Saturday, March 4, 2023

තුන් හෙළයේ මහා කලා මංගල්‍යය - ඇරැව්වල තුන් දා ගීමඩු මහා පූජෝත්සවය 2023

ඇරැව්වල මහා ගම්මඩු මංගල්ය 2023 - තුන්දා ගී මඩුව, සත්පත්තිනි ගම්මඩුව, ගෙඩිගේ මඩුව හා මහා ගිනිමඩුව 

ඇරැව්වල ගම්මඩු පූජෝත්සවය මෙවරත් ඇරැව්වල විද්යාලෝක මහා විද්යාලය ක්රීඩාංගණයේ දී අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා පැවැත් විය. ඇරැව්වල මහා ගම්මඩු උළෙලෙහි සුවිශේෂත්වයන් ගණනාවක් දැකිය හැකි විය. පාරම්පරික පත්තිනි කපුමහත්වරුන් විසින් රංගනයෙහි යෙදුණු සත් පත්තිනි නර්තනය එහි දී වැදගත්ම අංගය විය. තුන් දිනක් පුරා ඇරැව්වල විද්යාලෝක විද්යාලීය ක්රීඩා පිටියේ අතුරු සිදුරු නැතිව පිරීගිය සුවහසක් බැතිමතුන් උදෙසා ආහාරපාන ආදිය දන්සල් පවත්වමින් හෙළ සංස්කෘතික උරුමය උත්කර්ෂවත් ලෙස විදහාපාන ඇරැව්වල මහා ගම්මඩු මංගල්යයේ ප්රධානතම පුරුක හස්තය වනුයේ මහී සුදේශ් වැලිවත්ත කපු මහතායි. 

ඇරැව්වල දොවොල් මඩු ශාන්තිකර්ම

ශ්රී ලංකාවේ පහතරට ප්රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්රීකත්වය අරමුණු කරගත් ප්රධාන ශාන්තිකර්මය වෙයි. කැස්බෑව නගර සභාවේ බල ප්රදේශය තුළ කැස්බෑව ප්රාදේශීය ලේකම් කොට්ටාශය යටතේ ඇරැව්වල ග්රාමය පිහිටා තිබේ. මහරගම, පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දල, බෝකුන්දර, වැනි නගර ඇරැව්වලට ආසනයෙන් පිහිටා ඇත. ඇරැව්වල පාරම්පරික පහත රට තොවිල්, යාතුකර්ම වලට ප්රසිද්ධය. සෞභාග්යය, වැස්ස, රෝග නිවාරණය, හා සශ්රීකත්වය උදෙසා මේ මහා ගම්මඩුව ශාන්තිකර්මය සිව්වසරකට වරක් සංවිධානය කරනු ලැබේ.

ඇරව්වල වැලිවත්ත කපු පරපුරේ උරුමය

අරැව්වල කපු පරපුර හිටියේ නවගමුවේ කතරගම දේවාලය භාරව සිටි අතර අතීතයේදිත් නවගමුවේ ගිනිමඩුව සිදුකල බව පැවසේ. එකල නවගමුවේ ඓතිහාසික සත්පත්තිනි දේවාලයේ මඩුවේ නැටුවා සෙමනේරිස් වැලිවත්ත කපු මහතා බව පැවසේ. රංකඩු පත්තිනි දේවාලයේත් නවගමුවේ සත්පත්තිනි දේවාලයේත් පෙරහර ආරම්භවිමට පෙර දේව තේවාව සිදුකරන්නේත් ඔවුන් විසිනි. සෙමනේරිස් වැලිවත්ත කපු මහතාගෙන් පසු ඔහුගේ පුතාවු ලයිමන් වැලිවත්ත කපු මහතා ද ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් එක් පුතෙකුවු ඇරව්වල මෛත්රීපාල වැලිවත්ත හෙවත් පොඩි මහත්තයා දේවාල කටයුතුවලට සම්බන්ධ වුවත් අනෙක් පුතා යොමු වුයේ ලේඛන කටයුතු වලටය. ඔහු තමයි ප්රකට ලේඛක ඇරැව්වල නන්දිමිත්ර. මෛත්රීපාල වැලිවත්ත කපු මහතාගේ පත්තිනි නැටිමත් ඉතාම ආකර්ෂණීය බව පැවසේ. අරැව්වල පරපුරෙන් පැවතෙන මීලග පුරුක වනුයේ මෛත්රීපාල වැලිවත්ත කපු මහතාගේ පුත් මහේෂ් සුදේෂ් වැලිවත්ත කපු පත්තිනි මහතායි. 
 
