ප්‍රචලිත කිරීමට මූලිකත්වය ගත්ත තැනැත්තිය. කලාව වෙනුවෙන් සිය ජීවිතයම කැප කරපු සිරිමතී රසාදරී කිසිවිටෙකත් මුදල ඉදිරියේ කලාව හෝ තම ආත්ම ගෞරවය පාවා නොදුන් තැනැත්තියක්. අද ලංකාවේ ජනප්‍රිය බොහෝ කථකලී රංගන ශිල්ප ශිල්පිනියන් සිරිමතී රසාදරීගේ ගෝලයින්.
 
සිරිමතී රසාදරී

ජනපි‍්‍රය නිළියක, නර්ථන ශිල්පිනියක හා ගායිකාවක ද වූ සිරිමතී රසාදරී ලේඛන කලාවෙන් ද දස්කම් පෑ ශිල්පිනියක වූවාය. 1932 මැයි 10 වැනි දා නයිනමඩමේදී උපන් සිරිමතී වයස අවුරුදු 15 දී පමණ ‘පුදුමු ලේලී චිත්‍රපටයේ විකට චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසියාය. ඉන් පසු සුරතලී, නලඟන, ඇමතිකම, සමාජේ සතුරෝ සුභ සරණ සැප සිතේ, දොස්තර, හැංගි හොරා, සංසාරේ, දෙයියන්ගේ රටේ, හෙට ප්‍රමාද වැඩියි, දෛවයෝගය ඇතුළු චිත්‍රපට රැසක රඟපෑවාය.
එච්. ආර්. ජෝතිපාලයන්ගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගීතය වූ සිරියමෙ සාරා ගීතයට ආනන්ද ජයරත්නගේ ප්‍රථම පෙම්වතිය ලෙසින් රඟපෑ සිරිමතී දෛවයෝගය චිත්‍රපටයට මොහිදීන් බෙග් සමඟින් ‘පාන පත්තු නොකෙරුවාට’ ගීතය ගයමින් ගායිකාවක ලෙස ද ජනපි‍්‍රයත්වයට පත් වූවාය. ඇයගේ රංගන දිවියේ කැපී පෙනෙන චරිතය වූයේ පරසතුමල් චිත්‍රපටයේ මැගී ගේ චරිතයයි.
අදටත් මැගී ප්‍රේක්‍ෂක හදවත්වල එදා මෙන්ම ජීවත් වේ. කෙතරම් ජනපි‍්‍රය නිළියක වුවද සිරිමතී අපේ රටට ගෞරවය ගෙන දුන්නේ නැටුම් ශිල්පිණියක් ලෙසිනි. භරත කතක් නැටුම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම උපාධිධාරිනිය වූ ඇය 1977 දී සංගීත කේන්ද්‍ර නමින් සංගීත ආයතනයක් අරඹා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් බිහි කිරීමට ජීවිතය කැප කළාය.
1992 සැප්තැම්බර් 03 වැනි දා සිරිමතී දිවි සිනමාවෙන් සමුගෙන නොපෙණෙන ලොවකට පියමැන්නාය.
 

පද්මිණී දහනායක 

පද්මිණි දහනායක මහත්මිය

හිටපු අගමැතිවරයෙකු වූ ඩබ්ලිව් දහනායක මහතාගේ ඥාති මිණිබිරියක් වුණත් පද්මිණී දේශපාලන වේදිකාව වෙනුවට තෝරා ගත්තේ රංග වේදිකාව. සැඩ සුළං චිත්‍රපටයේදී ජීවන මේ ගමන සංසාරේ ගීතය සඳහා රංග දායකත්වය ලබා දුන් ළමා නළු නිළි යුවල වුණේ දයා අබේසේකර සහ පද්මිණී දහනායක. භරත නැටුම් පිළිබඳව විශේෂයෙන් හදාරන ලද පද්මිණී, ලංකාව තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඇගේ දියණිය වන රංගනා ආරියදාස මවගේ අඩි පාරේ යමින් අද ජනප්‍රිය නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටිනවා. 
 

 

මිරැන්ඩා හේමලතා

ලංකාවේ නර්තන ක්ෂේත්‍රයේ සිටින විප්ලවකාරීම කාන්තාව කවුද කියලා ඇහුවොත් බොහෝ දෙනාගේ පිළිතුර වෙන්නේ මිරන්ඩා හේමලතා කියන නම. කාන්තාවකට වෙස් බැඳීම සුදුසු නැත යන මතය මුල් බැස ගෙන ගිය සමාජයක එම මතය වෙනස් කිරීම වෙනුවෙන් ඇය තම දායකත්වය ලබා දුන්නා. ඇගේ මේ මැදිහත් වීම හේතුකොට ගෙන බොහෝ කාන්තාවන්ට වෙස් බැඳීමේ චාරිත්‍රය සිදු කිරීමේ අවස්ථාව උදා වුණා. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට නර්තනය ඉගැන්වීමට ඇය පුරෝගාමී වුණා.
 
