Monday, February 12, 2024

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටාව, ස්වභාවය, ඇදුම, නේපථ්‍යය, ආභරණය හා වේශය යන්න වේ.
 
කෝලම් නාට්‍ය කවර කාලෙක ප්‍රභවය වූයේ දැයි නිශ්චිත ව සදහන් කළ නො හැක. කෝලම් උපත් කතාවට අනුව කෝලම් ප්‍රභවය වී ඇත්තේ මහා සම්මත රජතුමාගේ බිසවට ඇති වූ දොළ දුක සංසිදවීම සදහා ය. මෙම කතා පුවත හැරෙන්නට වෙනත් උත්පත්ති කතා ද කෝලම් උපත සම්බන්ධ ව ඇතත් ඒවායේ ද සදහන් වන්නේ මෙම කතා පුවතට සමාන කතා ප්‍රවෘත්තීන් ය.
 
 
කෝලම් රංගනයේ ප්‍රභවය පිළිබඳ සෘජුව කරුණු සදහන් ඉපැරැණි ලිපි ලේඛන කිසිවක් නොමැති අතර සම්භාව්‍ය සාහිත්‍යයේ දැක්වෙන සදහනකින් කෝලම් රංගනයේ අතීතය පිළිබඳ තොරතුරක් ලබා ගත හැක. එම තොරතුර සදහන් වනුයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජ්‍ය සමයෙහි වීදාගම හිමියන් විසින් රචනා කරන ලද ලෝවැඩසගරාවෙහි ය.
 
වත්මනෙහි කෝලම් රංගනයන්හී රග දැක්වෙන හා අතීතයේ කෝලම් රංගනයන්හී රග දක්වා ඇති කෝලම් චරිත මෙසේ ය.
  •  
  • අණබෙර
  • හේවාරාල
  • ආරච්චි රාල
  • මුදලිතුමා
  • රජතුමා සහ පිරිවර
  • කලිගු රජතුමා
  • නාග කන්‍යාව
  • මෙහෙසුරු උමා
  • ලෝකාධිපති යකු
  • නාග රාක්ෂ
  • රත්නකූට යක්ෂයා
  • අසුර යකා
  • නීලගිරි යකා
  • ආඩිගුරු
  • දේවගිරි කල්‍යාණිය
  • අනංග බහිරව
  • නාගමාර රකුසා
  • අගනාදී යකු
  • ගරුඩ රාක්ෂයා
  • විදුර ජාතක කතාව
  • සිංහ රජු
  • වලස් නැටීම
  • ගොන් දිවි කතාව
  • සදකිදුරු කතාව
  • පේඩි කෝලම
  • අප්පුවරු
  • ලන්දේසි කෝලම
  • ගුරුලු කෝලම
  • ගම කතාව
  • මනමේ කතාව
  • දේව ගිරි යක්ෂයා
  • බඩ දරු කතාව
  • ගෝඩිම්බර කතාව
  • දෙමළ අගන
  • කොක් කෝලම
  • මහලු යුවල
  • බහිරව යකා
  • බලු නැටවීම
  • ගිරි දේවි
  • වීරබද්දන යක්ෂයා
  • මරුවා
  • ගරා යකු
  • කරපිට කෝලම
  • නාගරාක්ෂ කෝලම
  • නාගකන්‍යා කෝලම
  • ගුරුළු රාක්ෂ කෝලම
  • මරු රාක්ෂ කෝලම
  • පූර්ණක රාක්ෂ කෝලම
  • ගරුඬ රාක්ෂ කෝලම
  • සුරඹාවල්ලිය කෝලම
  • පංචනාරිඝටය කෝලම
  • නාරිලතා කෝලම
  • සිංහ කෝලම
  • ගොංකොටි කෝලම
  • සඳකිඳුරු කෝලම
  • මනමේ
  • කාපිරි කෝලම
  • අන්ධභූත කෝලම
  • වෙස්සන්තර කෝලම

මෙකී කෝලම් රංගන රග දැක්වෙනුයේ කෝලම් මඩු අවස්ථාවන්හිදී ය. මෙම කෝලම් නාට්‍ය රග දැක්වීම් ලක්දිව දකුණු ප්‍රදේශයන්ට වන්නට ඉතා ප්‍රචලිත ව පැවත ඇත.

ලක්දිව දකුණු ප්‍රදේශයට අමතර ව ඌව සබරගමු ප්‍රදේශයන්හී ද කෝලම් රංගන පැවති බවට සාධක හමුවේ. මෙකී කෝලම් ඉහත සදහන් කරන ලද කෝලම් උපත් කතාව හා කෝලම් පද්‍යාවලි පෙළ සමග සම්බන්ධ නොවේ. මෙම රංගන ඌව සබරගමුවේ පිහිටි කතරගම දේවාල මූලික කර පැවති කෝලම් රංගන බව තොරතුරු ගවේෂණයේ දී හදුනා ගත හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම කෝලම් රංගනය කිරීම සදහා ම වෙන්වූ කෝලක්කාර පංගුව නම් වෙනම නිලයක් ද මෙම දේවාල ආශ්‍රිත ව ක්‍රියාත්මක වී තිබීමයි . එම නිලයේ ප්‍රධාන රාජකාරිය වී ඇත්තේ දේවාලයේ ඇසල පෙරහර මංගල්ලයේ දී කෝලම් රංගන ඉදිරිපත් කිරීම බව ඉපැරැණි මූලාශ්‍රයයන්හි සදහන් වේ. එම කෝලම් අතරින් ඇත් කද ලිහිණි කෝලම යනු එක් කෝලම් රංගනයකි. ඌව සබරගමුවේ ව්‍යාප්ත දේවාලයන්හී මෙකී රංගනය ඉදිරිපත් කරනුයේ ඇසල පෙරහර මංගල්ලයේදී ය. ඇසල පෙරහර මංගල්ලයේදී දේවාලයෙන් දේවාභරණ පිටතට වැඩම කරවීමෙන් අනතුරු ව දේවාභරණ ඉදිරියේ මෙම කෝලම් නර්තනය රග දැක්වේ. ඌව සබරගමුවේ වෙසෙන කෝලක්කාර පරපුරු සතු ඇත් කද ලිහිණි කෝලමේ පෙළ මෙසේ ය.

  1. ආලත්ති පදය
  2. ගමන් පදය
  3. කවි තාලය
  4. ඇත් කද ලිහිණි පදය
  5. වැදුම් අත් පදය

ඇත් කද ලිහිණියා යනු සිංහල කැටයම් මෝස්තර කලාවේ ද දක්නට ඇති කාල්පනිය සත්ව රූප ගණයට රෑපයකි. මෙම ඇත් කද ලිහිණි රූපය ප්‍රථමයෙන් ම හමුවනුයේ ගම්පොල යුගයේදී ය. මෙම පක්ෂියා මූලික කර සිංහල ජන සමාජයේ ජන කතා ද නිර්මාණය වී ඇත. එම කතා පුවත් අනුව මෙම පක්ෂියා මෙරට පක්ෂියෙක් නො ව ඉන්දියාවේ හිමාලයේ විසූ පක්ෂියෙකි. හිස ඇත් හිසකින් හා කද ලිහිණියෙකුගේ මෙන් වන් හෙයින් ඇත් කද ලිහිණියා නමින් මෙම පක්ෂියා හදුන්වා ඇත. මෙම පක්ෂියා සාමාන්‍යයෙන් මත්ස්‍යයින් ආහාරයට ගන්නා අතර එසේ මත්ස්‍යයන් ඩැහැගත් විට උස ගසක සිට තමා ඩැහැගත් මත්සයා ආහාරය ගනී. ප්‍රමාණයෙන් විශාල මත්ස්‍යයෙකු ගොදුරු වූ විට මානිංගම ගලට( අවිස්සාවේල්ලට නුදුරින් පිහිටි ගමක්) ගොස් එම මත්ස්‍යයාගේ හිස පමණක් ආහාරයට ගත් බව ජනශ්‍රැතියේ සදහන් වේ. මෙම විස්තර තතු දැන ගත් සීතාවක රාජසිංහ රජු ඇත් කද ලිහිණියා ඉවත දමන මත්ස්‍යයින්ගේ කොටස් එකතු කිරීමට “මානියංගම” ප්‍රදේශයේ මිනිසුන් පදිංචි කර ඇත. එම පිරිස් අතර සිටි “ගලබලනගේ” නමින් පෙළපත් නාමයක් හිමි පරම්පරාවක් වර්තමානයේ ද මේ ප්‍රදේශයේ වාසය කරන බවට තොරතුරු ලැබේ.

මෙම විශාල පක්ෂියා හේතුවෙන් සීතාවක හා අවට ප්‍රදේශ වාසීන්ට තවත් ප්‍රශ්ණ රාශියක් ඇතිවන්නට විය. විශාල හඩක් හිමි ඇත් කද ලිහිණියා රාත්‍රි කාලයේ නිරන්තරයෙන් කෑගසන්නට පටන් ගෙන ඇති අතර ඒ හඩට මිනිසුන් නිරතුරු ව බිය විය. තැන තැන දැමූ මත්ස්‍ය ආහාර කොටස් නිසා අවට පරිසරය ද දුර්ගන්ධ විය.මෙ වැනි වූ පීඩා නිසා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් මෙම පක්ෂියාට වස් කවියක් තනවා කියූ බවත් එම කවිය කීමෙන් පසු මෙම පක්ෂියා දක්නට නො ලැබූ බවත් ජන කතාවන්හී සදහන්වේ. ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් කියන ලද බව සදහන් ජනශ්‍රැතියේ එන පද්‍ය පහත දැක්වේ.

රන්වන් තුඩින් ඉගි බිගි කරන ගෙල තුල
මන්සන් තොසින් කියනා දෙය අසව බොල
වංහුං දනිති ගෙදරක නම් මෙතට බොල
දැන් පිං පිණිස වෙන තැනකට යන්න පල


මෙම කෝලම් නර්තනයට අයත් පද්‍යාවලි රචනා කරන ලද නර්තන හා එම නර්තනයන්ට උචිත බෙර පද නිර්මාණය කරන ලද නිර්මාණ ශිල්පීන් පිළිබඳ තොරතුරු නොමැත. නමුත් මෙම නර්තනය කතරගම දෙවියන් උදෙසා ඉදිරිපත් කරන ලද නර්තනක් බව මෙම කෝලමට අයත් පද්‍යාවලි විශ්ලේෂණයේ දී හදුනා ගත හැක. එමෙන් ම මෙම කෝලම් නර්තනය ද දේශීය නර්තනය කලාවට අයත් වටිනා උරුමයක් බව කිව යුතුය. 

ලක්දිව නර්තන කලාව පිළිබඳ ගැබුරින් අධ්‍යයනයන් සිදු කරන්නේ නම් මෙවැනි නර්තන, මෙම නර්තන බිහිවීමට බලපෑ සමාජ පසුබිම හා දේශීය නර්තන කලාව බිහිවීමට බලපෑ හේතු පිළිබඳ නිසි ලෙස අවබෝධ කරගත හැක. 

ඌව සබරගමුවේ ව්‍යාප්ත කතරගම දේවාල ආශ්‍රිත ව පැවති මෙම කෝලම් රංගනය ප්‍රථම වරට ප්‍රාසංගික ව වේදිකා ගතවූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේ පැවති ඌව රංග කලා සම්ප්‍රදාය හා ගී මඩු පුරාණය යන කෘති එළිදැක්වීමේ උත්සවයේදී ය.

(මෙම නර්තනය ප්‍රථමයෙන් ම වේදිකාවට ගෙන ආවේ රමිත් චන්ද්‍රසේකර විසින් බව නිහතමානී ව හා ආඩම්බරයෙන් සදහන් කරමි. වේදිකාවේ ඉදිරිපත් කරන ලද ඇත් කද ලිහිණි කෝලමට අයත් රූප පෙළක් පහත දැක්වේ.)

Tuesday, January 30, 2024

පන්නිපිටිය දෙව්රම් මහා විහාරය - මැදින් මහා පෙරහැර

වසර 2550 කට එපිට බුදුන් වහන්සේගේ සිරි පා පහස විඳ අති පූජනීයත්වයට පත් දඹදිව් තලයේ දෙව්රම් වෙහෙර බොහෝ සැදැහැවතුන් නෙතින් දැක නැතත් බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරු පරිශීලනය කිරීමේදී තම තමන්ගේ සිතේ චිත‍්‍රනය වෙන සිහින දෙව්රම් වෙහෙරක් තුළ ඔවුන් සැරිසරන්නට ඇත. ඇත්තෙන්ම දෙපානම - පන්නිපිටිය දෙව්රම් වෙහෙරට පිවිසෙන්නෙකුට සිතෙන්නේ ඒ සිහිනය තුළ තමන් තවත් සැරිසරන බවයි. ඒ තරමටම දෙව්රම් වෙහෙර තුළ ඓශ්චර්ය හා සුන්දරත්වයද සමග කැටි කළ නිර්මාණ ශිලීත්වය දක්නට ඇත. මේ රම්‍ය කෙම් බිමට පිවිසි විට කුමක් මුලින් ලිවිය යුතු දැ’යි සිතෙන තරමට ලියන්නට දකින්නට බොහෝ දෑ ඒ තුළ ඇති බව පෙනී යයි.

පන්නිපිටියේ දෙව්රම් වෙහෙර 1999 සැප්තැම්බර් 24 වැනි දින තුනුරුවනට පූජා කළ මොහොත සිහිවීම සඳහා එහි ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද ශිලා ලේඛනයේ - තෛ‍්‍රනිකායික මහ නායක හිමිවරුන්ගේ පහත දැක්වෙන වදන් පෙළ සටහන් වී තිබේ.

‘පාරමිතා පුරන උතුමන්ට මනු ලොව මහා පුණ්‍ය තලයකි. ජීවිතය සැපදායක වන්නේද සිත්වල උපදින සිතිවිලි අනුව ය. සියලු දුක් සැප මධ්‍යස්ථ සිතකින් දරාගත හැකි නම් ඔවුහු ජීවිතයේ කවදා හෝ ජය ලබන්නෝය. නිවන් මඟ පසක් කර ගන්නෝය. පන්නිපිටිය දෙව්රම් මහා වෙහෙර බිහි වූයේ ස්ථාන ගොඩනැගීමට නොව, සන්තාන ගොඩනැගීමට ගත් වෙහෙසකි.

මේ උතුම් පින්බිම බුදුසසුනට ලැදි සියලු දෙව් මිනිසුනට උපහාරයක් වේවා. පාපයට බර ලෝකය පිනට බර කරවන සසර සැනසුම උදාකරන පිවිතුරු පුදබිමක් වේවා.’

බුද්ධ චරිතය හා බැඳුණූ විවිධ අවස්ථා සහ ශාසන ඉතිහාසයට සම්බන්ධ නොයෙකුත් ස්ථාන පිළිබඳ මූර්ති හා සිතුවම් ඇතුළත් දෙව්රම් වෙහෙර රමණීය පින් බිමකි. එම වදන් පෙළ ආරම්භය සඳහා මා තෝරා ගත්තේ පන්සලක ආකෘතියෙන් ඉදිරියට ගිය දෙව්රම් වෙහෙර පිළිබඳ යම් හැඟීමක් මෙය කියවන සැදැහැති බෞද්ධයන්ට ලබාදීම සඳහාය. දෙව්රම් වෙහෙරේ නිර්මාතෘ හා එහි විහාරාධිපති ධූරය දරන කොළොන්නාවේ සුමංගල හිමියන් පවසන්නේ එය තමාගේ දක්‍ෂතාවක් නොව, යහපත් සිතිවිල්ලක ප‍්‍රතිඵලයක් බවය. දෙව්රම් වෙහෙර තුනුරුවන් අභියස පූජා කරමින් සතියක් පුරා පැවැත් වූ ඒ මහා පූජාවට ශ්‍රී ලංකාවේ සියලු මහා නිකායන්හි මහා නාහිමිවරුන්ගේ වැඩමවීම ද ඓතිහාසික සිදු වීමකි.

පන්නිපිටිය ශ‍්‍රී දෙව්රම් මහ වෙහෙර නිර්මාතෘවර ආචාර්ය
කොලොන්නාවේ සිරි සුමඞගල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 
 
1964 සැප්තැම්බර් 24 වනදා කොළොන්නාවේ පූර්ණ චන්ද්‍ර විජේසිංහ සහ සුමනා හෙට්ටිආරච්චි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස උපත ලබා සොයුරු සොයුරියන් පස් දෙනෙකු ගේ ද, මව්පිය සෙනෙහස ද ලබමින් හැදී වැඩුණේ ය. කොළොන්නාව ටෙරන්ස් ද සිල්වා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබී ය. 


කුඩා කල පටන් සසර පුරුද්දට මෙන් පැවිදි දිවියට දැක්වූයේ මහත් ඇල්මකි. ඒ නිසාම දයාබර මව්පිය දෙපළ ද ඊට එකඟ කරවා ගත්හ. එහෙත් සරත් කුමරුවා කෙළි දෙලෙන් ගත කරන ගැටවර වියේ දී හිතුවක්කාර වූයේ, පෙරළි කළේ උතුම් වූ චීවරයට තම ජීවිතය පූජා කිරීමේ අධිෂ්ඨානයෙනි. මවුපියන්ගේ අවසර නොලැබෙන විට ඔහු නොකා නොබී හිඳීම නිසා රෝගාතුර වී රෝහල් ගත තිරීමට පවා සිදුවිය. සරත් දරුවා රෝහලේ දී පැවසුවේ තමා මිය ගියහොත් සිරුර කහ සිවුරක ඔතා ඔහුගේ අවසන් කටයුතු කරන ලෙස ය. සිරුරෙන් දුබල වුවද මේ උතුම් අධිෂ්ඨානය භව මග පුරා නොමියෙන ප‍්‍රබල පාරමිතාවක් බව දැන මඩිහේ මහා නාහිමියන්ගේ උපදෙස් මත මවුපියන්ගේ අවසරය ලැබ සරත් කුමරුවා පණ්ඩිත මිරිස්සේ පියදස්සී ලොකු හාමුරුදුවන් යටතේ කොළොන්නාව සාලමුල්ල ආනන්දාරාමයේ දී කොලොන්නාවේ ශ්‍රී සුමංගල නමින් උතුම් පැවිදි බිමට ඇතුළත් විය.

