දුරුතුපෝයට තිබෙන ලංකාවේ එකම කරල් පෙරහැර
සීතාවක රාජධානිය ලංකා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයන් සනිටුහන් කල බිමක්. ලංකාවේ සෑම රාජධානියක් ආශ්‍රිතවම වගේ ගොඩනැගූ ප්‍රධාන රජමහා විහාරස්ථානයක් දැක ගන්න පුළුවන්. සීතාවක රාජධානියෙහි ප්‍රධාන විහාරස්ථානය ලෙස හඳුනාගත හැකි වන්නේ මානියංගම රජමහා විහාරස්ථානය. අවිස්සාවේල්ල නගරයේ සිට පනාවල මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණ ගමන් කල තැන, යෝධයෙකු සේ නැගී සිටින යකහටුවාව කඳු පාමුල ඉන් ගලා හැලෙන සුන්දර ජල දහරා ද්විත්වයකට මැදිව රමණීය භූමි භාගයක මෙම පුද බිම දකින්න ලැබෙන්නෙ.
දුටු වනම දනන් සිත් නිවා සනහන මෙහි ඉතිහාසය අනුරාධපුර මුල් යුගයේ රජ කල වළගම්බා රජ දවස කරාම දිවයනවා. පසු කාලීනව මෙය මායාදුන්නේ රජතුමාගේ අනුග්‍රහය මත යලි ඉදි වූවක්. එතුමාගේ පුත් සීතාවක රාජසිංහයන් කෙතරම් බෞද්ධ විරෝධියෙකු ලෙස වංශකතා කරුවා උලුප්පා දැක් වුවත්, රාජ මාලිගය පෙනෙන මානයක ඉදි වූ මානියංගම විහාරයේ භික්ෂු පරපුරට නම් කිසිදු හානියක් සිදු වූ බවට සඳහනක් නැහැ. ඒ පිළිබඳව මෙහි වෙනම මාතෘකාවක් යටතේ විස්තර වෙනවා.
මහනුවර
යුගයේ කීර්ති ශ්රී රාජසිංහ රජතුමා ශාසනික ප්‍රබෝධයකට පුරෝගාමී වූ
පාලකයෙක්. ඒ නිසාම එතුමාගේ අවධානය තුන් කෝරලයේ මුදුන් මල්කඩ ලෙස සැලකූ මේ
බිමට යොමු වන්නට ඇත්තේ නිරායාසයෙන්. ක්‍රි.ව 1766 දී මේ විහාරයේ සියලු
විහාරාංග සම්පූර්ණ වනසේ ප්‍රතිසංස්කරණය කරන්නට එතුමා කටයුතු කරනවා. එතුමාගේ
රුව දැක්වෙන සිතුවමක් අදටත් විහාරස්ථානයේ දැක ගන්න පුළුවන. කරල් පෙරහැර
නම් පෙරහැර සිරිතේ ආරම්භකයා වී ඇත්තේද සැදැහැවත් මේ නරපතියා.
මේ සමයේ මානියංගම ප්‍රදේශය සැනකිලි ස්වරූපයක් උසුලනවා. දුරුතු පොහෝ දින
පස්වරුවේ විහාරස්ථාන මළුවට රැස්වන පිරිස විහාරාධිපති හිමියන් ප්‍රධාන මහා
සංඝ රත්නය විසින් තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටවනු ලබනවා. අනතුරුව පෙරහැර
කරඩුව සහ පිරුවාණා පොත් වහන්සේ වෙන වෙනම හස්ති රාජයන් දෙදෙනෙකු පිට වූ
රන්සිවි ගෙවල් වල තැන්පත් කරන්නට කටයුතු කරනවා. පෙරහැර පිටත් වන්නේ සුබ
නැකතකින්. එය මහ ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා අදටත් භාවිතා කරනු ලබන්නේ
රජු විසින් පරිත්‍යාග කල කාල තුවක්කුවක් වීම විශේෂත්වයක්.
සාමාන්‍යයෙන්
පෙරහැරක සිදු වන්නේ ධාතූන් වහන්සේලා හෝ දේවාභරණ වැඩම වීම. නමුත් මේ පෙරහැර
විශේෂ වෙන්නේ මෙහි වැඩම කිරීම සිදු වන්නේ අලුත නෙලන ලද වී අස්වනු වීම
නිසා. මේ පෙරහැර චාරිත්‍රය එදා සිට අද දක්වාම අකණ්ඩව පැවත එනු ලබනවා.
පෙරහැර සිදු වන්නේ දුරුතු පොහෝ දිනයෙ. එහි ආරම්භය සනිටුහන් වන්නේ සති
පිරිත් සජ්ඣායනාවකින්.