මිරැන්ඩා හේමලතා මහත්මිය
 
වර්ෂ 1938 නොවැම්බර් මස 15 දින කැලණිය දළුගම ග්‍රාමයේ උපත ලැබූ මිරැන්ඩා හේමලතා මහත්මිය රජයේ ලලිත කලායතනයේ නර්තනය හැදෑරීමෙන් පසුව ශිෂ්‍යත්වයක් හිමිකරගැනීමෙන් භාරතයට ගොස් අඩයාර්හි කලා ක්ෂේත්‍රයෙහි භරත නාට්‍යම් සම්ප්‍රදාය ප්‍රගුණ කළාය. භරත නාට්‍යම් ශිල්පිණියක ලෙස ඇය ප්‍රසිද්ධ වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රථම නර්තන උපදේශිකාව වූවාය.  සමස්ත ලංකා නැටුම් තරඟ ක්‍රමවත්ව ආරම්භ කිරීමත්, අමාත්‍යාංශය හා සම්බන්ධව නර්තන කණ්ඩායම් ආරම්භ කිරීමත් ඇය විසින් සිදු කළ සුවිශේෂී සේවාවන් වේ. ජාතික අධ්‍යාපන ආයතනය හා සම්බන්ධව ගුරු අත්පොත් සකස් කිරීම, විෂයමාලා සකස් කිරීම, ගුරු මාර්ගෝපදේශ සැකසීම, දුරස්ථ ගුරු පුහුණු, නර්තන සම්මන්ත්‍රණ පැවැත්වීම, සා.පෙළ හා උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ව්‍යූහය විධිමත් කිරීම වැනි කාර්යයන් රැසක් සිදුකළාය.
ගිරාගම ගුරු විද්‍යාලය හා ක්ටුකුරුන්ද ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළාය. මිරැන්ඩා හේමලතා කලා ආශ්‍රමය දරුවන්ගේ ඉගෙනීම සඳහා ආරම්භ කළ අතර සංචාරී චලන, රංගධාරා, රංගරේඛා, නූපුරරාවය ආදී ප්‍රසංග පැවැත්වීය. 1980 දී මෝල්ගස් නැටුම වේදිකාවට උචිත පරිදි නවතම රංගරටා නිර්මාණය කළාය. තණ්හා ආශා මුද්‍රා නාට්‍යය ද නිර්මාණය කළ ඈ මන්ද මානසික දරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට පළමු වරට සේවාවන් රැසක් සිදුකළාය. 

ඇය ලැබූ සම්මාන-
1985 - සොන්ටා ජාත්‍යන්තර සම්මානය
1988 - කලාසූරී ජනාධිපති සම්මානය
ජාත්‍යන්තර කාන්තාදින සම්මානය
සෞන්දර්ය විශ්ව විද්‍යාලය මඟින් කළ ඇගයීම අනුව දර්ශන සූරි උපාධිය.
 


“මේ රට මගේ රට – මා ඉපදුණු රට
හැදෙන වැඩෙන රට – මගේ ම මව්රට”

අපේ රටට ආදරේ කරන්න ඕනේ කියන හැඟීම අපේ ඔළුවට යන්න ඇත්තේ මේ සිංදුවෙන් කිය වුනා. මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්. පද පෙළ ලිව්වේ මිරැන්ඩා හේමලතා මහත්මියයි. මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු මේ ගීතය රූපවාහිනියේ විකාශ වුණේ ඒ ගී පදවල තේරුම හරි අපූරුවට නිරූපණය කලං ලංකාවේ ලස්සන ගැන වගේ ම, ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ ඇයි කියන එකත් මේකෙන් කියවුණා.

සාමාන්‍යයෙන් චිරාගත සම්ප්‍රධාය වෙනස් කරමින් කාන්තාවන්ට හිස වෙස් තැබීම සම්පූර්ණයෙන් අකැප යුගයක ඒ වෙනුවෙන් පෙනීහිටිමින් පායින්පත් පමණක් බැඳ නර්ථනයේ යෙදෙ යුවතියන් වෙනුවෙන් පෙනී හිටිමින් කාන්තා වෙස් බැඳිමත් බෙර ඇඳුමින් යුවතියන් බෙර ගැසීමටත් වෙනුවෙන් තර්කානුකූලව පෙනිහිටි වත්මන් යුගය අතික්‍රමණය කල නැට්ටුක් කාරිය වනුයේ ද ඇයයි.