පැවිදි වී දෙවන දිනයේදී ම මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට වැඩම කළ සුමංගල පොඩි හාමුදුරුවන්ට අම්පිටියේ රාහුල, මඩිහේ පඤ්ඤාසීහ වැනි උතුම් යති වරුන්ගේ ගුරුහරුකම් ලැබිණි. ඊට අමතරව වලස්මුල්ලේ, තුඩාවේ අරියවංශ, මහරගම ධම්මසිරි ති‍්‍රකුණාමලය ආනන්ද, යටිරාවන ධර්මාරාම ආදී ගුරු හාමුදුරුවරු යටතේ අධ්‍යාපනය ලැබූහ. අනතුරුව දයාබර පියාණන් සමඟ දිනක් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මා හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් කොළොන්නාව සාලමුල්ල ආනන්දාරාමයේ දී මිරිස්සේ පියදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1982 ජූලි 21 වනදා පැවිදි බිමට පත්විය.පැවිදි වූ දාට පසුදා ම මඩිහේ මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට ගුරුදේවයන් වහන්සේ විසින් බාර කළහ. 


අධ්‍යාපනය හදාරන කාලයේ දී තම ගුරු දේවයන් වූ මිරිස්සේ පියදස්සී හාමුදුරුවන් ගිලන් වූයෙත් ඉමහත් කැපවීමෙන් යුතුව උන්වහන්සේට ඇප උපස්ථාන කළහ. අපමණ වෙහෙසක් ගනිමින් ඒ අතර අධ්‍යාපන කටයුතු ද කරගෙන යෑමට සුමංගල හිමියන්ට සිදු විය. උන්වහන්සේ, ප‍්‍රාචීන, ප‍්‍රාරම්භ, මධ්‍යම ආදී පිරිවෙන් විභාග සාර්ථකව නිම කරන විට ලොකු හාමුරුවන් අපවත් වීම නිසා අත්දැකීම් ද අල්ප වූ 17 වැනි වියේ දී විශාල වගකීම් රාශියක් දැරීමේ අභියෝගයට මුහුණ දීමට සිදු විය.

මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ සහ අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ වෙතින් එකල ලද අවවාද අද පවා සිහිපත් කරනුයේ උන්වහන්සේලා වෙත හද පිරි බැතියෙනි. වසර කිහිපයක් ගෙවී යත්ම ඔත්පළ වූ සිය ගුරුදේවයන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් ගිලන් උපස්ථානය සිදු කළේ ය. ඒ අතරතුර විහාරස්ථානයේ සිට කොළඹ හුණුපිටියේ ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ. ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු තෙමස් ගුණ සමරු පින්කම ද පවත්වා මිරිස්සේ උඩුපිල සුධර්මාරාමයට උන්වහන්සේ වැඩම කළහ. 

සම්භාවනීය මහ සඟරුවන වැඩ සිටි එම ආරාමයේ දියුණුවට ක්‍රියා කළ උන්වහන්සේ විවිධ ප්‍රදේශයන්හි දම් දෙසුම්වලට වැඩම කරවූහ. කුඩා කල පටන් තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කරන උන්වහන්සේ කලක් දඹදිව ත්‍රිචි ප්‍රදේශයේ සෙනසුනක දී යෝගී අභ්‍යාසයන් ද පුහුණු විය. 

තරුණ වයසේදීම නායකත්වයට අවශ්‍ය ප‍්‍රබල කුසලතා පෙන්වමින් තම වගකීම් යුතුකම් ඉතා සාර්ථකව ඉටු කිරීමට හැකියාව ලැබුණේ සුමංගල හිමියන් සතුව තුබූ දැඩි අධිෂ්ඨාන ශක්තිය නිසා යැයි අපට සිතෙයි.

කෙසේ හෝ මෙසේ ආ දුෂ්කර ගමන් මගෙහි කෙම්බිම වූ දෙව්රම් වෙහෙරේ ආරම්භය සිදු වූයේ රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා නම් රණවිරුවාට අයත්ව තිබූ දෙපානම චීනගහ කොටුන්න පාරේ පර්චස් 16 ක කුඩා බිම් කැබැල්ල ඔහුගේ දෙමවුපියන් විසින් සසුනට පූජා කිරීමෙනි.

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරය

උන්වහන්සේ කොළඹට වැඩම කළ විට විවේකීව වැඩ සිටීම සඳහා රට වෙනුවෙන් දිවි පිදූ ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා මහතා පදිංචිය සඳහා තෝරා ගෙන තිබු දෙපානම චීනගහකොට්ටුන්න පාරේ පර්චස් 16 ක භූමිභාගය ධම්මික පෙරේරා මහතාගේ දයාබර මව්පිය දෙපළ විසින් කුඩා සංඝාවාසයක් සහිතව පූජා කළහ. 1999 වසරේ එහි වස් විසූ උන්වහන්සේ වෙත සොයා පැමිණි සැදැහැති දායක පිරිස එහි නේවාසික කර ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නොඅඩුව පූජා කළහ. වසරක පමණ කලක් ගත වන විට එම භූමිභාගය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් විය. අද එය අක්කර 16කින් යුත් පුණ්‍ය භූමියකි. අද එම විහාරස්ථානය නෙත් සිත් පහන් කරවන පුණ්‍ය භූමියක් බවට පත් කර ඇති අතර විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සැදැහැවතුන්ගේ පූජෝපහාරයට ලක් වේ.

ත්‍රිපිටක දහම ශිලා ලේඛන ගත කිරීමේ ඓතිහාසික කාර්යය දෙව්රම් වෙහෙරේ දී ආරම්භ කළ උන්වහන්සේ වසර ගණනාවක සිට එම භාරදූර කාර්ය සිදු කරගෙන එනු ලැබේ. අමරපුර සිරිසුමන පාර්ශ්වයේ අනුනායක ධුරයෙන්ද අනතුරුව මහානායක ධුරයෙන්ද කොළොන්නාවේ සිරි සුමංගල නාහිමියෝ පිදුම් ලබා ඇත.

මැදින් මහා පෙරහැර

පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේ මැදින් මහා පෙරහැර අති උත්කර්ෂවත්ව උඩරට, පහතරට, සබරගමුව යන නර්තනාංග වලින් සහ අලි ඇතුන් විශාල සංඛ්‍යාවකින් ද සමන්විත විය. අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශවයේ මහා නායක පන්නිපිටිය දෙව්රම් වෙහෙර නිර්මාතෘ අතිපූජ්‍ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නායක හිමියන් විසින් සධාතුක කරඬුව ශ්‍රී දළඳා මාළිගාවේ මිගාර ඇතු මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙහරහැර ආරම්භ විය. දෙව්රම් මහා විහාරස්ථ ශාසනාරක්ෂක සංවර්ධන සභාව පෙරහැර සංවිධානය කරන ලදී. 

Elephants who came to Decorate the Sri Dewram Wehera Medin Maha Perahera

 


සරණ මංගල ආශිර්වාද පෙරහැර

යහපත් වූ විවාහයක් අපේක්‍සා කරන තරුණ දූවරුන් වෙනුවෙන් සෙත් පැතීමේ සරණ මංගල ආශීර්වාද පෙරහැර පැවැත්වේ. සුද්ධෝදන මහ රජතුමා මයා කුමරියව සරණ පාවාගෙන රජ මැදුරට කැඳවාගෙන ආ අසිරිය සිහි කරමින් මෙම පෙරහැර පැවැත්වෙන අතර ඒ අනුහසින් තරුන තරුණියන් වෙනුවෙන් සෙත් පැතීම සිදු කරයි. යහපත් වූ විවාහයක් අපේක්‍ෂා කරන සැමට මේ සඳහා සහභාගී වී සරණ මංගල්‍ය ආශිර්වාද පෙරහැරේ ගමන් කර එම පූජාවට සම්බන්ධ වී ආශිර්වාද ලැබිය හැකිය. එසේම විවාහ වී දරුවන් නොමැති යුවතිපතීන්ට ද බෝසත් දරුවෙකු පතන්නේ නම් මේ සඳහා සහභාගී විය යුතුය. පූජාව අවසානයේ විශේෂයෙන් සෙත් පතන ලද ආශිර්වාදාත්මක තිළිණයක් සහභාගී වන සියළු තරුණ තරුණියන් වෙනුවෙන් ලබාදීමට කටයුතු යොදා ඇත.

 
ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර
ගැබිණි මව්වරුන් වෙනුවෙන් සෙත් පතමින් නිදුක් නිරෝගී දරුවෙකු කිසිදු කරදරයකින් තොරව මොළොව බිහි කිරීම වෙනුවෙන් ආශිර්වාද කරමින් පැවැත්වෙන ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර සවස 5.00 ට පැවැත්වෙන අතර මහමායා කුමරිය සිදුහත් කුමරු කුසේ හොවාගෙන දරුවා බිහිවීම පිණිස කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවරට පෙරහැරින් ගමන් කළ අසිරිය සිහිපත් කරමින් මෙම පෙරහැර පැවැත්වේ. ඒ අනුහසින් ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් සෙත් පැතීම සිදුවේ. පෙරහැර අවසානයේදී ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් සහ උපදින්නට සිටිනා දරුවන් වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක තිළිණයක් ලබාදීම සිදුවේ.
 
කිරිදරු ආශිර්වාද පෙරහැර
දෙව්දහ නුවර යන ගමන අතරමග ලූම්බිණි සල් උයනේදී සිදුහත් කුමරු බිහි වීමෙන් අනතුරුව නැවතත් මහමායා කුමරිය මතු බුදුවන බෝසත් පුතු ද කරපින්නාගෙන කිඹුල්වත් නුවරට සපැමිණි මහ පෙරහැර සිහි ගන්වමින්  කිරි දරු ආශිර්වාද පෙරහැර පැවැත්වේ. කිරිකැටි දරුවන් වෙනුවෙන් සෙත් පතමින් පැවැත්වෙන මෙම පෙරහැර අවසානයේ එම දරුවන් වෙනුවෙන් විශේෂ ආශිර්වාදාත්මක තිළිණ ලබාදීම සිදු කෙරේ.
 
මහ පෙරහැර
පරිවාර පෙරහැර 03 අවසානයේ දී මහා පෙරහැර ලෙස ති‍්‍රවිධ රත්නය වෙනුවෙන් උපහාර පුදන තෙරුවන් ගුණ මහා පෙරහැරත් බුදු දෙමාපියන් ප‍්‍රධාන සමස්ථ මව්පියවරුන් වෙනුවෙන් උපහාර පුදමින් මොලොව පහල වූ පුණ්‍යවන්තම දෙමාපියන් වන සුද්ධෝදන මහාමායා දෙපළ පෙරමුණේ තබාගෙන පැවැත්වෙන සුද්ධෝදන මහාමායා පෙරහැරත්, ලක් පොළෝ තලය සුරක්ෂිත කරන්නටත් රටවැසි ජනතාව සුඛිත මුදිත කරන්නටත් දිවි හිමියෙන් කැප වී මහා රාවණ රජු ප‍්‍රධාන රජවරුන් අනුස්මරණය කරමින් මහා රාවණ රජතුමා පෙරටුකොට හෙළ මහා රජ පෙරහැරත්, ලෙසිත් පෙරහැර 03 ක එකතුවක් ලෙස මැදින් මහා පෙරහැර පැවැත්වේ.
 
‘Maha Rawana Perahera’ Sri Devram Vehera - 2018
 
Sri Devram Vehera "Mahamaya Maha Perahara

මැදින් මහා පෙරහැරේදී බුදුරජාණන් වහන්සේටත් ධර්ම රත්නයටත් ආර්ය මහා සංඝ රත්නයටත් ප‍්‍රථම පූජෝපහාරය දක්වයි. උඩරට සම්ප‍්‍රදායට මුල්තැනක් ලබාදෙන තෙරුවන් පූජා මහ පෙරහැරේදී රන් කරඬුව තුළ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේලා මංගල හස්තියා මතින් වැඩම කෙරේ. ශ‍්‍රී ලංකාවේ ති‍්‍රපිටක ධර්මය කළුගල් පුවරුමත ලියා ඇති පුදබිම දෙව්රම් විහාරය බැවින් එයට උපහාර කිරීම වශයෙන් ති‍්‍රපිටක ධර්ම ශිලා පුවරුව දෙවන මංගල ඇතු පිටින් වැඩම කරවයි. ආර්ය මා සංඝරත්නය තෙවනුව වැඩම කරවයි.

ඒ පිටුපසින් සුදොවුන් මහමායා පෙරහැර ගමන් කරයි. මැදින් මහා පෙරහැරේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ, මහාමායා සුද්ධෝදන බුදු දෙමාපියන් දෙපලගේ ජීවමාන ප්‍රතිමා වහන්සේලා දෙනම වැඩමවීමයි. බෝසත් පුතු මෙළොව ජනිත කළ සුද්ධෝදන මහමායා දෙපළ ප‍්‍රධාන බෝසත් දරුවන් මෙලොව බිහි කර හදාවඩා පෝෂණය කොට සමාජයට වැඩ ඇති දරුවන් බවට පත් කළ සියළු මව්පියවරුන්ට උපහාර පිදීම මෙම පෙරහැරේ අරමුණයි. එවැනි මව්පියවරුන් අතර බුදු දෙමාපියන් පෙරමුණේ සිටින නිසා සුද්ධෝදන මහ රජතුමාගේත් මහමායා දේවියගේත් ප‍්‍රතිමා වහන්සේලා අශ්ව රථය මතින් පෙරහැරේ වැඩම කරවන අතර සුද්ධොදන මහමායා පෙරහැර සබරගමුව සම්ප‍්‍රදායේ නැටුම්වලට මූලිකත්වය ලබා දෙමින් වීථි සංචාරය කරයි. කාන්තාවට ද මෙම පෙරහැරේ මූලිකත්වයන් ලැබෙන අතර රජ පෙරහැරක අසිරියට මෙයින් නිරූපණය වෙයි.

මහා රාවණ පෙරහැර
ඒ පිටුපසින් පෙළ ගැසෙන්නේ ලක් පොළෝ තලය ආරක්‍ෂා කර ගන්නටත් ඒ තුළින් ජාතියත් ශාසනයත් සුරකින්නටත් දිවි දෙවෙනි කොට කටයුතු කළ මහා රාවණ රජු ප‍්‍රධාන අපේ අතීත මහරජවරුන් අනුස්මරණය කරමින් ගමන් කරන පෙරහැර වන මහා රාවණ පෙරහැරයි. 
 
 
මහා රාවණ ප්‍රතිමා වහන්සේ සහ ඉපැරණි රාවණා රථය ද, රාවණා ආභරණ ද පෙරහැරේ වැඩමවීම සිදුකරන ලදී.  ලක් පොළොවේ සිට විශ්වයම පාලනය කරන්නට තරම් වූ ශක්තියකින් හෙබි දසවිධ ඥානයකින් පරිපූර්ණ වූ මහා රාවණ රජතුමා අපේ රජවරුන් අතර අති ශ්‍රේෂ්ඨතමයා නිසා සියළු රජවරුන් වෙනුවෙන් මහා රාවණ රජතුමාගේ ප‍්‍රතිමාව මෙම පෙරහරේ හස්තියා පිට වැඩම කරවයි. පහතරට සම්ප‍්‍රදායට ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙන හෙළ මහ රජ පෙරහැරේ ගමන් කරන සියළු ශිල්පීන් පිරිමි පමණක් වේ. 
 
මහා පෙරහැර අවසානයේ අළුයමේ දිය කැපීමත් මහා රාවණ නානුමුර පූජාවත් දේව දානයක් පැවැත්වේ. සන්ධ්‍යාවෙහි මහා පහන් පූජාවක් පවත්වා දෙවියන්ට පින් දීමෙන් පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත්වේ. 

මායා මඩු දේව ශාන්තිකර්මය 

මාර්තු මස 30 වන දින මාතෘ දිව්‍ය රාජයා වෙනුවෙන් පැවැත්වෙන සර්ව රාති‍්‍රික මායා මඩු දේව ශාන්තිකර්මය සිදු කරන අතර 31 වෙනි දින අළුයමේ මහමායා නානුමුර පූජාවත් කිරි දානයත් පැවැත්වේ.

 
 
මායා ගිනි මඩු ශාන්තිකර්මය 
 
ගිනි පෑගීම ලංකාවේ පමණක් නොව වෙනත් රටවලත් සිදුකෙරන චාරිත්‍රයක්. පෙරහැරක සුවිශේෂී චාරිත්‍රයක් ලෙස ගිනි පෑගීම දකින්නට පුළුවන්.මේ ගිනි පාගන අවස්ථාව නරඹන්නට දේශීය වගේම විදෙස් ජනතාවත් පැමිණෙනු දකින්නට පුළුවන්. වියළි කොටන් සහ අතු ගෙනැවිත් ගොඩ ගසා මැලය සකස් කරනු ලැබේ. මැළය සකස් කරනු ලැබුවායින් අනතුරුව ප්‍රධාන කපුරාල විසින් මැළයට ගිනි අවුළනු ලැබේ. ගිනි මැළය ක්‍රමයෙන් ඇවිළී සකස් වේ. එසේවීමට යටත් පිරිසෙයින් පැය දෙකක් ගතවේ. අවසානයේ දී ගිනියම් අඟුරු සහ දැවෙන ලී කැබලි කිහිපයක් ඉතිරි වේ. ඉක්බිති ගිනියම් අඟුරු ගිනිමැලය පුරා  පොලු මගින් සමතලා කරනු ලැබේ.ගිනිමැළය දිගින් මීටර් 3 ,4ක් වන අතර පළලින් මීටර් 2ක් පමණ වේ ගිනිමැලය සකස් කරනු ලබන කාලය තුළදී ගිනි පෑගීමට අපේක්ෂා කරන පිරිමි සහ ගැහැණු එයට සුදානම් වෙති. ගිනි පාගන බැතිමතුන් සිරිතක් lesa ගිනි පෑගීම හිමිදිරි යාමයේදි සීතල ජලය ස්නානය කර තෙත ඇදුමින්ම මඩු භූමියේ සකසා තියෙන ගිනි මැළය වෙත පැමිණීම නිසා ගිනි පෑගීමයි.
 