මේ පෙරහැරේ සුවිශේෂීතම අංගය බවට පත් වන්නේ කරල් නෙලන කුමරුවා. මේ කුමාරයා තෝරා ගන්නේ සතර පේරුවේ දායක පවුල් අතරින් විහාරයට සමීප වැදගත් චරිතවත් අවුරුදු 8 - 12 අතර නිරෝගී කුල දරුවෙක්. විහාරාධිපති හිමියන් විසින් තෝරා ගනු ලබන මේ දරුවා උඩරට මුල් ඇදුමින් සැරසී පෙරහැරට එක්වෙනවා. රජු නියෝජනය කරන මෙම කුමාරයා අතීතයේ රජ කුමාරයෙකු සේ සැරසී ඔටුන්නක් පැලද මේ සඳහා එක් වී ඇති බව කියවෙනවා. පෙරහැර ගමන් කරන්නේ කලින් තීරණය කරගත් වෙල් යායක් කරා.
වර්තමානයේ දී පෙරහැරට උඩරට පහතරට සබරගමු යන ප්‍රධාන සම්ප්‍රදායන් ත්‍රිත්වයකම නර්තන ශිල්පීන් එක්වෙනවා. මෙහි දැකිය හැකි පළමු විශේෂත්වය පෙරහැරට එක්වෙන මහ බඹා නම් අංගය ලෙස හඳුන්වන්න පුළුවන්. එහි මුහුණු දෙකකි, එකක් දේව මුහුණක් වන අතර අනෙක බිය උපදවන යක්ෂ මුහුණකි. පෙරහැරේදී මෙය කරකවමින් රැගෙන යනවා. මේ පිළිබඳව විවිධ ජනප්‍රවාද පැවතියත් ප්‍රදේශ වාසීන්ගේ විශ්වාසය මෙයින් නිරූපණය වන්නේ සීතාවක රාජසිංහ රජතුමා බව.
එතුමා හොඳට හොඳ ලෙසත් නරකට නරක ලෙසත් පිළිතුරු දුන් බව මෙයින් නිරූපණය වන වග ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙය සාමාන්‍යයෙන් සමන් දේවාල පෙරහැරවල දක්නට ලැබෙන අංගයක්. සමන් දෙවියන්ගේ සොහොයුරියක් වූ මහලෙකු දේවිය මෙයින් නිරූපණය වන බව එහිදී විශ්වාස කරනව.
සීතාවක රාජසිංහ රපු විහාරයට කිරිපිඩු පූජාකල පාත්ර යුගලය පෙරහැරේ ප්රාධාන අරමුණහා බැදී පවති. කරල් දෑතින් නෙලාවිත් නියපොත්තෙන් පොතු ඉවත් කර රාජකීය කරල් පෙරහැරේ බුද්ධ පූජාව පවත්වන්නෙ මෙම පාත්රවල. රජ වාසලෙන් ලබා දුන් බව සිහිවීමට" වාහල" යනුවෙන් එහි කොටා ඇත.
කරල් පෙරහැර ආරම්භ කල නායක්කාර් වංශික පාලකයා
කීර්ති ශ්රී රාජසිංහ යනු විජයරාජසිංහගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයාය. ඔහු පැමිණියේ 'මදුරෙයි' නගරයෙනි. ඔහු සිහසුනට උරුමකම් ලැබූ තවත් මස්සිනා කෙනෙකු වූයේ එපරිද්දෙනි. එමෙන්ම ඔහු දකුණු ඉන්දීය රජ පෙළපතේ දෙවැන්නාය. කීර්ති ශ්රී රාජසිංහ ඔහුගේ මස්සිනාගෙන් පසු රජු බවට පත් වන විට සියුමැලි තරුණයෙකි. ඔහුට සිහසුනේ උරුමය ලැබුණේ 1751 වර්ෂයේදී ය.

කීර්ති ශ්රී රාජසිංහ රජතුමාට උඩරට රාජධානියේ රජකම හිමිවන විට රජ වාසල තුළ සිංහල රදළයන් සහ නායක්කර් වංශික රදළයන් රාජකාරිවල නිරතව සිටියා. එකල එම දෙපාර්ශවය අතර නිතරම ගැටුම් ඇතිවුණේ රජවාසලේ බලය ලබාගැනීම සඳහා යි. රජතුමා එවකට 13 වැනි වියේ පසුවුණු නිසා ඔහුව පාලනය කිරීමට නායක්කර් වංශික රදළයන් උත්සාහ කළා. නමුත් කිසිවෙකුට යටත් නොවුණු රජතුමා බුදු දහම ද වැළඳගත්තා
1766 වර්ෂයේ උඩරට රාජධානියේ කෙලවර පිහිටියාවූ මානියම්ගම මහා විහාරය වෙත පැමිණි එතුමා ලංකාවේ එකම කරල් පෙරහැර ආරම්භ කලේය.. ඒ මෙවර 259 වතාවට ජනවාරි 25 වෙනි දින පවත්වන රාජකීය කරල් පෙරහැරයි .
