“ගරායක් ශාන්ති කර්මය” අපූර්ව හෙළ භූත විද්‍යා අංගයකි. දඹදිව විසූ හේමදන්ත රජුට හා එම දේවියට දරුවන් දෙදෙනෙක් වූහ. ඒ දළ කුමරු හා ගිරි කුමාරිය නම් වූවාය. සොළොස් වියට පත් කුමාරයාට කුමාරියක් සේවුවද ඉන් පලක් නොවුණි. දළ කුමරු සරණපාවා ගැනීමට කිසිම කුමරියක් තෝරා ගත්තේ නැත. සෑම කුමරියක් කෙරෙහිම පිළිකුලක් දක්වන ලදී. “බැරිම තැන පියරජු විවිධ දේශකයන්ගෙන් කැඳවන ලද කුමරියන් හා රජවාසල කුමාරිකාවන් ඇතුළු 500 දෙනා පමුණුවා අයකු තෝරා ගැනීමට නියම කළේය. මෙහිදී දළ කුමරු මෙහෙසිය ලෙස තෝරා ගත්තේ නැඟෙණිය වූ “ගිරි” කුමාරියයි. ඉන් කලබලයට පත් පිය රජු සිද්ධිය රහසක්ව තබා ගැනීමට වෙහෙසුණි. එහෙත් ගිරි කුමරිය ගැබ්ගැනීමෙන් සියල්ල අනාවරණය විය. ලැජ්ජාවට පත් ගිරි ඇසළ වනයේ ගසක එල්ලී සියදිවි නසා ගත්තේ ය. මින් කෝපයට හා ලැජ්ජාවට පත් දළ කුමරු වන වැදී තවුස් දම් පිරීය.
මෙයට සමකාලීනව කතරගම ස්කන්ධ කුමරුගේ හා වල්ලිමාතාවගේ විවාහය යෙදුණි. එම මංගල්‍යයට වැදි රටට යාම සඳහා ස්කන්ධ කුමරු පත්තිනි මෑණියන්ගේ උපකාර පැතීය. එහි යාම සුදුසු දැයි පත්තිනි මැණියන් දිවැසින් බැලීය. මඟුල් මඩුවේ සතුන්ගේ ලේ හා මස් වර්ග පෙනිණ. මේ අපිරිසුදු බිමට පා නොතැබිය යුතු හෙයින් එම ස්ථාන පිරිසුදු කිරීමේ ක්‍රමයක් සෙවීය.
ඒ
ගැන කල්පනා කිරීමේ දී දඹදිව දඹරුක මුල තවුස් දම් රකින දළ කුමරු දැකීය. ඔහු
ඉදිරියේ පෙනී සිටි පත්තිනි මෑණියන්, කළ යුතු දෙය තවුසාට විස්තරකර දුන්, දළ
කුමරු ගරායක් වෙස් ගෙන වැදි රට වල්ලිමාතාවගේ මඟුල් මඩුවට කඩා වැදුණේ ය.
යක් වේසය දුටු වැද්දන් හිසලූලූ අත පලාගිය අතර වල්ලිමාතාව පමණක් මඟුල් මඩුවේ
ඉතිරිවුණි. ගරායකු මඟුල් මඩුව වමතින් ගෙන හක්කේ තබාගෙන සියලු කෑම බීම කා
දැමූ බව සඳහන්ය.
සිය
කාර්ය මනාව ඉටු කිරීම පිළිබඳව සතුටට පත් පත්තිනි මෑණියන් හා ස්කන්ධ කුමරු
ගරා යක්ෂයාට වර දුන් බව සඳහන්ය. මේ නිසා ගම්මඩු, දෙවොල්මඩු, මල්මඩු,
තුන්දාගිරි මඩු, දානෙ මඩු අවසානයේ ගරායකු සිහිකර පූජා පැවැත්වීම පැවත
එන්නේය.
Gara Yaka Dance at Maharagama Gammaduwa
පමුණුව දේවාල පාර ගම්මඩුව ගරා යකා ශාන්තිකර්මය 2022
පමුණුව දේවාල පාර ගම්මඩුව ගරා යකා ශාන්තිකර්මය 2022
Garayak Shanthikarmaya | ගරායක් ශාන්ති කර්මය
Mahanama College Dewol Maduwa - 2022
Kaduwela Rankadu Pattini Dewalaya Garayaka Dance
සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ ගරා සෙත් ශාන්තිය
සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ ගරා සෙත් ශාන්තිය
සාම්ප්‍රදායික ගරායක් රංග භූමිකාවේ සුවිශේෂි පිළිගැනීමකි. එනම් ගරා යකුට දොළොස් අවතාරයක් ඇතැයි යන්න පිළි ගැනීමයි. මෙකී දොළොස් අවතාර නම් කිරීම හඳුනා ගැනීම වැදගත්ය.
කීලගරා, සෝලන් ගරා, මෝලන් ගරා, අඳුන් ගරා, සඳුන් ගරා, පට්ටිගරා, ඔකඳ ගරා, ජලගරා, පුෂ්ප ගරා, සොහොන් ගරා, වටගරා, තොටගරා යනුවෙනි.