 
විශේෂයෙන්ම ඉදිරියේදී ලොව තුළ ඇතිවීමට නියමිත යුධ ගිනිදැල් ඇති නොවීමටත්, ගිණිකඳු පුපුරා යෑම් තුලින් ලොව මුදවා ගැනීම පිණිසත්, රාජ්‍ය නායකයින් තුළ දැහැමි සිතුවිලි ඇතිවී සාමකාමී සහජීවනයෙන් පිරි ලෝකයක් වෙනුවෙන් සෙත් පැතීමත්, මේ පෙරහැර මංගල්‍යයේ මූලික අරමුණකි.

පෙරහැර මංගල්‍යයට සමගාමීව දින 09 පුරාම සීල සමාදාන වැඩසටහන් ධර්ම දේශනා, සිරි දළදා උපහාර මහා බුද්ධ පූජාවන්, බෝධි පූජා, දේව පූජාවන්, මහා දන්සැල් ආදී කටයුතු රැසක් සංවිධානය කර ඇත.

දෙව්රම් මහා වෙහෙර පෙරහැර මංගල්‍ය හුදු පෙරහැරක් පමණක් නොව ඒ හරහා දුෂ්කර විහාරස්ථාන සඳහා ආධාර උපකාර කිරීම, වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මාසිකව මුදල් පූජා කිරීම, වැසීගිය හෙළ ඉතිහාසය මතු කිරීමට මූල්‍ය ශක්තිය සැපයීම, බෞද්ධාගමික තරුණ වැඩමුළු සංවිධානය කිරීම, දක්ෂ දරුවන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්වය පිරිනැමීම, ආර්ථික අපහසුතා ඇති ප‍්‍රදේශවාසීන්ට පොලී රහිත ණය ලබාදීම, නිවාස නැත්තවුන්ට නිවාස ඉදිකරදීම හා විශ‍්‍රාම ශාලා පහසුකම් ලබාදීම ආදී විවිධ මෙහෙවරයන් රැසක් සිදුවේ.

මහා රාවණ නානුමුර පූජාව

මහා රාවණ නානු මුර මංගල්‍යය සතියේ බදාදා දින පැවැත්වෙන atara බුද්ධෝපස්ථාන, බුද්ධ පූජා අතර සුවිශේෂී පූජා විධියකි. එය සප්තාහික පූජා වශයෙන්ද හැඳින්වේ. නානුමුර මංගල්ලයට පෙර තේවා උපකරණ සෝදා පිරිසිදු කරනු ලබයි. ගඳකිලිය ඇතුළත හා පිටත ද පවිත‍්‍ර කරනු ලැබේ. තේවා භාර ස්වාමින් වහන්සේලා හා ගිහි සේවක පිිරිස නානුමුර මංගල්ලය පැවැත්වෙන දිනයේ ස්නානය කර පිරිසිදු වන අතර තේවා භාර හිමිවරු එදිනට පමණක් අදින අලූත් සිවුරු අදිනු ලැබේ. ගිහි සේවක පිරිස ද පිරිසිදු කළ අලූත් ඇදුම් ඇඳිය යුතුය. බදාදා උදයේ කත්තියනරාළ බෙහෙත් ද්‍රව්‍ය වලින් නානු පිළියල කර ගනී. නානුමුර මංගල්ලය පවත්වන්නේ දහවල් පූජාවට පෙරය. පෙරවරු 9.15 ට පමණ යතුරු පයිංඩ කර දොරවල් විවෘත කිරීමෙන් අනතුරුව තේවා භාණ්ඩ සුවඳ දුම් අල්ලා මැනවින් පරිසිදු කළ ආසනය මත තැන්පත් කරති. තෙවරක් වට හේවිසිය වාදනය කර අවසන් වූ පසු නානුමුර මංගල්ලයට තේවාභාර ස්වාමින් වහන්සේලා සූදානම් වෙති. හක්ගෙඩිඅප්පු තුන්වරක් හක්ගෙඩි පූගාන අතර ඝංඨාරය නාදවෙයි. කවිකාර මඬුව ස්වකීය වාදන හා ගායනය අරඹති. මගුල් බෙරය තුන්වට්ටම අරඹයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ විසින් ස්නානය කරවූ ආකාරයෙන් එම බුද්ධොපස්ථාන සංකේතවත්ව සිදු කරමින් මෙම ස්නාන කටයුතු සිදුකොට තෙතමාත්තුව සිදුකරනු ලැබේ. ඉන්පසු හේවිසිකරුවන් ආලත්ති පදය වාදනය කිරීමෙන් අනතුරුව ආලත්ති බෑම සිදුවේ. එදින තබ්බෝරුව, නාගසිංහම්, ඩැක්කිය හා කයිතාලම වාදනය කරති. වට හේවිසිය සමග කෙටි පෙරහැරක් වැඩ හිටින මාලිගාවේ පාත මාලය වටා ප‍්‍රදක්ෂිණා කෙරේ. නානුමුර මංගල්ලය අවසන් වීමෙන් පසු සුළු වේලාවක් මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. අනතුරු යළි දොරවල් වසා බුද්ධ පූජාව පවත්වයි. බුද්ධ පූජා සිදුකොට සුළු වේලාවකින් භාජන ඉවත් කර නැවත වරක් මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. පසුව නියමිත වේලාවට දොරවල් වසා යතුරු පයිංඩ කිරීම සිදුවේ. පසළොස්වක පෝය දින පූජා පෝයදින වලදී විශේෂයෙන් පෝය දින වට හේවිසි පූජා ද නාගසිංහම් වාදනය ද කවිකාර මඩුවේ ගායනා හා වාදන ද ආලත්ති බෑමද සිදුවේ.
 
මහා රාවණ වන්දනාව සහ භාවනාව සෑම ඉරු දිනකම සවස 7 ට දෙව්රම් වෙහෙර පන්නිපිටිය, ප්රධාන රාවණා දෙවොලෙහි ද පැවැත්වෙයි .

The Ritualizing of the Martial and Benevolent Side of Ravana
 Sri Lankeswara Maha Rawana Pooja 2022
 
 

ශ්‍රී දෙව්රම් මහා විහාරය 
 
මෙම විහාර මන්දිරය කැලණි රජ මහා විහාරයේ බුද්ධ මන්දිරයේ ආකෘතියට අනුව නිර්මාණය කැර තිබේ.  මෙම විහාර මන්දිරය තුළ වැඩ සිටිනා පිත්තල ලෝහයෙන් සාදා ඇති මෙතෙක් ලංකාවේ දැක ගත හැකි ලෝහයෙන් සාදා ඇති විශාලම පිළිම වහන්සේ බවද කියැවෙයි. මෙය ශ්‍රී ලංකා කලාකරුවන්ගේ ස්වතන්ත‍්‍ර නිර්මාණයකි. දෙව්රම් වෙහෙර පුරා ඉදිවී ඇති සෑම ගොඩ නැගීමක්ම නෙත’ඳුනකි. එසේම ඒ සෑම එකකම සුවිශේෂී ගුණයක් පෙන්නුම් කිරීම ද දෙව්රම් වෙහෙරට විශේෂිත වූ ලක්ෂණය කැයි මට සිතෙයි.

ඒ අතර දෙව්රම් වෙහෙර භූමියේ රෝපිත බෝධීන් වහන්සේ ද අමුතුම අපූර්වත්වයක් උසුලයි. එය සිතක උපන් පරිකල්පන ඤාණය ප‍්‍රායෝගික තලයේ රෝපණය කළ අපූරු සංකේතයක් බඳුය. දෙව්රම් වෙහෙරේ රෝපිත බෝධි අංකුර තුන ‘ආරක්‍ෂක බෝධිය’ , ‘ජනතා බෝධිය ‘ හා ‘සංඝ බෝධිය’ ලෙස නම් කර ඇත.

බෝධීන් වහන්සේ වර්ධනය වන විට එකට බැඳෙන සේ එය රෝපණය කර ඇත්තේ, ‘තුන් සිංහලය වෙන්ව නොයේවා - එක්ව බැඳී පවතීවා’ යන උතුම් පරමාර්ථයෙනි. මෙය සුමංගල හිමියන්ගේ සිතට දැනුණූ අදහසක් අනුව යම් අධිෂ්ඨානයක් කර රෝපණය කරන ලද බව කියැවෙයි.

එම බෝධීන් වහන්සේගේ තවත් විශේෂයක් වන්නේ - අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දඹදිව බුද්ධගයාවේ දැනට ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ආනන්ද බෝධියේ අංකුර තුනක් මේ සඳහා යොදා ගැනීමයි.

එසේම දෙව්රම් වෙහෙර තවත් හැඩ කළ, පූජනීය කළ ප‍්‍රධාන අංගයක් ලෙස නිබඳ නෙතු ගැටෙන ශ්‍රී පාද (ධම්මචර්ණ) තෙමහල් මන්දිරය අප ඒ ඓතිහාසික නුවර පුරවරයේ දළදා මැඳුර වෙතට කැඳවාගෙන යයි. මෙය නිමවා ඇත්තේ දළදා මැදුරේ ආකෘතියට ය. මෙහි ඇතුළත චිත‍්‍ර, නුවර යුගයේ චිත‍්‍ර අනුගමනය කරමින් සිතුවම් කර තිබේ.

ජීවමාන බුදුන් වහන්සේ එදා වැඩසිටි දඹදිව රජගහ නුවර දෙව්රම් වෙහෙර සජීවීව සංකේතාත්මක කිරීමේ අපේක්‍ෂාවෙන් මෙහි ඇති ගන්ධ මාළිගය නම් කුටිය ජීවමාන බුදුන්වහන්සේ වෙනුවෙන් සිදු කැරෙන සියලු ඇප උපස්ථාන සංකේතවත් කරන සකලාංගයන්ගෙන් පරිපූර්ණ කර තිබේ.

අලුයම 4 ට උණු පැන්, සිසිල් පැන්, දැහැටි ආදිය පුදා අවදි වූ බුදුන් වහන්සේට මුව දෝවනයට ආරාධනා කරනු ලැබේ. ඉනික්බිති පයට පාවඩ හිසට මුතුකුඩ සහිතව ආසනයට වඩිනා ලෙස ආරාධනා කර අලුයම 6 ට කිරි ආහාර, ව්‍යාංජන හතක්, බත් වර්ග තුනක් සහ කැවිලි පලතුරු සමඟ උදෑසන බුද්ධ පූජාව පිළිගන්වනු ලැබේ. දවල් 10.30 උදෑසන මෙන්ම බත් වර්ග තුනක් ව්‍යාංජන 7 ක් කැවිලි පලතුරු සහිත දවල් දානය ද පූජා කරනු ලැබේ. සවස 6.30 ට ගිලන්පස දානය පිළිගන්වනු ලැබේ. රාතී‍්‍ර 1 ට බුදුන් වහන්සේට සැතපෙන්නට ආරාධනා කිරීමෙන් දෛනික බුද්ධ උපස්ථාන කටයුතු නිම කරනු ලැබේ.

ශ්‍රී ලංකා අමරපුර සිරි සුමන මහා නිකායේ මූලස්ථානයද වන්නේ, දෙව්රම් වෙහෙරයි. ඒ නිසා විනය කර්ම සිදු කිරීමට සීමාවක් අවශ්‍ය බැවින් ඒ වෙනුවෙන් සිරි පියදස්සී නා හිමි ගුණ සමරු උපෝසථාගාරය නම් සීමා මාලකයක් ජල පොකුණක් මධ්‍යයේ සාදා තිබේ.

දෙව්රම් වෙහෙරේ එක් මායිමක අවුකන ප‍්‍රතිමාවේ ලක්‍ෂණ වලින් හෙබි විශාල හිටි පිළිම වහන්සේ නමක් ද සැතපෙන හා සමාධි බුදු පිළිම වහන්සේ ද නිර්මාණය කර තිබේ.දෙව්රම් වෙහෙර තුළ ඇති විශාලතම හිඳි පිළිම වහන්සේ නිර්මාණය කර ඇත්තේ දින 45 ක් වැනි සුළු කාලයකිනි.

කන්ද උඩරට මඟුල් මඩුවේ ආකෘතියට අඩි 100 ක් දිග අඩි 50 ක් පළලින් යුතු සිරි සුමන දම් සභා මණ්ඩපය සාදා ඇත්තේ සුමංගල හිමියන්ගේ මව සිහිවීම පිණිස ය. එය අපගේ පැරැණි සංස්කෘතික ලක්‍ෂණ වලින් පිරිපුන් ය.

දෙව්රම් වෙහෙරේ ඉදි වූ චෛත්‍ය රාජයාණන් කුඩා වූවද එම බුහුටි පෙනුම විහාර භූමියට පිරිපුන් බවක් ලබාදෙයි. එය රුවන්වැලි සෑය ආකෘතියට සාදා ඇති බව කියැවේ. මෙහි කොත මුදුනේ ඡත‍්‍රයක් සවිකර තිබේ. එය දුර්ලභ දසුනකි. බුදුන්වහන්සේගේ ධාතු නිදන් කර සාදා ඇති මෙම වෙහෙර වහන්සේ දිව්‍ය රම්‍ය වෙහෙර ලෙස නම් කර තිබේ.

එමෙන්ම මෙහි නිර්මාණය වී ඇති සෑම ඉදි කිරීමක් සෑම පිළිමයක් පිළිබඳවම ගෙතුණු පුරාවෘත්තයක් කදිම කතන්දරයක්, ඊට පසුබිම් වූ විශේෂ පුවතක් තිබීමද, මෙම විහාරස්ථානයේ විශේෂත්වයකි.

මෑතදී නිර්මාණය කර ඇති ස්වර්ණ බුද්ධ රාජ සර්වඥ ධාතු මන්දිරය වලගම්බා රාජ සමයේ ස්වර්ණාලේපිත බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත්කර ඇති විශේෂ මන්දරයකි.

මාතෘ දිව්‍ය රාජ මන්දිරය, මෑතකදී නිර්මාණය කරන ලද සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ, මෛතී‍්‍ර බෝධිසත්ව ප‍්‍රතිමාව, මඩිහේ මහා නා හිමියන්ගේ ජීවමාන පෙනුමැති ප‍්‍රතිමාව මෙන්ම ඉන්දියාවේ දෙව්රම් වෙහෙරෙහි ඇති කනේරු කුඨිය සංකේතවත් කරන කුටිය, හා අසූ මහා ශ‍්‍රාවක ප‍්‍රතිමා ආදිය මෙහි විශේෂ නිර්මාණ ලෙස සැළකිය හැකි ය.

එසේම සම්බුදු ශ්‍රී මුඛයෙන් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්වයාගේ විමුක්තිය වෙනුවෙන් දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය තවත් වසර 2500 ක් නිරුපද්‍රිතව ආරක්‍ෂා කර තැබීමේ උතුම් වූ පරමාර්ථයෙන් දහම ශිලා ලේඛනගත කර තැබීමේ දැවැන්ත කාර්යයට අතගසා තිබීම මෙම විහාරස්ථානයෙන් නිම කිරීමට, අපේක්‍ෂා කැරෙන සුවිශේෂ ශාසන මෙහෙවරක් ලෙස සැළකිය හැකි ය.

මෙය සිතකට සිතා ගැනීමට බැරි තරම් දැවැන්ත, දුෂ්කර ව්‍යාපෘතියකි. මීට වසර 1 1/2 කට පෙර මෙම ශිලා ලේඛන ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය.

මෙයට වැය වන මුදල රුපියල් මිලියන 350 ක් පමණ වෙයි. බුද්ධත්වය ලැබීමෙන් වසර 2600 ක් සම්පූර්ණ වන රාජ්‍ය වර්ෂ 2011 වෙසක් පුර පසළොස්වක දිනට මෙම උතුම් කාර්ය නිම කිරීම ශ්‍රී සුමංගල හිමියන්ගේ අපේක්‍ෂාව වී තිබේ. මේ සඳහා අක්කර දහයක පමණ විශාල භූමි භාගයක් අවශ්‍යතාව පැන නැගුණද අක්කර දෙකක් පමණ වූ දෙව්රම් වෙහෙර විහාර භූමියට සමීපව තිබූ පුරන් වූ කුඹුරු යාය මේ සඳහා මිලදී ගැනීම සිදු වූ අතර සමහර ඉඩම් හිමියෝ සැදැහැ සිතින් මේ මහා පුණ්‍ය කර්මයට දායක වීමට තම ඉඩම් පරිත්‍යාග කිරීමට තරම් නොමසුරු වූහ. 

මෙම ව්‍යාපෘතිය සමඟ දෙව්රම් වෙහෙර භූමියේ වපසරිය අක්කර 12 ක් පමණ දක්වා පුළුල් විය. මෙහි අඩි 8 ක් උස අඩි 3 ක් පළල අඟල් 4 ක ඝනකමින් යුතු ගල් පවුරු 1700 ක් මත ති‍්‍රපිටක ධර්මය නවීන තාක්‍ෂණයේ භාවිතයෙන් මුද්‍රණය වෙයි. එය පුරාණයේ ගල් කටුවෙන් කිඳා බැසීමට සෑරූ අක්‍ෂරයන් සේම අද තාක්‍ෂණයේ උපක‍්‍රම මඟින් ඉතා පැහැදිලි අච්චු අකුරු සේම හාරා සකස් කරනු ලබයි. මේ වන විට පුවරු 500 ක පමණ වැඩ අවසන් කර ඇත. 

සසුන්ගත වී වසර 25 ක් වැනි කාලයක් තුළ වසර 250 ට වැඩි දිගු කාලයකින් වත් කළ නොහැකි තරම් විශ්මකර්ම කාර්ය කිරීමට සුමංගල හිමියන්ට හැකි වූයේ කෙසේදැයි නැගෙන ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමත් ඉතා අපහසු ය. කෙසේ හෝ ධර්මය අනුව සිතුවහොත් පෙර සසර භව මගෙහි දී පුරුදු කළ අධිෂ්ඨාන ශක්තිය නිසා මෙවන් යෝධ කාර්යයක් ඉටු කිරීමට උන්වහන්සේට හැකි වූ බවයි, අපට සිතාගත හැකි වන්නේ.

 

 

Tuesday, January 23, 2024

කැලණිය රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පෙරහැර

කැලණියේ දේවදූත පෙරහැර ආරම්භ වූයේ වර්ෂ 1927 න් ආරම්භ කල දුරුතු මහා පෙරහැරත් සමඟය. කැලණිය රජ මහා විහාරස්ථානයේ දී “දුරුතු පෙරහැර” නමින් පෙරහැරක් සෑම වසරකම දුරුතු (ජනවාරි) මාසයේ පුර පසළොස්වක පොයා දිනයේ දී ම පවත්වනු ලැබේ. මෙම  අවස්ථාවට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සිය දහස් ගණනක් ජනයා සහ විදේශීය සංචාරකයින් සිය ගණනක් මෙම දර්ශනීය සංදර්ශනය නරඹති. 
 
"උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ"
"THE SIN OF A LIFE TIME ARE ALL RENDERED NULL ONCE 
KELANIYA IS WORSHIPED, A SINGLE TIME."
 
කැලණිය දුරුතු පෙරහැර, ජාතියේ පැරණි ආගමික චාරිත්‍ර වාරිත්‍ර සහ චාරිත්‍ර නිරූපනය කරන චාරිත්‍රයකි. එය රටේ පැරණි සම්ප්‍රදායන් සහ සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කරයි. එය දිවයිනේ බුදුදහම සහ බෞද්ධ පිළිවෙත් වටා යුග ගණනාවක් පුරා වර්ධනය වූ පැරණි සම්ප්‍රදායික ජනප්‍රවාද, ජන සංගීතය සහ රිද්මයානුකූල නැටුම් ආකෘති සහ බෙර වාදනය ලොවට විදහා දක්වයි. කැලණි පෙරහැර නමින් ප්‍රචලිත මෙම මහා සංදර්ශනය ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ 1927 දීය. එහි පුරෝගාමියා වූයේ සේදවත්ත වලව්වේ හෙලේනා විජේවර්ධන මහත්මියගේ ආදරණීය පුත්‍රයා වූ දොන් වෝල්ටර් විජේවර්ධන මහතාය. එහි ආරම්භයේ දී එය කොටස් දෙකකින් සමන්විත විය - බුද්ධ ධාතු වන්දනාව සඳහා පවත්වන ලද ධාතු පෙරහැර සහ කැලණියේ අනුශාසක දෙවියන් වන විභීෂණ දෙවියන්ට කැප වූ විභීෂණ දේවාල පෙරහැර. පසුව තවත් කොට්ඨාශ දෙකක් එකතු කරන ලදී, පළමුවැන්න1930 දී, ශ්‍රී ලංකාවේ අනුග්‍රාහක දෙවියා වන විෂ්ණු දෙවියන්ට ගෞරවයක් වශයෙන් සහ දෙවැන්න 1954 දී, කතරගම යුද්ධයේ දෙවියන් සහ අනුග්‍රාහක දෙවි වූ ස්කන්ධ කුමාරට කැප කිරීම සඳහා ය. 
 
ඓතිහාසික දුරුතු මහා පෙරහැර 
 
එබැවින් අද දුරුතු පෙරහැර සමන්විත වන්නේ බුද්ධ ධාතූන් වහන්සේලා සහ විෂ්ණු, කතරගම සහ විභීෂණ යන දේවාල තුනේ පෙරහැර තුනකින් ය. ධාතු පෙරහැර ප්‍රමුඛත්වය ගෙන සෑම විටම ධාතු වන්දනාව සඳහා නායකත්වය දෙන අතර විෂ්ණු, කතරගම, විභීෂණ යන දේවාල පෙරහැර තුනම ඒවායේ ප්‍රමුඛතා අනුපිළිවෙලට අනුව ගමන් කිරීමට සලස්වයි. විභීෂණ, ආගන්තුක දෙවියන් නිසා අනෙක් දෙවිවරුන් දෙදෙනාට මුල් තැන දෙනවා. ඇත්ත වශයෙන්ම පෙරහැර යනු දුරුතු මාසයේ හෝ ජනවාරි මාසයේදී බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කිරීම සඳහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන ආගමික උත්සවයක උච්චතම අවස්ථාවයි. මෙම සංස්කෘතික චාරිත්‍රය හා සම්බන්ධ ආගමික උත්සව හා උත්සව මාසයක පමණ කාලයක් පවතී. එය සාමාන්‍යයෙන් දෙසැම්බර් පුර පසළොස්වක පොහොය දිනයේ සිට (උඳුවප්) ජනවාරි පුර පසළොස්වක පොහොය දිනය දක්වා (දුරුතු) දක්වා විහිදේ.

වර්ෂ 1927 දී මහනුවර ඇසළ පෙරහැරට සමාන සංස්කෘතික සංදර්ශනයක් දොන් වෝල්ටර් විජේවර්ධන මහතා විසින් ආරම්භ කරන ලදී. එය දුරුතු පෙරහැර ලෙස නම් කර ද්වන්ද සටනක් ඇතිව පැවැත්විණි. පළමුවැන්න වූයේ දුරුතු (ජනවාරි) මාසයේ දී බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කිරීමයි. දෙවැන්න 1927 දී කැලණියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කිරීමටයි. ප්‍රදේශයේ ප්‍රසිද්ධ බෞද්ධයන් රැස්වීමක් සඳහා කැඳවන ලදී. ඒ සඳහා දායක සභාව නමින් සංවිධායක කමිටුවක් ද පිහිටුවන ලදී. විජේවර්ධන මහතා කොඩිඇඳුම් පැළඳුම්, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් අවශ්‍ය උපකරණ තම වියදමින් කරවා ගත්තේය. හාමුදුරුවෝ. විහාරාධිපති මාපිටිගම ධම්මක්ඛිති හිමියෝ විජේවර්ධන මහතා සමඟ ඉතා සමීපව ඇසුරු කරමින් මෙම දුෂ්කර කාර්යයට කැමැත්තෙන්ම උපකාර කළහ. දායක සභාව විසින් අවශ්‍ය මිනිසුන් සපයා දුන් අතර නර්තන ශිල්පීන්ට සහ බෙර වාදකයන්ට වැටුප් ලබාදීමට මුදල් පරිත්‍යාග කරන ලදී.
 

පෙරහැරට සහභාගි වීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අලි ඇතුන් ඔවුන්ගේ හිමිකරුවන් විසින් කැලණියට එවා ඇත. දිවයිනේ විවිධ පාසල් හා සම්ප්‍රදායන්ට අයත් නැටුම් සහ බෙර වාදක කණ්ඩායම් ඊට සහභාගි වූහ. විජයවර්ධන මහතාම භාරකාර හා ප්‍රධාන බස්නායක නිලමේ ලෙස භාරතීය ක්‍රමයට කුමාර ඇඳුමින් සැරසීපෙරහැරේ ගමන් කළේය.

විහාරස්ථානයේ නව කුටියේ සහ ධාතු කරඬුවේ වීදුරු කුටියට පිටුපසින්, මෙම අමතක නොවන සිදුවීම නිරූපණය කරන බිතු සිතුවමක් අද දක්වා ඇත. ඇත්තෙන්ම එය බැලීම වටී. ඉන්පසු වාර්ෂික අංගයක් ලෙස මෙම පෙරහැර සෑම වසරකම පවත්වනු ලැබූ අතර එය කැලණි පෙරහැර නමින් ප්‍රචලිත විය. දෙවන ලෝක සංග්‍රාමයේදී ආලෝකකරණ සීමාවන් හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවන ලද නමුත් 1944 දී නැවත ආරම්භ කරන ලදී.
 
දුරුතු මංගල්‍යය
 
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනයෙන් පාරිශුද්ධත්වයට පත් සුන්දර කළ්යාණි ඟං මිටියාවතේ පිහිටා ඇති ඓතිහාසික කැළණිය රජමහා විහාරය යනු ලෝ වැසි දහසක් ජනී ජනයාගෙන් වැදුම් පිදුම් ලබනා ලක්දිව පිහිටි මහාර්ඝ අති උතුම් වූ පුණ්ය භූමියකි. උතුම් පින්බිමක බුදුන් වහන්සේට ආමිස පූජාවක් වශයෙන් පෙරහර මංගල්යයක් පැවැත්වීම සඳහා මූලික අඩිතාලම වැටෙන්නේ 1966 වසරේ කැළණිය රජමහා විහාරස්ථානයේ විහාරවාසීව වැඩ විසූ පූජ්ය වත්තල සීලරතන හිමියන්ගේ සහ එවකට කැළණිය රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ නා හිමියන්ගේ මූලිකත්වය මතයි.
 
දුරුතු උත්සවය අදියර තුනකින් සමරනු ලබයි. එය ආරම්භ වන්නේ සෑම රාත්‍රියකම පවත්වනු ලබන දේශනා මාලාවකින් (ධර්ම දෙසන) සතියක පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවයකින් (පරිත්‍රාණ දෙසාන) පසුවය. ඉන් අනතුරුව මෙම චාරිත්‍රය අවසන් වන්නේ සුප්‍රසිද්ධ පෙරහැර වන පෙරහැරෙනි. පෙරහැර මංගල්‍යයේ විශේෂත්වයයි. එය දුරුතු පුර පසළොස්වක පොහොයට පෙර දින තුනක් අඛණ්ඩව රාත්‍රියේදී පැවැත්වේ.

අද ශ්‍රී ලංකාවේ මෙම සංස්කෘතික සංදර්ශනයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම දහස් ගණන් බැතිමතුන් සහ විදේශිකයන්, සංචාරකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සිය ගණනක් ආකර්ෂණය කරති. 1954 වර්ෂයේ ආරම්භයේ සිටම පෙරහැර පවත්වනු ලැබුවේ උන්වහන්සේගේ දක්‍ෂ අනුශාසනා පරිදිය. වත්තල සීලරතන හිමි. පෙරහැරේ සෑම අංගයක් ගැනම ඔහුගේ නිපුණ දැනුම නිසා මෙම සංදර්ශනය මහත් ආකර්ෂණයක් බවට පත් කිරීමට ඔහු සැමවිටම සමත් විය. දැන් පූජ්‍ය මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත හාමුදුරුවෝ මේ තනතුරේ කටයුතු කරනවා. ඔහු උපකල්පනය කළ දා සිට පෙරහැර වඩාත් වර්ණවත් කිරීමට නව්‍ය නිර්මාණ රැසක් එකතු වී ඇත. (මෙම කාර්යයට උන්වහන්සේට සහය වන්නේ දහම් පාසලේ හෝ පන්සලේ දහම්පාසලේ සිසුන් සමඟ පියදස්සි හාමුදුරුවෝය.)

දොරකඩ අස්න හා දේවදූත පෙරහැර
 
මහා පෙරහැරක් පැවැත්වීමට කලින් දොරකඩ අස්න සහිත අනුශාසනාවක් පැවැත්වීම බෞද්ධ සංස්කෘතියට එක්වූ අංගයක් ලෙස සැලකේ. දේවදූත පෙරහැරත් සමඟ දොරකඩ අස්න සහිත අනුශාසනාවක් පැවැත්වීමේ අදහස නම් එදින රාත්‍රී විහාරස්ථානයේ පැවැත්වෙන පිරිත් සජ්ජායනාවට සහභාගි වන ලෙසත්, සංඝයා වහන්සේලා විසින් පවත්වනු ලබන පුණ්‍යානුමෝදනාව පිළිගන්නා ලෙසත් ඉල්ලා කැලණි පෙදෙසට අධිපති විභිෂණ දිව්‍යරාජයා ප්‍රධාන දිව්‍ය සමුහයාට කරන ආරාධනාවයි.
 
දේවදූතයා විශේෂ තල්පතක ලියන ලද සංඝ ආඥාව රැගෙන කැලණි විහාරයට අයත් යැයි සැලකෙන ඉපැරැණි බෝධීන් වහන්සේ පිහිටි වරාගොඩ බෝධිරුක්ඛාරාමයට ගොස් එයින් ආශිර්වාදය ලබා සංඝ ආඥාව ඔප්පු කරයි. එසේ කර රාත්‍රී පැවැත්වෙන පරිත්‍රාණ ධර්මදේශනය ශ්‍රවණය කිරීමට පැමිණෙන ලෙස දෙවියන්ට ආරාධනා කෙරේ. දේවදූතයෙකු සොයාගැනීම විහාරාධිපතින් වහන්සේ හා දායක සභාවේ අනුග්‍රහය ඇතිව සිදු කරන්නකි. සමාන්‍යයෙන් විහාරයේ සමීපතම දායකයෙකුගේ දරුවෙකු මේ සඳහා තෝරාගැනේ. 
 
කැලණි විහාරයේ මුල්ම දේවදූත කටයුත්ත සඳහා දේවදූතයෙකු වශයෙන් කෙනෙකු සොයාගැනීම ඉතාම අපහසු කාර්යයක් විය. කිසිම දෙමාපියෙකු මේ කටයුත්තට දරුවෙකු නොයැවු රහසක්ද විය. එනම දේවදූතයෙකු වශයෙන් කටයුතු කල කෙනෙකුට "වස් වඳින" බවක් ජනතාව තුළ තිබීමයි. මෙවන් පසුබිමක් තුළ එවකට කැලණියේ ගම්පතිව සිටි තොණ්ඩමන් ආරච්චිගේ රොමියෙල් ගෝමිස් මහතා ඔහුගේ දෙටු පුත්‍රයා ඉදිරිපත් කලේය. ඔහු නමින් රිචඩ් ගෝමස් නම් දරුවාය. ඔහු කිසිඳු බියක් හෝ සැකයක් නැතිව තමන් වෙත පැවරූ කාරිය මනාවට ඉටු කලේය.

දේවදූතයෙකු සොයා ගැනීමේ කාර්යය එදා කොතරම් දුෂ්කර වූයේ ද කිවහොත්, ඊළඟ වර්ෂයේ පැවැත්වුණ දේවදූත පෙරහැර සඳහා කෙනෙකු සොයාගැනීමට අපහසු වූයෙන් නැවත වරක් පැරණි දේවදූතයාම තෝරාගැනීමට දායක සභාවට සිදුවිය. එවරද ඔහු තමන් වෙත පැවැරුණ රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් කොට සලකා ඉටු කලේය. කැලණිය දේවදූත පෙරහැරද කුඩා පෙරහැරක් වුවද පෙරහැරකට අත්‍යවශ්‍ය සියළුම අංගයන්ගෙන් සමන්විත පෙරහැරකි. සත්පිරිත් දේශනාව අවසාන දිනයේ දේවදූත පෙරහැර පැවැත්වේ.
 


2024 දුරුතු මහා පූජෝත්සවයේ දේවදූත මෙහෙවර සිදුකරනුයේ විහාරස්ථ ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන පී. සෙදස් තේජන දම්සත් කුලකුමරු විසිනි. දොරකඩ අස්න දේශනාව රාත්‍රි 9:30ට ආරම්භ වේ. 
 


උඩමළුව පෙරහැර
 
උඩමළුවේ සඳළුතලයේ පැවැත්වෙන පළමු දින පෙරහැර හඳුන්වන්නේ “උඩමළුව පෙරහැර” යනුවෙනි. පෙරහැර ආරම්භ වීමට පෙර සෑම දිනකම රාත්‍රියේදී සමාධි ප්‍රතිමාවේ ආඬේ කුටියේදී ඒ හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර සිදු කරනු ලබන අතර කරඬුව ප්‍රධාන බස්නායක නිලමේ වෙත භාර දෙන සුබ මොහොතේදී සෑම රාත්‍රියකම කාලතුවක්කුවක් පිඹිනු ලැබේ. පෙරහැර. පෙරහැරේ පළමු දිනයේ ධාතු පෙරහැර පමණක් පවත්වනු ලබන අතර එයද කුඩා පරිමාණයෙන් සිදු කෙරේ. එයට සහභාගි වන්නේ අලි ඇතුන් ස්වල්පයක් පමණි. සුපුරුදු පරිදි, කොඩි දරන්නා, කස කාරයන්, ගිනි බෝල නටන්නන්, බෙර වාදකයින් සහ නර්තන ශිල්පීන් ද සහභාගී වන නමුත් ඔවුන්ගේ සංඛ්‍යාව ඉතා අල්පය. බස්නායක නිලමේවරු සහ දායක සභාවේ (සංවිධායක කමිටු) මන්ත්‍රීවරු සුදු ඇඳුමින් සැරසී පෙරහැරේ ගමන් කරති. වර්ණවත් කොට්ටයක් මත තබා ඇති පූජනීය කරඬුව ප්‍රධාන බස්නායක නිලමේවරයා හෝ ඔහුගේ උපස්ථායකයා විසින් පූර්ණ ගෞරවයෙන් අතින් ගෙන යනු ලැබේ. පෙරහැර, මේ ආකාරයෙන්, පූජනීය බෝධීන් වහන්සේ, චෛත්‍යය සහ විහාරය හෝ ප්‍රතිමා ගෘහය ආවරණය වන පරිදි විහාරස්ථානයේ ඉහළ පරිශ්‍රය ආවරණය කරයි. එය වටා සම්පූර්ණ පරිපථ තුනක් සාදා නැවත දේවමාළිගාවට පැමිණේ. ඉන්පසුව පූජනීය කරඬුව එහි කුටියේ ආදේශ කරනු ලැබේ. 
 
පහට මළුව පෙරහැර
දෙවන දින පෙරහැර පළමු වතාවට වඩා වර්ණවත් වන අතර එය වඩාත් පුළුල් හා විස්තීර්ණ පරිමාණයකින් සිදු කෙරේ. මෙවර පෙරහැරේ සංයුක්ත කොට්ඨාශ හතරම ඒ ඒ පිළිවෙලට පෙළ ගැසෙයි. ධාතු පෙරහර ගමන් කරන අතර දේවාල පෙරහැර තුන පිටුපසින් ගමන් කර වලිගය සාදයි. මෙවර පෙරහැර පහළ විහාර චතුරශ්‍රයේ වීදි සංචාරය කරන අතර එම නිසා "පහට මළුව පෙරහැර" ලෙස හැඳින්වේ. ධාතු පෙරහැරේ සර්වඥ ධාතු කරඬුව වැඩමවන ඇතා සහ දේවාල පෙරහැරවල දිව්‍ය ලාංඡන රැගත් ඇතා එක් එක් පෙරහැරේ නෛෂ්‍යකාරයා වේ. පැමිණ සිටි බස්නායක නිලමේ ඇතුළු පිරිස වහා පසුපසින් ගමන් කළහ. විහාරස්ථානය වටා එක් පරිවාරයක් සිදු කිරීමෙන් පසු පෙරහැර නැවත (ගෙවදිනව) විහාරස්ථානයට පැමිණේ.

