විසිපස් වෙනි කොටස
පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජාවිධි රටාවේ සවිස්තරාත්මක විග්රහය
ගරා යකුන් නැටීම ලෙසින් හදුන්වනුයේ කීලගරා දේවතාවාගේ ස්වරූපයෙන් සැරසුණු නර්තන ශිල්පියෙකු විසින් ඉදිරිපත් කරන්නාවූ නර්තනයකටය.මෙම නර්තන අංගය ඕනෑම ශාන්තිකර්මයක් අවසානයේදී ඉදිරිපත් කිරීමට හැකි පෙළපාලියකි.එබැවින් මෙය දෙවොල් මඩු ශාන්තිකර්මයට පමණක් සීමාවූ පෙළපාලියක් නොවනබව කිවයුතුය.පිටපංතියට අයත්වන නර්තන පෙළපාලියකි.මෙම පෙළපාලිය මගින් ශාන්තිකර්මයක් කිරීම තුලින් නිවාරණය කල නොහැකිවූ දෝෂයන් ඉවත් කර සෙත් ශාන්තිය ලගාකර දීමේ ක්‍රිය පිලිවෙතක් සිදුකරනු ලබයි.
එනම් ඇස්වහ දෝෂ කටවහ දෝෂ හිත්වහ දෝෂ අඩෝවැඩියා දෝෂ යනාදියෙන් ඇතිවනු ලබන මූලික දෝෂාන්ධකාරවල් වලට අමතර පරිබාහිරව සිදුවන්නාවූ දෝෂ නිවාරනය කර ලීමයි.මේවා දේව,ග්‍රහ,යක්ෂ , භූත, පිසාච කියන නොපෙනෙන බලවේගයන් තුලින් සිදු වන්නාවු දෝෂයන් නොවන බවත් මිනිසාගේ සිත කය වචනය තුලින් ඇති වන්නාවූ අයහපත් අශුද්ධ බලපෑම් මගින් තවත් මිනිසෙකුට ඇතිවන්නාවූ පීඩාකාරී බලපෑම් දෝෂයන් දුරුකර ලීමයි.ඒ අනුව කීලගරා දේවතාවාගේ චායාරූපයෙන් සැරසෙන්නාවූ නර්තන ශිල්පියෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාකාරකම් තුලින් පැමිණ තිබෙන දෝෂ සමනය කිරීම මුඛ්‍යය පරමාර්ථය වේ.එබැවින්ම මෙය පිට පංතියේ පෙළපාලියක් ලෙසින් රගදක්වනු ලැබේ. මෙහිදී ශාන්තිකර්මයක් සිදු කිරීම තුලින් ඉවත්කර ගත නොහැකි අමතරව පැමිණ තිබෙන දෝෂ නිවාරණය කර ගැනීම අපේක්ෂාවයි. ඒ අනුව ගරා දේවතාවාගේ මුහුනෙහි තිබෙන්නාවූ තේජසින් අමතර දෝෂයන් දුරු කරලීම සිදු කෙරේ. එම කාරනාව ඉටු කිරීමට පත්තිනි දෙවියන්ගේ ආශීර්වාදාත්මක සෙත් පැතීමද අන්තර්ගතව ඇත.
Kaduwela Rankadu Pattini Dewalaya Garayaka Dance
සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ ගරා සෙත් ශාන්තිය
මෙම ගරා වෙස් පෑම නැතහොත් ගරා යකුන් නැටීම පෙළපාලි අංගයකට එහා ගිය කුඩා ශාන්තිකර්මයක ස්වරූපයක් උසුලන බව එහි අන්තර්ගතය අනුව විදහා දැක්වේ.අතීත ගරා යකුමක් අද මෙන් පැය දෙක තුනකින් නටා අවසන් කරන දෙයක් ලෙස නොව ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියකින් යුක්තවූ පෙළපාලි අංග කිහිපයක එකතුවකින් සැදුම්ලත් විචිත්‍ර කුඩා ශාන්තිකර්මයකි. එසේ පවසනුයේ මෙහි අන්තර්ගතයට අයත් පෙළපාලි තුලින් ආතුර පක්ෂයට ලැබෙන්නාවු ප්‍රතිඵල කුමක්දැයි එම පෙළපාලි ඉදිරිපත් කිරීම තුලදීම පහදා දෙමින් වස්දොස් දුරුකිරීමේ ක්‍රියාවලියක එකල ඇදුරු පක්ෂය ක්‍රියාකල රටාව අනුවයි. එමෙන්ම මෙම වස්දොස් දුරුකිරීමේ ක්‍රියාවලියට ප්‍රථමයෙන් ඊට පිවිසීම සදහා ඉදිරිපත් කරනු ලබන නර්තන අංග සහ වත්පිලිවෙත්හි තිබෙන්නාවූ ශාස්ත්‍රීය පැතිකඩ පිලිබදව මනා අවබෝධයක් ලබාගත හොත් මෙය කුඩා ශාන්තිකර්මයක ස්වරූපයක් නොවේද යන සිත්විල්ල ඔබ තුලම ජනිත වනවා නොඅනුමානය .එතරම්ම වටිනා ශාස්ත්‍රීය බවකින් ගරා යකුම පොහොසත් බව කිවයුතුය .වෙනත් ශාන්තිකර්ම තුල එයටම අයත් නිශ්චිත අරමුණක් ඇතිව නිශ්චිත රෝග උපද්‍රව දුරුකිරීමේ පරමාර්ථයක් අනුව සිදුකරනු ලබන ක්‍රියාවලියක් ඇත .ගරා යකුම තුලදී ද එවන්ම ක්‍රියාවලියක් පරමාර්ථයක් ඇතුලත්ව තිබෙන බවත් ඒ අනුව මෙයද ශාන්තිකර්මයක ස්වරූපයක් තිබෙන බවත් පිලිගත යුත්තකි.