Traditional Ritual Devil Gara Dance
ශ්‍රී රන්කඩු දේවාලයේ දිය රැණ කෙළිය සහ ගරා ශාන්තිකර් මය 2022
යක් ශාන්තිකර්මවල මනස්කාන්ත කවි ගායනා වේ. එහි ගරා මුහුණ සම්බන්ධව ගැයෙන කවියකි.
සිරිස මිණි මකුටත්
මූණ නයිපෙණ තුනෙන් බබලත්
ඇස් දෙක ගොපලු වෙත්
දෙතොල රත් පැහැ සුදුව නළදත්
ගරා යකුමේ දී ඇදුරන් කරන දේව පූජාව ඉතා අලංකාර නිරූපණයකි. අයිලය පදිමින් ගරායකුට ආරාධනා කිරීමට ගයන කවි කීපයකි. ඉන් එක් කවියක් මෙලෙසය.
Rare Devil Gara Yaka Mask Dance - Arawwala
(Three-day Gee Madu Festival) Gammaduwa 2023
යකු තෝ ගරානම්
තොගේ අඹු ගිරි දේවි නම්
රුවින් මනහර නම්
කියමි ආරාධනා කවි නම්
ගරා මුහුණ බැඳගත් ඇදුරු අයිලයට නැඟ රැඟුම් දක්වයි. මෙහි සිදුවන විකට දෙබස් හුවමාරුව විනෝද ජනකය. ගරායක් උපත දැක්වෙන වගතුග සිත්ගන්නා සුළුය. අනතුරුව ගරායකුට වෙන්කළ පූජාව පිළිගැන්වේ. ගෙවල් නිවීම සඳහා කියන කවි පන්තියේ රසවත් කවියකි.
මිහිකත මේ ගෙට වඩින්න තිත්තේ
පුන් කළසක් පිට වැඩ ඉඳ ගත්තේ
ගොමද තියෙන දොස රොක්කර ගත්තේ
එතනින් බිය දෙස සිට ඉල පත්තේ
ගරා යකු සබයට කැඳවන බෙර වාදක ගයන කවි පන්තියකි. එහි එක් කවක් මෙහි සඳහන් කිරීම වැදගත්ය.
විරාජිත කර පෙම
ගරායකු ලෙස බැස බිම
උරා බොන ලේ හැම
ගරායක් කෝලමක මනරම
මෙහි දැක්වෙන්නේ කෝලම් නැටුම් සම්ප්රදායේ ගරායක් නිරූපනයයි. මෙයට වෙනස් ආකාරයෙන් ගරා යක් ශාන්ති කර්ම පැවැත්වේ.
ගරා යක් කෝලම් නැටුම් අවසන පින්දීම සිදුකරයි. මළගිය ඥාතීන් ඇතුළු සියලු සත්වයන්ට පින්දෙනු ලැබේ. මෙම පින්දීමේ දී සියලු නැට්ටුවන් මල් යහන් ඉදිරිපස නමස්කාර කරගෙන සිටියි. බෙරවාදයකු සෙමෙන් බෙර හඬවද්දී පින්දීමට ගයන කවියක් මෙසේය.
සසඟ සියල් ඔබ ලොව වැසෙන දෙවියනී
උරග ගුරුළු යක් බුනර අසුරනී ගරා යක් කෝලම් නැටුම් අවසන පින්දීම සිදුකරයි. මළගිය ඥාතීන් ඇතුළු සියලු සත්වයන්ට පින්දෙනු ලැබේ. මෙම පින්දීමේ දී සියලු නැට්ටුවන් මල් යහන් ඉදිරිපස නමස්කාර කරගෙන සිටියි. බෙරවාදයකු සෙමෙන් බෙර හඬවද්දී පින්දීමට ගයන කවියක් මෙසේය.
සසඟ සියල් ඔබ ලොව වැසෙන දෙවියනී
තොළඟ ළඟ වැසෙන දිය ගොඩ සව් සකුනී
සමඟ මෙපින් අනුමෝවත් බැති සිතිනී
සිය ගායනය සමඟ කෝලම් නැටුම අවසන් වන්නේය.
ආචාර්ය පණ්ඩිත වෛද්‍ය ලක්ෂ්මන් වසන්ත රුක්මාල්
#Gara_Yaka #Paththini_Devalaya #Kaduwela #Rankadu #Diya_kapime mangalya
#water Cutting Ceremony Diya kapana mangalya, Diy kapime mangalya
#පත්තිනි දේවාලය #කඩුවෙල #නවගමුව #paththini
maniyo රන් අසිපත, මුල්ලේරියා රණබිම, මුල්ලේරියා යුද්ධය, ඉපැරණි රණ නර්තන
සම්ප්රදාය, කොරතොට සටන් ශිල්පීන්, කඩු පළිහ වාහල නැටුම, දිය රණ කෙළි
මංගල්‍ය 2022 @kaduwela @paththinidevalaya @kadudewolapattini #ගරායකා
#gammaduwa #Mask or Devil Dance #Sri Lanka
#kaduweladewalaya #kaduwelasrirankadupaththinidevalaya
#Rankadupaththinidevalaya
#kaduweladewalaya #කඩුදෙවොලසිද්ධරංකඩුපත්තිනිදේවාලස්ථානයේ
#211වනඇසළපෙරහැරමංගල්‍යයේ
#ඇසළපෙරහැරමංගල්‍යය #esalaperahara #tharaka #kaduwelatharaka
#rankadutharaka



No comments:
Post a Comment