අතීතයේ චන්ද්‍රලේකා, මීරියම්, ආදී නර්ථනයේ හිස වෙස් තැබු බවට වාර්තා තිබුණ ද දැවැන්ත අභියෝග හා ගැරහීම් හමුවේ ඇය නොසැලී නර්ථන කණ්ඩායම් කීපයක්ම බිහිකර තිබේ.‍

වජිරා චිත්‍රසේන

චන්ද්‍රලේඛා සහ මීරියම් පීරිස් උඩරට නැටුම් ඉදිරිපත් කරද්දී ඒ සඳහා භාවිතා කළේ පිරිමි රංග වස්ත්‍රාභරණ. නමුත් කාන්තා රංග වස්ත්‍රාභරණයෙන් සැරසී උඩරට නැටුම් ඉදිරිපත් කිරීමේ පළමු ගෞරවය හිමි වන්නේ වජිරා චිත්‍රසේනටයි. කලාගුරු චිත්‍රසේන මහතාගේ සෙවනැල්ල බඳු වෙමින් ඔහුගේ සියලු නර්තන නිර්මාණ ජීව ගුණයෙන් පුරවාලීමට ඇය තම දායකත්වය විශිෂ්ට ලෙස ලබා දුන්නා. බොහෝ කාන්තාවන් ලාස්‍ය නර්තනයට පමණක් දස්කම් දක්වද්දී වජිරා තාණ්ඩව නර්තනයටත් එකලෙස දක්ෂතාවය දැක්වූවා. නර්තන ක්ෂේත්‍රයට ඇය ලබා දුන් අනූපමේය දායකත්වය අගය කරමින් පසුගියදා භාරත රජය විසින් පිරිනැමූ දේශබන්දු ආචාර්ය වජිරා චිත‍්‍රසේන මැතිනිය භාරතයේ පුරවැසියකු ලබන ඉහළම ජාතික සම්මානයක්වන ‘පද්ම ශී‍්‍ර’ සම්මානයෙන් පුද ලැබුවාය. ඒ ශී‍්‍ර ලාංකේය සාම්ප‍්‍රදායික නර්තන කලාව තුළින් ජගත් සංස්කෘතියට ඇය එක් කළ මහඟු කලා දායාදයට උපහාර පිදීමක් වශයෙන්ය. පසුගියදා අරලියගහ මන්දිරයේදී අග‍්‍රමාත්‍යතුමා සහ ඉන්දීය තානාපතිතුමා ඉන්දීය රජය වෙනුවෙන් එම සම්මානය ඇයට ප‍්‍රදානය කළහ.
 
වජිරා චිත්රසේන මහත්මිය

කලාගුරු චිත‍්‍රසේනයන්ගේ සිසුවියක ලෙසින් සිය නර්තන දිවිය ආරම්භ කළ වජිරාවෝ 20වන සියසේ ශී‍්‍ර ලංකාවේ අග‍්‍රගන්‍ය නර්තන ශිල්පිනිය ලෙසින් සැලකුම් ලබන්නීය. ඇයගේ මහත්වූ ප‍්‍රතිභාවත්, විශිෂ්ට ශිල්පීයත්වයත් දීර්ඝකාලීන පර්යේෂණයන් ඔස්සේ උඩරට නර්තන කලාවේ කාන්තා භූමිකාව උදෙසා නව මංපෙත් විවර විය.