Rare Devil Gara Yaka Mask Dance - Arawwala
(Three-day Gee Madu Festival) Gammaduwa
එසේම මෙහි අඩංගු ක්‍රියාවලිය සිදුවන්නේ මිනිසාගේ ක්‍රියාවන්ගෙන් පැමුනුණු දෝෂයන් දුරු කරලීම සදහා බැවින් මේතුල විශේෂිත බවක් නිර්මාණයවී තිබේ .ගරා යකුන් නැටීම තුලදී අනිවාර්යයෙන් පහදා දියයුතු අංගයන් ඇතුළත්වේ.ඒ අනුව විශේෂිතම අංගය වනුවේ ගරා උපත් කතාව ඉදිරිපත් කිරීමයි.පැරන්නන් මෙයට ප්‍රමුඛත්වයක් ලබාදුනි.ඒ හේතුපාදකය අනුව ගරා උපත් කතාව පහත සදහන් කරමු.
දඹදිව දන්ත පුරයෙහි රජකම් කරනු ලැබූ ආරාවතී රජුට දාව හංසවතී බිසවුන් හට දරුවන් නොසිටි බැවින් ඉතාම දුකසේ කාලය ගත්කිරීමෙන් අනතුරුව දෙදෙනාගේ කැමැත්ත මත ඇත් දළයකින් රූපයක් කප්පවා දරුවෙක් බලාපොරොත්තුවෙන් පූජා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පුත් රුවනක් ලැබුනි.ඔහුට දන්ත කමරු යයි නම් තබන ලදී.මොහු මහා තේජ වන්ත මෙන්ම පින්වත් බවින් අගතැන්පත් අයකු ලෙසින් ප්‍රසිද්ධියට පත්විය .මෙසේ කල් ගතවීමෙන් පසු නැවත දරුගැඹක් හටගෙන රූපශ්‍රියෙන් අගතැන්පත් කුමරියක් බිහිවිය. මෙම කුමරියගේ ජන්ම නැකත් බ්‍රාහ්මණයන් විසින් පරීක්ෂා කිරීමේදී ශෝකජනක මෙන්ම කණගාටුදායක ලෝක අසම්මත සිදුවීමක් සිදුවෙන බවත් එය වැලක්විය නොහැකි බවත් පවසයි. එනම් මෙම කුමරිය තම සහෝදරයාට සරනවෙන බවයි.මෙයින් මුදා ගැනීම සදහා රජු විසින් කුමරිය ගිරිලෙනක සගවා ඇතිදැඩි කල අතර කුමරියගේ මල්වර මංගල්‍යයයෙන් පසු දන්ත කමරු තමන්ට නැගනියක් සිටින බව දැනගනී. මෙසේ කාලයාගේ ඇවෑමෙන් කුමරුන් තම නැගණිය දැකිය යුතුයයි දැඩි ස්ථාවරයක පසුවෙයි.මෙම කරදරය නිසාම රජු සහ බිසව උපක්‍රමශීලීව වෙනත් කුමාරිකාවන් පිරිසක් සමගින් ගිරිකුමරිය මාලිගාවට කැදවා ගනිමින් ඇය සේවිකාවක ලෙසින් තබයි.අනතුරුව තම නැගණිය සොයාගන්නා ලෙස දන්ත කුමරුන්ට පවසයි.එහිදි සේවිකාවක ලෙසින් සිටින තම නැගණිය සොයාගන්නා කුමරුන් ඇයද රැගෙන වනගත වෙයි.ඉන් පසුව රාගයෙන් මුසපත්ව තම නැගණිය සමගින් හැසිරීමට පෙලඹීමෙන් ගිරිකුමරිය මහත් කම්පනයට පත්වේ. ඇයගේ මෙම දුක්ඛිත තත්ත්වය සක් දෙවිදුන්ට පෙනී දන්ත කුමරුන් රාගයෙන් මත්වී සිටීම තුලින්ම සිහිමුර්ජා තත්ත්වයට පත්කර ගිරිකුමරිය තම ශක්‍ර භවනට රැගෙන යයි.දන්ත කුමරුන් තම සිහිමුර්ජා තත්ත්වයෙන් මිදී ප්‍රකෘතිමත් බවට පත්වී නැගණිය සෙවීමට පටන්ගනී.මොහුගේ බලවත් බවත් පින්වත් බවත් හේතුවෙන් තම නැගණිය ශක්‍ර භවනෙහි සිටිනු දැක එහි ගොස් නැගණිය ඉල්ලා කලබල කිරීමට පටන් ගනී.