Rare Gedige Dance (ගෙඩිගේ නෙර්තය)
9th Aravwala Sath Pattini Maha Gammadu Festival 
 

Salu paliya (Traditional Sri Lankan dance)
Three-day Gee Maduwa - Arawwala Sath Pattini Devol Maduwa
 
Arawwala Gammadu & Gini Madu Ulella 2023
 
මහී කපු මහතා විසින් අවට ගම් සියල්ලේම මඩු රාජකාරී වලදී කැපී පෙනෙන මූලිකත්වයක් ගෙන කටයුතු සිදුකරනු දැකිය හැකිය. වර්තමානයේ නවගමුවේ ගිනිමඩුවේ රාජකාරිවල යෙදෙන්නේත් එතුමා විසිනි. සිය පියාගේ පස්සෙන් දුවමින් තේවාවට සහභාගිවු මහී කපු මහතාගේ බාල අවධිය සිහිපත් කරමින් ඔහුගේ පුංචි පුතණුවන් සුදු මහත්තයාද මෙවර මඩුබැසීම සිදුකරනු ලැබීය. හැමෝගේම ආදරය විදිමින් මඩු රාජකාරියට කලඑලි බසින්නේ මෙවර පැවති 2023 ඇරැව්වල මහා ගම්මඩුවේදී. ඔහුට වයස අවුරුදු නවයක්. පුංචි සදෙව් තේෂාන් වැලිවත්ත පියාගේ අඩි පාරේ යමින් ආකර්ශණිය හා දක්ෂ ලෙස එම කටයුතුවලට සහභාගිවි සිටිනු දැකිම සතුටක්. ඔහු තෙල්මේ නෙර්තයේ වගේම බෙර ගැසීමටත් උපන් හපන් දක්ෂයෙක්. මෙවර ඇරුව්වල තුන්දා ගී මඩුව කලඑලි මංගල්යයක් කලේ එයා වෙනුවෙන්මයි.
 

ගරා යකුම

බොහෝ ගම්මඩු තුළ කීල ගරා පමණක් නර්තනයෙහි යෙදේ. සියලු ගරා යකුනට නායක වුයේ දන්තපුරේ බඹදත් රජුගේ පුත් සිංහ කුමාර රජු නිසා හංසවතී දේවියට උපන් "දළ කුමාරයාය" ආතුර ප්රේකෂකයන්ට පැමිණ ඇති ඇස්වහ, කටවහ, හෝවහ, අවොල්, දෙවොල් දෝෂ දුරු කිරීම සඳහා ගරා වෙස් පෑම සිදුකෙරේ. ගරා යක්කු නම් යක්ෂ කොට්ඨාශයට යක්ෂයෝ දොළොස් දෙනෙක් අයත් වේ. අදුන් ගරා, සොහොන් ගරා, දේස ගරා, සදුන් ගරා, පුෂ්ප ගරා, කණ ගරා, උමා ගරා, ලවුනා ගරා, වාත ගරා, තොටය ගරා, නීල ගරා, කීල ගරා වෙනුවෙන් එක් ගරා යකුට ඒ නමින් ගිරි දේවියක් ද වේ. පූර්ණ ගරා යකුමකදී මේ සියලු දෙනා නර්තනයට එක් වේ. 
 