වජිරාවන්ගේ ප‍්‍රථම ප‍්‍රසිද්ධ රංගනය වූයේ 1948 ශී‍්‍ර ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් නිෂ්පාදනය කළ ‘පැජන්ට් ඔෆ් ලංකා’ ප‍්‍රසංගයේය. එහි චිත‍්‍රසේනයන් නිර්මාණය කළ ‘රාමායනය’ නර්තනාංගයේ ‘රන් මුවැත්තිය’ ලෙස ඇය රඟපෑවාය. 1952 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘චණ්ඩාලිකා’ නෘත්‍ය නාටකය ඇසුරෙන් චිත‍්‍රසේනයන් නිර්මාණය කළ ‘චණ්ඩාලි’ මුද්‍රා නාටකයේ ප‍්‍රකෘතිගේ චරිතය රඟපාමින් මුද්‍රා නාට්‍ය චරිතාංග නර්තනය පිළිබඳ අත්පොත් තබන්නී, පසුව කරදිය, නල දමයන්නි ආදී මුද්‍රා නාට්‍යවල ප‍්‍රධාන චරිත රංගනය මගින් එම රංග ධාරාවේ අග‍්‍රඵල ලබන්නීය. වජිරාවෝ නර්තන ශිල්පිනියක හා රංග වින්‍යාස ශිල්පිනියක ලෙස චිත‍්‍රසේනයන් සෙවණේ වැඞී ප‍්‍රධාන නර්තන ශිල්පිනියක් ලෙසින් ලොව රටවල් ගණනාවක ස්වකීය නර්තන ප‍්‍රතිභාව විහිදා දක්වමින් බොහෝ පේ‍්‍රක්‍ෂක හා විචාරක පැසැසුම් රැසක් ලබා ගන්නීය. ආනන්ද සමරකෝන් සූරීන් ගේ සංගීතයට අනුව ‘කුමුදුනී’ ළමා මුද්‍රා නාට්‍යය නිර්මාණය කරමින් ඇරැඹුණු ඇයගේ මුද්‍රා නාට්‍යය නිර්මාණය චාරිකාව ‘වනජා, රන් කිකළි, නිල්යකා, නිරාශා, අණබෙරය, හපනා’ ආදී ළමා මුද්‍රා නාට්‍යය මෙන්ම ‘ගිනි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, බෙර හඬ, ශිව රංග’ ආදී කලාත්මක මුද්‍රා නාට්‍ය කෘති ගණනාවක් ශී‍්‍ර ලාංකේය රසිකයන් වෙත දායාද කිරීමට සමත් විය. 1965 හා 1972 වසරවල චිත‍්‍රසේනයන්ගේ ‘නෘත්‍යාංජලී’ සහ ‘නවාංජලී’ නර්තන ප‍්‍රසංග සඳහා වජිරාවෝ සාම්ප‍්‍රදායික ශාස්ත‍්‍රීය අර්ධ ශාස්ත‍්‍රීය හා ජන නැටුම් විශාල සංඛ්‍යාවක් නිර්මාණය කළාය. විශේෂයෙන් ලී කෙළි, සවරන්, රබන්, තාලම් ආදී ජන නැටුම් නූතන වේදිකාව සඳහා ප‍්‍රතිනිර්මාණය කරමින් ඇය හඳුන්වාදුන් නව රංග වින්‍යාස ව්‍යාකරණය අද දක්වා බොහෝ ආධුනික නිර්මාණකරුවන් විසින් අනුගමනය කෙරේ.

උඩරට නර්තනයේ ලාස්‍ය ආකෘතිය කේතකරණය කිරීම