Gara Yaka Dance
Ending of Annual Medin Maha Maya Maduwa
Festival of the Sri Devram Vehera Temple
මොහු පාලනය කිරීමේ අටියෙන් සක් රජුන් විසින් ගිරිකුමරියගේ රුවක් මවා දැකීමට සලස්වයි.එහිදී කලබලකාරීබව උත්සන්න වීම නිසාවෙන් විෂ පැන් තැටියක් සාදා සක් රජුන් දන්ත කුමරුන්ගේ මුහුණට ගසා මරණයට පත් කරනු ලබයි. අනතුරුව මොහුට පණ ඉපදවීම පිනිස අමාපැන් තැටියක් සාදා මුහුණට ගසනු ලබයි. එහිදි රාගයෙන් මුසපත්ව සිට මරණයට පත්වීම හේතුවෙන් කාන්තාවන් සමග ද්වේශ සහගත සිතින් රාක්ෂ මුහුණකින් යුක්තව නැවත ජීවය ලබයි .
මුදුන මිණි මකුඨ ත්
සිරස නයි පෙන තුනෙන් බබල ත්
ඇස් දෙක ගොපළු වෙ ත්
මුඛය රත් පැහැ සුදුව දළ ද ත්
ලොම් ඉදිකටු ලෙ සේ
ගෙතී සැඩපළු සිර සේ
නළල අඩ සද ලෙ සේ
එන්ඩ වරමක් ගතිය නොල සේ
සිරස ලප තුන කී
සිව් වරන් කුසුමය කී
වමට ගත් මුගුර කී
මෙවැනි කුමරුන් රකුසු විලස කී
සිරස නයි පෙන තුනෙන් බබල ත්
ඇස් දෙක ගොපළු වෙ ත්
මුඛය රත් පැහැ සුදුව දළ ද ත්
ලොම් ඉදිකටු ලෙ සේ
ගෙතී සැඩපළු සිර සේ
නළල අඩ සද ලෙ සේ
එන්ඩ වරමක් ගතිය නොල සේ
සිරස ලප තුන කී
සිව් වරන් කුසුමය කී
වමට ගත් මුගුර කී
මෙවැනි කුමරුන් රකුසු විලස කී
මෙවන් ලක්ෂණයන් ගෙන් යුක්තව දළ කුමරුන් නොහොත් ගරායකු හෙවත් කීලගරා දේවතාවා නමින් යුක්තව උපත ලබයි. මෙහිදී කාන්තාවන් කෙරෙහි වයිරයකින් යුක්තව ලෙඩදුක් ඇති කිරීමේ චේතනාව පරමාර්ථය මූලික කර ගනිමින් කාන්තාවන්ට ලෙඩදුක් පමුණුවා ලමින් ශ්‍රී දම්ප දීපයේ එරන් දඹ ගසේ වාසය කරන්නට වීය. මොහුගේ කාන්තාවන් කෙරෙහි ඇතිවූ පලිගැනීමේ ක්‍රෝධය නිසාවෙන් කාන්තාවන්ට දරුපල අහිමි කිරීමේ බලයක් තිබෙන බවත් ඒ අනුව ලෙඩ රෝගයන්ට පත් කරන බවත් පිලිගැනීමට ලක්ව තිබේ. මෙම කාරනාව අනුව රෝගාබාධයන්ට ලක්ව දරුපල නොමැති වූවන් සදහා දළ කුමාර බලිය නමින් යක්ෂ බලියක් සිදුකර සුවපත් කිරීමේ ශාන්තිකර්මයක් සියනෑ ගුරුකුලයේ තිබෙන බවත් එයින් නිසියාකාරව ප්‍රථිපල ලැබෙන බවත් සදහන් කරමි.මෙලෙස පවසනුයේ මෙම ශාන්තිකර්ම කිරීම සදහා සහභාගිත්වයෙන් ලද අත් දැකීම් තුලින් බව වැඩි දුරටත් සදහන් කරමි.මෙම කාරනාව තුලදී විශේෂයෙන් කිවයුතු කරුණක් තිබේ .එනම් මෙහි ප්‍රතිඵල ලැබීමට එම දෝෂයන් තිබෙන කාන්තාවන්ට කිසිදු ශාරීරික වෙද්‍යමය ගැටලු නොමැති දරු ගැබක් හටගැනීමේ හැකියාව තිබෙන මුත් එසේ නොවන අයෙකු විය යුතු සේම ස්වාමිපුරුෂයාද නීරෝගී දරුපල තිබෙන තැනැත්තකු විය යුතුයි.