රන්දෝලි පෙරහැර
 
1927 ආරම්භ කරන ලද කැලණි රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර මෙවර 97 වැනි වරට පැවැත්වෙයි. කැලණිය රජ මහා විහාරාධිපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ, ප‍්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පෙරහැර පැවැත්වේ. “රන්දෝලි පෙරහැර” නමින් හැඳින්වෙන තුන්වන සහ අවසන් පෙරහැර මුළු මංගල්‍යයේම උච්චතම අවස්ථාවයි. එය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ දුරුතු සඳට පෙර පොහොය දිනයේදීය. ශ්‍රී ලාංකේය බෞද්ධයන් මහත් උද්යෝගයෙන් හා උද්යෝගයෙන් බලා සිටින වර්ණවත් හා අසිරිමත්ම දර්ශනය මෙයයි. පෙරහැර ආරම්භ වීමට පෙර හේවිසි බෙර නාද මධ්‍යයේ එක් එක් දේවාලවලින් ඒ ඒ දෙවිවරුන්ගේ දිව්‍ය ලාංඡන චාරිත්‍රානුකූලව පවත්වනු ලබන අතර, ඒ ඒ ඇත් පැටවුන්ගේ පිටුපස ඇති සරසා ඇති හව්ඩා වැනි නිධිය මත සුරක්ෂිතව තැන්පත් කරනු ලැබේ. අනතුරුව මහා පෙරහැරේ ආරම්භයට අදාළ උත්සව සමාධි ප්‍රතිමාවේ හෝ සමාධි පිළිමයේ කලා කුටියේදී සිදු කෙරේ. ප්‍රධාන බස්නායක නිලමේතුමා ප්‍රමුඛ පදවි ප්‍රාණකාර භික්ෂූන් වහන්සේලා සහ බස්නායක නිලමේවරු සමාධි ප්‍රතිමාව අබියසට රැස්ව බලා සිටිති. අනතුරුව පෙරහර චාරිත්‍ර ආරම්භ වේ.
 
මුලදී පන්සිල් සමාදන් වෙනවා. පූජ්‍ය විහාරාධිපති හිමියන් හෙවත් පැවිදි නායක හිමියෝ මේ මොහොතේ වැදගත්කම ගැන කෙටි දේශනයක් පවත්වති. ඊළඟට පූජාවේදී පූජනීය හංවඩුව තෙවරක් පිඹිනු ලබන අතර, දෙවියන්ගේ ආශිර්වාදය ඇතුළත් වන අතර පසුව උත්සව බෙර (මඟුල් බෙර) දරයි. අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විහාරාධිපති හිමියන් විසින් ශ්‍රී සර්වඥ ධාතු කරඬුව ප්‍රධාන බස්නායක නිලමේවරයා වෙත පිළිගැන්වූහ. මෙම සුබ මොහොතේදී පෙරහැර ආරම්භ වූ බව ප්‍රකාශ කිරීම සඳහා කාලතුවක්කුවක් නැඟෙන අතර, එතැන් සිට පූජනීය කරඬුව ප්‍රධාන බස්නායක නිලමේ විසින් සම්ප්‍රදායික හේවිසි තූර්ය වාදක කණ්ඩායම සහ ඉදිරියෙන් වේදිකා නාට්‍ය ඉදිරිපත් කරමින් විහාරස්ථානයෙන් පිටතට වැඩම කරවයි. ඝණ්ඨාර මඩුවේදී, පූජනීය කරඬුව සරසන ලද හවුඩා, රන් ආලේපිත අෂ්ටාශ්‍ර ආසනය, සිරකර ඇතාගේ පිටුපස පිහිටුවා ඇති අතර පෙරහැර පහත වීථි දක්වා ඉදිරියට ගමන් කිරීමට පටන් ගනී. පෙළපාලියට නායකත්වය දෙමින්, කස- රතිඤ්ඤා කරුවන් පැමිණ, තනි පේළියක ඔවුන්ගේ කසය නියමිත කාල පරතරයන් තුළ කඩා දමති. ඔවුන් පෙරහර එළඹෙන බව ප්‍රකාශ කරයි. ඊළඟට එන්නේ ගිනි බෝල වාදකයින් (ගිනි-බෝල කරයෝ) කණ්ඩායමක්. ඔවුන් විවිධ හැඩතලවලින් වීදියේ පෙළපාළි යමින්, නූල් සියගණනක් ගිනි බෝල පැද්දෙමින් සහ කරකැවෙමින්, විවිධ රටා සහ මෝස්තර නිර්මාණය කරමින් අහසේ ගමන් කරති. ජාතිය සංකේතවත් කරන ජාතික කොඩිය රැගත් ඇතෙකු ඔවුන් පසුපස යති. ඊළඟට එන්නේ ඒකාකාරව ඇඳගත් සම්මත දරන්නන් පිරිසක්. ඔවුන් විවිධ දිස්ත්‍රික්කවල සහ පළාත්වල (කෝරල කොඩි සහ දිසා කොඩි) වර්ණවත් බැනර් සහ කොඩි රැගෙන පේළි දෙකකින් ගමන් කරයි. හේවිසි බෙර වාදක කණ්ඩායමක් මීළඟට පැමිණෙන්නේ විවිධ බෙර පද වාදනය කරමින් ඔවුන්ගේ පදයට නටමිනි. බෞද්ධ කොඩිය රැගත් ඇතෙකු ඔවුන් පසුපස යති. දෙපස පේළි දෙකකින් තවත් සම්මත දරන්නන් පිටුපසින් වසා දමන්න. මීළඟට එන ඇතා කැලණියේ කොඩිය වන නාග කොඩිය ද, පසුව සම්මත දරන්නන් පිරිසක් ද, නැටුම් බෙර වාදක කණ්ඩායම් ද රැගෙන යති.

ඇතා පිට නැඟී එන විට පෙරමුනේ රාළ, සිරිත් ඇඳුමින් සැරසී වංශකතා හෝ ‘ලේකම්මිටිය’ අතේ තබාගෙන පැමිණෙයි. ඔහු පසුපසින් නැටුම් සහ බෙර වාදක කණ්ඩායමක් බෙර වාදනය කරමින් බෙර තාලයට නටති. මීළඟ ඇතා පිට නැගී සිටින්නේ අලි ගාල භාර ප්‍රධානියා වන ගජනායක නිලමේය. ඔහු තම කාර්යාලයේ සංකේතය වන රිදී ගෝඩයක් ඔහුගේ දකුණු අතේ රැගෙන යයි. අලි ඇතුන් පෙළක්, සම්පූර්ණ තොරණ සහ අරාව ඊළඟට පැමිණේ. කඳුකරයේ සහ පහතරට විවිධ නැටුම් පාසල් නියෝජනය කරන විවිධ ශ්‍රේණිවල නර්තන ශිල්පීන්ගේ කණ්ඩායම් කාලාන්තරවල දක්නට ලැබේ. ඔවුන්ගෙන් පසු ඔහුගේ පිරිවර සහ බෙර වාදකයින් සහ නැටුම්කරුවන් සහභාගී වන උත්සවවල ප්‍රධානියා වන කාරියකරවන-රාළ පැමිණේ. ඔවුන් පසුපස බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක්, ඔවුන්ගේ කේසර වස්ත්‍ර පැළඳ, සංඝයාගේ සහෝදරත්වය නියෝජනය කරමින් බුද්ධ ධාතු භාරකරුවන් ලෙස මෙහි වැඩම කරති. සාම්ප්‍රදායික කහ පැරසෝලය යටින් ඇවිදිමින්, ඔවුන් මත රඳවාගෙන, ඔවුන් ගමන් කරමින්, පහසු ගාම්භීර වේගයකින් තම මාවත ගමන් කරයි. ඉන්පසුව පැමිණෙන්නේ ශ්‍රී සර්වඥ ධාතු කරඬුව සිය සාරවත් ලෙස කපරාරු කර ගත් පිට මත රැගත් උතුම් උපතේ උතුම් ඇතාය. ඔහු තම පාද පිළිගැනීම සඳහා පාරේ බිම අතුරා ඇති සුදු කාපට් රෙදි (පාවඩා) ආඩම්බරයෙන් ගමන් කරමින් ඔහුගේ සියලු තේජසින් හා ගෞරවයෙන් ගමන් කරයි. තමා විසින් ඉටු කිරීමට තෝරාගෙන ඇති පූජනීය යුතුකම පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුතුව, ගාම්භීර කරුණාවෙන් ඔහු ගමන් කරන ආකාරය දැකීම ඇත්තෙන්ම පුදුම සහගතය. ඔහු ඉදිරියේ සුදු රෙද්ද විහිදුවා මිස ඔහු එක පියවරක්වත් ඉදිරියට නොයනු ඇත. පාවඩය පැතිරීමේ යම් ප්‍රමාදයක් ඔහුව හදිසියේ නතර කරනු ඇත. ඔහු දෙපස තවත් ඇතුන් දෙදෙනෙකු සිටී. ඔවුන් මත නැගී සුදු හැඳගත් සේවකයෝ දෙදෙනෙක් පූජනීය කරඬුව මත සුවඳ හකුරු ඉසිති. ඇතා යාමට පෙර උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් බෙර තාලයට නටමින්, උසස් ප්‍රශංසා පද ගායනා කරති. 

ඉහළට ඔසවා තබා ඇති වර්ණවත් පරාලයට යටින් ඇතා පිටුපසින් පැමිණෙන්නේ ප්‍රධාන බස්නායක නිලමේ ඔහුගේ රාජකීය ඇඳුමෙන් සැරසී සිටී. උන්වහන්සේ සර්වඥ ධාතු කරඬුවේ ගිහි භාරකරුය. ඔහුට ඉදිරියෙන් වෙස් නැටුම් කණ්ඩායමක් සහ පසුපසින් ඔහුගේ පෞද්ගලික පරිවාර විදානේ සහ උපස්ථායකයෝ සහභාගි වෙති. ඔවුන්ගේ සම්ප්‍රදායික උඩරට ඇඳුම්වලින් සැරසී සිටින මෙම සේවකයෝ ඔවුන්ගේ සම්ප්‍රදායික හෙල්ල (මුර-ආයුධ) කුඩ (සේසත්) සහ වලිග මුට්ටි කොළ (ටටාටු) රැගෙන යති. කැලණියේ ප්‍රධාන බස්නායක නිලමේවරයාගේ නිල ඇඳුම මහනුවර දියවඩන නිලමේවරයාගේ නිල ඇඳුමට වඩා වෙනස් ය. රන්දෝලි පෙරහැරේ ප්‍රධාන අංශය වන ධාතු පෙරහර මෙතැනින් අවසන් වේ. දේවාල පෙරහැර තුන දැන් ඒ ඒ අනුපිළිවෙලට අනුගමනය කරයි. සෑම පෙරහැරකම පාහේ අනුපිළිවෙල සමාන වේ. ධජ දරන්නන් හිස මත ගමන් කරයි, පසුව අලි ඇතුන් තනි තනිව ගමන් කරයි. පෙරහැරේ නර්තන සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා හේවිසි බෙර වාදකයින් සහ විවිධ නැටුම් ආකෘතීන් ඉදිරිපත් කරන නර්තන කණ්ඩායම් අතරට එක් වේ. ශ්‍රී ලංකාවේ නර්තන ප්‍රධාන පාසල් තුනම (උඩරට, සබරගමුව සහ පහතරට) නියෝජනය වේ. සෑම දේවාල පෙරහැරක්ම අවසන් වන්නේ දේවාල දළඳා (දේවාභරණ) රැගත් දේවාල පෙරහැරෙන් අනතුරුව සෑම පෙරහැරකම භාරකරු වන බස්නායක නිලමේවරයා සහ ඔහුගේ පිරිවර ප්‍රධානීන් සහ උපස්ථායකයන් සියලු දෙනාම ඔවුන්ගේ සිරිත් විරිත්වලින් සැරසී ගමන් කිරීමෙනි. පෙරහැර මාර්ගයේ මුළු දිගම ආලෝකමත් වන්නේ නියමිත කාල පරාසයන් තුළ ගෙන යන විදුලි පන්දම් මගිනි. පෙරහැර එහි නියමිත අනුපිළිවෙලට පහළ විහාර චතුරශ්‍රය පසුකර පිටත වීදිවලට ​​ගමන් කරයි. අවට වීදි සියල්ලම වර්ණවත් බැනර් සහ කොඩි වලින් සරසා ඇත. බෞද්ධ කොඩිය ප්‍රදේශයේ අභිමානය ගෙන දෙන අතර වීදි දෙපස ඇති නිවාසවල සහ ගොඩනැගිලිවල මුදුනේ ලෙළදෙනු දක්නට ලැබේ.


පෙරහැරේ වලිග කෙළවර දේවාලවල පල්ලි තුනක් (රන්දෝලි) මගින් සංලක්ෂිත වන අතර ඒවා අදාළ දේවාලවල උපස්ථායකයන් විසින් රැගෙන යනු ලැබේ. පැමිණ සිටි කාන්තාවක්, ගෞරවාන්විත ඇඳුමින් සැරසී, චාමර වලිගයකින් පංකාවට පංකා ගසමින්, එක් එක් පල්ලන් අසල ගමන් කරයි. ඒ ඒ දේවාලවල කෙණ්ඩිය ඇතුළු ඒ ඒ දෙවියන්ගේ ආභරණ මේ පැලන්කේන්වල රැුගෙන යනවා. පෙරහර, මුළු මාර්ගයේම ගමන් කර දැන් ආපසු (ගෙවදිනව) විහාරස්ථානයට පැමිණේ. ධාතු කරඬුව දැන් ප්‍රධාන බස්නායක නිලමේතුමා විසින් ඇතාගේ පිටෙන් ගලවා හේවිසි බෙර වාදනය මධ්‍යයේ විහාරස්ථානයට වැඩම කරවා එහි කුටියේ ගෞරවයෙන් තැන්පත් කර ඇත. මේ මොහොතේ පෙරහැරේ සමාප්ති උත්සවය හඟවන්න කාලතුවක්කුවක් පිම්බෙනවා. දේවාල පෙරහැර නැවත සිය දේවාලවලට පැමිණේ. එක් එක් දේවාලයන්හි දේව ලාංඡන ඒ හා සමානව එක් එක් දේවාල වෙත ආපසු ගෙන යන අතර ඒවා කලින් තිබූ ස්ථානවලට ආදේශ කරනු ලැබේ. සියලුම බස්නායක නිලමේවරු දැන් ධාතු මන්දිරයට රැස්වී සමාප්ති උත්සවයට අදාළ පුද පූජා පවත්වති. ඉන් අනතුරුව විභීෂණ දේවාලයට පැමිණ විභීෂණ දෙවියන් වැඳ පුදාගෙන පෙරහැර සාර්ථකව අවසන් කිරීමට හැකිවීම ගැන පිංඅනුමෝදන් කරමින් පුද පූජා පවත්වති.
 

 
 
කැලණිය විහාරස්ථානයේ කීර්තිමත් ඉතිහාසය පුරාණ වංශකතා, සෙල්ලිපි, සාහිත්‍ය කෘති සහ පැරණි ජනප්‍රවාදවල සටහන් වී ඇති ඉතිහාස වංශ කතාව හරහා තද අකුරින් දිව යයි. බුදුන් වහන්සේ විසින්ම විශුද්ධ කරන ලද බැවින්, පෞද්ගලිකව, අද විහාරස්ථානය පවතින ස්ථානය ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජනීය ස්ථානයක් ලෙස සැලකේ. විහාරස්ථානයම රජවරුන් විසින් වන්දනාමාන කර ප්‍රතිසංස්කරණය කරන ලද අතර අතීතයේ සිටම ප්‍රභූන් සහ සාමාන්‍ය ජනයා විසින් ගෞරවයට පාත්‍ර වී ආරක්ෂා කරන ලදී. එය ඉතිහාසයේ අහිතකර කාල වකවානුවල සහ සතුරු කාල වකවානුවලදී උමතු විදේශීය ආක්‍රමණිකයන්ගේ සහ මිථ්‍යාදෘෂ්ටික විනාශකරුවන්ගේ සියලු සතුරු ක්‍රියාවලට නිර්භීතව ඔරොත්තු දුන්නේය. අද එය දිවයිනේ සංස්කෘතික උරුමය තුළ අපේක්ෂා කළ හැකි ස්ථානයක් භුක්ති විඳියි. පූජනීය ස්ථානය වන්දනා කිරීමට සහ එහි මූර්ති කලාත්මක සුන්දරත්වය අගය කිරීමට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සහ දුර බැහැර රටවල බැතිමතුන් සහ රසිකයින් මෙහි ගමන් කරති. එබැවින් නූතනයේ එය බෞද්ධ සිද්ධස්ථානයක් සහ සංචාරක ගමනාන්තයක් ලෙස වඩාත් ජනප්‍රිය හා ආකර්ශනීය වී ඇත, විශේෂයෙන් දුරුතු පෙරහැර එහි සියලු උත්කර්ෂවත් හා සංදර්ශනවලින් සිදුවන ජනවාරි මාසයේදී.


Monday, January 22, 2024

බුදුන් තනි කරලා - දෙවියෝ ගියහ හැරලා - ශ්‍රී දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ - වාහල දේවතා බණ්ඩාර

ලංකාවෙ අලුත්නුවර කියල හඳුන්වන ස්ථාන තුනක් තියෙනව. බලංගොඩ උග්ගල් අලුත් නුවර, මහියංගනේ අලුත් නුවර, මාවනැල්ලෙ හතර කෝරළේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය මෙම ප්‍රසිද්ධ ස්ථාන තුනයි. අපේ අලුත් නුවර දේවාලයේ ඉතිහාසය දඹදෙණි රාජ්‍ය කාලය තරම් ඈත කාලයකට අයිති බව අලුත් නුවර දේවාලය කරවීම කියන පුරාණ පුස්කොළ ලියැවිල්ලෙ සඳහන් වෙලා තියෙනව. වර්ෂ 1236-1270 කාලයේ දඹදෙණියෙ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගෙ විසි දෙවැනි රාජ්‍ය වර්ෂයේදි එතුමන්ට වැළඳුණු රෝගාබාධයක් නිසා එයින් මිදීමට කළ හැකි කිසිවක් නොවුණු තැන අවසන් උත්සාහය හැටියට අලුත්නුවර දේවාලයට භාරයක් වූ බවත් මෙහි එකල වැඩිසිටි උපුල්වන් හෙවත් විෂ්ණු දෙවිඳුන්ට පුද පඬුරු හැටියට රන් ආයුධ දේව රූපය සිතුවම් කළ පෙතිකඩක් රැගෙන අවුත් තුන් අවුරුද්දක් මෙතැන පුද පූජා කළ බවත් සඳහන් වෙනවා.
 