 
 
තුන්දා ගී මඩුවේ අවසානය සනිටුහන් කරමින් ගරායකුන් 08 වෙස්පෑම සිදුකරනු ලැබූ අතර පුංචි සදෙව් වෙනුවෙන් ද අයිලයක් වෙන් කර තිබුණි. සිය පුත්රයාගේ ගරා වෙස්පෑම ශාන්තියෙන් මහී කපුමහතාගේද දොස්දුරු කෙරුණු ආකාරය ප්රෙක්ෂකයින්ගේ මහත් සතුටට ගෙන දෙනු දක්නට ලැබිණ. අපේ අනාගත පුංචි කපුපත්තිනි මහතාට සුබපැතුම්...
 
 
Sri Lankan Traditional Rare Ritual Devil Dance
 
Three-day Gee Madu Festival at the Vidyaloka Vidyalaya Sports Ground in Erawwala. 9th Aravwala Sat Pattini Village Festival at Vidyaloka Vidyalaya Sports Ground on 3rd, 4th and 5th March 2023
 
The 9th Arawwala Sat Pattini Gammaduwa Festival held for the year 2023 was held on March 3-5, 2023 at the Vidyaloka Vidyalaya Sports Ground in a grand manner. Surrounding towns are Maharagama, Pannipitiya, Kottawa, Piliyandala, Bokundara. Arawwala has its own hereditary of low country “Thovil” or "Yathukarma". As a result, the village organizes an annual village ritual ceremony, called “Gammaduwa” by expecting the fertility, rain, prevention of disease & prosperity.

The “Devil Dances” are an attempt to respond to the common belief that certain ailments are caused by unseen hands and that they should be chased away for the patient to get cured. ancient ‘gam-maduva’ or the ‘devol-maduva’ which is closely linked to the worship of gods. Devol (also spelled as Dewol) is a deity subjected to worship and belief in Sri Lanka. He is one of the twelve deities worshiped in Sri Lanka as "Dolos Deviyo" (twelve gods), who are believed to be intervening in the affairs of the world-lings. 

Arawwala Rare Gedige Gam-maduwa 
 
Gedige was designed in the standard framework of a Hindu temple; with a mandapams or halls used for events, an entrance passage which was originally roofed, a main central shrine, and an ambulatory round this holy center. The image is quite contradictory though as there has been no sign of Hindu Gods found within the temple, and there were unusual elements not found in a standard South Indian style Hindu temple. For example, the richly decorated facade sections is believed to be of South Indian design from the era of the Cholas and Pandyas; but the appearance of the god of wealth, Kubera, seated on a lotus plinth in the a semi-circular niche on the southern section, is a feature only to be found in Sri Lanka.
 
#KandyanDance #FolkDance #TraditionalDance #CulturalDance #SinhaleseDance #BailaDance #LowCountryDance #GedigeDance #arawwala #gammaduwa #ඇරැව්වලතුන්දාගීමඩු #ශාන්තිකර්මය #RareGedige #ගෙඩිගේනැටීම #garayaka #Mask or Devil Dance #ගරායකා #devolmadu #SriLanka Gara Yaka තුන්දා ගී මඩු මංගල්‍යය #GARA DEVIL #SRI LANKAN #TRADITIONAL DANCE #තුන්දාගීමඩුව #gara devil sri lankan traditional dance #geemadu festival #පහතරට ශාන්තිකර්ම #ඇරැව්වල #ගෙඩිගේමඩුව three-day Devolmaduwa, devil gara mask dance, official video gedige dance, rituals of golden gedige dance
 

No comments:

Post a Comment

ඇත්කද ලිහිණි කෝලම

කෝලම් යන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. දෙමළ භාෂාවේ කෝලම් යන නාමයට විවිධාර්ථ ඇත. ඒවා ලස්සන, අලංකාරය, පාට, හැඩය, රූපය, ආකෘතිය, රටා...