Garayak Shanthikarmaya ගරායක් ශාන්ති කර්මය
Mahanama College Dewol Maduwa - 2022
කීලගරා දේවතාවාට පොදුවේ ඕනෑම ශාන්තිකර්මයක් අවසානයේදී ආතුර පක්ෂයට පැමිණ තිබෙන වස්දොස් දුරුකර පුද පූජාවන් ලබා ගැනීමේ වරමක් ලබාදී තිබේ .එම බලය පත්තිනි දෙවියන් විසින් ලබාදී තිබීම නිසාම පත්තිනි දෙවියන් උදෙසා පවත්වනු ලබන්නාවූ මඩු ශාන්තිකර්ම වලදී පුදපූජාවන් ලැබීමට විශේෂිත අවස්ථාවක් ලැබේ .මෙම ගරා යකුට පත්තිනි දෙවියන් ගෙන් ලැබුනු වරම සම්බන්ධ කතා පුවත පහත පරිදිවේ.
මෙම කතා පුවතට පාදක වනුයේ කතරගම දෙවියන්ගේ සහ වල්ලි මාතාවගේ සරන මංගල්‍යය පිලිබදව ගෙතී තිබෙන්නාවූ පුවතයි. ඉසිකිලි කියන්නාවූ වනයෙහි එක්තරා තපාස්වරයකු තපස් රකිමින් සිට ඇත .එහිම වල්ලී නම් මුවදෙනකද සිට ඇත .මෙම මුවදෙන වනයේ තණකොළ කමින් යන විටදී තපසුන්ගේ ලෙන අසල තිබූ සරුසාර ඊතණ පදුරක් ආහාර පිනිස මුවදෙන භුක්තිවිද ඇත .කාලයාගේ ඇවෑමෙන් මුවදෙන බඩගැබ්බරවී පැටවකු බිහිකර ඇත .තමන්ගේ ජාතියට අයත් නැති මිනිස් දරුවෙකු බිහිකර ඇති බැවින් දරුවව අතහැර මුවදෙන ගොස් ඇත .දරුවෙකු අඩන හඩ ඇසී තපාස්වරයා වනුයේ විපරම් කරන විටදී දරුවා දැක තම අසපුවට ගෙනගොස් ඇති දැඩි කිරීමට පෙලඹුනි.මෙසේ කල් යත්ම දරුවා උස් මහත්වීමේදී ගැහැණු දරුවකු බැවින් තමන් ලග තබා ගැනීම තම සීලයට නුසුදුසු නිසාවෙන් එම වනයෙහි සිටින ඉලංකේ නම් වැදි රජුන්ට දරුවා හදාගැනීමට බාරදී ඇත .මැයට තපසුන් විසින් වල්ලිමාතා ලෙසින් කුඩා කලම නම් තබා තිබුනි.වැදි රජුන් විසින් දරුවා රැගෙන ගොස් ඇතිදැඩි කරමින් තම හේනෙහි කුරුල්ලන්ව එලවීමේ රාජකාරිය ඇයට පවරයි.මෙසේ සිටින විටදී කතරගම දෙවියන් මෙම ඉසව්වෙන් ගමන් කරනා විටදී ඉතාම ලස්සන කාන්තාවක් ඔන්චිල්ලාවක් පදිමින් කුරුල්ලන් එලවනවා දැක ඇයට උසුළු විසුළු කිරීමට විය. නිතරම මෙම කටයුත්ත සිදුවන බැවින් වල්ලිමාතාව වැදි රජුට මෙම සිදුවීම දැනුම්දී ඇත . වැදි රජු මෙම පුද්ගලයා කව්ද කියා දැනගැනීමට පැමිණ සැගවී සිටියමුත් ඔහුට පින්වත් කතරගම දෙවියන් නොපෙනුනි. බුද්ධිමත් වැදිරජුන් මොහු බලවතෙකු බව හදුනාගෙන වල්ලිමාතාව කරකාර බැද දීමට සූදානම් කරයි. ඒඅනුව තම මංගල්‍යයට වැදගත් කාන්තාවක් රැගෙන යායුතු බැවින් පත්තිනි දෙවියන්ට ආරාධනාවක් කර ඇත . එනිසා පත්තිනි දෙවියන් ගමනට සූදානම්ව වැදිපුරය දෙස දිවසින් බලා තමන්ට එහි යාමට සුදුසු පිරිසිදු තත්ත්වයක් නොමැති බැවින් ගරා දේවතාවාට කතාකොට වැදිපුරය තමන්ට යාමට සුදුසු ලෙසට සකසා දෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත .ඒ අනුව වැදිපුරය තමන්ට යාමට සුදුසු ආකාරයට සකසාදී කරන ලද උපකාරයට ප්‍රති උපකාරයක් ලෙසින් තමන් අත තිබූ පන්දම් දොලහෙන් තුනක් ගරා යකුට ලබාදී තමන්ගේ මඩු මංගල්‍යය වලදී මෙන්ම වෙනත් ඕනෑම ශාන්තිකර්මයක් අවසානයේදී ආතුර පක්ෂයට සිදුවන්නාවූ ඇස්වහ, කටවහ, හෝවහ, සිත්වහ, මළ හා ලැපලියා දෝෂයන් දුරු කර සෙත් ශාන්ති කිරීමේ වරමක් දුනිමි.
Gara Yaka Dance | Ancient Depanama Sri Ganegoda Dewalaya at Pannipitiya
එසේම තම පන්දම් තුන කීල පන්දම ලෙසින් නම්කර එයින් සෙත් කිරීමේ බලය පවරා ඇත ශාන්තිකර්මයක් අවසානයේ ගරා යකුමක් පවත්වනු ලබන ක්‍රමවේදයට වඩා ගරායකුම පමණක් පවත්වනු ලබන්නේ නම් පුරාණයේ සිටි ශිල්පීන් පෙළපාලි රගදක්වනු ලැබු රටාව පහත සදහන් පරිදි වේ.මෙම ඉදිරිපත් කිරීම සියනෑ කෝරළයේ අතීතයේදී සිටි ප්‍රවීණයන් ගරායකුම සිදුකරනු ලැබු ක්‍රමවේදයයි.
*පූජාර්ථය පෙරදැරිව දෙවියන්ට නර්තනයෙන් ආරාධනා කරනුවස් යහන් දැක්ම නම් ශාස්ත්‍රීය නර්තන අංගය රග දැක්වීම.
*ගරායකුම පිලිබදව පැහැදිලි කරදීමක් සිදුකර ආතුර පක්ෂයට හිස මොට්ටැක්කිලි පැලදවීම.
*හත්පද පෙළපාලිය රග දැක්වීම. මෙහිදී හත් පද පෙළපාලිය සදහා බාවිතා කරනු ලබන පූජා භාණ්ඩහි උපත් කතාව අඩංගු කවි ගායනාවන් සිදුකර එයට අයත් කතාංගය බෙරවාදන ශිල්පියා සමග සංවාදාත්මකව ගෙනහැර පෑම. (යක්කම මගින් ඉදිරිපත් කිරීම නැතහොත් බෝවිත කීම) අනතුරුව අදාල පූජා භාණ්ඩයට අයත් පූජා පද නටා පාලිකර ආතුර පක්ෂයට ආවඩා එම නර්තනය හමාර කිරීම.
බාවිතා කරන හත් පදය
*ගරා අයිලයට දුම් ඇල්ලීමත් දුම්මල කීල ගසමින් දිෂ්‍ඨි මන්ත්‍ර කියමින් අයිලය දිෂ්‍ඨි
කිරීම .
*ගරා උපත් කවි ගායනා කරමින් ගරා මුහුණ පැලදීම සහ මරු පෙන්වීම.
*ගරායකු අයිලයට නැගීමට බාවිතා කරනු ලබන කවි කියමින් අයිලයට ගොඩවීම.
*අයිලයට නැගීමෙන් පසු.වෙස් අත්තක් පාමින් සංවාදයන්ට ප්‍රවිශ්ඨ වීම.
- කොතල පදය
- දුම්මල පදය
- කලස් පදය
- සළු පදය
- පොල් ගෙඩියේ පදය
- පොත්කඩේ පදය
*ගරා අයිලයට දුම් ඇල්ලීමත් දුම්මල කීල ගසමින් දිෂ්‍ඨි මන්ත්‍ර කියමින් අයිලය දිෂ්‍ඨි
කිරීම .