පෙරහැරේ
දක්නට ලැබෙන තවත් විශේෂතා ලෙස පිරිත් පැන් කලයක් රැගෙන මග දිගට පිරිත්
පැන් ඉසිමින් යන දායක මහතා හැඳින්වීමට පුළුවන්. මෙය විශාලා මහනුවර තුන්බිය
දුරු කරන්නට ආනන්ද හිමියන් පිරිත් පැන් ඉසිමින් වැඩම කල සාසනික ඉතිහාසය
සිහිකැඳවන්නක් ලෙස එකතු වූ බව සිතන්න පුළුවන්. මේ පෙරහැරේ තේවාව භාර
ස්වාමීන් වහන්සේලාද වැඩම කිරීම සිරිතක්. පෙරහැර කරඩුව රැගත් හස්ති රාජයා
සමග උන්වහන්සේලා පෙරහැරට එක්වෙනවා.
පෙරහැරේ සුවිශේෂීම අංගය වූ කරල් නෙලන කුමාරයා එක් වන්නේ ඉන් අනතුරුව. කරල් නෙලීම සිදු කරන කුඹුරට යන මාර්ගය ගොක්කොල ආරුක්කුවක් නවා මග දිගටද ගොක්කොල වලින් සැරසීම සම්ප්‍රදායක්. මංගල අස්වනු නෙලන කුඹුරේ මල් පැලක් සාදා දෙවියන්ට පහන් පිදීම සිදුවෙනවා. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා හඩ මැද කුඹුරේ හිමිකරු කරල් නෙලා සුදු පිරුවටයක ඔතා කුමරු අත වූ බන්දේසිය මත තැබීම එහිදී සිදු වෙනවා.
අවට ගොවීන්ද තම කුඹුරු වලින් නෙලා ගත් අස්වනු කුමරුට ලබා දුන් පසු යලිත් පෙරහැර විහාරස්ථානය කරා ගමන් අරඹනවා. නගරය හරහා ගමන් කරන පෙරහැර විහාරස්ථානයට ගෙවදින්නේ අලුයම් කාලයේදි. එහිදී කුමරු රැගෙන ආ කරල් බන්දේසිය අග්‍ර ශෂ්‍ය පූජාව සකස් කෙරෙන උපාසිකාවන්ට භාර දෙනු ලබනවා. ඔවුන් එය උඩු වියන් බැඳ පිරුවට අතුරා සකස් කල විශේෂ ස්ථානයකදී මහන් වූ ගෞරවයකින් යුක්තව තම නිය උපයෝගී කරගනිමින් සහල් බවට පත් කර ගන්නවා. අනතුරුව සහල්, එළකිරි, එළගිතෙල්, මී පැණි ආදිය උපයෝගී කරගනිමින් බුද්ධ පූජාව සාදා ගන්නේ සඳුන් දර හා කුරුදු දර උපයෝගී කර ගනිමින්.
මේ අවස්ථාවේ මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කරනවා. සාමාන්‍යයෙන් මුරුතැන් පූජා සඳහා ස්ත්‍රී පාර්ශවය සම්බන්ධ කර නොගත්තත් මෙහිදී ඔවුන් සම්බන්ධ කරගන්නේ බෝසතාණන් වහන්සේට බුදු වීමට ප්‍රථම කිරිපිඩු පූජා කල සුජාතා සිටු දියණිය සිහි ගන්වමින් කියල සිතන්න පුළුවන්.
දහවල් කාලයේදි හේවිසි කණ්ඩායම් පෙරටු කරගනිමින් මුතු කුඩ යටින් කරල් නෙලූ කුමරු හා දායක පිරිස රජතුමා පරිත්‍යාග කල පාත්‍රයටම බුද්ධ පූජාව තැන්පත් කර විහාරස්ථානයට රැගෙන යනවා. එහිදී බුද්ධ පූජාව සිදු කරනු ලබන්නෙ තේවාව භාර ස්වාමීන් වහන්සේලා විසින්.
අනතුරුව ප්‍රදේශයේ විහාරස්ථාන වලින් වැඩමවන මහා සංඝරත්නය උදෙසා සාංඝික දානය පිළිගැන්වීම සිදුවන අතර සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ටම අග්‍ර ශෂ්‍ය පූජාවෙන් කොටසක් පූජා කිරීම සිරිතක් වනවා. අනතුරුව මෙම පෙරහැර චාරිත්‍රය නිමාවට පත්වෙන්නෙ සියලු දෙවිදේවතාවුන් වහන්සේලා උදෙසාත්, කීර්ති ශ්රී රාජසිංහ රජතුමා වෙනුවෙනුත් පින් අනුමෝදම් කර සතර පේරුවේ ජනතාවගේ ගොවිතැන් බත් බව බෝග ආදිය දියුණු වීමට ආශිර්වාද කරමින්.
කෝකිල ගිහාන් විතානතන්තීර

No comments:
Post a Comment