තාරණ්ඩව ලක්‍ෂණ බහුලව ඇති උඩරට නැටුමේ ලාස්‍ය ශෛලීය ඇය විසින් මනා ලෙස වර්ධනය කරනු ලැබීය. වසර ගණනක අඛණ්ඩව හා ගැඹුරු අධ්‍යයනය ඔස්සේ ඇය උඩරට කාන්තා නර්තනය සඳහා පුළුල් වාග් මාලාවක් නිර්මාණය කළාය. ශී‍්‍ර ලංකාවේ ඉමහල් ලෙස ජනපි‍්‍රය වුණු ඇයගේ ‘ගජගා වන්නම’ නර්තනය තුළ මෙම නර්තන ආකෘතිය මනාව පිළිබිඹුවේ. එම නර්තන වාග් මාලාව හුදු ලාස්‍ය චලනාවලියක් බවට පත් නොකර ඒ තුළින් ප‍්‍රබල පෞරුෂයක් මතු කිරීමට ද ඇය වග බලා ගත්තාය. ඒ සඳහා ඇය තමා තුළ වූ කාන්තා ලාලිත්‍ය අභියෝගයට ලක් කළ බව වජිරාවන් පවසයි.
‘මා නැටුම් හැදෑරීම පටන් ගත් කාලයේ මගේ ගුරුතුමන් (චිත‍්‍ර සේනයන්) මාගේ පරමාදර්ශය වුණා. මා හැමවිට ම ඔහුව දුටුවේ ඉතා ජවසම්පන්න නැටුම් ශිල්පියකු ලෙසයි. මා නිරතුරුවම ඔහු අනුකරණය කළා. ඔහු ඉහළ පැනීමේ අධි මාත‍්‍රා නටන විට එවැනි දේ කාන්තාවකට නුසුදුසුයි කියා මා බැහැර කළේ නෑ. මා ඉහළ පැන නැටීමේ ශිල්ප ක‍්‍රම දිගට ම හැදෑරුවා. පසුව එය නවතම සහ සුවිශේෂී නැටුම් ශිල්ප ක‍්‍රමයක් ලෙස දියුණු වුණා. පසුව අප දෙදෙනා එකට ප‍්‍රසිද්ධ රංගනයක යෙදුණේ මෙම ශිල්ප ක‍්‍රමය ඉදිරිපත් කිරීම සඳහායි. තාරණ්ඩව ලාස්‍ය නම් වූ මෙම නර්තනය උඩරට නැටුමේ ස්තී‍්‍ර සහ පුරුෂ නැටුම් පිළිබඳව කෙරණු පර්යේෂණයක් ලාංකේය වේදිකාවේ ස්තී‍්‍ර නැටුම් විලාසය පිළිගැනීමට ලක්වුණේ මෙතැන් පටන්ය. (උපුටනය වජිරා සමග පිළිසඳරක් 1996-වජිරා චිත‍්‍රසේන 50 වසරක නර්තනය සමරු කළඹ)
පෙරදිග නෘත්‍ය කලාව පිළිබඳ අපේ කලාපයේ වඩාත්ම ප‍්‍රයෝජිත මූල ග‍්‍රන්ථයවන භරතමුනිගේ, නාට්‍ය ශාස්ත‍්‍රයේ සඳහන් එක් නර්තන ප‍්‍රභේදයක් ‘ඒකාහාර්ය ලාස්‍ය’ නම් වේ. එක් පාත‍්‍රයකු විසින් ලාස්‍යාංග නිරූපණය කිරීම අන්තර්ගත මෙම ප‍්‍රභේදය භරත නාට්‍යම්, ඔඩිසි, කුච්චිපුඩි, මෝහිණී ආට්ටම් ආදී නර්තන ශෛලීන්හි ප‍්‍රබලව දෘෂ්‍ය මානය. චිත‍්‍රසේනයන් ඇතුළු පුරෝගාමී ලාංකික නර්තන ශිල්පීන් භාරතීය නැටුම් ඇසුරින් දේශීය වේදිකා නර්තනයෙහි වර්ධනය කළ මෙම ශෛලිය වඩාත් හොඳින් කේතකරණයකොට නිවැරදි ව්‍යාකරණානුකූලව ආකෘති ගතකොට කලාත්මක ලෙස ප‍්‍රමිතිගත ශෛලියක් ලෙසින් වේදිකාව මත ස්ථාපිත කරන්නේ වජිරාවන්ය. වර්තමානයෙහි මෙම ලාංකේය ‘ඒකාහාර්ය ලාස්‍යය’ අප නර්තනයේ ජනපි‍්‍රය ධාරාවක් බවට පත්වී ඇත්තේ ඒ තුළ හොඳ නර්තනියක ගේ ශිල්පීය ශක්‍යතාවන් පෙන්වීමට සුදුසු ආකෘතියක් හමුවන බැවින්ය. 1980, 90 දශකවලදී උපේඛා චිත‍්‍රසේන සහ ඛේමා වැනි ශිල්පිනියන් ඉදිරියට ගෙන එන්නේ වජිරාවන් වර්ධනය කළ මෙම නෘත්‍ය ආකෘතියයි.
 