*ගරා උපත් කවි ගායනා කරමින් ගරා මුහුණ පැලදීම සහ මරු පෙන්වීම.
*ගරායකු අයිලයට නැගීමට බාවිතා කරනු ලබන කවි කියමින් අයිලයට ගොඩවීම.
*අයිලයට නැගීමෙන් පසු.වෙස් අත්තක් පාමින් සංවාදයන්ට ප්‍රවිශ්ඨ වීම.
*බෙර වාදන ශිල්පියා සමග බෝවිත නොහොත් යක්කම කතා කිරීම. (මෙම සංවාදය තුලදී ආගිය තොරතුරු දෙදෙනා හදුනාගැනීම් උපත් කතා ඉදිරිපත් කිරීම ආතුර පක්ෂයට පැමිණ තිබෙන්නාවූ දෝෂයන් දුරුකිරීම් අයිලයේ සිට නැවතත් වෙස් අත්තක් පාමින් අයිලය කඩාදමා බිම පතිත වීම.මෙහිදී අයිලය කඩා දැමීම පිටු පසට සිදුවිය යුතුය. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කරුනක් වනුයේ බෝවිතේදී බාවිතා කරනු ලබන වචන දෙපිට කැපෙන වචනයන් විනා කුණුහරුප නොවන බවයි. යම් අයකු අසභ්‍ය වචන බාවිතා කරනුයේ නම් ඔහු මෙම ගරායකුම පිලිබදව අනවබෝධ පුද්ගලයකුවේ. මෙහි හාස්‍යජනක සංවාදයන් බාවිතා කරනු විනා අසභ්‍ය වචන බාවිතා නොවිය යුතුය.)
*අයිලයෙන් බැසීමෙන් පසු කාගුල් වට්ටම නැටීම සිදුකෙරේ. ඉන් පසු වනගරා මෝලන් ගරා නැටීම රග දැක්වේ. (කාගුල් වට්ටම නැටීම සමහර ශිල්පීන් ගරා මුහුණ බදිනලද අවස්ථාවේ සිදුකරනු ලබන බවද සදහන් කල යුතුමය.)
*ගරා පුද වට්ටිය කැප ගැනීමට යාම සිදුවේ. නිවසක නම් සාලයේත් පොදු ස්ථානයක නම් අයිලයට තරමක් ඉදිරියෙන් පුදවට්ටිය සකසා තබනු ලැබේ .මෙතනදී පත්තිනි සහ ගරා වැදි පුර යාමේ කවි ගායනාවන් බාවිතා කෙරේ. පුද වට්ටියට වටාපිටාව තුල තිබෙන්‍නාවූ දෝෂ එක්කාසු කර එය දුරුකිරීමේ ක්‍රියාවලියක් පෙන්නුම් කරයි.
*ආතුර පක්ෂයට ගරා අඩව්වක් නටා වෙස්පා දොෂ් දුරු කිරීම. (මෙහිදි රාක්ෂ පද සහ වෙස් එරට්ටි නර්තනය කරයි.එහිදි ආතුර පක්ෂයට පැමිණ තිබෙන දෝෂ හිස සිට දෙපතුල දක්වා පිසදමා මොට්ටප්පිලියෙන් ගරා මුහුණ වසනු ලබයි. ඉන් පසුව ගරා නර්තන ශිල්පියා ගරා මුහුණ මුහුණෙන් පන්නවා හිසමත තබාගනු ලබයි
*ගෙවල් නිවීම=ගරා මුහුණ හිසමත තබාගත් නර්තන ශිල්පියා පුවක්මල්කිනිති සහ පැන් කොතලයක් ගනිමින් ගෙවල් නිවීමේ පෙළපාලිය නිසියාකාරව සිදුකරනු ලබයි. එහිදී ගෙවල් නිවීම පඩිපුර ගිනි නිවීම වැනි ගායනා බාවිතා කරනු ලැබේ. මෙහිදි ගබඩා කොල්ල කෑමක් ලෙසින් පෙට්ටියකට ගේ තුල තිබෙන ආහාර ද්‍රව්‍ය පරිහරණය කරනු ලබන භාණ්ඩ දමා ගෙනවිත් කඩුල්ලෙන් පිටමන් කිරීමක් සිදු කෙරේ. එසේම පැන් කලයෙන් පැන් ඉසීම තුලින් ගේ නිවීම සනිටුහන් එම පැන් කලය නිවසෙහි ප්‍රධාන දොරටුව ඉදිරියේ බිම පතිත කරමින් සියලු වස්දොස් දුරුකර ශාන්තිය ලගා කර දුන් බවක් පෙන්නුම් කරයි.ඉන් අනතුරුව තව දුරටත් ආතුර පක්ෂයට සිරසපාද සහ සෙත් කවි ගායනාවන් සිදුකරනු ලබන අවස්ථාවන්ද ප්‍රදේශය අනුව කාලය අනුව පුද්ගලයන් අනුව මේවා සිදුකරනු ලබන බව කිවයුත්තකි.මේ ආකාරයට ගරායකුම අවසන්කරනු ලැබේ.