Wahala Dance දැඩිමුණ්ඩ ආරූඪයෙන් ප්‍රලය වී නර්තනයේ යෙදෙන වාහල නැටුම
Ganewatta Gammaduwa - 2021
 
සාමාන්‍ය ජනමතවාද අනුව සැලකෙන්නේ උපුල්වන් දෙවිඳුන්ගේ ප්‍රධාන අමාත්‍යවරයා දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවන් බවයි. මෙම ස්ථානයේ තුන් මහල් දේවාලයක් ගොඩ නගා තිබුණත් මෙතැනට එන පිරිසට පහසු ගමන් මාර්ගයක් නොතිබුණේ දේවාලය වට කොටගෙන තිබූ මහා ගල් පර්වතයක් තිබූ නිසාය. අස්සද්දන පිරිවෙන්පති හිමියන් නිලමේවරුන් ඇතුළු පිරිසක් මෙතැනට පැමිණ අසල තිබූ දෙහි ගසක පඬුරක් ගැටගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක් වීමෙන් පසු එක් රැයකින් එම ගල් පර්වතය සුනු විසුනු වී මග දෙපස සකස් වූ බව ගල බිඳින ලද සැහැල්ලේ විස්තර සහිතව දැක්වෙයි. උඩ වීදිය ඔස්සේ අදත් මෙම දේවාලයට එන බැතිමතුන්ට දැක ගත හැකි ඉරහඳ කොටා ඇති මට සිලිටු ගල් වැටිය දැනටත් දක්නා ලැබෙන එක් සාක්ෂියකි.
 
දැඩිමුණ්ඩ දෙවියන් ගැන අතීතයේ සිටම මෙරට ජනතාව දැඩි භක්තියකින් පසු වූ බව විවිධ ජනශ්‍රැතීන්ගෙන් මෙන්ම ජන කාව්‍යයන්ගෙන්ද හෙළි වෙයි. බුදුන් වහන්සේට එරෙහිව මාරයා යුද්ධයට පැමිණි අවස්ථාවේ අනෙක් දෙව්වරුන් ඉවත්ව ගිය බවත් දැඩි මුණ්ඩ දෙවියන් පමණක් රැකවරණයට සිටි බව දැඩිමුණ්ඩ ස්තෝත්‍ර, දැඩිමුණ්ඩ කවි, දැඩිමුණ්ඩ අවතාරය, හත් අඩි උපත, දැඩි මුණ්ඩ උපත, දැඩි මුණ්ඩ පුලය, දැඩිමුණ්ඩ වරම, දැඩිමුණ්ඩ විස්තර, දැඩිමුණ්ඩ අවතාර ඇතුළු දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති ජනකාව්‍යයන්ගෙන් හෙළිවෙයි. පූර්ණක යක් සෙනෙවියාට දාව එරන්දතී නම් නාග කන්‍යාවියකගේ කුසෙන් උපන් අයෙකු ලෙස දැඩි මුණ්ඩ දෙවියන් පිළිබඳ ජන විශ්වාසයක් පවතී. එමෙන්ම විවිධාකාර අපහසුතාවයන්ට පත් වූ වන්ට පිළිසරන වන දෙවියකු ලෙසද මුළු මහත් ජනතාව තුළම ප්‍රසාදය දිනා ගත්තෙකි. 
 
Mysteries Wahala Dance 🔴 A Beautiful one and only Live dance perform
වාහල භාගය | ගංගාරාම ගම්මඩුව 
 
Marvelous Wahala Dance 🔴 වාහල භාගය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 
වාහල නර්තනය රඟ දැක්වීම - ඉන්ද්‍රජිත් මදුසංඛ සිංගන්කුට්ටි
 
 
දැඩිමුණ්ඩ දෙවියන්
 
දැඩිමුණ්ඩ දෙවියන් ලංකාව පාලනය කළ පාලකයෙක් වශයෙන් ද සලකනු ලබන අතර, ගෞතම බුදුන් වහන්සේගේ සමය වනවිට ලංකාව අරාජිකව පැවති බවත් ඉතිහාසයේ සඳහන් වේ. මෙරට පාලකයෙකු නොමැති වූ හෙයින් ලංකාව පාලනය කිරීමේ කාර්යය දැඩිමුණ්ඩ දෙවියන් විසින් සිදු කරන ලද බව සඳහන් වේ. බලංගොඩ ප‍්‍රදේශයේ පිහිටි දේවාලය රාජ මාළිඟාව වශයෙන් සලකන ලද අතර, මාවනැල්ල ප‍්‍රදේශයේ පිහිටි අලූත්නුවර පිහිටා තිබුණ මාළිඟය දෙවැනි මාළිඟාව වශයෙන් සලකන ලදී. දැඩිමුණ්ඩ දෙවියන් තමන්ගේ මන්ත‍්‍ර බලයෙන් උක්ගස් ගල් බවට පත්කිරීම නිසාවෙන් උග්ගල් නම් වූ බව සඳහන් වේ. මෙම දෙවියන් රට පාලනය කරන සමයේ  දී ලංකාවේ ප‍්‍රථම වාරි කර්මාන්තය බිහි වූ බවට මතයක් පවතින අතර, අමුණු හැටක් සහ නගර දහ අටක් පැවති බව පුරාවෘත්තයන්හි දක්වා තිබේ. පොල්තෙල් පහනේ ආරම්භය සිදුවන්නේ ද දැඩිමුණ්ඩ දෙවියන් දවස බව සැලකේ.
 
 දැඩිමුණ්ඩ දෙවියන් හැඳින්වීම සඳහා විවිධ නාමයන් යොදා ගන්නා අතර එම නාම කවරේ ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත්ය. ඒ අනුව නාමහතළිහකින් පමණ හඳුන්වන බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. ‘සඳුන් බණ්ඩාර’ යන්න ව්‍යවහාර කරන බව ඉතිහාසයේ සඳහන්ය. එසේම ‘මැණික් බණ්ඩාර’ යන්න ද දැඩිමුණ්ඩ දෙවියන් හැඳින්වීම සඳහා යොදා ගනී. කළුකම්බිලි දේවතා බණ්ඩාර, ගෝමර බණ්ඩාර, සුදුවල් කුමරු, කළු දේවතා යනාදි වෙනත් දෙවිවරුන්ගේ බලය ද දැඩිමුණ්ඩ දෙවියන් විසින් යොදාගෙන තිබේ. උපුල්වන් දේව ප‍්‍රතිමාව අලූත්නුවරට වැඩම කරවන ලද අවස්ථාවේදී දැඩිමුණ්ඩ දෙවියන්ගේ තේජසට යටත් වූ හෙයින් උපුල්වන් දෙවියන් ඇමතූ කළු දේවතා යන්න දැඩිමුණ්ඩ දෙවියන් කළු දේවතා බණ්ඩාර යන නමින් ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.  මෙම නාමයන්ට අමතරව ‘අලූත්නුවර දේවතා බණ්ඩාර’ යන නාමය ද මෙම දෙවියන් සඳහා ද භාවිතා කරන බව මූලාශ‍්‍රය ඇසුරින් සනාථ වේ.
 
Wahala Dance at Depanama Ganegoda Dewalaya 2020
ඓතිහාසික ගණේගොඩ දේවාල ගම්මඩුව
 
දැඩිමුණ්ඩ දිව්‍ය රාජ වර්ණනාව නම් ග‍්‍රන්ථයෙහි සඳහන් පුවත ද වැදගත්ය. මෙම කෘතියට අනුව මෙම දෙවියන් හිමවතයේ සිට ලංකාවේ සමන්තකූටයට පැමිණ එහි වාසය කළ දෙවියන්ගේ දුනු  ආයුධ ලබාගෙන විෂ්ණු දෙවියන්ගෙන් රන් දුන්න ලබාගෙන පැමිණ තිබේ. මෙසේ මිනිසුන්ට සෙත සැලසීමේ අරමුණින් යුතුව දෙවුන්දරට පැමිණි බවත්, ඉන් පසුව උග්ගල් නුවරට සහ අලූත්නුවරට පැමිණි බවත් සඳහන් ය. මෙසේ පැමිණි ගමන යකුන් සමඟින් පැමිණි අතර, කුන්නයිරාගනා, ගොපලූ, පිල්ලි, ගිනිජාල, ලවුදි, ගිනි බ්රාඩි, මල්ලව, භාග, දෙවොල්, වටුක, ඩමරි, සහ මංග්ර යන යක්ෂයින් අයත් වූ බව සඳහන් වේ. නමුත් පස්දේවතා’ කෘතියට අනුව දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට එවන අවස්ථාවේ දී ඔහු සමඟ දේවතාවන් පස් දෙනෙකු එවා තිබේ. කළුදේවතා, කම්බිලි දේවතා, ගුරුමා දේවතා, හැඳයා දේවතා සහ රත්න කඩවර දේවතා යනු එම පස්දෙනායි. මෙම දෙවිවරුන්ගේ ගමන වළක්වාලීමට අනෙක් දෙවිවරුන් උත්සාහ ගෙන තිබෙන් නමුත්, දැඩිමුණ්ඩ දෙවියන් එම බාධක බිඳලමින් පැමිණි බව සඳහන් වේ. ඒ අනුව පළමුව කළුතරට පැමිණි බවත්, අනතුරුව මඩකලපුවට ගොස් එම ස්ථානයෙන් තවත් දෙමළ යකුන් කිහිපදෙනෙකු සමඟ දෙවනගලට ගිය බවත්, අවසානයේ ගල කැපූ ස්ථානය හෙවත් අලූත්නුවරට පැමිණි බවත් සඳහන් වේ.

මෙම දෙවියන් සම්බන්ධයෙන් මතවාද රැසක්ම පවතින අතර, ඒවා මොනවා ද යන්න විමසා බැලීමක් මෙහිදී සිදුවේ. එසේ පවතින මතවාදයන් අතර ‘මාලදිවයින් රජු ’ යැයි පවසන මතයක් ද වේ. එයට අනුව විකුණ්ට භද්‍රව නම් යක්ෂ ගෝත‍්‍රයට අයත් බව සඳහන් ය. මාලෝස් දිවයින නමින් හඳුන්වන මාලදිවයිනේ රජු වශයෙන් මෙම දෙවියන් ප‍්‍රසිද්ධ ය. දෙමව්පියන් සම්බ්න්ධයෙන් විමසීමේදී පියා යක්ෂ ගෝත‍්‍රකයෙකු වන පූර්ණක නම් වන බවත්, මව කැලණියේ එරන්දිකා නම් නාග ගෝත‍්‍රයට අයත් වූ කාන්තාවක වශයෙනුත් ඉතිහාසය දක්වයි. මෙම දෙදෙනාට දාව උපන් කුමාරයා ‘දුනුමන්ත හෙවත් දැඩිමුණ්ඩ’ නම් වන බව සඳහන් ය. මුල් කාලයේ දුනුමන්ත නමින් හඳුන්වන ලද මෙම කුමාරයා පසුකාලයේ දී දැඩිමුණ්ඩ යන නමින් හඳුන්වා තිබේ. ගෞතම බුදුන් වහන්සේට ආරක්ෂාව සපයන ලෙස වෙසමුණි රජු දැඩමුණ්ඩ දෙවියන්ට පවසා තිබේ. දසබිම්බරක් මාර සේනාව බුදුන් වහන්සේට විරුද්ධව පැමිණෙන විට සියලූ දෙවිවරුන් බුදුන් වහන්සේ අතහැර පලා ගිය බව සඳහන්ය. නමුත් දැඩිමුණ්ඩ දෙවියන් පමණක් දුන්නක් අතේ තබාගෙන සිටි බව ජනප‍්‍රවාදයේ සඳහන්ය. මෙයින් පැහැදිලි වනුයේ දුනුමන්ත කුමාරයා මහත් බල පරාක‍්‍රමයකින් යුක්ත වූ බවයි. එපමණක් ද නොව ‘ආයුධ කුමට වේවැලෙන් තලමි’ යනුවෙන් පවසමින් වේවැලක් පමණක් අතේ තබාගෙන සිටි බවත් ජනප‍්‍රවාදයන්හි විස්තර වේ. මාර සේනාව පරාජය කරන අවස්ථාව වනවිට මේ කුමාරයා සොළොස් වියේ සිටි බවත්, එතැන් සිට දැඩිමුණ්ඩ යන නාමය යෙදුණ බවත් සඳහන් ය.

Wahala Dance of Pahatharata Tradition සේදවත්ත වාහල නර්තනය 2022
ලංකාවේ දැකපු හොඳම වාහල නැටීම

දැඩිමුණ්ඩ දෙවියන් මහත් බල පරාක‍්‍රමයකින් යුක්ත වූ බව කුඩා කාලයේ සිටම කරන ලද සටන් පිළිබඳව විමසීමේදී පැහැදිලි වේ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී මේ කුමාරයා අංගං සටන් සඳහා දක්ෂතාවක් පෙන්නුම් කර තිබෙනුයේ කුඩා කාලයේ සිටමය. පියා යක්ෂ ගෝත‍්‍රයට අයත් නිසාත්, මව නාග ගෝත‍්‍රයට අයත් නිසාත් දැඩිමුණ්ඩ දෙවියන්ගේ මුහුණ යක්ෂ ස්වරූපයක් ගන්නා බවත්, නයි පෙණ ගන්නා බවත් සඳහන් ය. මෙම දෙවියන් ලංකාවට පැමිණීමෙන් පසුව අංගං සටන් ඉගෙන ගත් බව පුරාවෘතත්යන්හි දක්වා තිබේ.

අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ දැඩිමුණ්ඩ නමින් ප‍්‍රසිද්ධියට පත් වුයේ ප‍්‍රාදේශීය නායකයෙක් බවට මතවාදයක් පවතී. දඹදෙණි රාජ්‍ය සමයේදී හෙම්මාතගමට නුදුරින් පිහිටි කෙහෙල්පන්නල ගමේ ශක්තිමත් දුනුවායෙක් වාසය කර තිබේ. මොහු දිනක් රාත‍්‍රියේ පිදුරංගල කඳු මුදුනේ සිට බලන විට ඈත වනාන්තරයේ ගසක් මුදුනේ පහනක් දැල්වෙනු දැක එයට විඳ තිබේ. පසුදින පැමිණ එම ඊතලය වැටුණ ස්ථානය සොයා ගිය බවත්, විශාල සපු ගසක් මුදුනේ එය තිබෙන බව දැක එහි පැලක්  ඉදිකර පදිංචි වූ බවත් සඳහන් ය. මෙහි බෝග කිරීමෙන් පසුව එය සාර්ථක වූ බව දුටු තවත් තරුණයින් කිහිපදෙනෙකු පැමිණ දැඩිමුණ්ඩ සමඟ පදිංචි වූ බවත්, ඔහුගෙන් දුනු ශිල්පය හදාළ බවත් සඳහන්ය. දුන්නක වරපටය ගැට ගසන ස්ථානය මුණ්ඩ නමින් හඳුන්වන අතර, නායක දුනුවායා පසුකාලයේ දී දැඩිමුණ්ඩ නම් වූ බවත් මෙම පුරාවෘත්තය තවදුරටත් පෙන්වා දෙයි.

දඹදෙණි පාලකයාට විරුද්ධව පිරිසක් කැරුල්ලක් දියත් කළ බවත් දැඩිමුණ්ඩ විසින් වේවැලකින් තලා මොවුන් මර්දනය කළ බවත් සඳහන්ය. රජතුමා මෙම කැරලිකරුවන් මරා දැමීමට අණ කළ නමුත්, දැඩිමුණ්ඩගේ මැදිහත්වීම නිසා අභය ලැබුණ බවත් විස්තර වේ. මෙම කැරලිකාර පිරිස ගෙනගිය දැඩිමුණ්ඩ මොවුන් ලවා දෙවනගල සිට රගලහල දක්වාත්, රාස්සකන්දේ සිට බතලේගල දක්වාත් වනය කපා අස්වද්දවා ජල මාර්ග ඉදිකරමින් කුඹුරු කරවූ බව සඳහන්ය. මේ හේතුව නිසා දැඩිමුණ්ඩ ගෞරවාදරයට ලක් වූ බවත්, දඹදෙණි පාලකයා රාජ්‍ය සම්මාන පවා ලබාදුන් බවත් විස්තර කරයි. සෑම අවස්ථාවක ම දැඩිමුණ්ඩ වේවැලක් අතේ තබාගෙන සිටි බවත්, මරණින් පසුව දේවත්වයට පත්ව තමන්ගේ පිහිට පතන අයට උපකාර කරන ලද බවත් සඳහන්වේ. 

Traditional Sri Lankan Wahala Dance
ගම්මඩුවෙහි පුද ලබන දැඩිමුණ්ඩ හෙවත් වාහල බණ්ඩාර දෙවියෝ

දඹදෙණි රාජ්‍ය සමයේ දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ විකල් රෝගය ‘කෙකටිය මලේ වත ඇරුණ ද සුව නොවේ’ යැයි රජුගේ දේව ප‍්‍රතිරාජ නම් ඇමතිට උපුල්වන් දෙවියන් සිහිනෙන් පැවසූ නිසා සත්‍ය වටහාදීමත්, චන්ද්‍රභානුගේ ආක‍්‍රමණය සිදු වූ අවස්ථාවේදී උපුල්වන් දෙවියන්ගේ පිහිට පතන ලද නිසාත් මේ හේතුවෙන් වීරබාහු කුමරු ජය ලැබීම නිසාත්, පරාක‍්‍රමබාහු රජුගේ උපදෙස් අනුව උපුල්වන් දෙවියන් වෙනුවෙන් සතර කෝරළේ අලූත්නුවර පද්දාවෙල් යායේ දේවාලයක් ඉදිකිරීමට ක‍්‍රියා කළ අතර, මෙහි ප‍්‍රධානත්වය ගෙන කටයුතු කරන ලද්දේ රජුගේ බිසව බවත් සඳහන්ය. එසේම දෙවුන්දර සිට උපුල්වන් දේව ප‍්‍රතිමාව උග්ගල් අලූත්නුවරටත්, ඉන්පසුව හිඟුලේ කිරුංගල්පාය හරහා අලූත්නුවරටත් ගෙන එන ලද බවත් සඳහන්ය. එසේ රැගෙන ඒමේදී දැඩිමුණ්ඩ දෙවියන්ට ද ආරෝපණය කර අලූත්නුවර අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් වැඩ සිටින බව ද පිළිගනු ලැබීය. මේ අනුව උපුල්වන් දේව බලය දැඩිමුණ්ඩ දේව බලය වශයෙන් සලකන ලද බව සඳහන්ය.