වජිරා චිත‍්‍රසේන - මුද්‍රා නාට්‍ය හා රංග වින්‍යාස ශිල්පිනියක ලෙස
 
‘Prima Ballerina’ ‘හෙවත් අග‍්‍ර නෘත්‍ය ශිල්පිනී’ යනු බටහිර බැලේ නර්තන කලාවේ ඉතා ගෞරවණීය චරිතයකි. ස්වකීය ප‍්‍රශස්ථ රංගන ප‍්‍රතිභාව මගින් එකී රංග කලාව ආලෝකමත් කිරීම නිසා විශිෂ්ට නර්තන ශිල්පිනියක් සමාජය විසින් එවන් ගෞරවණීය තත්ත්වයෙන් සලකන්නේය. ප‍්‍රකට නාට්‍යවේදියකු, විචාරකයකු වූ බන්ධුල ජයවර්ධනට අනුව වජිරා ලාංකේය වේදිකා නර්තනයේ පී‍්‍රමා බැලරීනාවය. ‘එක්තරා කැළඹිලිකාරී පර්යේෂණ අවධියකින් පසු ශී‍්‍ර ලාංකීය වේදිකා නර්තන කලාවේ විශාරද බැලරීනාව වන වජිරා අප හමුවට එන්නීය. ඇයගේ අත්යන්ත ජන්ම ප‍්‍රතිභාවත්, පරමාදර්ශී සිරුරු හැඩයත් සමගින් ඇය ශී‍්‍ර ලාංකික වේදිකාවේ පෙර බිමට ම කඩා වදින්නේ අවශ්‍යයෙන්ම දේශීය වශයෙන් නිර්මාණය වුණු බැලරීනාවක ලෙසින්ය.’ (උපුටන ‘නෘත්‍ය පූජා’ චිත‍්‍රසේන නර්තන දිවියේ 50 වසර සැමරුම් ග‍්‍රන්ථය)
මුද්‍රා නාට්‍ය රංගනය යනු හුදෙක් නර්තනය මත පදනම් වුණු කලාවක් නොව, නර්තනය, රංගනය සහ ඉසුයුම් භාව ප‍්‍රකාශනය යන අංගත‍්‍රයෙහි මනා සුසංයෝගයකි. චිත‍්‍රසේනයන්ගේ පරමාදර්ශී මුද්‍රා නාට්‍යයවන කරදිය සහ නල දමයන්ති යන කෘතීන්හි සාර්ථකත්වයට උරදුන් මුඛ්‍ය සාධකයක් වන්නේ වජිරාගේ ප‍්‍රබල රංගනයයි. පීඩිත ධීවර තරුණියක ලෙසින් නාට්‍යමය හා භාවරූපී රංගනයක් මගින් කරදිය මුද්‍රා නාට්‍යයේ ‘සිසී’ ලෙසින්ද අතිශය සංගීතමය හා සෞන්දර්ය පූර්ණ රංගනයක් ඔස්සේ නල දමයන්ති හි හංසයා ලෙසින් ද ඇය උපරිම ශිල්පීය සීමා සටහන් කරන්නී. ලාංකේය මුද්‍රා නාට්‍ය චරිතාංග රංගනයේ ප‍්‍රමිතීන් ස්ථාපිත කරයි.
නිවැරදි රේඛා සෞන්දර්ය හා හැඩ තලවලින් සමන්විත නර්තනයක්. භාවාතිෂයමුක්ත මනා පාලනයකින් යුත් ප‍්‍රකාශනාත්මක රංගනයක් සිය ප‍්‍රබල පෞරුෂයක් නිසාම වජිරා ජගත් මුද්‍රා නාට්‍ය සහ නව නර්තනයෙහි මහා නර්තනියන් වන ගලීනා උලනෝවා, මාර්කා ග‍්‍රැහැම් වැන්නවුන්ගේ තලයේ වැජඹෙන්නට සුදුසුකම් ලබන්නීය.
20 වන සියවසේ වේදිකා රංග වින්‍යාසය (Choreography) නම් විෂය තුළ වජිරා අතික‍්‍රමණය කිරීමට සමත් ශිල්පිනියක ශී‍්‍ර ලංකාවේ මෙතෙක් පහළ නොවූ බව මාගේ විශ්වාසයයි. සෞන්දර්යාත්මක මෙන්ම නාට්‍යමය රංග රචනා ඔස්සේ සාම්ප‍්‍රදායික ගැටුමක ප‍්‍රතිනිර්මාණයක්, මුද්‍රා නාට්‍යයක හෝ වෙනත් නිර්මාණාත්මක නර්තනයක වේදිකාවේ ඉදිරිපත් කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමට නම් වජිරාවන්ගේ විවිධ නිර්මාණ සම්ප‍්‍රදාය ඊට ප‍්‍රමාණවත් වේ. තෝරාගත් ප‍්‍රස්තූතයක් පේ‍්‍රක්‍ෂකාභිිමුඛ කිරීම සඳහා දෙන ලද බෙර පදයේ, ගායනයේ හෝ සංගීත කණ්ඩයේ භාවය සහ හැඩය ශාරීරික චලන මගින් ප‍්‍රතිරූපණය කිරීම වජිරාවන් ගේ රංග වින්‍යාස ක‍්‍රමවේදයේ ප‍්‍රබල අංගයකි. ඒ සඳහා බෙර පදයේ හෝ සංගීතයේ භාවමය මූල්‍ය හා සබැඳි චලන මූලය ස්පර්ශ කිරීමටත් ඒ තුළින් අතිශය කලාත්මක වූ චලන විකාශය කිරීමටත් ඇය තුළ වූ අපූර්ව හැකියාව දිගු