*අයිලයෙන් බැසීමෙන් පසු කාගුල් වට්ටම නැටීම සිදුකෙරේ. ඉන් පසු වනගරා මෝලන් ගරා නැටීම රග දැක්වේ. (කාගුල් වට්ටම නැටීම සමහර ශිල්පීන් ගරා මුහුණ බදිනලද අවස්ථාවේ සිදුකරනු ලබන බවද සදහන් කල යුතුමය.)
*ගරා පුද වට්ටිය කැප ගැනීමට යාම සිදුවේ. නිවසක නම් සාලයේත් පොදු ස්ථානයක නම් අයිලයට තරමක් ඉදිරියෙන් පුදවට්ටිය සකසා තබනු ලැබේ .මෙතනදී පත්තිනි සහ ගරා වැදි පුර යාමේ කවි ගායනාවන් බාවිතා කෙරේ. පුද වට්ටියට වටාපිටාව තුල තිබෙන්‍නාවූ දෝෂ එක්කාසු කර එය දුරුකිරීමේ ක්‍රියාවලියක් පෙන්නුම් කරයි.
*ආතුර පක්ෂයට ගරා අඩව්වක් නටා වෙස්පා දොෂ් දුරු කිරීම. (මෙහිදි රාක්ෂ පද සහ වෙස් එරට්ටි නර්තනය කරයි.එහිදි ආතුර පක්ෂයට පැමිණ තිබෙන දෝෂ හිස සිට දෙපතුල දක්වා පිසදමා මොට්ටප්පිලියෙන් ගරා මුහුණ වසනු ලබයි. ඉන් පසුව ගරා නර්තන ශිල්පියා ගරා මුහුණ මුහුණෙන් පන්නවා හිසමත තබාගනු ලබයි
*ගෙවල් නිවීම=ගරා මුහුණ හිසමත තබාගත් නර්තන ශිල්පියා පුවක්මල්කිනිති සහ පැන් කොතලයක් ගනිමින් ගෙවල් නිවීමේ පෙළපාලිය නිසියාකාරව සිදුකරනු ලබයි. එහිදී ගෙවල් නිවීම පඩිපුර ගිනි නිවීම වැනි ගායනා බාවිතා කරනු ලැබේ. මෙහිදි ගබඩා කොල්ල කෑමක් ලෙසින් පෙට්ටියකට ගේ තුල තිබෙන ආහාර ද්‍රව්‍ය පරිහරණය කරනු ලබන භාණ්ඩ දමා ගෙනවිත් කඩුල්ලෙන් පිටමන් කිරීමක් සිදු කෙරේ. එසේම පැන් කලයෙන් පැන් ඉසීම තුලින් ගේ නිවීම සනිටුහන් එම පැන් කලය නිවසෙහි ප්‍රධාන දොරටුව ඉදිරියේ බිම පතිත කරමින් සියලු වස්දොස් දුරුකර ශාන්තිය ලගා කර දුන් බවක් පෙන්නුම් කරයි.ඉන් අනතුරුව තව දුරටත් ආතුර පක්ෂයට සිරසපාද සහ සෙත් කවි ගායනාවන් සිදුකරනු ලබන අවස්ථාවන්ද ප්‍රදේශය අනුව කාලය අනුව පුද්ගලයන් අනුව මේවා සිදුකරනු ලබන බව කිවයුත්තකි.මේ ආකාරයට ගරායකුම අවසන්කරනු ලැබේ.