සපුමල් කුමාරයා සම්බන්ධයෙන් ද අලූත්නුවර දෙවියන් සම්බන්ධව කතා ප‍්‍රවෘත්තියක් ගොඩ නැඟිී තිබේ. කෝට්ටේ පාලකයා වූ හයවන පරාක‍්‍රමබාහු රජතුමා තමන් විසින් මෙහෙයවන ලද යාපනයේ යුද්ධය සඳහා සපුමල් කුමරු පිටත් කර හරින ලදී. එහිදී සපුමල් කුමරුට මුහුණදීමට සිදු වූයේ ආර්ය චක‍්‍රවර්තීන් නම් පාලකයා සමඟ සටන් කිරීමටය. මෙම ගමන ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් කුමරු යුද්ධයෙන් ජය ගැනීමේ අපේක්ෂාව සහිතව කෝට්ටේ රජමහා විහාරයට ගොස් එහි තිබෙන දැඩිමුණ්ඩ මහ දේවාලයේ ප‍්‍රධාන දොරටුවේ පඬුරක් ගැට ගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක්  වූ බව සඳහන් වේ. මෙහිදී කුමරුගේ අපේක්ෂාව වී ඇත්තේ යුද්ධයෙන් ජයග‍්‍රහණය කිරීමයි. ඒ අනුව යාපනය පාලනය කළ ආර්යචක‍්‍රවර්තී රජු පරාජය කරමින් සපුමල් කුමාරයා ජයග‍්‍රහණය කළේය. මෙසේ ජයග‍්‍රහණය කිරීමෙන් පසුව සපුමල් කුමරු ප‍්‍රථමයෙන්ම සිදුකරන ලද්දේ දැඩිමුණ්ඩ දෙවියන්ට තමන් වූ භාරය ඉස්ට කිරීමයි. ඒ සඳහා කුමරු නැවත කෝට්ටේ රාජධානියට පැමිණ තමන් යුද්ධය සඳහා භාවිත කරන ලද රන් අසිපත දැඩිමුණ්ඩ දෙවියන්ට පූජා කළ බව ඉතිහාසයේ සඳහන්වේ.

Traditional Wahala Dance - දෙවියන් යැද සෙත් පතන වාහල නර්තනය
වරාකනත්ත වාර්ශික දෙවොල් මඩුව

ඇදුරෝ වාහල බණ්ඩාර දෙවියන්ගේ කවි ගායනා කරති. දස බිම්බර යුධට - මාරසෙන් රැස්වූ විට දෙවියන් දැක නොසිට - දුවයි සක්වල ගලෙන් පිටතට බුදුන් තනි කරලා - දෙවියෝ ගියහ හැරලා දැඩිව එහි සිටලා - යුධ කරවි සැලකලේ වැදලා දැකලා දෙවියන් යකු වෙව්ලන්නේ - වැදලා සුරිදුට බැහැ දකිමින්නේ රැකලා පියවර වේ වැල ගන්නේ - විදලා තල අද දමමු කියන්නේ "දේවතා බණ්ඩාර දෙවිඳුට කියමි කවි මම වැඳ - සමා පේව ඔබ ගැති කරන වේලේ යහපතක් වෙන්නටා බෝව කල්පය පවත්නා තෙක් කියමි දන්නා පමණටා දේවතා දෙවි පිහිට වෙනවයි වරද ඇත්නම් ගැති - හටා" වාහල දෙවියන් යනු බුදුන් හමුවට මාරයා එළඹි අවස්ථාවෙහිදී බුදුන් අසලම එතුමන්ගේ ආරක්ෂාව සදහා සිටි දෙවියා යයි ජන ව්‍යවහාරයේ කියනු ලැබේ.

දැඩිමුණ්ඩ දෙවියන් වෙසමුනි වරම් ලබාගෙන දඹදිවින් ලංකාවට පැමිණියේ යැයි සඳහන් පුවත ද පෙන්වාදිය හැකිය. වෙසමුණි දෙවියන්ගේ ආලකමන්දාපුරය ආරක්ෂා කිරීමට යක් සෙනෙවියන් විසි අටක් සිටි බවත්, එහි ප‍්‍රධානියා පූර්ණක නම් වූ බවත් සදහන් ය. එම කාලයේදී ඉදිපත් නුවර රජෙකු වෙත සිටි විධුර පඬිවරයාගෙන් බණ අසා නා ලොවට ගිය නා රජු එම පුවත් විමලා නම් බිසවට පැවසීය. ඇය ද විධුර පඬිවරයාගෙන් බණ ඇසීමේ ආශාව වෙනත් ආාකරයකින් ප‍්‍රකාශ කළ අතර, ඔහුගේ හදවත පලා මස් කෑමෙහි ආශාවක් ඇති වූ බව පැවසුවාය. මෙම අවස්ථාවේ දී යක්ෂ සේනාපති පූර්ණක ඉදිරිපත්ව විමලාවගේ රූමත් එරන්දති දියණිය ලබාගැනීමේ පොරොන්දුව මත ඉදිරිපත් නුවර රජු සූදුවෙන් පරාජය කොට විධුර පඬිවරයා විමලා වෙත රැගෙන ආවේය. මේ අනුව එරන්දති නිසා පූර්ණක නම් වූ යක්ෂ සේනාපතියා ලැබූ පුතා දැඩිමුණ්ඩ නම් වූ බව සඳහනි. ඉන්පසුව ලංකාවට පැමිණි දැඩිමුණ්ඩ බලවත් දෙවියෙකු බවට පත්විය. දැඩිමුණ්ඩ වෙසමුණි වරම් ලබාගෙන දඹදිව සිට පැමිණි බවත්, ගනේතැන්නේ කඳු ගැටයේ සහ හිඟුලේ තවත් ස්ථානයක වාසය කළ බවත් මහනුවර රාජ්‍ය සමය වනවිට මහත් පුද සත්කාර ලැබූ බවත් සඳහන් වේ.  

Wahala Dance of Low Country Dance Tradition (වාහල නැටීම )
සේදවත්ත ගම්දෙවොල් මඩු පූජෝත්සවය 2023 

අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය 

 “අප භාග්‍යවත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උතුම් වූ බුද්ධාදී රත්නත්‍රය ප්‍රධාන කොට ඇත්තා වූ දෙවියන් වහන්සේලාගේ දේව නාමවල් මුදුන්පත් කරවාගෙන තවද තුන්සිය හැටක් සමයංවලට නායකව යක්ෂසේනාව පිරිවරා ලක්දිවට ගොඩබැස සතර කෝරළය බඩ මනෝරම්‍ය දිව්‍ය විමානයක් කරවා අලුත්නුවර යැයි සිරිලකට අණසක පතුරුවා චිරාත්කාලයක් වැඩ වසන වාහල බණ්ඩාර දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. මේවැනි මේ බලියාග ශාන්තියට දේවාශීර්වාද කොට එවැනි ඒ තේජානුභාව බලයෙන් ආතුරයන්හට පැමිනි ලෙඩ දෝෂ දුරු වී සුබ ශාන්තියක් වේවා”

දේව මන්දිරය ඇතුළාන්තයෙන් නැගෙන දෝංකාරය දෙමින් හඬ නැගෙන හඬින් තම තමන් සිත් උඩරටට උරුම මුල් ඇඳුමෙන් සැරසී දකුණත නිල්වන් වේවැලක් දරා සිටින දැඩිමුණ්ඩ දේවතා හාමුදුරුවන් වහන්සේ වෙත සියල්ලෝම ආකර්ෂණයව බලා සිටිති.

 අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි මාවනැල්ල නම් වූ ප‍්‍රදේශය වර්තමානයේ පමණක් නොව ඈත අතීතයේ සිට ම ලංකාවාසීන්ගේ අවධානයට පමණක් නොව ගෞරවාදරයට ද පාත‍්‍ර වූ  ප‍්‍රදේශයක් වශයෙන් හැඳින්වීම නිවැරදි ය. එයට හේතුව වනුයේ අලූත්නුවර දේවාලයක් පිහිටා තිබීම වන අතර, එය ‘දැඩිමුණ්ඩ දේවාලය’ වීමයි. අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය වනාහි ලාංකීය ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දේවාල අතුරින් සුවිශේෂි ස්ථානයක් හිමි කරගන්නා දේවාලයකි. මෙම දේවාලයට දිගු ඉතිහාසයක් පවතින අතර, එය ගෞතම බුදුන් වහන්සේගේ සමය දක්වා දිව යන්නකි. එනම් වසර දෙදහස් පන්සියයකටත් වඩා දීර්ඝ වූ ඉතිහාසයක් අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙත පවතී. 

බෞද්ධ ජනතාව ප‍්‍රමුඛව සියලූම ලාංකිකයන්ගේ වැඳුම් පිදුම් ලබන ස්ථානයක් වශයෙන් අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය පෙන්වාදිය හැකිය. ඵෙතිහාසික වශයෙන් සුවිශේෂි ස්ථානයක් හිමිව තිබෙන බව අතීතයේ සිට වර්තමානය දක්වා වන්දනාකරුවන්ගෙන් මෙය පිරී ඉතිරී තිබෙනුයේ මෙහි පවතින සත්‍යතාව නිසාවෙන් යැයි මට සිතෙන සිතිවිල්ල නිවැරදි ය. අලූත්නුවර දේවාලය ඉදිකිරීමේදී යක්ෂයින් විසින් කපා ඉවත් කරවන ලද ගල් කැබලිවල ඉතිරි කොටස් මෙම දේවාල භූමියේ දක්නට ලබෙන  බව පැරුන්නන්ගේ අදහසයි. ඒ අනුව දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් පවතින මතවාද, දෙවියන්ගේ සංකේතය, දෙවියන් විසින් කරන ලද සටන් මෙන් ම අලූත්නුවර දේවාලය හා සම්බන්ධව පවතින අනෙකුත් දේවාල කෙරෙහි ද අවධානය යොමු කිරීමක් මෙහිදී සිදු වේ. එසේම අලූත්නුවර දේවාලය වර්තමානයේ කෙබඳු ස්වරූපයක් උසුලන්නේ ද යන්න සම්බන්ධයෙන් ද විමසා බැලීමක් මෙහිදී සිදුවේ.

පන්දහස් කාලයකට ලංකාව භාරදීම උපුල්වන් දෙවියන්ට භාර කළ බවත්, එම නිසා උපුල්වන් දෙවියන්ගේ අවසරය මත දැඩිමුණ්ඩ දෙවියන් සිටි බවත් පැහැදිලිය. විධුර ජාතකයට අනුව දැඩිමුණ්ඩ දෙවියන් බුුදුන් වහන්සේගේ මාර පරාජයේ දී පලා නොගිය බවත්, මෙම පුවතම උපුල්වන් දෙවියන්ට සම්බන්ධ කර තිබෙන හෙයිනුත් මෙහි යම් සත්‍යතාවක් තිබෙන බව පිළිගත හැකි ය. විධුර ජාතකය සඳහන් කරන අන්දමට දැඩිමුණ්ඩ යනු වරුණ දෙවියාගේ මුණුපුරා බව සඳහන් වන අතර, මහාචාර්ය පරණවිතානයන් දක්වන අන්දමට උපුල්වන් යනු පැරණි භාරතයේ සිටි වරුණ දෙවියන්ම බව පවසයි.

මේ ආකාරයට අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් විවිධ මතවාද පවතින බව පැවසිය හැකිය. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න සෙවීම දුෂ්කර වන නමුදු අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අතීතයේ සිටම ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දේවාලයක් වශයෙන් හැඳින්වීම නිවැරදිය.

අලූත්නුවර දේවාලය හා සම්බන්ධ අනෙකුත් දේවාල

අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ප‍්‍රධාන දේවාලය වශයෙන් සලකන අතර, මේ හා සම්බන්ධ වූ තවත් අප‍්‍රධාන දේවාල රැසක් ම හමු වේ. දේවාල අතර, කෝට්ටේ රජමහා විහාරයේ ඵෙතිහාසික සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ මහ දේවාලය, පත්තිනි දෙවියන් සහ සමන් දෙවියන් අදහන දේවාලවල දැඩිමුණ්ඩ දෙවියන් ඩැඩ සිටින බවත්, යක්ෂ ගෝත‍්‍රිකයින් සහ අංගම්පොර සටන්කරුව්න දැඩිමුණ්ඩ දේවාලය අදහන බවත් පැවසේ. මේ ආකාරයට අලූත්නුවර දේවාලය ප‍්‍රධාන කොටගෙන තවත් දේවාල රැසක්ම ක‍්‍රියාත්මක වන බව පැහැදිලි ය. මේ ආකාරයට අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඈත අතීතයේ සිට ද ජනතාවගේ නොමඳ ගෞරවාදරයට ලක් වූ බවත්, රාජ්‍ය අනුග‍්‍රහය ද මේ සඳහා හිමි වූ බවත් පැහැදිලිය. එසේ ම ගිහි ජනතාව මුහුණ දෙන කරදර, උවදුරුවලින් මිදීම සඳහාත්, යක්ෂ සහ පේ‍්‍රත වැනි අදෘශ්‍යමාන බලවේගවලින් ඇතිවන කරදරවලින් මිඳමටත්, දරුවන් නොමැති කාන්තාවන් දරුවන් ලබාගැනීම සඳහාත් අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට පතා පැමිණෙනු දැකගත හැකිය. එමෙන්ම කෙම්මුර දවස් වූ බදාදා සහ සෙනසුරාදා යන දින දෙකෙහි පැමිණි ජනතාව වර්තමානය වනවිට සතියේ සෑම දිනකම පාහේ පැමිණෙනුයේ දෙවියන් කෙරෙහි වූ අසීමිත භක්තිය නිසාවෙනි. තව ද වාර්ෂිකව සිදුකරනු ලබන අලූත්නුවර පෙරහැර ද ජනතාවගේ සිත්හි පවතින්නා වූ දේව භක්තිය මනාව ප‍්‍රකට කරවයි. මේ අන්දමට අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් විවිධ මතවාදයන් මෙන් ම ජනප‍්‍රවාදයන් පවතින නමුදු ලාංකීය ජනතාව මහත් භක්තියෙන් යුතුව දැඩිමුණ්ඩ දෙවියන් වැද පුදා ගැනීමට පැමිණෙන බව පැවසිය හැකිය.


 

Sunday, January 21, 2024

පනාවිටිය අම්බලම - ලංකාවේ කලාත්මකම අම්බලම

දඹදෙණිය රාජධාණියේ පනාවිටිය අම්බලම
 
 “ඇවිද්ද පය දහස් වටී – ගෙයි සිටි පය බලු නොවටී ” යයි සිංහල කියමනක් බිහිවී ඇත්තේ හෙළයා ආදී කාලයේ පටන්ම සංචරණයට කැමැත්තක් දැක්වූ බැවිනි. එමෙන්ම අතීතයේ විසුවන් පයින් ගමන් බිමන් යාමට දක්ෂයන්වූ බව දුටුගැමුණු රජ දවස සුරනිමලයන් අනුරාධපුරයේ සිට නවයොදුනක් දුරින් පිහිටි දොරමඬලාව ගමට උදයේ ගොස් එහි කටයුතු නිමවා එදාම පස්වරුවේ නැවත අනුරාධපුරයට පැමිණි බව මහාවංශයේ සඳහන්ව තිබිමෙන් පෙනීයයි. එකල පයින් ගමන් බිමන් යන්නවුන්ට අතර මගදී විවේකයක් ගත්තේ අම්බලමේදිය. එමෙන්ම ගමේ රැස්වීම් පැවැත්වීම හා වෙනත් නොයෙක් පොදු කටයුතු සිදුකෙරුණේ අම්බලමේදී බව පෙනේ. අද දක්නට ලැබෙන පැරණි ස්මාරක අතර ප්රධාන වශයෙන් දක්නට ලැබෙන ආගමික ස්මාරක, රාජකීයයන් පරිහරණය කළ ගොඩනැගිලි ආදිය හැරුන විට දක්නට ලැබෙන අනෙක් ප්රධාන වාස්තුවිද්යාත්මක නිර්මාණයන් වන්නේ අම්බලම් වීමෙන් අතීතයේදී අම්බලම් වලට වැදගත් තැනක් හිමිව තිබූ බව පෙනීයයි. සිංහල සාහිත්යයේ වැදගත් කෘතියක් වන ගිරා සංදේශ කාව්යයේ රටේ දේශපාලණික, සමාජීය, ඓතිහාසික ආදී තොරතුරු වර්ණනා කිරීම සිදුකොට ඇත්තේ අම්බලමට එක්රැස්වන ජනයා කතාබහ කරන තොරතුරු විලාශයෙනි. එයිනුදු අපට වැටහෙන්නේ අම්බලම එකල ජන ජිවිතයට බොහෝ සමීප ස්ථානයක් වූ බවයි. එහෙයින් හෙළ වාස්තුවිද්යානිර්මාණ කරුවන්ගේ නිර්මාණශීලි භාවය හා කලා කෞශල්යය විදහා දැක්වන නිර්මාණයන් ලෙස අම්බලම් ඉදිකිරීමට කටයුතු කොට ඇත. ඒ බව අපට පසක් කරවන අම්බලමකි පනාවිටිය අම්බලම.
 

 
පනාවිටිය අම්බලම වයඹ පළාතේ කුරුණෑගල දිස්තරිකයේ දේවමැදි හත්පත්තුවේ මයුරාවතී කෝරළයේ පිහිටි පනාවිටිය ගමේ දීකිරිකෑව-පනාවිටිය ශ්රී ජයතිලකාරාම විහාරයට මඳක් ඔබ්බෙන් වෙල්යාය ආසන්නයේ පිහිටා ඇත. එයට කුරුණෑගල – ගිරිඋල්ල B 308 මාර්ගයේ මැටියගනේ දංගොල්ල පාරෙන් හෝ උඩවෙල පාරෙන් හැරී කිලෝමීටර් හතරක් පමණ ගියවිට ළඟාවිය හැකිය.
 