කලක් චිත‍්‍රසේනයන් යටතේ ලැබූ පරිචය, විදෙස් කෘති අධ්‍යයනය තුළින් ලැබූ ඥානය සහ ශිල්පිනියක ලෙස සතතාභ්‍යාසයෙන් ලැබූවක්ම බව ඇය මෙසේ ප‍්‍රකාශ කරයි. ‘නැටුම් ශිල්පිනියකව සිට නර්තන නිර්මාණකරණයට පිවිසීම මට දැවැන්ත පියවරක් වුණා. කලාකරුවකු ලෙස මගේ ස්වාධීනත්වය හැදෑරීමට එය හොඳ අවස්ථාවක් වුණා. දෙන ලද අඩි රටාවන් විවිධ ලෙස පෙළ ගස්වමින් මා නිර්මාණයේ යෙදුණා. එය පවතින නැටුම් රටාවන් වැඩි දියුණු කිරීමක් වුණා. බෙර පද දෙකක් අතර අත් පා පිළිවෙළට තබා ගැනීම් ආදිය සඳහා සරල රීති මේ තුළින් නර්තනයට එකතු වුණා. නැටුම් ශිල්පිනියක් වශයෙන් මා ලද තෘප්තියට වඩා වැඩි තෘප්තියක් මා නැටුම් නිර්මාණයෙන් ලැබුවා.’
‘ලෝකයේ වෙන රටවල විවිධ නැටුම් ක‍්‍රම පිළිබඳව මා ලැබූ අත්දැකීම්, දේශීය නැටුම් ක‍්‍රම හා සංකලනය කරමිනුයි මා නැටුම් රඟ දැක්වීමෙහි හා නිර්මාණකරණයෙහි යෙදෙන්නේ. පේ‍්‍රක්‍ෂකයාට අප කියන්නට යන දේ හරියාකාරව ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේදිකා ශිල්ප, එනම් සංගීතය, ආලේකකරණය, රංග වස්ත‍්‍ර ආදිය පිළිබඳව මා ඉගෙන ගත්තේ චිත‍්‍රසේන කලායාතනයෙනි. (උපුටනය වජිරා සමග පිළිසඳරක් වජිරා චිත‍්‍රසේන 50 අවුරුදු නර්තන සැමරුම් කළඹ 1996)
වජිරාවන්ගේ රංග වින්‍යාස ආභ්‍යාසයන් අතර සුවිශේෂ වූ කෘති දෙකක් පිළිබඳව සඳහන් කරනු කැමැත්තෙමි. ඉන් එකක් නම් 1967 දී ඇය නිර්මාණය කළ ‘ගිනි හොරා’ මුද්‍රා නාට්‍යයයි. එතෙක් ලාංකේය මුද්‍රා නාට්‍යයෙහි වූ ගීත භාවිතය බැහැර කොට (චිත‍්‍රසේන කරදිය සහ නල දමයන්ති තුළ ගී භාවිතය අවම කළා) සම්පූර්ණයෙන්ම සංගීතයේ හා නර්තනයේ සුසංයෝගයෙන් නාට්‍යමය රංග වින්‍යාසයක් වජිරාවන් මෙහිදී නිර්මාණය කළාය. උඩරට නැටුමේ මූලයන් මත පිහිටුවමින් බටහිර සමකාලීන නර්තනයේ යම් ආභාසයක් සහිතව නිර්මාණය කළ එම මුද්‍රා නාට්‍යය ශී‍්‍ර ලංකාවට නව්‍ය රංග වින්‍යාස ආකෘතියක් හඳුන්වා දුන්නා.
දෙවැනි කෘතිය නම් චිත‍්‍රසේනයන්ගේ අධීක්‍ෂණය යටතේ 1983 වජිරා රංග වින්‍යාසය කළ ‘ශිවරංග මුද්‍රා නාට්‍යය යි. හුදු ශ‍්‍රවණය සඳහා නිර්මිත දීර්ඝ සංගීත කෘතියකට තේමාවක් අන්තර්ගතකොට එය රංග වින්‍යාසයක් මගින් ඉදිරිපත් කිරීමට ලාංකික වේදිකාව තුළ උත්සහ කළ ප‍්‍රථම අභ්‍යාසය ශිවරංග වේ. (පණ්ඩිත් රවිශංකර් ගේ සංගීත කෘතියක් මීට පාදක විය) සංගීත කෘතියේ හැඩ රුව හා විකාශය ඔස්සේ කථාව වර්ධනය කරමින් නාට්‍යමය රංග වින්‍යාසයක් මගින් ශිව හා පාර්වතීගේ කතාව අත්‍යාලංකාර හා උත්කර්ෂණීය රංගයක් ලෙසින් වජිරාවන් නිර්මාණය කළාය.
චිත‍්‍රසේනගේ සිසුවිය ලෙසින් ඇරඹි ඇයගේ දීර්ඝ නර්තන දිවිය ජාතික සහ ජාත්‍යන්තර රංග ශාලාවලින් නැඟුණු අඛණ්ඩ පේ‍්‍රක්‍ෂක අත්පොළසන් හඬ මැඳින් මේ දක්වාම චිත‍්‍රසේනයන්ගේ කලාව ද ආලෝකමත් කරමින් ශිෂ්‍ය පරම්පරා තුනක් හරහා චිත‍්‍රසේන සම්ප‍්‍රදායේ වත්මන් නියෝජිතයන්ටද අනුප‍්‍රාණයක් වෙමින් ලාංකේය නර්තන කලාව අනාගතය දක්වා ගෙන යන මහා යාත‍්‍රාවක් බවට පත්වී ඇත.
 