ගරා යකුගේ කවි
නමෝ නම සරන යනමෝ ගුණ බුත් සරන ය
දහම් සඝ සරන ය
මෙමා වජ්ජ්‍රාත්‍රිසුල මුදුන ය
සිරි දන්ත නම් පු රා
විලසින් එසත් මනහ රා
එසිටු කුල මනහැ රා
සසිරි විද දළ කේශ්ව රා
නගුන් හට ලොබි නා
ගොසින් වනි සක් විම නා
රොසින් නොව කරු නා
ගොසින් කීවයි බලා එත නා
පලමුව මෙකුම රූ
දෙවනුව ගතිය කුරි රූ
පැලදපු නව න රූ
මෙදැන් එන්නේ එදළ කුම රූ
මන්තොන්ඩුම් පුර ට
කාවේරි නම් පටුන ට
නොසිටින්ඩ ඒ ර ට
එන්ඩ දළරජ මෙතැන අයිලෙ ට
දරා සිරස නයිපෙන තුන කිරුළ ලෙ සේ
විරාජිතව වැඩ සිටිනා දඹ වෘක් සේ
සරා තිබෙන අයිලය දැක තොරන ලෙ සේ
ගරා කීල දළයකු දැන් එන් විග සේ
දඹ රුක මුදුනේ වාසෙ කරන ය කු
මහමෙර අල්ලා සලිත කරන ය කු
සක්වල මුදුනට සැරේ ඇරිය ය කු
එන් දැන් මෙරගට කීලගරා ය කු
ඇවිල එගිනි කද මග සිටිමින් නේ
පත්තිනි දුක සක් දෙවි දකිමින් නේ
එන්නට දළ කුමරුට අණ දුන් නේ
වෙස්පා අයිලෙන් දොස දුරලන් නේ
නරලොව උවදුරු දුරැර හරින්න ට
කීලගරා නම ලැබුනි එදා සි ට
අදත් මෙතැන හැම වස්දොස් හරින ට
අයිලෙන් බැසලා එන්නේ මේ ගෙ ට
ගරා වැදිපුර යාම
සිද්ධ පතිනි වැදිපුර යන්ඩ යන ක ලාලුද්ද එපුර හැම වැදි සෙනග එක්වෙ ලා
විද්ද මසුන් මරමින් ගොඩ කරති බ ලා
ලුද්ද හැම මසුන් මස් කපති එක්වෙ ලා
යන්ඩ ගොසින් පත්තිනි දෙවියෝ එදි නේ
යන්ඩ උපාවක් නොව ගොස් මග සිටි නේ
වෙන්ඩ පිහිට කවුරුද විමසූ එදි නේ
එන්ඩ සිත් දුනිය සක් රජුට විගසි නේ
ඇවිත් කීල ගරයක් දෙවි පෙර මග ට
එකලා නැගණියනි සිටිනේය කුමක ට
එකලා යන්ඩ යමි අයියේ වැදි පුර ට
දැකලා වැදි සෙනග කැත කරපුය මෙම ට
තොස්ව ඉර සදට අත නගා ලා
වස්සවා සුවද මල් පොකුරු වැසි ව ලා
ඉස්සවා පිරිත් පැන් සැම තැන නුදු ලා
තොස්ව වියන් බැද වලු මල් සරා ලා
ගමන් පසුව ගොස් ගරයකු කීල දැ නේ
සිටින්නට වරන් අවසර ඉල්ලු තැ නේ
කියන්නට පමණ තුන් මස් පෝය තු නේ
ලසින් එපන්දම් ගරයකු හට ලැබු නේ
ගරා යකුගේ කවි
තොසන් වඩන සක්වල දෙවිදු නොනැව තාබසින් කියන පත්තිනි දෙවියන් උප තා
තොසින් පලමු ගිනිජල් පැවතුන උප තා
අසන් කීල පන්දන් පැවතුන උප තා
නිතිනි පෙර පතිනි සැම දෙවිදු සමගි නා
ගතිය යකදාව සක්වල වෙවුල්ල නා
පතිනි දෙවිදු සමගිව මෙහැම දෙවියෙ නා
නිතිනි කද කුමරුගේ මගුලට වඩි නා
අන්දා සුදු සේල නවනරු පලන් දා
රන් දහසක් වටිනා පටිය බන් දා
නින්දාවක් වේය මේ ගමන සන් දා
කැන්දා ගෙන වරෙන් දළ රජ නිරින් දා
ලීල නොවන නයි පෙනයක් සිරස ඇ තී
ආලවඩන මුගුරක් සුරතින් දර තී
කෝල නැතිව පන්දම් සුරතට ගනි තී
කීල ගරා සෙත්දී නිති ඔබ රකි තී
ඇද්දහැම රටින් අරගෙන දුක්සේ කී
ඇද්ද මෙහෙම ඇසුවා පලමු සිරිත කී
වැද්ද නොදී රෝදුක් දුරලන සේ කී
සිද්ද පතිනි දුන්නේ පන්දම් තුන කී
...............................................................................
ප්‍රවීණ පාරම්පරික නර්තන සහ වාදන ශිල්පී
දේශබන්දු කේ.ඩී.නිහාල් චන්ද්රසිරි (BFA)
....................................................................................