ටැම්පිට ගෘහ ආකෘතිය අනූව යමින්, පොළොවේ ශක්තිමත් ලෙස ඉන්දවනු ලැබූ ගල් බැමි හතරක් මත පිහිටුවන ලද දැව තල 4ක් මත, පනාවිටිය අම්බලම ගොඩනංවා තිබේ. වැසි දියෙන් තෙමීම වැළැක්වීම, ගොඩනැගිල්ල කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම, රාතරී නවාතැන් ගන්නා පිරිස්, සර්පයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා සහ නඩත්තු කටයුතුවල පහසුව වෙනුවෙන්, අම්බලම මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට ඇතැයි පැවසේ. අම්බලමේ වහලයේ මූට්ටු සවිකොට ඇති ආකාරය දැකගත හැකි වන අතර, එහි ඇති ලී කැටයම්ද වර්ණ ගන්වා ඇත. 1961 වර්ෂයේදී පුරාවිද්යා කොමසාරිස්වරයා වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ අධීක්ෂණය යටතේ, 1962 - 1963 අතර කාලය තුලදී මෙම අම්බලම පරතිසංස්කරණයට ලක් කෙරුණි.  
2017 පුරාවිද්යා දෙපාර්තුමේන්තුව මඟින් ප්රතිසංස්කරණය කරන අතර ලංකාවේ තියෙන අම්බලම් අතරින් ඉතාමත් අලංකාර අම්බලම නම් පනාවිටිය අම්බලමයි. ඓතිහාසික දඹදෙණි රාජධානිය ආශ්රීතව පිහිටා තිබෙන මේ අම්බලම පුරාණ දඹදෙණි අනුරාධපුර මාර්ගය ආශ්රිතව පිහිටි අම්බලම් වලින් එකක් යැයි සැලකේ. දාරුමය නිර්මාණයක් වන මෙහි ඇති කැටයම් අතිශයින්ම අලංකාර ඒවායි. කතාවට කියන්නේ මහනුවර මගුල් මඩුව නිර්මාණය කල ශිල්පියාගේ පුත්රයා විසින් මෙය නිර්මාණය කරන ලද බවයි. පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරනු ලැබූ ප්රථම අම්බලම වන්නේද මෙයයි. 

පනාවිටිය අම්බලම ලංකාවේ කලාත්මක මෙන්ම ඉහළම තාක්‍ෂණයක් පෙන්නුම් කරන්නා වූ කැටයම් වැඩිම අම්බලම වේ. දහතුන්වන සියවසේ අග භාගයේදී දෙවන පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1250- 1285) දේවපතිරාජ ඇමතිවරයා ලවා මේ අම්බලම කරවූ බව විශ්වාස කෙරේ. මේ අම්බලම ඉදිකරවීම පිළබඳ ජනප්‍රවාදයක් ඇත. ඒ ජනප්‍රවාදයෙන් කියවෙන්නේ දෙවන පරාක්‍රමබාහු රජ සමයේ රට තුල ඇතිවූ කැරැල්ලක් මැඬලීම සඳහා ගිය එතුමාගේ පුත් විජයබා කුමරු කැරැල්ල මැඩ පවත්වා ආපසු යනවිට සතුරෙකු එල්ලකළ නාග විෂ කැවූ ඊතලයක් වැදීමෙන් සිහි මුර්ජා වූ බව හා මේ අම්බලම පිහිටි ප්‍රදේශයේදී ඔහු සුවපත්වූ බවයි. (එහෙයින් එකල මේ ස්ථානය පන ආ වැටිය ලෙස හැඳින්වී පසුව පනාවිටිය ලෙස හැඳින්වෙන බව කියති). මේ සිද්ධියෙන් පසුව රජතුමා මේ ප්‍රදේශයේ සැරිසරද්දී පනාවිටියට පැමිණීම සිරිතක් කොටගත් බැවින් රජතුමාට විවේක ගැනීමට මෙහි අම්බලමක් ඉදිකළ බවද කියවේ.
 
තවත් ජනප්‍රවාදයකින් කියවෙන්න් මේ අම්බලම නිර්මාණය කළේ මහනුවර මගුල් මඩුව නිර්මාණය කල ශිල්පියාගේ පුතා බවයි. එමෙන්ම මේ අම්බලම දඹදෙණි රජ සමයේ ඉදිකළ බව පැවසෙතත් මෙහි දැකිය හැක්කේ මහනුවර යුගයේ ගෘහනිර්මාණ ලක්‍ෂණ බව විචාරකයින්ගේ අදහසයි. දඹදෙණි යුගයේ පටන්ම මේ ස්ථානයේ අම්බලමක් තිබුනා විය හැකිය. එමෙන්ම එය මහනුවර යුගයේදී සම්පුර්ණයෙන්ම නැවත ගොඩනැගුවාද විය හැකිය.
 

පනාවිටිය අම්බලම ඉදිකොට ඇත්තේ ගල් කැබලි වලින් තැනූ අත්තිවාරමක් මත අඩියක් පමණ උස ගෝලාකාර ගල් හතරක් සිව් කොනෙහි තබා ඒ මත හරස් අතට එලූ අඩියක් පමණ ඝනකමැති දැව කඳන් මතයි. මේ දැව කඳන් මත කුළුණු විසි හයක් සිටුවා ඒ මත වහල නිමවා තිබේ. මේ කුළුණක් අඩි හතක් පමණ උසැතිය. කුළුන වහලයට සම්බන්ද වනුයේ නෙලුම් මල් කැටයමින් යුත් පේකඩකිණි. කුලුනේ බඳෙහි චතුරශ්‍රාකාර පනේල බේරා අට පට්ටම් හැඩයට නිමවා ඇත. ඇතුළු වටයේ වන කුළුණු නවයේ ඇති පනේල තිස් හයේ විවිධ රූප කැටයම් කොට ඇත. වහල නිර්මාණය කිරීමට පරාල තිස් දෙකක් යොදා ඇත. යට ලී සම්බන්දකොට යෙදූ විශාල බාල්ක දෙකෙහි රැඳවු කුරුපා මත වන අඩි තුනහමාරක් පමණවූ මුදුන් යටලීයට මඩොල් කුරුපාවක් උපයෝගීකරගෙන පරාල සම්බන්දකර තිබේ. වහල පිළියෙළ කිරීමට යෙදු සියලු දැව යටලී, පරාල, බාල්ක, පේකඩ ආදිය කැටයමින් අලංකාර කොට ඇත. අම්බලමේ වහලය සෙවිලි කොට තිබුනේ මැටියෙන් සකසන ලද උළු වලින් බව අනාවරණය වී තිබේ.
 

  

 
 
විසිවන සියවසේ මැදභාගය පමණ වනවිට මේ අම්බලම ගරාවැටි පොල් අතු සෙවිලි කොට තිබුන බව පැවසේ. එක් වර්ෂා සමයකදී අම්බලම මතට පොල් ගසක් කඩාවැටී වහලට තදබල ලෙස අලාභ හානි සිදුව තිබේ. 1960 ගණන් වලදී පනාවිටිය අම්බලම ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත. අම්බලමේ තිබූ දැව කඳන් විනාශ වෙමින් තිබුණේ වුවද ඒවායේ තිබු කැටයම් වල ශේෂයන්ගෙන් පැරණි හෙළ කළා කරුවන්ගේ නිර්මාණ කෞශල්‍යය හඳුනාගත හැකි වූ බව වාර්තාවී තිබේ. විනාශ නොවී ඉතිරිව තිබුණු දැව කොටස් හා විනාශවූ දැව දැව කඳන් වෙනුවට අනුකරණ දැව යොදා පැරණි කැටයම් වල ස්වභාවය නොවෙනස්වන පරිදි නැවත පිළියෙළ කොට වහල පැතලි උළුවලින් නිමවා දැන් අම්බලම මනාව සංරක්‍ෂණය කර තිබෙනු පෙනේ.
 
පනාවිටිය අම්බලම අනෙකුත් අම්බලම් අතරින් කැපී පෙනෙන්නේ එහි ඇති ලි කැටයම් නිසාය. මෙහි කුළුණු, වහලට යෙදු යටලී, බාල්ක, පරාල, පේකඩ ආදිය ඉතා විසිතුරු කැටයමින් යුක්තය. මෙහි ලී කැටයම් ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් වලටත් වඩා කලාත්මක යයි සමහරු ප්‍රකාශ කරති. අම්බලමේ ඇතුළු වටයේ කුළුණුවල මැද ඇති පනේල කැටයම් කාලින ජන ජිවිතයේ විවධ අවස්ථාවලින්, සත්ව රුප වලින් හා නොයෙකුත් මල් මෝස්‌තර ආදියෙන් සරසා ඇත. අචාර සමාචාර, මල්ලවපොර, නැටුම්, ආදිය දැක්වෙන කැටයම් කලාත්මක බවින් පරිපුර්ණය. ඒවායේ සමමිතික බව, නැටුම් ශිල්පීන්ගේ හා පොදු ජනයාගේ ඇඳුම් දක්වා ඇති ආකාරය ආදියෙන් කැටයම් කරුවාගේ කෞශල්‍යය හා නිපුණත්වය ප්‍රදර්ශනය කරයි. එමෙන්ම තත්කාලින සමාජයේ ඇවතුම් පැවතුම්, වස්ත්‍රාභරණ ආදිය ගැන අදහසක්ද අපට මේ කැටයම් තුලින් ලද හැකිය.
 
 
මෙම කැටයම් තුළින් සම කාලීන සමාජයෙහි ඇදුම්පැළඳුම්, චාරිත‍්‍රවාරිත‍්‍ර, භාණ්ඩල ගෘහ නිර්මාණකරණය හා සමාජ ස්තරණය පිළිබඳව ද අධ්‍යයනයට ලක්කළ හැකි ය. නයිගැට කැටයමට ඉහළින් පිහිටි ආරුක්කුවල පලාපෙති මෝස්තරය හා ලිය වූ කකුල් සහිත බංකුවල ඒ මත හිඳ සිටින ප‍්‍රභූවරයෙක් ලෙස සැලකිය හැකි පුද්ගලයා ආදී කැටයම් මගින් උක්ත අදහස තහවුරු කරලන්නේ ය.
 
විසිවන සියවසේ මැදභාගය පමණ වනවිට මේ අම්බලම ගරාවැටි පොල් අතු සෙවිලි කොට තිබුන බව පැවසේ. එක් වර්ෂා සමයකදී අම්බලම මතට පොල් ගසක් කඩාවැටී වහලට තදබල ලෙස අලාභ හානි සිදුව තිබේ. 1960 ගණන් වලදී පනාවිටිය අම්බලම ප්රතිසංස්කරණය කිරීමට පුරාවිද්යා දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත. අම්බලමේ තිබූ දැව කඳන් විනාශ වෙමින් තිබුණේ වුවද ඒවායේ තිබු කැටයම් වල ශේෂයන්ගෙන් පැරණි හෙළ කළා කරුවන්ගේ නිර්මාණ කෞශල්යය හඳුනාගත හැකි වූ බව වාර්තාවී තිබේ. විනාශ නොවී ඉතිරිව තිබුණු දැව කොටස් හා විනාශවූ දැව දැව කඳන් වෙනුවට අනුකරණ දැව යොදා පැරණි කැටයම් වල ස්වභාවය නොවෙනස්වන පරිදි නැවත පිළියෙළ කොට වහල පැතලි උළුවලින් නිමවා දැන් අම්බලම මනාව සංරක්ෂණය කර තිබෙනු පෙනේ.
 
පනාවිටිය අම්බලම අනෙකුත් අම්බලම් අතරින් කැපී පෙනෙන්නේ එහි ඇති ලි කැටයම් නිසාය. මෙහි කුළුණු, වහලට යෙදු යටලී, බාල්ක, පරාල, පේකඩ ආදිය ඉතා විසිතුරු කැටයමින් යුක්තය. මෙහි ලී කැටයම් ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් වලටත් වඩා කලාත්මක යයි සමහරු ප්රකාශ කරති.
 
අම්බලමේ ඇතුළු වටයේ කුළුණුවල මැද ඇති පනේල කැටයම් කාලින ජන ජිවිතයේ විවධ අවස්ථාවලින්, සත්ව රුප වලින් හා නොයෙකුත් මල් මෝස්‌තර ආදියෙන් සරසා ඇත. අචාර සමාචාර, මල්ලවපොර, නැටුම්, ආදිය දැක්වෙන කැටයම් කලාත්මක බවින් පරිපුර්ණය. ඒවායේ සමමිතික බව, නැටුම් ශිල්පීන්ගේ හා පොදු ජනයාගේ ඇඳුම් දක්වා ඇති ආකාරය ආදියෙන් කැටයම් කරුවාගේ කෞශල්යය හා නිපුණත්වය ප්රදර්ශනය කරයි. එමෙන්ම තත්කාලින සමාජයේ ඇවතුම් පැවතුම්, වස්ත්රාභරණ ආදිය ගැන අදහසක්ද අපට මේ කැටයම් තුලින් ලද හැකිය. සම්ප්රදායික සිංහල කැටයම් වන ලණුගැටය, ලියවැල, නෙළුම්මල ආදිය පනේල කැටයම් වල දක්නට ලැබේ. කැටයම් වල ඇති සත්ව රුප අතර දක්නට ලැබෙන්නේ සිංහ, ඇත්, නාග, මුව, මොනර ආදී සතුන්ය. සිංහල කැටයම් කලාවේ දනකට ලැබෙන මනඃකල්පිත සත්ව රූප විරලය. පනේල වල කැටයම් හැරුණු විට කුළුණුවල ඉතිරි කොටස්වලද ජ්යාමිතික මෝස්‌තර, මල්, ලියවැල් ආදිය කැටයම් කර තිබෙණු දක්නට ලැබේ. නයි පෙන හතරක් සහිතව කැටයම් කොට ඇති කුලුණේ කැටයම් අනෙක් කුළුණු අතරින් කැපී පෙනේ.
 
 
ලංකාවේ දැනට පවතින පුරාණ අම්බලම්
 
ඇම්බැක්ක අම්බලම
මංගලගම අම්බලම
අප්පල්ලගොඩ අම්බලම
කන්දේවෙල අම්බලම
උඩුවෙල උඩගම අම්බලම
කරගහගෙදර අම්බලම
උඩුනුවර - හේන්දෙණිය අම්බලම
මීපේ අම්බලම
අැටම්පිටිය අම්බලම
ගිරුවා අම්බලම
රුකුලා අම්බලම
ගොඩමුණේ අම්බලම
මැදගම අම්බලම
උඩුවෙල ගිණිහිරිය අම්බලම
හඟුරන්කෙත අම්බලම
කෙන්ගල්ල අම්බලම
දීවිල්ල අම්බලම
කැටවල අම්බලම
දවුලගල අම්බලම
ජුබිලි අම්බලම
පුටුපාගල අම්බලම
ගොඩමුන්න අම්බලම
හේවා විස්ස අම්බලම
දූල්වල වෙල මැද අම්බලම
මාකඩවර අම්බලම
ඇවරියවල අම්බලම
කිරිඔරුව අම්බලම
කඩුගන්නාව අම්බලම
පනාවිටිය අම්බලම
මාරස්සන අම්බලම
ඇල්ලවත් ඔය අම්බලම
දෙහල්කඩ අම්බලම
බෝතලේ වෙල මැද අම්බලම
කෝට්ටේ ගල් අම්බලම
ගල්කොත අම්බලම වේ.

හුදෙක් ලැගුම් හලක් වශයෙන් භාවිතයට පමණක්ම නොව, අම්බලමක් ඉදිකිරීමේදී එම ගොඩනැගිලිවලට අපූරු සුන්දරත්වයක් එක් කරමින් ඊට විවිධ කලා නිර්මාණයන් ඇතුලත් කිරීමටද, එකල ශිල්පීහු ක්රියා කලහ. මල්කම් ලියකම් ආදිය යොදමින් අම්බලම් අලංකාර කිරීමට ඔවුහු පියවර ගත්හ. එලෙස ඉදිකරන ලද අම්බලම් කිහිපයක් වර්තමානයේදී පවා මෙරට දැකගත හැකිවෙයි. ඇතැම් අම්බලම් ඉදිකිරීම සඳහා රාජ්ය අනුග්රහය පවා ලැබුණු බව සඳහන් වෙයි.
 
අම්බලමක් තුල ලැගුම් ගන්නා තාවකාලික ජනයාගේ පරිහරණය පිණිස, අම්බලම අසලින්ම පිංතාලියක් තැබීමද, අම්බලමක් ඉදිකිරීම සම්බන්ධව බිහිවූ විශේෂ අංගයක් ලෙස සැළකෙයි. ඈත දුරබැහැර පරදේශවල සිට පා ගමනින් හා කරත්ත වැනි රථ ආදියෙන් සංචාරයේ යෙදුණු මගීන්, සිය ගමන් විඩාව නිවා ගැනීමට ගිමන් හලක් වශයෙන් අම්බලම භාවිතා කරන ලදී. ඈත අතීතයේදී මෙරට ගම් ප්රදේශයන්, එක් එක් ග්රාම ප්රධානියෙකු යටතේ පාලනය වූ බව පැවසෙයි. ගම්මානයේ සිදු කරන පොදු කටයුතු සම්බන්ධ සංවාද, නඩු හබ ඇසීම් හා වෙනත් ප්රජා රැස්වීම් කටයුතු ආදිය මෙම ග්රාම ප්රධානියා විසින් සිදු කරන ලදී. මුල් සමයේදී මෙවැනි ප්රජා රැස්වීම් එළිමහනේ පැවැත්වූවත්, පසුව එම කටයුතු සඳහාද අම්බලම් ප්රයෝජනයට ගත් බව සඳහන් වෙයි. පෙරකල පයින් ගමන් බිමන් ගිය මගියා ගිමන් නිවීමට ගොඩවූ පනාවිටිය අම්බලමට අද සුවපහසු හෝටල් වල නවාතැන් ගනිමින් නවීන වාහන වලින් ගමනේ යෙදෙන සංචාරකයන් ගොඩවදින්නේ හෙළ කලා කරුවාගේ නිර්මාණ ප්රදර්ශනය කෙරෙන කලාගාරයක් දැකගැනීමේ අභිලාෂයෙනි.


ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...