වජිරා චිත්රසේන මහත්මියගේ දියණිය

වජිරා චිත‍්‍රසේන - ශී‍්‍ර ලාංකේය කාන්තා නර්තනයේ අභිමානනීය පෞරුෂය
දේශබන්දු ආචාර්ය වජිරා චිත‍්‍රසේන මහත්මිය ඉන්දීය රජයෙන් පිරිනැමුණු ‘පද්ම ශ‍්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබු අයුරු. වජිරාවන්ගේ සමස්ත කලා මෙහෙවර ධාරාවන් කීපයක් ඔස්සේ පහත අයුරින් සඳහන් කළ හැකිය. නිවැරදි රේඛා හා හැඩතල පවත්වා ගනිමින් සාම්ප‍්‍රදායික රාමුව නොබිඳිමින් එය වඩාත් ප‍්‍රසාරණය කරමින් උඩරට නර්තනයෙහි ලාස්‍ය ආකෘතිය ස්ථාපිත කිරීම.
කරදිය ‘සිසී’, නලදමයන්ති ‘හංසයා’ හා චණ්ඩාලිකා ‘මායා’ වැනි චරිත ඔස්සේ ශී‍්‍ර ලාංකේය මුද්‍රා නාට්‍ය චරිතාංග රංගනය පිළිබඳ ප‍්‍රමිතීන් සකස් කිරීම. ‘කරදිය, නල දමයන්ති, කිංකිණි කෝළම, ශිවරංග’ යන මුද්‍රා නාට්‍ය හා අනිකුත් මුද්‍රා නාට්‍යවල රංග රචනා ඔස්සේ ශී‍්‍ර ලංකාවට උචිත නූතන මුද්‍රා නාට්‍ය රංග වින්‍යාසයන් හා අංග චලන ව්‍යාකරණයක් හඳුන්වාදීම 1950 දශකයේ සිට පුරෝගාමී ළමා මුද්‍රා නාට්‍යය නිර්මාණය කරමින් ඒ සඳහා පැහැදිලි ආකෘතියක් හඳුන්වාදීම. හුදු සාම්ප‍්‍රදායික නර්තනයන්ගේ පරිපූර්ණ වේදිකා නර්තන ශිල්පියෙකු පුහුණු කිරීම සඳහා සාම්ප‍්‍රදායික මූලයන්ගේ ආභාසයෙන් පුළුල් සරඹ අභ්‍යාස හා චලන මාලාවක් නිර්මාණය කිරීම. තමාගෙන් පසු ජාතික තලයට පැමිණිය හැකි වෘත්තීය මට්ටමේ දෙවැනි ගෝල පරපුරක් බිහි කිරීම. වසර හැත්තෑවක ශී‍්‍ර ලාංකේය නව නර්තන ඉතිහාසය තුළ ගුරුවරියක හා නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කළ වජිරා චිත‍්‍රසේනයන් අතික‍්‍රමණය කිරීමට කිසිදු ලාංකේය නර්තන ශිල්පිනියකට මෙතෙක් නොහැකි වීය.

ලාංකේය ස්ත්‍රී නර්තනයේ විශිෂ්ට සම්ප්‍රදානය උදෙසා ලක් රජයෙන් පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානයක් වන‘‍‍දේශබන්දු’ඇගයුමෙන් වජිරා චිත්‍රසේන පිදුම් ලැබ සිටින්නී ය. එමතු ද නොව, ඇයට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ‘දර්ශන සූරී’ උපාධිය පිරිනැමුවේ දේශීය නර්තන කලාව අරබයා දැක්වූ සම්ප්‍රදානයෙහි අගය වටහා ගනිමිනි. එහෙත් නර්තනයේ, වෙසෙසින්ම මුද්‍රා නාට්‍යයේ පුරාවෘත්ත සේ මතකයට නැඟෙන කාන්තා භූමිකා ගණන අතලොස්සකි. ලාංකේය නර්තනයේ, වෙසෙසින්ම මුද්‍රා නාට්‍යයේ පුරාවෘත්ත සේ සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ටතම නර්තනාංගිකාව වන්නී, වජිරා චිත්‍රසේන බවට විවාදයක් නැත. ලාංකේය ස්ත්‍රී නර්තනයේ විශිෂ්ට සම්ප්‍රදානය උදෙසා ලක් රජයෙන් පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානයක් වන‘‍‍දේශබන්දු’ඇගයුමෙන් වජිරා චිත්‍රසේන පිදුම් ලැබ සිටින්නී ය. එමතු ද නොව, ඇයට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ‘දර්ශන සූරී’ උපාධිය පිරිනැමුවේ දේශීය නර්තන කලාව අරබයා දැක්වූ සම්ප්‍රදානයෙහි අගය වටහා ගනිමිනි.

 
වැඩි දුර අධ්‍යනය අවැසි නම් ගුරු සහය ලබාගන්න. (උපුටා ගැනීම් සහිතයි.) 
 රෂාමා වීරසිංහ

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...